මෙන්න හලාල් කෑම ගැන තවත් ලිපි
සිංහලෙන් ඉස්ලාම්, එහෙම නැත්නම් ඉස්ලාම් ඉන් සිංහල
කුර්බාන් කරන එක ගැනයි,
ඌරු මස් ගැනයි අළුත් ලිපි දෙකක් දාල. ඒ උන්නැහේ කියනවා අපි කරුණු විකෘති කරන්වළු. හැබැයි රාළ දමාපු පිළිතුරට නම් තවමත් උත්තරයක් හම්බ වෙලා නෑ. ඒ හින්දා රාළ දන්න විදියට මේවට උත්තර දෙනවා. පළමුවෙන්ම ස්ත්තුන්ගේ දත් ගැන කියන්න යන එකෙන් එයා අනා ගන්නවා. සත්තුන්ගේ දත් හා ජීර්ණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ උන්ගේ කෑම අනුවයි කියල ඉස්ලාම් ඉන් සිංහල කියනවා. හැබැයි තනිකරම ශාක භක්ෂකයෙක් වෙච්ච හිපෝට අච්චර තඩි රදනක දත් දෙකක් අල්ලා මවල තියෙන්නේ ඇයි, ඌට චාර්වක දත් අඩුවෙන් මොකද මවල තියෙන්නේ කියන පුරස්නෙට උත්තර නෑ. ඇත්තටම ඒවට අල්ලටත් උත්තර නෑ.
හිපෝ ගේ දත් - අල්ලාට කඑන සරදම්
ඊට පස්සේ අපේ ගොයියා මෙහෙම කියනවා.
“ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ”මේ මොන විශ්වාස හා ඇදහිලිද කියල අපි දැනගන්න කැමතියි. ඒ වගෙම
ප්‍රාණ ඝාතය හා මස් කෑම එකක් ලෙසම ගත්තේ කොහොමද කියන කාරණය ඉස්ලාම් ඉන් සිංහල අපට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. හැබැයි සියළුම අදාල ත්‍රිපිටක පාඨ සමග පැහැදිලි කරන්න වෙයි. මොකද ඔය කට්ටිය බොරු කියන්න දක්ෂ බව අපි දන්නවා.
අපේ ගොයියා ඊලඟට කියනවා
“එසේ නම් පලිබෝධ නාශක භාවිතා කිරීම මහා පවකි. මන්ද පලිබෝධ නාශක නිසා බොහෝ ප්‍රාණ නැසී යන බැවිනි. (පනු) ඛෙහෙත් බීම පාපයකි. මන්ද (පනු) ඛෙහෙත් බීම නිසා පණුවන් ජීවීන් නැසී යන බැවිනි.” කියල. මේ කතාව ඇත්ත ජෛන ආගමට අනුව නම්. ජෛනයින් වතුර උණු නොකර බොන්නේ ඒ හින්දා. හැබැයි බුද්ධාගමට අදාල නෑ. මොකද පව වෙන්න චේතනාව අවශ්‍යයි. පලිබෝධ නාශක ගහන එකේ අරමුණ සතුන් පලවා හරින එක. පලිබෝධ නාශක කියනෙන්ත් අපට පටවපු එකක්. පණු බෙහෙත් නියම කරන්නේ දොස්තර. දොස්තරගේ චේතනාව ලෙඩා සනීප කරන එක මිසක් පණුවො මරණ එක නෙවෙයි. ලෙඩාගේ චේතනාව සුව වීම මිසක් පණුවෝ මැරීම නෙවෙයි. හැබැයි කවුරු හරි පණුවෝ මැරෙන්න හිතාගෙනම බෙහෙත් බොනවා නම් අන්න ඒක පාපයක්. මේ වගේ තර්ක මේ ගොයියා ගේන්නේ කුර්බාන් කරන එකේ ලැජ්ජාව වහ ගන්න බැරි හින්දා. කුර්බාන් කරන විට වේද්නාව දැනෙන්නේ නෑ කියන ශකීර් නායික් ගේ ඔලමොට්ටළ ප්‍රකාශයට විරුද්ධ වෙන්නවත් මේ ගොයියට බෑ.
ඊට පස්සේ අපේ ගොයියා කියනවා
“තවත් සමහරු පවසන්නේ ගව ඝාතනය සිදු නොකළ යුතු බවයි” කියල. ඇත්තටම ගව ඝාතනය කරන්න ඕනෙ නෑ. මොකද අපි වැඩ ගන්නා සම්පතක් තමයි ගවයා. අවුරුදු 2000කට වැඩිය කාලයක් අපි ගවයගෙන් වැඩ ගත්තා. කිරි හරක් මැරුවම ගව ගහණය අඩු වෙන බවට තව මොන කතාද?
