මේ Thread එකේ මුල බැලුවම පෙන්නේ එක්තරා හාමුදුරු කෙනෙක් ගැන
කියවුණු විනය විරෝදී දෙයක්.එත් මේක මේ හරිය වෙද්දී පෙරලිලා තියෙන්නේ
වෙන දෙකට.ඒකයි මන් මේ ලිපිය ලියන්නේ.
මුල් ප්‍රශ්නේ ගැන කිව්වොත් අපේ බුදුන්ගේ කාලේ උනත් ඔය වගේ ඒවා උනා.වෙන කතා වැඩක්
නෑ බුදුන්ටත් උනා, චිංචි මානවිකාව ආව බුදුන් ඉදිරියට.එත් අන්තිමේදී උනේ මොකක්ද?සත්‍ය ජය
ගත්ත.එත් බුදුන් දේශනා කලා පෘජක්ජන බික්ෂුවකට මින් මතු මෙවැනි සිදුවීමක් උනොත් එයට කල
යුතු පිළියම් ගැන.ඒ විස්තර විනය පිටකයේ නිකාය 100 විතර විස්තර කරලතියනවා.ඒ සදහන් තියෙන්නේ
බික්ෂුවකට තමා සිත කිලිටි නොකර ගෙන කරන්න ඕන දේවල් ගැන.සිතට පාපී සිතුවිලි ආවත් කොහොමද
නැවත සිත යහ මගට ගන්නේ කියල.මේ කරුණ අකැපයි, මේ කරුණ කපයි කියල විනය පිටකයේ
අකුරක් නැර විස්තර තියනවා.එවැන්නකට මුහුණ පෑවොත් කල යුත්තේ සුදුසු පරිදි සංගයා රැස් වෙලා
සාමුහික මතයකට එනවා එකී බික්ෂුව අතින් වූ වරදට.ඕකයි නියම බුද්ද දේශනාව .
එත් අද වෙන්නේ ඔය දේද ?නෑ නේද?අයි එහෙම වෙන්නේ?එහෙමවෙන්නේ දැන් sasane ඉන්නේ නියමබුද්ද
පුත්‍රයන් නෙවේ.නියම බුද්ද පුත්‍රයෙකුට පුළුවන් අට ලෝ දහමෙන් කම්පා නොවී ඉන්න විතරක්
නෙවේ, එවැනි බාදක හමුවේ තමන්ගේ එකම අරමුණ වන නිවන කර යන්නත්
පසුබට නොවී.එත් අද ඉන්නේ නිවන එකම සතුට කර ගත්ත අයද සාසනයේ?නැහැ නේද?
බුදුන් දේශනා කාලේ නියම බුද්ද පුත්‍රයෙකුට , අර වගේ චෝදනාවක් අවොත් එකට ක්‍රියා කරන
විදිහ ගැන, මිසක් වැරදි කරුවන්ට , දුශ්ශීල මහනුන්ට රැකෙන්න මගක් විදිහට බුදු දහම අස්සේ හැංගෙන්න නෙවේ.
එත් අද වෙන්නේ සිවුරක් ගෙන තම වැරදි වහ ගන්න උත්සහ කරන දුශ්ශීල මහනුන්.එවැන්නන් හට
බුබු දහමේ ඉඩක් නෑ .මතකද අශෝක අදිරජ්ජ්යා දුශ්ශීල මහනුන් සස්නෙන් පන්න දැම්ම.එවැන්නක් අවශ්‍යයි
අද අපේ රටත්. ඒක කරන්න හැදුවේ අද ඊයෙක නෙවේ.70 ගණන් වල අපේ රටේ නායකයෙක්
ඔය වැඩේ කරන්න අත ගැහුවා,එත් ඒ මනුස්සයට මොකද උනේ?චන්දෙන් පැරදුන.එයාගේ නම මම
කියන්නේ නෑ.මේක තේරුම් ගන්න බුද්දියක් තියන අය හොදටම එයාව දන්නවා. හේතුව තමා
අද රටේ දුශ්ශීල මහනුන් බලවන්ත වෙලා ඉවරයි.හිතනවද ආයේ පාර්ලිමේන්තු පනතක විදිහයට
හරි ඔය දේ කරන්න පුළුවන් වේවි කියල?බෑ.දැන් පාර්ලිමේන්තුව ඇතුලටම ඔය පිරිස ගිහින්
ඉවරයි.
