පරිප්පු

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පරිප්පු


    parippu.JPG



    බත් පත අතට ගත් විට පරිප්පු ව්‍යාංජනයක් නැත්නම් විශාල අඩුවක් දැනෙන අය කෙතරම්ද? සමහරු සෑම බත් වේලකදීම පරිප්පු ව්‍යාංජනයක රස බලන්න අමතක කරන්නේ නැහැ.පුංචි පරිප්පු ඇටයකට කෙතරම් බලයක් තිබෙනවද? රසයෙන් වගේම ගුණයෙන්ද බත් පතෙහි රජ කරන්නට පරිප්පු ව්‍යාංජනයට හැකියාව තිබෙනවා.

    කෙඳී සහිතයි කෙඳී සහත ආහාර අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. පරිප්පු කෙඳීවලින් පිරුණු ඇට වර්ගයක්. කෙඳී සහිත ආහාර අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා වාගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේදීත් නැතිවම බැහැ. පරිප්පුවල අඩංගු කෙඳී නිසා පරිප්පු සමග බත් වේලත් ගත් පසු රුධිරයේ සීනි මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ නැගීම වළක්වනවා. කෙඳීවලට අමතරව පරිප්පු ඇටයක අත්‍යාවශ්‍ය ඛනිජ ලවණ 6 ක්, බී විටමින් කාණ්ඩ 2 ක්, හා ප්‍රෝටීන ද යහමින් අඩංගුයි. තැම්බූ පරිප්පු කෝප්පයකින් කැලරි 230 ක් ලබා ගන්න පුළුවන්.

    දියවෙන කෙඳී පමණක් නොව දිය නොවෙන කෙඳී ද පරිප්පුවල අඩංගුයි. දිය නොවෙන කෙඳී මළ බද්ධය වළක්වනවා වාගේම ආහාර ජීර්ණ අක‍්‍රමිකතා ද වළක්වනවා. හදවතට හිතවත් නම් පරිප්පු කෑමට ගන්න දුෂ්කර අත්දෑකීමක් පරිප්පු කෑමක් ලෙස ජනවහරේ හඳුන්වනවා. එහෙත් ආහාරයක් වශයෙන් පරිප්පු කෑම නම් ජීවිතයම සොඳුරු කරන අත්දැකීමක්. පරිප්පු නිතර කෑමට එක් කර ගන්නා පුද්ගලයන් අතර හෘද රෝග අඩු බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. පරිප්පුවල අඩංගු කෙඳීවලට අමතරව මැග්නීසියම් හා ෆෝලේට් තිබීම නිසා හෘදයට අහිතකර ඇමයිනෝ අම්ල නිපදවිම වළකිනවා. මැග්නීසියම් හෘදයාබාධ වළකාලනවා සේම හෘදයාබාධ වැළඳුණු පසු හෘදයට බරපතල හානි වීමද වළක්වනවා. මේ නිසා හදවතට ආදරය කරන ඕනෑම කෙනකු නිරන්තරයෙන් පරිප්පු ව්‍යාංජනයක් කෑමට එක් කර ගත යුතුයි.සිරුරට ශක්තියක් ලබා දෙන අතර රුධිරයේ සීනි මට්ටම ක‍්‍රමවත්ව පවත්වා ගැනීමට හැකිවීම පරිප්පු සතු සුවිශේෂී ගුණයකි.

    නීරක්තිය වැළැක්වීමට පරිප්පු මගින් ශක්තිය වැඩි වෙන්නේ සිරුරේ යකඩ ඌනතාවයක් ඇති නොකරමිනුයි. විශේෂයෙන්ම ඔසප් වෙන වයසේ පසුවෙන කාන්තාවන් රක්තහීනතාවයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතිනවා. එනිසා කාන්තාවන් නිතර පරිප්පු කෑමට ගෙන සිරුරේ යකඩ මට්ටම හොඳ තත්ත්වයක පවත්වා ගැනීම ඉතා වැදගත්. ගැබිනි සමයේදීත්, දරුවන්ට කිරි දෙන කාලයේදීත් යකඩ වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන දරුවන්ට හා ගැටවර වයසේ දරුවන්ටත් යකඩ වැඩියෙන් අවශ්‍යයි මෙම අවශ්‍යතාවය පරිප්පු වැනි ආහාරයකින් ලාභයටත් පහසුවටත් සපුරා ගන්න පුළුවන්. පරිප්පු වර්ග පනහට වැඩි ගණනක් තිබෙන අතර අපට තවමත් ඉන් වර්ග දහයක්වත් රස විඳීන්නට ලැබී නැහැ.