එළදෙන්නු නැත්නම් හරක් පැටවු වදන්නේ තොපේ ගෑණුද කියල ආවේගශීලීව අහන්න වෙන්නේ එතකොටයි. ගව මස් රස කර කර බුදින මුස්ලිම් අය ගවයන් කී දෙනෙක් ඇති කරල තියෙනවද? පුරස්නෙ තමයි මුස්ලිම් අය ගොවිතැනට ඉන්න ගවයන් මරන් කන එක. අපේ රටේ මසට හරක් හදන්නේ නෑ. මුස්ලිම් අයට අවශ්‍ය නම් හරකෙක් හදා ගෙන ඌව මස් කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නෑ කුහක කම නිසා. හැම වෙලා වෙම ඒ අය බලන්නේ ලේසිය. මුස්ලිම් අයට අව්ශ්ය නම් හරක් හදා ගෙන මරා ගෙන කන්න. ගොවිතැන් කරන්න ඉන්න සිංහලයගෙ, දෙමළගේ හරක් පට්ටි වලට විදින්නේ නැතුව.
ඊට පස්සේ අපේ ගොයියා “නවීන විද්‍යාවම” අරගෙන පෙන්නනවා ගස් වලටත් පණ තියෙන බව. එහෙම කියන්නේ නවීන විද්‍යාව ඇත්ත බව පිළිගන්න හින්දනෙ. එහෙනම් ඇයි ඒ විද්‍යාව විසින් පිළිගන්න පරිණාම වාදය පිළිගන්නේ නැත්තේ? ඉස්ලාම් ඉන් සිංහල අපිට කෙළින් පිළිතුරක් දෙන්න. නවීන විද්‍යාව ඔබ පිළිගන්නවාද නැත්ද? බෞද්ධ ඉගැන්වීම අනුව ගස් වලට විඤ්ඤාණයක් නැහැ. එනිසා ගස් මැරීමෙන් ප්‍රාණ ඝාතයක් වෙන්නේ නැහ. නමුත් භික්ෂු – භික්ෂුණීන්ට නම් පැලෑටි විනාශ කිරීම ඇවැතක්, මොකද පැලෑටි වටිනා දේ නිසා. ගස් වලට විඤ්ඤාණයක් තියෙනවද නැත්ද කියල කියන්න බෞද්ධයෝ නවීන විද්‍යාව යොදා ගන්නේ නෑ. කුරාණය විසින් ප්‍රතික්ෂේප කරන නවීන විද්‍යාව ඉස්ලාමය සාධාරණීකරණය කරන්නට යොදන මුස්ලිම් අයට වඩා බෞද්ධයන් ඒ අතින් අවංකයි. මොකද ඔවුන් පිලිගන්නවා විඤ්ඤාණය නවීන් විද්‍යාවට ගෝචර නොවන බව. ඒ හින්දා විඤ්ඤාණය ඇති නැති බව පෙනවන්න ඔවුන් මුස්ලිම් අය අල්ලා ඉන්න බව පෙන්වන්න හදනවා වගේ නවීන විද්‍යාව යොදා ගන්නේ නෑ. කන්න ඕන උනාම කබරයා තලගොයා කරනවා කියනේ මේකටයි.
ඊට පස්සේ ඉස්ලාම් ඉන් සිංහල ගොයියා කියනවා මෙහෙම.
“වෛද්‍ය විශේෂඥයන් ඌරු මස් හානිදායක ආහාරයක් බව පවසති. එය අනුභවය මිනිසා තුල නිවටභාවය ඇති කරන අතර ආධ්‍යාත්මික ගුණාංග හා යහපත් සාරධර්ම මිනිසා තුලින් හීන වීමට හේතු වේ.” මෙ කතාව ඔප්පු කරන්න ඉස්ලාම් ඉන් සිංහල කිසිම සාධකයක් පෙන්වන්නේ නෑ. අපි ඔහුගෙන් අහන්න කැමතියි, ඉහත ප්රකාශයන්ට අදාල පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙසට. එහෙම කරන්න බැරි නම්, තමුන් කියන්නේ බොරු බව ඔහු පිළිගත යුතුයි. මේක ඉස්ලාම් ඉන් සිංහලට අපි කරන අභියෝගයක්. අපට පර්යේෂණ වාර්තා පෙන්වන්න. එතකොට අපි එකඟ වෙන්නම්.
“ඌරුමස් අනුභවය මගින් ලඡ්ජාව හා විලිබිය අඩු කරයි. ඒවා බහුලව අනුභව කරන සමාජ තුල පහත් ආධ්‍යාත්මික මට්ටමක් දැකිය හැකිය.” මෙහෙම කියල අපේ ගොයියා අර ගන්නවා යුරෝපීය රටවල් අවධානයට.
ලෝකේ ඌරු මස් වැඩියෙන්ම නිපදවනෙන චීනය (50% විතර). ඉස්ලාම් ඉන් සිංහල කියන්න පරිදි විළි බිය නැතිවීම, විවාහයට පෙර ගැබ් ගැනීම් ආදිය චීනයේ ඉතාමත්ම දුලබයි. අවුරුදු 5000ක් ඌරු මස් කාපු චීන්නු ලෝකයේ නව සොයා ගැනීම් වලින් 50% ටත් වැඩිය කලා. ඔවුන් ලොවට දුන් දේ ට ලං වෙන්නවත් මුස්ලිම් අයට බෑ. මේකෙන්ම ඉස්ලාම් ඉන් සිංහල ගීන ඌරු තර්කය බිඳ වැටෙනවා. ඌරු මස් කන චීනා සෑම අතකින්ම ඌරු මස් නොකන අරාබි කාරයාට වඩා ඉස්සරහින් ඉන්නවා.
