කාලයකට වරක් පහල වෙන, ධර්මය කියල "රට බයිලා" නොකියූ, ඉතාමත් බුද්ධිමත් හිමිනමක්. මටනම් උන්වහන්සේ ගැන පුදුම ගව්රවයක් තියෙන්නේ. කතරගම දෙවියන්ට වඳින එක (ස්කන්ධ කුමාර වන්දනාව) වගේ දේවල් බෞද්ධ දර්ශනයේ කොටස් නෙවෙයි කියල කිව්වම අපේ "බෞද්ධයන්" අතරේ අප්රසාදයටත් පත් උන මතකයි. රුපවාහිනී නාලිකා වල උන් වහන්සේගේ බන වැඩසටහන් විකාශය කිරීම ප්රතික්ෂේප කරපු කාලයක් තිබ්බ මතකයි. මම උන්වහන්සේගේ අපවත් වීමට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නෑ, මොකද මම හරියට මොකද උනේ කියල දන්නේ නැති නිසා. නමුත් එහෙම දෙයක් උනා නම්, උන්වහන්සේ දේශනාකරපු බුද්ධ ධර්මය අනුව ජිවත් වෙන එක්කෙනෙක් හරි ඉන්නකන් ඒ කරපු අය දිනන්නේ නෑ.