කන්ටේනර්~වසංගතේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කන්ටේනර්~වසංගතේ

    කොළඹ නගරයට කන්ටේනර් ඇත්තටම වසංගතයක් වෙලා. සමහර විට මේ මම කියන විස්ථරේ කොළඹින් පිට පලාත්වල ඉන්න අපේ සාමාජිකයන්ට නම් එච්චරම දැනෙන එකක් නෑ. කොළඹ ඉන්න අයට නම් මම මේ කියන්න යන විස්ථරේ යම් තරමකට හරි දැනීමක් තියෙයි. විශේෂයෙන්ම පිටකොටුවෙන් නුවර පාරේත්, මීගමු පාරේත් බියගම පාරේත් හවස 5ත් 8ත් අතර ගමන් කරන අයටත්, හවසට බේස්ලයින් පාරේ ගමන් කරන අයටත් මේ ත්‍රෙඩ් එකේ කියන දේවල් ගැන හොඳ වැටහීමක් තියේවි.

    කොළඹ නගරයේ පාරවල් වල යන හැම කන්ටේනරයක් වගේම කොළඹ වරායට ඇතුළු වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් ඉඟුරුකඩේ හන්දියේ තියෙන වරාය පිවිසුම් මාර්ගයෙනුයි. හවස් වරුවට ඔයාලා ඉඟුරුකඩේ හන්දිය හරහා ගමන් කරනවා නම් මම මේ කියන දේ ඉතාමත් හොඳින් අත් විඳලා ඇති. සමහර දවසට වාහන පෝලිම පංචිකාවත්ත හන්දිය හරියට වෙනකන්ම තියෙනවා. කොහොමත් සතියේ දවසක පිටකොටුවේ ඉඳලා ඉඟුරුකඩේ හන්දියට (බස් එකේ රුපියල් 9 දුර) යන්න පැය එකකුත් මිනිත්තු 30ක් විතර යනවාම තමා. සදූදා දවසටත් සිකුරාදා දවසටත් බ්ලොක් එක ඉතාමත්ම වැඩියි. ඒ වගේම පොඩි වැස්සටත් යටවෙන ආමර් වීදීයේ වැස්ස දවසට තියෙන බ්ලොක් එකටත් අහු උනාම ජීවිතේ කොතරම් දුකක්ද කියලා ඔයාලාට තේරේවි. මම මේ කියන අත් දැකීම ඉඟුරුකඩේ හන්දිය හරහා ගමන් කරන අයට නම් හොඳට හුරු පුරුදු අත්දැකීමක්.

    වරාය පිවිසුම් මාර්ගයේ කන්ටේනර් ඇතුළු වීම නිසා තදින් වාහන ට්‍රැෆික් ඇතිවෙන්නේ පිටකොටුවේ ඉඳලා එන පාරේ විතරක් නෙමෙයි. බේස්ලයින් පාර, මීගමුපාරේ කොළඹ දෙසට ගමන් කරන මන්තීරුව, කොස්ගස් හන්දිය වගේම ඔරුගොඩවත්ත මන්සන්දියත් තද බල ලෙස හවස් වරුවට වාහන තද බදයට ලක් වෙනවා. බේස්ලයින් පාරේ වාහන තදබදය සමහර දින වල දෙමටගොඩ පාලම හරියට වෙනකන් තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? :nerd:

