ෆොන්සේකා හිටියත් නැතත් යුද්ධය දිනනවා
වන්නි යුද ගැටුම් අවසානයේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමන් කිසිදු අවස්ථාවක නියෝග ලබා නොදුන් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද(25)කොළඹ මහාධිකරණය හමුවේ සුදු කොඩි නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ.
මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරාදමන ලෙස තමා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට ලබාදුන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය.
රජයට බාරවන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් භාර අරගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමන් සෑම විටෙම ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබාදුන් බවද හෙතෙම පවසා තිබේ.
යුද්ධය නිමාවීමෙන් පසු දයා මාස්ටර්,ජෝර්ජ් මාස්ටර් ඇතුළු 11,968 දෙනෙකු රජයට භාර වූ බවත්,එයින් 5600 ක පිරිසක් පුනරුත්ථාපනය කර ඇතැයිද ,තමිල් සෙල්වම්,සුසෙයි,ප්‍රභාකරන් වැනි ප්‍රබල එල්.ටී.ටී.ඊ නායකයින් ගේ ඥාතින්ද රජයට බාරවූ බවත් ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කළේය.
යුද්ධය නිමා කිරීමට හැකි වූයේ තමා ඇතුළු රජය ඊට නිසි නායකත්වය සැපයූ නිසා බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ කියා සිටියේය.
ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයේ සිටියද නැතද තමන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ බව හෙතෙම අවධාරණය කළේය.
විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක ෆොන්සේකා මහතා අගය කිරිමකට ලක් කරනු ලැබුවේ නැති බවයි.
එහෙත් විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා හරස් ප්‍රශ්නයක් මතුකරමින් 2009 වසරේ ජූනි මස"බිස්නස් ටුඩේ"පළ කර ඇති සම්මුඛ සාකච්ඡාවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාගේ දක්ෂතා අගය කර ඇති බව සිහිපත් කළේය.
ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා එහිදී අගය කරනු ලැබුවේ යුද හමුදාපතිවරයා මිස පුද්ගලයෙකු පිළිබඳ නොවන බව සඳහන් කර තිබේ.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ සේවය කළ තිස් වසරක කාලය තුළ විවිධ තනතුරු දැරූවද යුද්ධය නිමා කිරීමට නොහැකි වූ බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.