ඉතින් දැන් චීවර දාරීන් කරන කරන දේ බුද්දාගම වෙන්නේ නෑ.එයාල දුශ්ශීල මහනුන් විතරයි.ගිහියෝ
වෙන ඔයාල කරන්න ඕන තේරුම් අරන් නියම බුද්ද පුත්‍රයන්ට පමණක් , ආචාර කර දර්මය
අනුගමනය කරන්න.මිත්‍යා දුෂ්ටික ඒවා පස්සේ යන චීවර දාරීන් පස්සේ යන්න එපා.
නියම බුදු දහම ගිහියෝ වෙන ඔයාල
අනුගමනය කරන්න.එකම ක්‍රමය ත්‍රිපිටකය කියවන්න. නිකන් ඔහේ කියවන්න.එකේ තියන පේත
වත්තු , විමන වත්තු වලින් වැඩේ පටන් ගන්න.මොකද ආස හිතෙන කතා තියෙන්නේ දිවය ලෝක
වල වෙන දේ, ප්‍රේත ලෝක වල වෙන දේ ගැන.ඊට පස්සේ ටික ටික යන්න මජ්ජිම නිකාය වගේ
කොටස් වලට.ඔයාලට තේරෙන්න පටන් ගන්න තැනක් ඒවි, මොකක්ද නිර්මල බුදු දහම කියන්නේ කියල.
ඒ වගේම මෙතෙක් කල් අහපු බන හා ත්‍රිපිටකය මොන තරම් වෙනස්ද කියල දැනේවි.
අනික තමා අර මෙත් බෝ සත් වන්දනාව ගැන යමක් කියන්නම්.සරලවම කිව්වොත්
ම්‍යත්‍රී බුදුන්ගේ සාසනයේ නිවන් දකින පෙරුම් කෙනෙක් සිටීද , ඔහුට කිසිදා ගව්තම බුද්ද
සාසනය තුලදී නිවන අවබෝද වෙන්නේ නෑ.එක ලෝක ස්වබාවය.ඒ වගේම පෙරුම් පිරීමක
තියන බල මහිමය.එක වෙන්නේ තරහකට නෙවේ.එක තමා හිතේ තණ්හාව.ඒ තණ්හාව ඇති උනොත්
එක ලැබෙනකම් ආයේ අපි සංසාරෙට වැටෙනවා.බුද්දියෙන් තේරුම් ගන්න හැමෝම, එක් බුදු
කෙනෙකුගේ නිර්මල බුදු දහම තවමත් (ත්‍රිපිටකයේ තියනවා.) අප අතර තියෙද්දී, මතු බුදු වනබුදු කෙනෙකුගේ
සාසනය වෙනුවෙන් බලා හිදීම නුවනට හුරුද?එත් මම එපා කියන්නේ නෑ.මොකද අපේ ගව්තම
බුදුනුත් බුද්දත්වයට පෙරුම් පුරන්න තීරණය ගත් දා සිට , ගව්තම නමින් බුදු වන තුරු වෙනත් බුදුන් පන් ලක්ෂ දොළොස්
දහසකට අසන්න ගණනක් සියැසින් දැක තියනවා.එත් එකම පාරකදී වත් නිවන අවබෝද නොවුනේ මමද
මතු දවසක බුදු වෙනවා කියන සිතුවිල්ල සිතේ තැන්පත් වෙලා තියන හින්ද?ඒක වෙනකම් නිවන්
අවබෝද වෙන්නේ නෑ.මම මේ කියන්නේ බොහොම සරලව.තේරුම යන විදිහට හැමෝටම.ඔයාලත්
හිතල තීරණය කරන්න.නැවත වරක් මේ බුදුන් පෙනී පෙනී මීලග බුදුන් වෙත යනවද
කියල.වරදක් කිසි සේත්ම නෑ.එත් ඒක බුද්දියෙන් හිතල ගන්න.
අනික තමා දුශ්ශීල චීවර දාරීන් හින්ද අපි අපේ මිස්ලිම් , දෙමල, ක්‍රිස්තියානි සහෝදර වරු
එක්ක රණ්ඩු වෙන්න එපා. ඒ යටත් මේවා තේරුම් කරලා දෙන්න ඇත්තටම දැන් සාසනේට උනේ ,
වෙන්නේ මොකක්ද කියල .ආගම කියන්නේ හිත නිවා ගන්න එකක් .
නිවා ගන්න තියන දේම ,උණු කර ගන්න එපා.හිතට සිසිලස නෙවේ, ගින්නෙන් දැවේවි...
සියලු ආගම් ලොව පවතීවා...
කැමති තැනින් සිත් නිවා ගනිත්වා...