    මෙහෙම වෙන්න මූලිකම හේතුව කොළඹ නගරයේ කන්ටේනර් ගමනා ගමනයට නිසි වැඩ පිළිවෙලක් යොදා නැති වීම නිසයි.
    හවස් වරුවට පංචිකාවත්ත හරහා ඉඟුරුකඩේ හන්දිය දෙසට ගමන් කලොත් ඔයාලාට බලා ගන්න පුළුවන් කන්ටේනර් පාර පුරා ගමන් කරලා තියෙන හැටි. මන්තීරු හැම එකකම වගේ කන්ටේනර් ගමන් කරලා තියෙනවා. ඒ වගේම වාහන තද බදය පවතින අවස්ථාවල ජේතවනාරාම පන්සල අසලින් කොස්ගස් හන්දිය දෙසට ඇති හරස් පාරේ (152 බස් පාරේ) කන්ටේනර් ගමන් කරනවා මම දැකලා තියෙනවා. ඒ පාරේ වාහන දෙකක් මාරු වෙන්නේත් ඉතා අපහසුවෙන්. එවන් පාරක අඩි 40 කන්ටේනර් එකක් ගමන් කරනකොට ඇති වෙන තද බදය හිතා ගන්නට පුළුවන් නේද? මේ පාරේ කන්ටේනර් යාම නිසා කොස්ගස් හන්දිය හවසට තනිකරම ට්‍රැෆික් ලෝකයක්. මුලු හන්දියම බ්ලොක් වෙලා. පිටකොටුවේ ඉඳලා එන 143, 152 බස් රථ ඔරොගොඩවත්ත පැත්තට හරව ගන්නේත් අමාරුවෙන්. ඒ අස්සට අඩි 40 කන්ටේනර් රිංගුවාම කොහොම තියෙනවා ඇතිද කියලා ඔයාලාට තේරෙනවා ඇති. හවසට ආමර් වීදියේ ඉඳලා කොස්ගස් හන්දියට වාහනේක යන්න ලෝක අමාරුයි.

    බේස්ලයින් පාරේ තත්වයත් මේ වගේම තමා. බේස්ලයින් පාරේ ඔරුගොඩවත්ත හරහා අලුත් පාලම දෙසට ගමන් කර අලුත් පාලමට පෙර ඇති මාර්ග සංඥා වලින් වමට ධාවනය කර වරාය පිවිසුම් මාර්ගයට පිවිසීමට පුළුවන්. බේස්ලයින් පාරත් හවසට ඉතා දැඩි ලෙස වාහන තදබදයට ලක් වෙනවා මේ කන්ටේනර් නිසි ලෙස ගමනා ගමනය නොකරන නිසා. හිතූ හිතූ මන්තීරු වල රියදුරුට රිසි සේ කන්ටේනර් ගමන් කරනවා. සමහර විට බේස්ලයින් පාරේ ඔරුගොඩවත්ත මන්සන්දියේ සිට අළුත් පාලම දෙසට වාහන තද බදය පවතින විට කොස්ගස් හන්දිය හරහා කන්ටේනර් රියදුරු තම කන්ටේනරේ ධාවනය කරන්නේ එය ත්‍රි රෝද රියක් කියා සිතාගෙන විය යුතුයි. කොස්ගස් හන්දියේ වාහන තද බදය මම කලින් ඔයලාට කීවා. ඒ වගේම පෑලියගොඩ සිට මීගමු පාරේ පැමිනෙන කන්ටේනර් ඉඟුරුකඩේ හන්දියේ පාර හරහා ගොස් වරාය පිවිසුම් මාර්ගයට ඇතුළු විය යුතුයි. මේ නිසා මීගමු පාරේ කොළඹ දෙසටත් ඉතා දිගු වාහන තදබදයක් පවතිනවා.

    මෙයට යම් විසඳුමක් යෙදීම නිසි බලධාරීන් සතු වගකීමක්. කන්ටේනර් වරාය පිවිසුමට පිවිසීමට නිසි සැලැස්මක් සැකසිය යුතු වෙනවා.

