වේරහැර RMV එකේ වැඩ කටයුතු සිද්ධවෙන පිළිවෙල ගැන කලින් මම ත්‍රෙඩ් එකක් කලා කට්ටියට මතක ඇති.
මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක.
Click Here
මේ ත්‍රෙඩ් එකට ගොඩාක් ඉහල ප්‍රතිචාර තිබුනා. ඒක නිසා හිතුනා මේ ගැන තවත් ටිකක් දැණුවත් කිරීමක් කලොත් හොඳයි කියලා. ඒ නිසා ත්‍රෙඩ් එකේ දෙවන කොටස කරන්න හිතුවා.
අද මම දැණුවත් කරන්නම් ප්‍රායෝගික පරීක්ෂනය සම්බන්ධ කරුණු කිහිපයක් ගැන. මම මගේ පළවෙනි ත්‍රෙඩ් එකේ කියපු විදියට අයදුම්පත බාරදීලා ලිඛිත පරීක්ෂණයට පෙනී සිටියාට පස්සේ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනීසිටින්න දිනයක් ලැබෙනවා. ප්‍රායෝගික පරීක්ෂනයට කන්ඩායම් දෙකක් විදියට තමයි මූලික වශයෙන් වේලාව ලබා දෙන්නේ. උදේ 9ට එක් කන්ඩායමකුත් හවස 1ට අනෙක් කන්ඩායමත් වශයෙනුයි. අඩුම තරමේ ප්‍රායෝගික පරීක්ෂනයට පැයකටවත් කලින් එම ස්ථානයට යා යුතුයි. ප්‍රායෝගික පරීක්ෂනයට පෙර වැඩ කටයුතු කිහිපයක් තියෙනවා නිම කරගන්නට.
මුලින්ම ප්‍රායෝගික පරීක්ෂනය සඳහා වාහනයක් තෝරාගත යුතු වෙනවා. තමන්ට අදාල කාන්ඩයට අනුකූල වෙන ලෙස වාහනයක් අයදුම්කරුට තිබිය යුතුයි. විශේෂයෙන්ම යතුරු පැදි අයදුම්කරුවන් මේ පිළිබඳ දැනුවත් විය යුතු වෙනවා. යතුරුපැදි කාන්ඩ දෙකක් යටතේ තමයි නව ක්‍රමය යටතේ කාන්ඩ කර තිබෙන්නේ. 100cc (A1) වලට අඩු හා 100CC (A) වලට වැඩි ලෙස. සමහර අයදුම්කරුවන් තමන්ගේ පුද්ගලික බයිසිකල් වලින් ප්‍රායෝගික පරීක්ෂනය වෙත පැමිනෙනවා. මෙහිදී ගොඩාක් අය 100CC එන්ජින් පන්තියට අයත් මෝටර් සයිකලයකින් 100CC (A) බලපත්‍රයක් ලබා ගැනීමට පැමිනෙනවා. 100CC වලට වැඩි යන්නෙහි තේරුම අපි නිවැරදිව සිහි තබා ගත යුතුයි. 100CC සයිකලයකින් 100CC වලට වැඩි කාන්ඩයේ (A) බලපත්‍රයක් ලබා ගැනීමට බෑ. තමන් ප්‍රායෝගික පරීක්ෂනයට ඉදිරිපත් වෙන බයිසිකලය අනිවාක්යෙන්ම 100CC වලට වැඩි එක් විය යුතුමයි. ඔබත් තමන්ගේ පුද්ගලික වාහනයකින් ප්‍රායෝගික පරීක්ෂනයට පෙනේ සිටිනවා නම් මේ පිළිබඳ පොඩ්ඩක් සිහි තබා ගත යුතු වෙනවා.
ඒ වගේම තව යමක් කිව යුතියි. කුමන වාහන පන්තියක හෝ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනීසිටිනවා නම්, තමන් භාවිතා කරන්නේ තමන්ගේ පුද්ගලික වාහනයක් නම් වාහනයට එක්දින රක්ෂනයක් ලබාගත යුතු වෙනවා. මේ සඳහා දෙපාර්ථමේන්තුව තුලම අයදුම්කරුවන්ට පහසුකම් සලකා තිබෙනවා. තමන්ගේ වාහනයේ වටිනාකම අනුව එක්දින රක්ෂනයේ ගාස්තුව වෙනස් වෙනවා. මේ ආකාරයට එක්දින රක්ෂනයක් ලබා ගත යුතු වන්නේ තමන්ගේ වාහනයකින් ප්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිටිනවා නම් පමනයි. මේ පිළිබඳ හොඳින් සිහි තබා ගන්න.
නමුත් මගේ උපදේශය නම් රියදුරු පුහුනු ආයතනයකට මුදල් ගෙවා තමන්ට අදාල වාහනය හෝ වාහන කිහිපය ලබා ගන්න ලෙසටයි. රියදුරු පුහුනූ ආයතනවල වාහන ඕනෑ තරම් වේරහැර දෙපාර්තමේන්තුව අසලින් ලබා ගන්නට පුළුවන්. ඔවුන්ගෙන් වාහනයක් ඔබ ලබා ගත්තා නම් එක්දුන රක්ෂනය ඔබ විසින් ලබා ගත යුතු වෙන්නේ නෑ. ඔවුන් ඒ සියල්ලක්ම සම්පූර්ණ කල වාහනයක් තමයි ඔබට ලබා දෙන්නේ. ඒ වගේම අවශ්‍ය මාර්ගෝපදේශනයත් ඔවුන් ලබා දෙනවා. ඒ නිසා රියදුරු පුහුණු ආයතනයකින් අදාල වාහනය ලබා ගැනීම තමා නුවණට හුරු ක්‍රියාව.
