ලොව සුපතල විද්වතුන් මෙලෙස පවසා ඇත
අපගේ සිතුම් රටාව බොහෝ විට හැඩගැසි ඇත්තේ දෙමව්පියන්ගෙන්, පරිසරයෙන් හා පාරම්පරිකව උරුමවු අදහස් හා සිරිත් විරිත් කිසිම විමසිමකින් තොරව පරම සත්‍යයන් ලෙස පිළිගැනීමටය.මේ හේතුවෙන් මේ සිතුම් රටාවෙන් පරිබාහිර වූ අදහස් ද එම අදහස් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන්ද නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට අපි හුරුවී ඇත්තෙමු. මෙම සම්ප්‍රදායික සිතිවිලි රටාවෙන් මිදී මධ්‍යස්ථ හා නිදහස් චින්තකයින්ගේ මග අනුගමනය කරමින් මනුෂ්‍ය වර්ගයාට අන්ධකාරයේ අගාධයෙන් ගොඩ ඒමට ආලෝකයක් ලෙස ක්‍රියාකළ ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගැන විමසුමක යෙදෙන්නට අප හා එක්වන ලෙස ඔබට කාරුණිකව ආරාධනය කරන්නෙමු.
නමුත් ගතවූ ශත වර්ෂ කිහිපය තුළ මෙම කාරුණික ශ්‍රේෂ්ඨ මිනිසාට එරෙහිව ඇතැමුන් විසින් නොයෙක් මාදිලියේ දෝෂාරෝපණයන් එල්ල කරන ලදි. නවීන විද්‍යාත්මක යුගය ආරම්භ වූ පසු බටහිර ලෝකයාට පටු චින්තනයන් හා එදිරිවාදකම් පසෙකලා නිදහස් චින්තනයෙන් සන්නද්ධ වී සත්‍යය කුමක්ද යන්න පමණක් දැන ගන්නා පිපාසය ඇතිවූ නිසා ඔවුන් මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ චරිතය දෙස නව කෝණයකින් බලන්නට පටන්ගත්හ. එමගින් සත්‍ය කරුණු බොහොමයක් ඔවුන් වටහා ගන්නටද වූහ.මෙයට ශත වර්ෂ 14 කට පෙර අරාබි කාන්තාරයේ අනාථයෙකු ලෙස උපත ලැබ කිසිම සම්මත අධ්‍යාපනයකින් තොරව මුලු මහත් මනුෂ්‍ය වර්ගයාටම ආලෝකයක් දන්වමින් අන්ධකාරයෙන් ගොඩ එන්නට මග එළි පෙහෙළි කළ මේ ශ්‍රේෂ්ඨ මිනිසා අන් කිසිවෙක් නොව, සත්‍යය වූ එකම දෙවියන් වහන්සේගේ අවසාන වක්තෘත්වය ලැබූ මුහම්මද් නබි තුමාණන්ය. මෙම උත්තරීතර මිනිසා ගැන මුස්ලිම් නොවන විද්වතුත් පළ කළ අවංක අදහස් කිහිපයක් මෙම ලිපියට එක්කොට ඉදිරිපත් කර ඇත්තෙමු.ඔවුන්ගෙන් මතු වූ තම හෘද සාක්ෂියේ හඬ ඔබ සැමට ඉදිරිපත් කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිළිබඳ යථාර්තය පැහැදිලි කිරීම සඳහාය.
වයස සතළිහ තෙක් මුහම්මද් නබි නායකතුමා රාජාන්ත්‍රිකයෙකු ලෙස හෝ දේශණා කරන්නෙකු ලෙස හෝ කථිකයෙකු ලෙස හෝ ප්‍රචලිත වී සිටියේ නැත. එතෙක් එතුමන් නෛතික හෝ දේශපාලනය ගැන හෝ ආර්ථිකය, සමාජ පැවැත්ම ගැන, යහගුණාංග ගැන හෝ කථා කරනු කිසිවෙකු දැක නොමැත.නමුත් එතුමා සතුව ඉතා උසස් ගතිගුණ මාලාවක් තිබුණු බවට කිසිදු තර්කයක් නැත. නමුත් මෙම ගතිපැවැතුම් මුහම්මද් තුමාගෙන් අතිවිශේෂ යමක් නුදුරු අනාගතයේ නිකුත් වෙතැයි යන ඉගියක් ආරම්භයේදී නිකුත් වූයේද නැත.