    මට හැඟෙන පරිදි වරාය පිවිසුමට කන්ටේනර් ඇතුලු කිරීම එක් පැත්තකින් පමනක් සිදු කලොත් මේ වාහන තදබදය සෑහෙන දුරකට අඩු කරගත හැකි වෙනවා. ආමර් විදීය දෙසට පාරේ එක් මන්තීරුවක් කන්ටේනර් සඳහා වෙන් කර, වරායට ඇතුළුවෙන සෑම කන්ටේනරයක්ම ආමර් වීදීය දෙසින් පැමින වරාය පිවිසුමට ඇතුළු කල හොත් මේ තද බදය ගොඩාක් දුරට නැති කරගන්නට පුළුවන් කියලා මට හිතෙනවා. සියලුම කන්ටේනර් පාරේ අයිනේම මන්තීරුවේ පෝලිමට ගමන් කර වරාය පිවිසුමට ඇතුළු කල විට පාරේ ඉතිරි මන්තීරු වල අනිත් වාහන වලට කරදරයක් නැතිව ලෙහෙසියෙන් ගමන් කල හැකියි. හරස් මාර්ග වලින් කන්ටේනර් ගමන් කිරීමෙන් ඇති වෙන අධික වාහන තදබදය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙඑනවා. ඒ වගේම බේස්ලයින් පාරේ වාහන තද බදය ගොඩාක් දුරට අවම වේවි.

    මේ පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමු විය යුතුයි.
    කිසියම් හෝ ක්‍රමයකින් හවසට ඇතිවෙන මේ අධික වාහන තදබදය අවම කල යුතුයි.
    පාරට නාස්තිවෙන මිනිස් පැය ගනන ඵලදායී දෙයකට යොමු කිරීමට හැකි නම් එය රටේ සංවර්ධනයටත් ගොඩාක් උදවු වේවි.
    :) :) :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    mama nam aththatama meka gana danne na.....mama inne Gampaha ne.......eth Perera aiya kiyanne aththa nam hena case eka thamai
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    අපේ පාරේ නම් කන්ටේනර් යන්නේ නෑ. ඒත් ඇත්ත කතාව මචන්. අපේ රටේ හැටි ඉතින් ඔහොම තමයි. :)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan mara vade ... ubata dan thava tika davasakin කන්ටේනර් Perera kiala kianna ganii :lol::lol::lol:!!!!
     
    Last edited:

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මොනව කරන්නද අයිය බලධාරියොන්ට ඒව පේන්නෙ නෑ...:eek::eek::(:no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    there's no viable solution for this, that will not cost money. Even now container carriers are lining up only in the evenings. If this is pushed to night time, transport costs are going to rise and EVERYTHING will get a price increase. This is excluding the port charges for operating at night.
    However what I've seen is that containers always in the left lane and they dont usually take other lanes.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපේ රටේ තත්වය අනුව ඕකට විසඳුමක් දෙන්න අමාරුයි. වෙන රටවල් වල කන්ටේනර් වලට වෙනම මාර්ග තියෙනවා. එහෙම කරන්න අපිට තත්වයක් නෑ.
    අනාගතයේදීවත් එසේ හැකියාවක් ලැබෙන්න කියලා පතමු
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    oya kathawa nam 100% aththa negombo road eke hawasata yanna epa wenawa :angry:
    container karayoth yanne para unge wage:angry:lane 6k thibba nam ela:P
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කතාව නං සහතික ඇත්ත සහෝදරයා.. මමත් ඔය කුණ ඇතිවෙන්න කාලා තියෙනවා.. තාමත් කනවා.. ඒත් ප්‍රශණෙ තියෙන්න නිසි බලධාරියො බස් වල යන්නෙ නෑ.. උං යන්නෙ සැප වාහන වල.. උන් කොහොමෙයි අපේ දුක දන්නෙ.. බස් එකක පැය ගාණක් හිටගෙන ට්‍රැෆික් එකක උඩ බලාගෙන දාඩිය පොල්ල දාගෙන ඉන්න අත්දැකීම උන්ට නෑ.. වීදුරු ගෙවල් වල ඉඳන් සැලසුම් හැදුවට ඒවයෙ ප්‍රායෝගිකත්වය දන්නෙ අපියි උඩ ඉන්න දෙයියොයි විතරයි.. කරුමේ කරුමේ!! :(:(