මේ විදියට රියදුරු පුහුණු ආයතනයට මුදල් ගෙවා වාහනය හෝ වාහන වෙන් කල පසු ඒ ආයතනය මගින් ඔබට වාහනේ විස්ථර අඩංගු පත්‍රිකාවක් ලබා දෙනවා.
ඔබට ප්‍රායෝගික පරීක්ෂනයට දින වෙන්කල අවස්ථාවේ ඔබට ප්‍රායෝගික පරීක්ෂනයේ පරීක්ෂක මහතා වෙත ලබා දීමට ලියකියවිල්ලක් ලබා දෙනවා. ගොඩාක් අය මේ පත්‍රිකාව කුමක්ද කියා හරි හැටි දන්නේ නෑ. මේ පත්‍රිකාවේ තමයි පරීක්ෂක මහතා ඔබගේ පරීක්ෂනයේ විස්ථර සටහන් කරන්නේ. මේ පත්‍රිකාවත් සමඟ ඔබ වාහනය වෙන්කල අවස්ථාවේ ලබා දුන් ලියවිල්ල එකට අමුනා ඔබ අතේ ලබා ගත යුතු වෙනවා.
මේ ලියවිලි දෙකත් සමඟ ඔබ යායුතුයි කාර්මික අංශය වෙත. කාර්මික අංශය කියලා එම ශාලාවට නම ලබා දීලා තිබුනාට එම ස්ථානයට තමයි පරීක්ෂක මහත්වරු පැමින ප්‍රායෝගික පරීක්ෂනය සඳහා ඔබගේ නම් කතා කරන්නේ.
එම ස්ථානයේ පසෙකින් තියෙනවා කවුන්ටර කිහිපයක්. එම කවුන්ටර වලින් එක් කවුන්ටරයකට ඔබට මාස කිහිපයකට පෙර බලා දුන් L පුවරු භාර දිය යුතුයි. L පුවරු භාර දීම සඳහා L පුවරු දෙකත් තමන්ට ලබා දුන් පුහුණු වේමේ බලපත්‍රයත් ඉදිරිපත් කල යුතුයි. L පුවරු ලබා දුන් පසු පුහුණු වීමේ බල පත්‍රයෙත් පරීක්ෂක මහතා වෙත ඉදිරිපත් කිරීමට ඇති මම මුලින් සඳහන් කල ලියවිල්ලේත් රබර් මුද්‍රාව ලබා ගත යුතුයි. ඒ වගේම තමන්ගේ ඇඟිලි සලකුනුත් ඒ ස්ථානයට ලබා දිය යුතුයි. ඇඟිලි සලකුණු ලබා දීම අනිවාර්යෙන්ම සිදුකිරීමට වග බලා ගන්න. ඇඟිලි සලකුණු ලැබුණු බවට තවත් රබර් මුද්‍රාවක් පරීක්ෂක මහතාට ඉදිරිපත් කිරීමට ඇති පත්‍රිකාවේ තබනවා.
ඒ සියල්ල සිදු කරගත් පසූ පරීක්ෂක් මහතා පැමින තමන්ගේ නම කතා කරන තුරු ශාලාවේ රැදී සිටිය යුතුයි. පරීක්ෂක මහතුන් කිහිප පොලක් එකම අවස්ථාවේ නම් කතා කරන නිසා හොඳ විමසිල්ලෙන් ඇහුම්කම් දීගෙන සිටීම වැදගත්.
තමන්ගේ නම කියවුනු පසු එම නම කියවූ පරීක්ෂක මහතා වෙත පෑනකුත්, තමන්ගේ ජාතික හැඳුනුම්පතත් රැගෙන යා යුතු වෙනවා. පරීක්ෂක මහතා ජාතික හැදූනුම්පත පරික්ෂාකිරීමෙන් අනතුරුව ඔබ විසින් අත්සන් තැබීම සිදි කලයුතුයි. ඉන්පසු ප්‍රායෝගික පරීක්ෂනය සිදුකරන ස්ථානයට ගොස් අදාල පරීක්ෂක මහතා පැමිනෙන තුරු බලා සිටිය යුතුයි.
මුලින්ම පරීක්ෂක මහතා මෝටර් සයිකල් අයදුම්කරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂනයි සිදු කරන්නේ. ( 8 ගැසීම) 8 ගැසීමෙන් සමත්වෙන යතුරුපැදු අයදුම්කරුවන් පමනක් වාහන හා ත්‍රීරෝද රථ පසුපසින් මහ මඟ ගමන් කල යුතුයි.
තමන් සාර්ථක ලෙස ප්‍රායෝගික පරීක්ෂනය අවසන් කලේ නම් පරීක්ෂක මහතාගෙන් ප්‍රතිඵල සටහල ලබා ගත යුතුයි. මේ සඳහා නැවතත් ඔබ මුලින් රැදී සිටි ශාලාව වෙත යා යුතුයි. පරික්ෂක මහතා සියලුම ප්‍රායෝගික පරීක්ෂන අවසන් කර පැමින පරිගනක මුද්‍රිත ප්‍රථිපල සටහනක් රබර් මුද්‍රාව සහිතව ලබා දෙනවා. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඔබ උදේ වරුවේ ප්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිටි අයෙක් නම් දහවල් 1-2 වගේ වෙනකොට ප්‍රථිපල සටහන ලබා ගත හැකියි. හවස් වරුවේ පෙනී සිටි අයෙක් නම් හවස 5 වගේ වෙනවා.
තව යමක් මතක් කල යුතුයි. මේ ප්‍රථිපල සටහන නිල වශයෙන් තාවකාලික රියපැදවීමේ බලපත්‍රයක් ලෙස භාවිතා කල නොහැකියි.