අයවැය 2011

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    *විදෙස් ඇමතුම් බදු ඉහළට -දේශීය ඇමතුම් ගාස්තු පහතට:angry::angry::angry:

    විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 ක දක්වා ඉහළ නංවන බවත්, දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහළ දැමීමට කටයුතු කරන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    *මෘදුකාංග මත අයකරන වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවතට

    ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කරයි.

    *සෑම රණවිරු පවුලකම තෙවන දරුවාට රුපියල් ලක්ෂයක්

    සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

    *මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට

    මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    *පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්


    සියලුම පෞද්ගලික අංශ හා සංස්ථා සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මෙම සේවක විශ්‍රාම වැටුප් අරමුදල ඒ සඳහා 2%ක ප්‍රතිශතයක් සේවක වැටුපෙන්ද 2%ක ප්‍රතිශතයක් සේවා යෝජකයින්ගෙන් ද අයකරනු ලබයි.

    එමෙන්ම මෙම අරමුලද සඳහා සේවක අර්ථසාධක අරමුදලෙන් ද 2%ක ප්‍රතිශතයක් මෙම අරමුදලට බැර වන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සඳහා වසර 10 ක අවම සේවා කාලයක් පැවතීම ද අවශ්‍යය.

    *රාජ්‍ය සේවකයින්ට 5%ක අන්තර් දීමනාවක්

    රාජ්‍ය සේවකයින්ට 5%ක අන්තර් දීමනාවක් වශයෙන් වැටුප් වැඩිවීමක් ලබා දීමට මෙවර අයවැය තුළින් යෝජනා වී තිබේ. :angry::angry::angry:

    ඒ අනුව ඇතැම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 3500කට ආසන්න ප්‍රමාණයකින් පමණ ඉහළ යනු ඇති බව අයවැය ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මීට අමතරව පවතින වැටුප් විෂමතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකුගේ වැටුප් වර්ධක අහිමි වී ඇති බවත් කඩිනමින් වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.

    තවද රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ද ලබන වසරේ සිට රුපියල් 300ක් දක්වා ඉහළ නැංවීමට මෙවර අයවැය තුළින් යෝජනාවිය.

    මේ අතර ලබන වසරේ දී උපාධිධාරීන් දස දහසකට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම සඳහා ද මෙවර අයවැය තුළින් යෝජනා ඉදිරිපත් වී ඇත.

    ඒ අනුව රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට මෙසේ ‍උපාධිධාරීන් බඳවා ගැනීමට අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කළ බව ජනාධිපතිවරයා පැවසීය.

    *ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත් අයකරයි:angry::angry::angry:

    ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ තුළින් උපයන ආදායම දේශීය සිනමා කර්මාන්තය නැංවීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අද පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    *වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් ඉහළට :angry:

    වාහන ලියාපදංචි ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

    එමෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීමට ද කටයුතු කරන බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    *උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා

    ලබන වසරේ දී උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම සඳහා ද මෙවර අයවැය තුළින් යෝජනා ඉදිරිපත් වී ඇත.

    ඒ අනුව රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසකට මෙසේ ‍උපාධිධාරීන් බඳවා ගැනීමට අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කළ බව ජනාධිපතිවරයා පැවසීය. 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    *ඒකක 90 ට වැඩි විදුලිය සඳහා බද්ද 8% න් වැඩි කරයි:angry::angry::angry::angry::angry::


    ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල 8% න් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

    2011 අයවැය ‍පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
     
    Last edited:

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    වාහන වල බදු තව ටිකක් අඩු උනා නම් ශෝයියියියියිය්යි............................................................... :P:baffled:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    *මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ ආදායම් බද්ද ඉහළට

    මත්පැන්, දුම්වැටි සහ කැසිනෝ කර්මාන්ත සඳහා අයකරනු ලබන ආදායම් බද්ද 35% සිට 40% දක්වා ඉහළ නංවන බව 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ දැමීමට 2011 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයි.
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    *රජයේ සේවකයන්ගේ වැටුප් 5% කින් වැඩිකිරීම

    *ඖෂධ සදහා රේගු බදු ඉවත් කිරීම හා රසායනාගාර භාන්ඩ සඳහා අය කෙරෙන බද්ද ඉවත් කිරීම


    *අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීම සඳහා ‘ආහාර සුරැකුම්පතක්’

    *පොහොර සහනාධාරය තවදුරටත්

    *පෞද්ගලික අංශයේ හා සංස්ථාගත සියළු සේවකයින්හට විශ්‍රාම වැටුප්

    *දේශීය ඇඟලුම්, සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍රසූත්‍ර ආනයන වැට් වලින් නිදහස්

    * රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන නිවාස ණය ක්‍රමයක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජාතික රක්ෂණ ක්‍රමයක්

    *මත් පැන් හා කැසිනෝ ආදායම් බදු 35% - සිට 40% දක්වා වැඩිකරන අතර මතට තිත සදහා රු. මි 200

    *මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ

    * ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා වැට් බද්ද ඉවත්කිරීම

    *සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීම

    *විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 කින් ඉහළට

    *දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහලට


     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතාමත් හොද සංවර්ධන ඉලක්ක තියෙන පොදු ජනතාවට සහන දුන් අය වැයක්
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ඉතාමත් හොද සංවර්ධන ඉලක්ක තියෙන පොදු ජනතාවට සහන දුන් අය වැයක්

    machan habai chande kale kiwwe rupiyal 2000 hama ekatama wadi karanawa kiyalane ! ko ithin dunnne 5% ne ! e kiyanne loku lokkanta bara ganak wadi wenawa ! podi minihata rupiyal 600 wadi wenne !

    :lol::lol::lol::lol::lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan habai chande kale kiwwe rupiyal 2000 hama ekatama wadi karanawa kiyalane ! ko ithin dunnne 5% ne ! e kiyanne loku lokkanta bara ganak wadi wenawa ! podi minihata rupiyal 600 wadi wenne !

    :lol::lol::lol::lol::lol:

    gon katha nokia hitapan ban meka rate sanwardana wada walata mul thana dena kale. rate hama minihama government work karanne naha
    eka nisa hamotama poduwe sahana denne
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    gon katha nokia hitapan ban meka rate sanwardana wada walata mul thana dena kale. rate hama minihama government work karanne naha
    eka nisa hamotama poduwe sahana denne

    poduwe kiwwe anduwe lokkantada? ane toiyyoo ! ethoka ara chande kale dunnu porondu ?:lol::lol::lol::lol::lol::lol:

    ohoma nemei ne ee kale kiwwe ?:no::no::no::no::no:

    umbath ekai umbe anduwath ekai !

    anith eka sanwardana katayuthu karanne china walin dena adara walin apen sathayak wath wiyadam naa ! ewata poliyath ekka gewanna wenawa passe ! ithin monawatada anduwe income eka wiyadam wennee?

    maha loku arthika wardanayak thiyanawa nam minisunge padi wadi karanna epai ! enakota kiwwe eka wediyakata dan wena ekak ! ane mandha umbalath kiyana katha wenaskaran hati