ෆේස්බුක් Save කරගන්න...

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ෆේස්බුක් Save කරගන්න...

    2mn0gv4.jpg



    ඔයගොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් Facebook එකේ ඉන්නවනෙ. Facebook එකේ ඔයාල Status දානව, photo දානව, ඒවාගේ යාලුවන්ව tag කොරනව, ඒවට comments දානව යාලුවන්ට messages යවනව වගේ ගොඩාක් දේවල් කරනවනෙ. මේ ඔක්කොම අවුරුදු ගානක් තිස්සෙ කරල, එක දවසක හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව ඔයාලගෙ ෆේස්බුක් account එක deactivate උනොත් ඔයාලට මොනව හිතෙයිද?? අවුරුදු ගානක් ෆේස්බුක් එකේ කරපු ඔක්කොම වැඩ එක මොහොතකින් අපතේ යනව නේද??

    මම මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලට කියල දෙන්නෙ ඔයාල මේක කරන මොහොත වෙනකන් ඔයාල ෆේස්බුක් එකේ කරපු සියලුම දේවල් ඔයාලගෙ Hard Disk එකේ save කරගන්න ව්දිහයි. මේක ෆේස්බුක් එකේම තියන option එකක්. නමුත් ගොඩක් දෙනෙක් මේක ගැන දන්නැහැ.



    1) මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් අකවුන්ට් එක ලොග් වෙලා Account Settings වලට යන්න.



    2uj5o4y.jpg



    2) එකට ගියහම යටින්ම වගේ තියනව Download Your Information කියල section එකක්. ඒකෙ Learn More කියන ලින්ක් එකට යන්න.


    302au6b.jpg


    3) ඒකට ගියහම ඔයාලට ෆේස්බුක් එකෙන් දෙන මේ Option එක ගැන විස්තර ලැබෙන පිටුවක් ඕපන් වෙයි. ඒ පිටුවෙ යටම තියන Download කියල තියන බොත්තම ක්ලික් කරන්න.



    dzgxuc.jpg



    4) ඒක ක්ලික් කරහම පොඩි Dialog Box එකක් එයි. ඒකෙත් Download කියන බොත්ත්ම ඔබන්න.



    2r6mn1y.jpg



    5) ඊට පස්සෙ Okay කරන්න.

    28b8guf.jpg



    දැන් ඔයාලගෙ ෆයිල් එක ෆේස්බුක් එකෙන් Process වෙනකන් ටික වෙලාවක් ඉන්න ඕනෙ. පැයක් විතර ගියා මටනම්. ඔයාලගෙ ෆයිල් එක Process උනහම ඔයාලගෙ E-mail එකට ඒ බව notify කර ඊමේල් එකක් ලැබෙයි. නැත්නම් මේ page එක refresh කර කර ඉන්න. මමත් මුල් සැරේ කරේ එහෙම.:P:P



    2wm43mv.jpg



    Process වෙලා ඉවර උනහම ඔය Pending කියල තියන තැන Download කියල වැටෙයි. ඒක ක්ලික් කරල ඔයාලගෙ ෆයිල් එක download කරගන්න. ඒක .rar ෆයිල් එකක්. ඒ .rar ෆයිල් එක extract කරහම ඔයාලට ඔයාල ෆේස්බුක් එකේ දාපු කමෙන්ට්ස්, ඔයාලගෙ wall එක වගේම ඔයාල upload කරපු photos, videos වගේ දේවලුත් බලන්න පුලුවන්. Extract කරපු එකේ Index.html කියන එකට ගියහම ඔයාලගෙ Profile එක සම්පූර්නයෙන්ම පෙන්වයි. :)


    359h9no.jpg


    ත්‍රෙඩ් එක හොඳනම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඒත් කමෙන්ට් කරන්න... :D :D




     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    aparade ban uba oka kalin kiwwanam mata godak watinawa. n way THNX machan :) :)

    :sorry: සොරි මචං... මමත් මේ අවුරුදු ගානක් පෙරුම් පුරල තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත්... අයිඩියා එක තිබ්බ ගොඩක් කල් ඉඳලා.... nywy තෑන්ක්ස් මචං...

    wow thnx machn ...
    +rep onna

    එල එල... තෑන්ක්ස්... :)