තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.

වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි.

එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය......
 
  • Like
Reactions: akilar25 and maxxaa

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඉන් දින කිහිපයකට පසුව සුපුරුදු අයුරින් වත්සලා හා කථාබහ කළ නිමල් හමුවීමට ස්ථානයක්ද යෝජනා කළේය කිසිවක් නොදත් ඇය වෙනදා මෙන්ම නිමල් කෙරෙහි විශ්වාසයෙන් එයට කැමැත්ත පල කළේය ඒ දිනය උදාවිය තම මිතුරාගේ ත්‍රී වීලරයෙන් ගමන යෑම සඳහා පිටත් විය.(ගිය ස්ථානය දැනගැනීමට නොහැකි විය) එසේ යමි ස්ථානයකට ගොස් දෙදෙනාම තනිවී පෙම් බස් මුමුණන්නට විය එහෙත් ටික වෙලාවකින් නිමල්ගේ සැබෑ ස්වරූපය මතුවන්නට විය නිමල්ගේ අතින් වත්සලාගේ ජීවිතය ඒ මොහොතේ විනාශවී ගියේය...එතනින් නොනැවතුණ නිමල් තම මිතුරාටද අවස්ථාව ලබා දුන්නේ මාරා වෙශයෙණි හිත් පිත් නැති මිතුරා තම අශාවද රිසිසේ ඉටු කරගත්තේ වත්සලාගේ විලාපය මැදය..කෙසේ නමුත් නිමල්ට ඇති වූ අනුකම්පාව නිසා ඇය නොමරා නැවතත් වීරවිල හංදිය අසලට ගෙනවිත් දමා මිතුරාද කැඩුව වේගයෙන් තිස්ස බලා ධාවනය කළේය..දැඩි ලෙස අසරණව සිටි වත්සලාට දරාගත නොහැකි සිදුවීම හමුවේ තම ජීවිතය පවා එපා වුයේය ඇය මේ පාපතර ලෝකය හැර යන්නට හිතා ගත්තේ ශණිකවය ඈතින් වේගයෙන් ආ බස්රථය පැන්නේ නිමල් සහ ඔහුගේ මිතුරාගෙන් පළිගන්නා බව සිතමින් විය යුතුය..වත්සලාගේ සෙල්ලක්කාර ජීවිතය එතනින් නිමා වුණි....

වත්සලාගේ අවසන් කටයුතු ඉටු කිරීමෙන් දින කිහිපයකට පසුව ‍තිස්සමහාරාම අලුත්ගොඩපාරේ දී නැවතත් වත්සලා උපත ලැබුවේ අවතාරයක් ලෙසිණි...රාත්‍රී කාලයේ එම පාරෙන් ගමන් ගන්නා ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුම වත්සලාගේ ගන්ධබ්බ රුව දැකඇත පිස්සියක සේ කෙස් රොද හේලාගෙන පාවී එන මේ රුව දුටු කිහිප දෙනෙකුම අලුත්ගොඩ පාරේ ඇති බව කිව යුතුය..

දිනක් ගොම්මන් යාමයක ගැබිණි මවක් අලුත්ගොඩපාරෙන් තනිවම පැමිණ ඇත එකවරම වත්සලාගේ අර්ධ රුව ඒ මව වෙත කඩාපැන ඇත එතැන් පටන් එම ගැබැණි මව පිස්සියක සේ විකාරයෙන් යම් යම් දේ පවසන බව ද නිතරම ත්‍රීරෝද රථ ගැන පවසන බවද ගම්මුන් කියති නිමල්ටද එම මිතුරාටද එදින සිට මේ දක්වා හරියට නින්දක් නොමැත රෑ කාලයේදී තමන්ට නොයෙකුත් අද්භුත ශබ්ද ඇසෙන බව හිතවතකු සමග පවසා ඔහු සහ එම මිතුරා දැනට ප්‍රදේශය හැරගොස් ඇති බවද ආරංචිවෙයි කෙසේ නමුත් මෙහි සත්‍යතාව සොයාබැලීමට පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙහි පැමිණ ඇති නමුත් ඒ කිසිම කෙනෙක්ට මෙතෙක් හෝඩුවාවක් හෝ දැනී නොමැත නමුත් අහම්බෙන් ඒ පාරෙන් රෑ බොවී ගමන් කරණ ඔනෑම කෙනෙක්ට යම් යම් අද්භූත තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නොරහසකි.

මේකත් මගේ යාලුවෙක් Word doc1 විදියට දුන්න කතාවක්.. එයා අන්තර්ජාලයෙන් හොයා ගත්ත එකක් කිවා.
සියලු පැසසුම්, තොරතුරු සොයා බලා මෙය ලියු පුද්ගලයට හිමි විය යුතුයි..

