ඩොප්ලර්_ආචරණය

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bb02.jpg

    ඔන්න තවත් නව සටහනක් දාන්න හිතුවා. කට්ටියම එහි යෙදීම් ගැනනම් අහලා ඇති. බොහෝ දෙනෙක් එහි මුලධර්මය නොදන්නවා විය හැක. දන්නා නොදන්නා සියළු දෙනාටම මෙය වැදගත් වේවි.

    නලාව නාද කරමින් ඔබ වෙතට පැමිණෙන රථයක නලා හඩෙහි සංඛ්‍යාතය වැඩිවන බවත්, ඔබෙන් රථය ඉවතට යන විට නලා හඩෙහි සංඛ්‍යාතය අඩුවන බවත්, ඔබට හැගී ඇතිබව නොඅනුමානය.

    Doppler%20effect.jpg

    මෙසේ ප්‍රභවය (නලා ශබ්දය) හා නිරීක්ෂකයා (නලා ශබ්දය ශ්‍රවනය කරන්නා) අතර සාපේක්ෂව ඇතිවන චලිතය හේතුකොට ගෙන දෘෂ්‍ය සංඛ්‍යාතය (අපට ශ්‍රවනය වන ශබ්දය) ප්‍රභවයේ නියම සංඛ්‍යාතයට වඩා වෙනස් වීම ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ.


    මෙය මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ 1842 දී ක්‍රිස්ටියන් ඩොප්ලර් නැමති භෞතික විද්‍යාඥයා විසිනි.
    jsr.jpg

    ප්‍රභවය නිරීක්ෂකයා වෙතට ලඟාවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවය වෙතට ලඟාවන විට හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම එකිනෙක වෙතට ලඟාවන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා වැඩි වේ.​

    radarcars.gif

    ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලිතවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වන විට හෝ හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම ඉවතට චලිත වන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා අඩු වේ.​

    සියලුම තරංග වල ඩොප්ලර් ආචරණය සිදුවේ. එනම් ධ්වනි තරංග වල පමණක් නොව ආලෝක තරංග වලද මෙම ඩොප්ලර් ආචරණය සිදුවේ.

    ඩොප්ලර් ආචරණයේ යෙදීම්

    1. පොලිස් රේඩාර් මගින් චලනය වන වාහනයක වේගය නිර්ණය කිරීම​

    motorcycle-speedtrap.jpg

    පොලිස් නිලධාරීන් සතුව ඇති රේඩාර් (RADAR- Radio Detection and Ranging ). තරංග උපකරණයකින් වේගය නිර්ණය කළ යුතු රථය වෙත, රේඩාර් තරංග නිකුත් කරයි. රථයෙන් පරාවර්තනය වනු ලබන මෙම තරංගයේ සංඛ්‍යාතය උපකරණය මගින් නිර්ණය කරයි. එමගින් රථයේ වේගය ගණනය කිරීමට වේග නිර්ණයකට (Speed detector) හැකිවේ.

    300h.jpg

    2. වවුලන් අතිධ්වනි තරංග යොදා ගනිමින් ඩොප්ලර් ආචරණයට අනුව ඔවුන්ට ගොදුරුවන කෘමින් ආදී සතුන් හෝ පියාඹන වේගය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සිදුකරයි.​
    sonar.15482647_std.jpg

    3. අතිධ්වනි තරංග යවා මව්කුස තුල සිටින දරුවකුගේ හෘද ස්පන්ධන වේගය නිර්ණය කිරීමට ඩොප්ලර් ආචරණය වැදගත් වේ.​

    fetal-heart-monitoring-strips.jpg

    4. රුධිර සෛලවල වේගය නිර්ණය කිරීම සඳහා​

    nw0654-n.gif

    අතිධ්වනි තරංග දේහය තුලට යවා රතු රුධිර සෛල මගින් පරාවර්තන වී පැමිණෙන විට ඇතිවන සංඛ්‍යාත වෙනස මගින් රුධිර ප්‍රවාහයේ වේගය නිර්ණය කල හැකිය.

    5. විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කිරීමටද ඩොප්ලර් ආචරණය යොදාගනී.
    doppler-effect-youngester.jpg

    6. තාරකා වල භ්‍රමණ සහ උත්තාරණ වේගය නිර්ණයට ද යොදා ගනී.

    මෙය ඔබට වැදගත් වුයේනමි මාගේ rep+ ස්පන්ධනය වැඩිකිරීමට උදව් වන්න...
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    4. රුධිර සෛලවල වේගය නිර්ණය කිරීම සඳහා
    nw0654-n.gif

    2001 A/L .......physics ....walata aapu paraghne..............
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගුඩ් පෝස්ට් මචන්... ඉගෙන ගත්ත ඒවා මතක් වෙනවා...රෙප් බෑලු..ටූ සෑඩ්