එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දේවල් අපිට දකින්න විඳින්න ලැබෙනවා. ඒ ඒ අය තම තමන්ගේ පාරමිතා පිරීමේ සමර්ථභාවය අනුව ඒ දේවල් තේරුම් ගන්නවා. ඒ විදියට තේරුම් ගන්න දේවල් වලට නොයෙක් අර්ථකනයන් දෙන්නත් අපි පසුබට වෙන්නේ නෑ. නමුත් තියෙන් දේ තමයි මේ අර්ථකතනයන් කොයි තරම් නම් නිවැරදිද කියන එක. අපිට පුංචි උදාහරණයකින් ඒ දේ මෙන්න මේ විදියට පැහැදිලි කර ගන්න පුළුවන්.
ඔන්න අපි දකිනවා සමහර අවස්ථා වලදී කෙනෙක් හිනා වෙනවා තවත් කෙනෙක් අපි අසරණයි කියලා හිතන සිද්ධියකදී හිනා වෙනවා. ඉතින් අපි ඒ හිනා වෙන කෙනාට දොස් කියනවා තමුන් මොකද මේ විදියට මේ වගේ වෙලාවට හිනා වෙන්නේ කියලා. ඒ වගේම අපි ඒ කෙනා මහ දුර්ජනයෙක් විදියට නම් කරන්න පැකිලෙන්නෙත් නෑ. ඒත් අපිම දන්නවා භාවිතාවෙන්ම දුකට වගේම සතුටතත් මිනිස්සු හිනාවෙන බව. ඉතින් සමහර විට මේ ප්‍රශ්නගත අවස්ථාවෙදි ඒ පුද්ගලයා හිනාවෙන්නේ දුකට වෙන්න පුළුවන්. ඒ වගේම සතුටට වෙන්න පුළුවන්. මන් මෙතන අසරණ අවස්ථාවක් කියන්නේ කෙනෙක්ගේ අතක් පයක් කැඩෙන එකක් නෙමේ. ඊට වඩා මිනිස්සු අසරණ වෙන අවස්ථාවල් ඕනා තරම් තියෙනවා. මෙතනදි අපි හිතන විදිය හරිද කියන ප්රශ්නය අනිවාර්යෙන්ම මතු වෙනවා.
මේ වගේම තමයි සමහර වෙලාවට අපි අපේ විරුද්ධ ලිංගිකයෝ ගැන ඇති කර ගන්න බැඳීම්. ගෑණු ලමයෙක් දවසක් දෙකක් හිනා වෙලා පිරිමි ලමයෙක් ගේ දිහාව බැලුවම ඊළඟ දවසෙදි පිරිමි ළමයා අහනවා ඒ කෙනාගෙන් ඔයා මට ආදරේද කියලා. ඇයි ඒ? අපි හිතනවා ඒ ගෑණු ලමයා හිනා වෙන්නේ අපි ගැන ඇති වුන ආදරයක් නිසා කියලා. නමුත් එයා සමහර විට අපිත් එක්ක හිනා වෙන්නේ එයා අඳුරන කෙනෙක් ය කියලා ඇති කර ගන්න වැරදි වැටහීම නිසා වෙන්න පුළුවන්. ඒ වුනාට අර පිරිමි ළමයා ඒ හිනාව තමන්ගේ කර ගෙන කොයි තරම් නම් සතුටු වෙනවාද. කොහොමහරි ඇත්ත දැන ගත්ත ගමන් මහා කල කිරීමකට දුකකට පත් වෙනවා.
මේ වගේ හුඟක් සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මෙතනදි මන් කිව්වේ පුංචි අවස්ථා දෙකක් විතරයි. ඉතින් ඇයි අපිට මේ වගේ වැරදීම් සිද්ධ වෙන්නේ? ඇයි අපි වැරදියට හුඟක් දේවල් තේරුම් ගන්නේ?
ඒ තමයි පෘථග්ජන පුද්ගලයාගේ ස්වභාවය. පංචස්කන්ධලෝකය ගැන අවබෝධයක් නැති පෘථග්ජනයා හැම දාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නවා. වෙන දෙයක් නිසා නෙමෙයි. අවිද්‍යාවෙන් මනස වැහිලා තියෙන නිසා. මේ අඳුරු අවිද්‍යා පටලය අහකට දාගන්නකම්ම මනුෂ්‍යයාට සිද්ධ වෙන වැරදි වැටහීම් නිවැරදි කර ගන්න බෑ.