මෙහෙම එකක් හොයල දැම්ම එක වටිනවානම් මට රෙප් දෙන්න..

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තිස්සමහාරාමේ පැත්තේ කට්ටිය මේ කතාව දන්නවද? මේක ඇත්තද?
 
chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    තිස්සමහාරාමේ පැත්තේ කට්ටිය මේ කතාව දන්නවද? මේක ඇත්තද?
    JUST BULLSHITS.....
    හොල්මන් කියන්නේ බොරු විකාර. අර කොවුර්ගේ පොතක් කියවපන්. එතකොට මොලය පෑදෙනවා. මම රෑ 12ට සොහොන් මැදින් තනියම ගිහිල්ලා තියෙනවා. ඒත් දැකලා නෑ. බය නැතිව හිත එඩිතර කරගෙන ඉඳපන් . රෑට පලයන් උවමනා වැඩ වලට බොරු බය නැතිව. හොල්මන් නෑ බං.බය නැතිව වරෙන් තිස්සට. අපි ඉන්නවා ඕන දේකට.:lol::lol::lol:
     
    • Like
    Reactions: lahirufx+

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    JUST BULLSHITS.....
    හොල්මන් කියන්නේ බොරු විකාර. අර කොවුර්ගේ පොතක් කියවපන්. එතකොට මොලය පෑදෙනවා. මම රෑ 12ට සොහොන් මැදින් තනියම ගිහිල්ලා තියෙනවා. ඒත් දැකලා නෑ. බය නැතිව හිත එඩිතර කරගෙන ඉඳපන් . රෑට පලයන් උවමනා වැඩ වලට බොරු බය නැතිව. හොල්මන් නෑ බං.බය නැතිව වරෙන් තිස්සට. අපි ඉන්නවා ඕන දේකට.:lol::lol::lol:

    මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..
     
    • Like
    Reactions: lahirufx+

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..

    :yes::yes::yes::yes:

    ela ela..thanks 4 da infor machan..........math thama dakala na ban....habai dakinna balaporottuwen thama inne
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මමත් මුලින්ම හිතන් හිටියෙ ඔහොම... නමුත්... අවතාරකියල දෙයක් මෙලෝකෙ තියනව කියන එක මට උන යම්යම් සිදි නිසා මට පිලිගන්න සිද උනා... සමහර දේවල් මම ඈස් දෙකෙන් දෑක්කා.... සමහර දේවල්මම අත්වින්දා... තවත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව මම බලන් හිටියා....

    අදාල සිද්දි මම ලියන්න යන්නෙ නෑ... මොකද සමහර සිද්දි කිසිම කෙනෙක් පිලිගන්නෙ නෑ.....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මමත් මුලින්ම හිතන් හිටියෙ ඔහොම... නමුත්... අවතාරකියල දෙයක් මෙලෝකෙ තියනව කියන එක මට උන යම්යම් සිදි නිසා මට පිලිගන්න සිද උනා... සමහර දේවල් මම ඈස් දෙකෙන් දෑක්කා.... සමහර දේවල්මම අත්වින්දා... තවත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව මම බලන් හිටියා....

    අදාල සිද්දි මම ලියන්න යන්නෙ නෑ... මොකද සමහර සිද්දි කිසිම කෙනෙක් පිලිගන්නෙ නෑ.....

    ඉතින් කියපන්කො අපිටත් දැනගන්න..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..

    ekanam aththa.holaman kiyana eka hetiyath nathath me wage katha kiyawanna hugak aya asai :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මමත් මුලින්ම හිතන් හිටියෙ ඔහොම... නමුත්... අවතාරකියල දෙයක් මෙලෝකෙ තියනව කියන එක මට උන යම්යම් සිදි නිසා මට පිලිගන්න සිද උනා... සමහර දේවල් මම ඈස් දෙකෙන් දෑක්කා.... සමහර දේවල්මම අත්වින්දා... තවත් සමහරදේවල් මගෙ සමීපතයන්ට වෙනව මම බලන් හිටියා....