තරුණ වියේහිදීම සත්‍යවන්තයා, විශ්වාසවන්තයා යනාදි ආරුඩ නම්වලින් සියල්ලන් විසින් ආදරයෙන් අමතනු ලැබූ මුහම්මද්තුමා, මැදිවියට පත්වන්නට වූ පසු නුදුරු ගල් ගුහාවකට ගොස් නිතර හුදෙකලා වන්නට විය. වයස අවුරුදු සතලිහක් වූ විට එතුමන්ට දූත මෙහෙය දෙවිදුන් විසින් නියම කරන්නට යෙදී, එම හුදෙකලා ගල් ලෙනෙහි දෘශ්‍යමානවූ ජිබ්රීල් නම් අග්‍ර දෙව දූතයා මගින් ශුද්ධවූ අල්-කුර්ආන් ග්‍රන්ථයේ වැකි කිහිපයක් අනාවරණය කරන්නට යෙදිණි. මෙලෙස ඇරඹුනු දිව්‍යමය අනාවරණයන්, පුරා වසර 23 ක් පැවතියේය. මෙම අනාවරණයන් එහි අංශු මාත්‍ර වෙනසකට හෝ බදුන් නොවී අදත් පහළ වූ එම බසින්ම සංරක්ෂනය කරනු ලැබ තිබේ.
මෙම අනාවරණයන් පහළ වනතාත් සමඟම මුහම්මද් තුමා කෙරෙහි මහත් විප්‍යීසයන් ඇති වන්නට පටන් ගත්තේය. සත්‍යවන්තයා යන විරුදාවලියෙන් එතුමා පිදූ අරාබීන් මොහු මුසාවාදියෙකැයි එක රැයින්ම චෝදනා නගන්නට වූහ.
පුරා සතලිස් වසරක් සැවොම විසින් පසසනු ලැබූ යහදිවියක් ගත කළ නිහතමානී පුද්ගලයෙකුට සැනින් වංක පුද්ගලයෙකු බවට පත්වී තමා, දෙවිදුන්ගේ අවසාන දූතයා යයි අති විශාල මූසාවක් කීව හැකිද?එයින් සිය නිජබිමේ ඇති වන්නට වූ කලබල හා මැසිවිලි ඉවසා සිටිය හැකිද?
එයින් කිසිදු ලෞකික සැපතක්ද එතුමා අපේක්ෂා නොකර සිටි තත්ත්වයක් මත මෙසේ එතුමා තමන් වෙත දරා ගත නොහැකි දුෂ්කරතාවයන් ඇති කර ගත්තේ ඇයිද? යන සාධාරණ ප්‍රශ්ණය කාහටත් ඇති වනු නියතය. එතුමාගේ නව ධර්මයේ ප්‍රචාරය අත් හරින්නේ නම් මුහම්මද් තම රජු සේ පත් කරගන්නා බවටද, සියළු ලෞකික සම්පත් එතුමාගේ දෙපා මුල තබනා බවටද එතුමාගේ යුගයේ නායකයින් ඇවිටිලි කළ තත්ත්වයද මෙහිදී අප අමතක නොකළ යුතුය. නමුත් එතුමා සියල්ල ප්‍රතික්ෂේප කරමින් තෝරා ගත්තේ ඉතා දරුණු අරගලයක් හා කටුක දිවියකි.
ඒ මන්ද?