ඉස්ලාම් ඉන් සිංහල කියන පරිදි ඌරා කෑම බයිබලයේ තියෙනවද නැත්ද කියන එකෙන් අපට වැඩක් නැහැ. කුරාණයට සපෝර්ට් කරන්න ඔබ විසින් පිලි නොගන්න නව තෙස්තමේන්තුව යොදා ගන්න එකෙන් පේන්නේ ඔබේ
කුරාණයේ මතවාදීමය පීචන් භාවය හා අනාථ භාවය නොවෙයිද? ඒ නව තෙස්තමේන්තුව පිළිගන්නද එපාද? එහි ඌරු මස් කතාව අපත් ඔබත් පිළිගන්නවා නම්, එහි එන ජේසුස් යනු අවසන් වක්තෲ වරයා යන්න ඔබ පිළිගන්නවද නැත්ද? මේකට කෙළින්ම උත්තරයක් දෙන්න. මේක ඉස්ලාම් ඉන් සිංහලට තවත් අභියෝගයක්.
ඊට පස්සෙ සුපිරිදු පරිදි වෛද්‍ය විද්‍යාව කඩේ යැවීම අපේ ගොයියා කරනවා.
“ඌරා තුල සිටින මෙම පණුවා සතුන් තුල සිටින පටිපණු වර්ග වලින් භයානකම වටිපණු වර්ගය වේ. ඌගේ දිග සාමාන්‍යයෙන් අඩි 8 ක් පමණ වන අතර අඩි 30 ක් දක්වා වැඩිය හැක. “හැබැයි ඉස්ලාම් ඉන් සිංහල නොකියන කාරණේ තමයි හරක ඇතුලේ අඩි 8 – 40 දක්වා දිගට හැදෙන මීට සමානව පටි පණුවෙක් ඉන්න බව (
Taenia saginata). මෙන්න ඉස්ලාම් ඉන් සිංහලට එල්ල වෙන ඊලඟ අභියෝගය. පටි පණුවා ඉන්න ඌරු මස හොඳ නැතිනම් පටි පණුවා සිටින හරක් මස හොඳ වෙන්නේ කොහොමද? ඌරු මස් නොකෑමට ටවත් හේතු තියෙන බව කියා ලිස්සා යනවා නම් අසන ප්රශ්නය වන්නේ “එසේ නම් පටි පණුවා පිළිබඳ තර්කයේ වැදගත් කම මොකදද?” කියන එක.
ඌරු මස් වල තියෙන මේදය, ඌරගේ ගති ගැන ඉස්ලාම් ඉන් සිංහල විසින් නැවත වරක් කොපි පේස්ට් කර කියන කරුණු වලට අපි මෙතෙන්දී උත්තර දුන්නා. ඒ කරුණු වලට මොකුත්ම ඉස්ලාම් ඉන් සිංහල එකතු කරලා නෑ.
අභියෝග වලින් ඵැන යන ගතිය මුස්ලිම් අයට තියෙන නිසා මම නැවතත් ඉස්ලාම් ඉන් සිංහල වෙත අප ඉදිරිපත් කල අභියෝගයන් දක්වනවා.
1. කුර්බාන් කරන විට සතුන්ට වේදනාවක් දැනෙනවාද? එසේ නැතැයි කියන ශකීර් නායික් ගේ මතය හා ඔබ එකඟ වෙනවාද?
2. ඌරු මස් ගැන සඳහන් වන බයිබලයේ නව තෙස්තමෙන්තුව ඔබ පිළිගන්නවාද? ඔබ නව තෙස්තමේන්තුවේ උක්ත කොටස පිළිගන්නවා නම් යේසුසු අවසන් වක්තෲ වරයා බව පිළිගන්නවාද?
3. පටි පණුවන් සිටීම ඌරු මස් නොකෑමට එහතුවක් නම්, එයට අතිශයින්ම සමාන, ඊටත් වඩා විශාල පටි පණුවන් වෙසෙන හරක් මස් කෑම අනුමත කරන්නේ කෙසේද? ඔබ ඉහත කතාව පිළි නොගන්නේ නම්, පටි පණුවා සිටීම යනු වැදගත් කාරණයක් නොවන බව පිලිගන්නවාද?
4. ඌරු මස් කෑම හරක් මස් කෑමට වඩා හානිදායක බව පෙන්වන පර්යේෂණ ඉදිරිපත් කරන්න. ඌරු මස් කෑම ආධ්‍යාත්මික පරිහාණියට හේතු වන බැව් සාධක සහිතව ඔප්පු කළ පර්යේෂණයන් පෙන්වන්න.
5. මස් කෑම ප්‍රාණඝාතයට සමාන බව බෞද්ධ ඉගැන්වීම අනුව ඔප්පු කර පෙන්වන්න
6. නවීන විද්‍යාව ඔබ පිළිගන්නවාද?