    අදාල සිද්දි මම ලියන්න යන්නෙ නෑ... මොකද සමහර සිද්දි කිසිම කෙනෙක් පිලිගන්නෙ නෑ.....
    මචන් කියපන්කෝ බන්...
    හිතේ තියාගේන ඉන්නේ නෑතුව...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිත හයිය නම් හොල්මන් නම් මොනවද බං..:lol:.. ඒත් කොවුර් කියන්නේ නම් අන්තවාදියෙක්..:frown:. දැඩ් භෞතිකවාදියෙක්:growl: මමත් ඔහුගේ දර්ශනයේ සමහර දේවල් අගය කරන කෙනෙක්....:yes: ඒත් හැම දෙයක්ම නෙවෙයි .එතුමා බෞද්ධ ආගමේ භාවනාව ගැන කියල තියෙන දේවල් දන්නවද ..:nerd:?දන්නෙ නැත්නම් කියවලා බලන්න.:baffled:.
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මාත් කොවුර්ගේ මා කල ගවේෂණ, දෙවියෝ සහ බුතයෝ, හේතුවාදී සංදේශය, ලක්බිම පත්තරේ ගිය ලිපි ඔක්කොම කියවල තියනවා.. මාත් ඔයේ කිසි එකෙක්ට බය නෑ.. එකයි ඊයේ රෑ 10.15 ට විතර මේ ත්‍රෙඩ් 1 දැම්මේ... අපේ ගෙදරට මීටර් 200 කට එහා තියෙන්නේ කනත්ත අපි කොයි වෙලේ ගෙදර ආවත් ඕක පහු කරලා එන්න ඕන.. මං මහ රෑ, ගල් පාන්දර ඔතනින් ගිහින් තියනවා.. මාත් කිසි දෙයක් දැකලත් නෑ, මං ඕවට බයත් නෑ.. එත් මචන් මේවා කියවනකොට පොඩි ත්‍රිල් එකක් තියනවා.. කොහොම උනත් මං මේවා කියවන්න ආසයි.. මං වගේ තව කට්ටිය ඇති කියල හිතල තමයි මං මේක දැම්මේ..

    මචන් කොවුර්ගේ පොත් හරි,ලිපි හරි බලන්න පුලුවන් තැනක් දන්නවද?කොහොමද බන් මුලු නම english වලින් ලියන්නේ..:oo:
    ගුගල් සර්ච් කරන්නවත් නම හරියට දන්නේ නෑනේ.:dull:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Dr Abraham T. Kovoor

    The Rationalist of
    Indian Subcontinent

    kovoor4.jpg

    Dr Abraham. T. Kovoor was free thinker, rationalist and psychiatrist, from Kerala, South India who later spent his life in Sri Lanka. He was the president of the Rationalist Association of Sri Lanka where he and Dr Carlo Fonseka held regular meetings at Thurston College, Colombo. He came to the conclusion that there was absolutely no objective truth behind such claims and beliefs in all types of alleged psychic, para-psychological and spiritual phenomena based on his intensive scientific researches for over half a century.
    He was one of the first and the only scientist among psychical researchers in the world at that time to be awarded a doctorate for his research by the Minnesota Institute of Philosophy of U.S. for his thesis on psychic and para-psychic phenomena.

    I was told by a teacher in Sri Lanka how Dr Kovoor used to distribute the so-called "Holy Ash" in the same manner some self-appointed Hindu gurus do. "Sathya Sai Baba" one of those Gurus from Karnataka, India , whose performance of "Holy Ash" distribution among his followers was considered to be very miraculous. His assertion was that all those who claim to possess psychic, para-psychic and spiritual powers were either hoaxers or mentally deranged persons suffering from cryptesthesia. He said, " nobody has and nobody ever had supernatural powers. They exist only in the pages of scriptures and sensation-mongering newspapers. "

    Dr. Kovoor's main aim was to enlighten people and teach them to go by reason and scientific verification. He was born at Tiruvalla in Kerala, (South India) on 10th April, 1898 in a Christian family. His father was Rev. Kovoor Eipe Thomma Katthanar, the Vicar General of the Mar Thomma Syrian Church of Malabar. He completed his basic education at the Syrian Christian Seminary in Kerala and and received his higher education along with younger brother Dr Behanan Kovoor (who was at Yale University and United Nations), at the Bengabasi College, Calcutta, where he specialised in Botany and Zoology. He was the only scientist in Asia took part in an expedition to the Indian Ocean along with other scientists at the invitation by the " Ernst Haeckel Ecology Center" of U.S.A

    Dr Kovoor was very much attached to the rational teaching of Buddha because Buddha was a great social and religious reformer of India, rebelled against Hindu dogmatism and taught a more rational and tolerant philosophy than any others. He disregarded his Christian faith and tradition as he couldn't accept the Bible as the word of an omniscient god. As he gradually matured he became a free thinker and adopted rationalism as his philosophy. He passed away on September 18, 1978 in Colombo, Sri Lanka at the age 80
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන් කොවුර්ගේ පොත් හරි,ලිපි හරි බලන්න පුලුවන් තැනක් දන්නවද?කොහොමද බන් මුලු නම english වලින් ලියන්නේ..:oo:
    ගුගල් සර්ච් කරන්නවත් නම හරියට දන්නේ නෑනේ.:dull:

    මං කොවුර් ගැන පොඩි නෝට් එකක් දැම්ම.. මේ ලිනක්ස් වලටත් ගිහින් බලපන්

    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor's_challenge