එතුමාව විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කරමින් පෙළ ගැසුනු නගරයේ ප්‍රබලයන් හා ධනවතුන් හමුවේ තනි පුද්ගලයෙකු වශයෙන් මුහම්මද් තුමා නොසැලී මහමෙරක් මෙන් නැගී සිටි විලසින්ම ඉස්ලාම් ධර්මය ලෝක අවසාන දක්වා මිනිස් වර්ගයා නිසි මග යොමුකරන්නට පහළ වූ එකම සත්‍ය මග ලෙස සර්වබලධාරී දෙවිදුන් තෝරා ගත් බව නොපෙනේද? එපමණක් නොව මුහම්මද් තුමා පවතින ක්‍රිස්තියානි හා යුදෙව් ආගම්වගට පටහැනි ලබ්ධියක් ගෙන එම අරමුණු කොට සිටියේ නම් එතුමන් ජේසුස් හා මෝසස් පිළිනොගන්නෙකු (ඔවුන්ගේ යැයි පවසන්නාවූ අද පවතින ලබිධින් වන යුදෙව් සහ කිතිණු ලබිධින් නොවේ) සත්‍ය මුස්ලිමෙකු විය නොහැකිය යන කොන්දේසිය ඉස්ලාමය වැළඳ ගන්නට කැමති වූවත් ඉදිරියේ තබයිද?
වසර සතලිහක් දක්වා ඉතා චාම් දිවියක් ගත කළ, කියවන්නට හෝ ලියන්නට නුගත් මෙම සන්සුන් පුද්ගලයා, එකම රැයක් මුළු අරාබිකරයම සලිත කරවන හා එතුමන්ද ඉමහත් කම්කටොළුවලට ලක්වන කාර්යයක් තමා මත පටවා ගැනීමෙන් කුමන ලෞකික දියුණුවක් අපේක්ෂා කළේද?
කිසිවක් නොමැත
එපමණක් ද නොවේ. කිසිදු ලේඛණ හැකියාවක් තිබූ බවට ප්‍රසිද්ධියක් නොදරා සිටි මෙම තැන්පත් මිනිසා ගෙන ආ විශ්මය ජනක වාක්‍යයන් දහස් ගණන් හා සමාන කළ හැකි, තබා එයට ගව් ගණනකින්වත් සමීප විය හැකි එකම එක වැකියක් සම්පාදනය කිරීමට අපොහසත්ව කිවිඳුන්ගෙන් පිරී මුළු මහත් අරාබි ලෝකයම මුව අයා ගෙන සිටි ආශ්චර්යට කෙසේ අප කරුණු දක්වමුද? එපමණක්ද? ලෝකය විද්‍යාවේ හීනිපෙත්තට පැමිණ ඇති මෙම මෑත යුගයේ නානාප්‍රකාර උපකරණ මෙවලම් හා තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් සොයාගෙන උදම් අනිතා විද්‍යාත්මක සත්‍යයන් බොහොමයක් එකලම ඉදිරිපත් කළ මුහම්මද් තුමා, එහි හිමිකම් හෝ සාඩම්බරය තමන් සතු යයි කිසිවිටෙක කියා නොගත්තේය.
අවසාන වශයෙන් මුහම්මද් තුමා ස්ථීරව සිටි එතුමන්ගේ ඉස්ලාමීය ප්‍රතිපත්තිය ජයග්‍රාහී වූ පසුවද එතුමා එමගින් හෝ ලෞකික සම්පත්වල ආශ්වාදය ලබන්නට වෑයම් නොකර, සිරිත් පරිදි දුෂ්කර දිවියක්ම තමන්ට ප්‍රමාණවත් කර ගත්තේ ඇයි දැයි අසනු කැමැත්තෙමු. එම ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සිය මරණ මංචකයේ ප්‍රකාශ කළ වාක්‍යයන් ගැන හෝ මඳක් සිතන්න.
දෙවිදුන්ගේ පණිවිඩකරුවන් වන අප කිසිදු වස්තුවකට උරුමක්කාරයන් නොවෙමු. අප තබා යන දෙය දන්දීම සඳහා පමණි.
ලොවට දෙවිදුන් විසින් විටින් විට නොයෙක් දේශයන්ට හා මිනිස් වර්ගයාට එවනු ලැබූ නබිවරුන් හෙවත් සත්‍ය දූතයන‍්ගේ දීර්ඝ දම්වැලේ අවසාන පුරුක වන මුහම්මද් තුමන් පිළිබඳ ලොව විසූ මුස්ලිම් නොවන ලෝප්‍රකට විද්වතුන් කළ ප්‍රකාශයන් කිහිපයකට අප දැන් යොමුවෙමු.

මොකටද නේද ඔව්ව ඔච්චර

thx MACHAN COMMENT EKATA ELA