කේන්තිය, ඊර්ෂ්‍යාව, මාන්නය, ආශාව, රාගය වගේ සිතුවිලි ඇති වෙන මනස හැමදාමත් දකින්නේ හරිදේ හරි විදියට නෙමේ. වැරදි දේ වැරදි විදියට දකින්නෙත් නෑ. හැම දේම දකින්නේ පැටලිලි සහගතව. ඉතින් මේ අය එක් කාලෙක සැපත ලැබෙනවා කියලා පිරිත් පැන් බොන්න මේ පුංචි රටේ එක කෙලවරක ඉඳලා තව කෙලවරකට යනවා. තවත් වෙලාවක ගස් වල මැවිලා තියෙන බුද්ධරූප වලට වඳින්න වන්දනාවේ යනව. තවත් සමහරු ගෞතම බුදුහාමුදුරුවන්ගේ අම්මට වැඳලා නිවන් දකින්න යනවා. තවත් අය නිවන් දකින්න හදන්නේ මෛත්‍රී බෝධිසත්වයන් එක්ක යන පෙරහැරෙන්. ඇයි තවත් සමහරු බුද්ධභූමි වන්දනා කරන්න දැන් ලංකාවේ ස්ථාන වලටත් යනවා කියන්නේ. ඇත්තටම අද අපි අතරේ පහල වෙලා ඉන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ, (අර ෆේස්බුක් එකේ එහෙම ඉන්නෙ,මන් දැක්කා මේකෙත් එය පෙනී සිටින ඇඩ් එකක්) වන්දනා කරන්න හාමුදුරුවොත් වඩිනවා නොවැ. මේ තමයි අවිද්‍යාවේ ස්වභාවය. හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා පෙන්වන්නේ නෑ. මේ හැමෝගෙම මනස් අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. ඒත් එක දෙයක් අද අන්ධයො වෙලා වැඩ කරත් උත්සහයක් කලොත් ඇත්ත දකින්න විද්‍යාව ඇති කර ගන්නෙත් මේ අයම තමයි කියන එකත් මතක තියා ගන්න ඕනා. කොහොමවුනත් ස්වභාවය මේකයි.
අනිත් අතට වැරදි අර්ථකතනයන්ගේ තරම කොයි තරම්ද කියනවා නම් ටිකක් බලන්න මේ ෆෝරම් එකේ වුනත් කී දෙනෙක් තමන්ගේ ආගම තමන්ට හොඳයි කියලා කියන්නයි අනිත් අයට ඔප්පු කරන්නයි කොයි තරම් නම් දඟලනවාද කියලා. කොයි තරම් නම් බෞද්ධයො ඉස්ලාම් අයටත් ඒ ඉස්ලාම් අය බෞද්ධයන්ටත් බනිනවාද තර්ජනය කරනවාද කියලා. මන් මේ ළඟදි දැක්කා අන්වර් මනතුංග කියලා මහත්මයෙක් මේ ආගම් ගැන ලියපු පොතක් අතින් අතට යනවා. ඇත්තමයි අල්ලාහ් හිටියානම් පන පිටින් ඒ මහත්තයා අල්ලාහ් ලඟට ගන්න පුළුවන් කියලා මට හිතුනා ඒකේ තියෙන දේවල් දැක්කම. අනේ මන්දා. ඇත්තටම මේ ආගම් ධර්ම හැම දේම තියෙන්නේ මනුෂ්‍යයා කියන තිරිසනාව මනුෂ්‍යයෙක් කරන්නයි. ඒ වෙනුවෙන් පිලිගත් ආචාර ධර්ම පද්ධතියක් හැම ආගමකින්ම වගේ හඳුන්වලා දෙනවා. නමුත් අද අපි ඒ ආගම්, ධර්මයන්ම භාවිතා කරමින් තිරිසන්නුම වෙලා. මේ තමයි අවිද්‍යාවේ තරම. තම තමන්ගේ ආගම්,ධර්මයන්ගේ තියෙන හරයාත්මක දේ නොදැනීමේ පල විපාක කොයි තරම් නම් දරුණුද?
සමහර බෞද්ධයොත් දැන් නිවන් දැකලා සෝවාන් වෙලා ධර්මය දේශනා කරනවානේ මේ ෆෝරම් එකේ. ඒක ඇත්තටම සතුට ට කරුණක්. කවුරුහරි ඒ උත්තම සැපය විඳිනවා නම් අපිට කොයි තරම් වාසනාවක්ද? ඒත් අවාසනාවක මහත කියන්නේ නිවන් දැක්ක අය මේ තරම් සිල්ලරට, ලාබෙට නිවන් දැක්කයි කියලා ප්‍රසිද්ධ කරයි යැ. මේ තමයි අවිද්‍යාවේ හැටි.
කොහොමවුනත් මේ දේවල් අද විතරක් තිබ්බ දේවල් නෙමෙයිනේ. බුදුහාමුදුරුවන්ගේ කාලෙදිත් මේ වගේ කට්ටිය ඉඳිය නොවැ. බුදුහාමුදුරුවොම කියලා තියෙනවානේ අනාගතයෙදිත් මේ වගේ අය පහල වෙනවා කියලා. අනිත් එක ඉතින් බුදුහාමුදුරුවන්ගේ කටින් පිට වුන වචනයක් කවදාවත් බොරු වෙන්නෙත් නෑනෙ. ඒ අතින් බැලුවම අද නිවන් දැකපු අය, බුදු වෙච්ච අය පහල වෙන එක අපේ පින. ඒ වෙන දෙයක් නිසා නොවෙයි, පාරමිතා සම්පූර්ණ කරන්න උනන්දු වෙන කෙනාට තමන්ගේ කාර්යය සම්පූර්ණ කර ගන්න හොඳ වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන නිසා.
අපි ඉදිරියේදී හම්බවෙමු.