    මධ්‍යම ආසියාව නිජ බිම කරගත් පරිප්පු ආසියාතික ආහාර වේලට අමුත්තෙක් නොවෙයි. කහ, තැඹිලි, කොළ. කළු, ආදී විවිධ පැහැයන්ගෙන් යුතු පරිප්පු වෙළෙඳ පොළෙහි තිබෙනවා. පරිප්පු මිලදී ගැනීමේදී කැඩී බිඳී ගිය, පුස් සහිත හෝ කෘමීන්ගෙන් හානිවුණු පරිප්පු මිලදී නොගන්න. වාතය නොයන පරිදි වසන ලද භාජනයක වියළි, අඳුරු තැනක පරිප්පු මාස 12 ක් වුවත් තැන්පත් කර තැබිය හැකියි. පිසන ලද පරිප්පු නම් වසන ලද බඳුනක ශීතකරණයේ දින තුනක් පමණ තබා ගන්න පුළුවන්. පරිප්පු ව්‍යාංජනය වගේම පරිප්පු එක් කළ සුප්, හා සලාද ද රසයෙන් ඉතා ඉහළයි.
    පරිප්පුවල අඩංගු පෝෂක කබෝහයිඩ්‍රේට් ෆෝලේට් කෙඳී මැංගනීස් යකඩ පෙ‍්‍රීටීන පොස්පරස් තඔ තයමීන් ( විටමින් බී 1 ) පොටෑසියම් පරිප්පු නිර්මාංස ආහාර ගන්නා අඅයට පෙ‍්‍රීටීන හා යකඩ ලබා ගැනීමට ඇති හොඳම මාර්ගයක්.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිනම් හැමදාම පරිප්පු කනවා. නිකනුත් කනවා. වැඩට යනකොටත් කනවා. ඇමතිවරු පාරේ යනකොට පාරවල් වහපුවාමත් පරිප්පු කනවා. අපිට පරිප්පු වලින් තොර ලෝකයක් නැහැ.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපිනම් හැමදාම පරිප්පු කනවා. නිකනුත් කනවා. වැඩට යනකොටත් කනවා. ඇමතිවරු පාරේ යනකොට පාරවල් වහපුවාමත් පරිප්පු කනවා. අපිට පරිප්පු වලින් තොර ලෝකයක් නැහැ.

    :lol::lol::lol::yes::yes::yes:
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    අපිනම් හැමදාම පරිප්පු කනවා. නිකනුත් කනවා. වැඩට යනකොටත් කනවා. ඇමතිවරු පාරේ යනකොට පාරවල් වහපුවාමත් පරිප්පු කනවා. අපිට පරිප්පු වලින් තොර ලෝකයක් නැහැ.
    :lol::lol:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    අපිනම් හැමදාම පරිප්පු කනවා. නිකනුත් කනවා. වැඩට යනකොටත් කනවා. ඇමතිවරු පාරේ යනකොට පාරවල් වහපුවාමත් පරිප්පු කනවා. අපිට පරිප්පු වලින් තොර ලෝකයක් නැහැ.

    lol gud one! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අපිනම් හැමදාම පරිප්පු කනවා. නිකනුත් කනවා. වැඩට යනකොටත් කනවා. ඇමතිවරු පාරේ යනකොට පාරවල් වහපුවාමත් පරිප්පු කනවා. අපිට පරිප්පු වලින් තොර ලෝකයක් නැහැ.

    :yes: Kiyala wadak na a gana nam..... :angry: