පාතාලය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ප්‍රතිකාර සඳහා රැගෙන ගිය මත්කුඩු ජාවාරම්කරු නිශාන්ත මෝදර පොලිසියට රැගෙන ආවේය. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස්‌ භාරයේ සිටින බව ඔහුගේ ඥතීන්ට දැනුම්දීමට පොලිසිය කටයුතු කළේය.

    පොලිසියට පහරදී ආයුධ පැහැර ගෙන යැම ඉතාම බරපතල සිදුවීමක්‌ විය. වහාම ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා කොළඹ අපරාධ කොට්‌ඨාසයට උපදෙස්‌ දුන්නේය.

    අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට ඇතුළු නිලධාරීහු මට්‌ටක්‌කුලිය පොලිසිය වෙත පැමිණ සිය පරීක්‍ෂණ ආරම්භ කළහ.

    සිද්ධිය වී හෝරාවක්‌ ගතවීමට පෙර මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීහු සමත්වූහ.

    සර් අපි සේරම කියන්නම් අපිට කරදර කරන්න එපා. පොලිසියට ගහලා ආයුධ අරන් ගිය අයත් අපි දැක්‌කා ඒ අය අපි පෙන්වන්නම්.

    අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර සිටි තිදෙනකු අනෙක්‌ සැකකරුවන් පොලිසියට සොයාදීමට ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූහ.

    එදින රාත්‍රිය පහන්වන විට මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් 36 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්‌ඨාසය සමත් විය. තොරතුරු ලබාදීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සැකකරුවන් මාර්ගයෙන් පැහැරගත් පිස්‌තෝල තුනද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

    ඒ පිස්‌තෝල නිවාස තුනක වළ දමා තිබියදී සොයාගත් අතර ඒවා රැගෙන ගිය සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.

    එහෙත් චූටි උක්‌කුවා ගල්සම්පත් සහ කළුමහත්තයා පොලිස්‌ ඇසින් බේරී පැන ගත්හ. එකම යුද පිටියක්‌ බවට පත්ව තිබූ සමිට්‌පුර ප්‍රදේශය පසුදා පහන් වන විට මුළුමනින්ම පාලනය කිරීමට යුදහමුදාව සහ පොලිසිය සමත් වූහ.

    ඒ වන විට සමිට්‌පුර ප්‍රදේශයේ නිවාස වෙළෙඳසල් සහ වාහන රැසකට ප්‍රහාර එල්ල කර ඒවාට බරපතල හානි කිරීමට කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ කටයුතු කර තිබිණි. මේ සිදුවීමට සම්බන්ධ නොවූ අහිංසක පුද්ගලයන්ගේ නිවාස රැසක්‌ම මෙසේ ප්‍රහාරයන්ට ලක්‌වී තිබිණි. දුක්‌මහන්සියෙන් උපයාගත් දේපල විනාශ වී තිබීම නිසා ඔවුහු දැඩි කම්පාවට පත්ව සිටියහ.

    පසුදා උදෑසන (4 වැනිදා ඉරිදා) මුළු මෝදර ප්‍රදේශයම ආවරණය වන පරිදි දැවැන්ත මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ පොලිසිය සහ යුද හමුදාව ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන තුන්සියයකට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගත්හ.

    පාසල් දරුවන්, ගැබිනි මවුවරුන්, වයෝවෘද්ධ පුද්ගලයන් කාන්තාවන් ඇතුළු විශාල පිරිසක්‌ මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වූහ.

    මොවුන් අතුරින් ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් තෝරා ගැනීම පොලිසියට විශාල ප්‍රහේලිකාවක්‌ විය. සැකකරුවන් සොයා ගැනීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනාගේ සහාය ඒ සඳහා ලබා ගැනීමට පොලිසිය තීරණය කළහ.

    සර්... පොලිසියට ගහන්න ආව අය පෙන්වන්න පුළුවන්. හැබැයි පස්‌සෙ උන් අපිව මරලාදායි. ඒ නිසා අපි මුහුණු වහගෙන ඇවිත් මිනිස්‌සුන්ව පෙන්වන්නම්.

    අත්අඩංගුවේ සිටි පුද්ගලයන් තිදෙනා පොලිසියට කීහ. පසුව තුන්සීයකට අධික සැකකරුවන් පිරිස මෝදර ප්‍රදේශයේ ක්‍රීඩංගනයක්‌ වෙත බස්‌ රථ වලින් රැගෙන යැමට පොලිසිය කටයුතු කළේය.

    සැකකරුවන් සොයා දීමට ඉදිරිපත්වූ පුද්ගලයන්ගේ මුහුණු වසා දමා ඔවුහුද එම ස්‌ථානයට රැගෙන ගියහ. මේ ක්‍රියාවලිය බොහෝ දෙනෙකුට මෙරට එක්‌තරා අතීතයක්‌ ආවර්ජනය කරන්නක්‌ විය.

    එදා 88/89 භීෂණ සමයේ මුහුණු වසාගෙන ආ ගෝනිබිල්ලන් ඡේ. වී. පී. කාරයන් සොයා ගැනීමට පොලිසියට සහයෝගය දුන්නේ මේ ආකාරයට බව බොහෝ දෙනෙකුගේ සිත්වලට නැඟෙන්නට වූහ.

    ගෝනිබිල්ලන් තිදෙනාගේ සහායෙන් සැකකරුවන් 176 දෙනකු හඳුනාගැනීමට පොලිසිය සමත් වූහ. ප්‍රහාරයට සම්බන්ධ නොවූවන් ඒ මොහොතේම මුදාහැරීමට පොලිසිය කටයුතු කළේය.

    මට්‌ටක්‌කුලිය පොලිසිය විනාශ කර දැමීමේ මෙහෙයුමට නායකත්වය දුන් චූටි උක්‌කුවා ඇතුළු කීපදෙනකු කොළඹ නගරයද අතහැර ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

    මත්කුඩු ජාවාරම්කාරයන් පාතාල සාමාජිකයන් කොළඹ පොලිස්‌ ස්‌ථානයකට පහරදී එහි බලය අත්පත් කරගෙන අවි ආයුධ පැහැරගෙන යැම ඉතාම බරපතල සිදුවීමකි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුවේ නමට බලවත් කැළලකි.

    මට්‌ටක්‌කුලිය පොලිසියේද යම් යම් දුර්වලතා නිසා මෙවැනි බරපතල තත්ත්වයක්‌ ඇති වූ බව නොරහසකි. කොටි ත්‍රස්‌තවාදී තර්ජන පැවැති කාලසීමාවේදී පොලිසිය ප්‍රජා පොලිස්‌ සේවාව හරහා සාමාන්‍ය ජනතාව සමග විශාල සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. පොලිසිය මහජනතාවත් අතර සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගෙන තිබුණේ නම් මෙවැනි තත්ත්වයක්‌ ඇති නොවීමට ඉඩ තිබිණි.

    තතුදත් ආරංචි මාර්ග පවසන අන්දමට මට්‌ටක්‌කුලිය පොලිසිය තම බල ප්‍රදේශයේ ජනතාව සමග එතරම් හොඳ සම්බන්ධතාවක්‌ ගොඩගෙන තිබුණේ නැත. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී යම් යම් අඩුපාඩු සිදුවූ බවද දැනගන්නට ඇත.

    මේ හේතූන් නිසා මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ ජනතාව වැඩි පිරිසක්‌ පොලිසිය සමග සිටියේ වෛරයකිනි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ශාන් පට්ටයි මචන්...
    එත් කවුද මෙවා ලියන්නෙ !!!!!!
    කොහොම උනත් ගුඩ් පොස්ට් මචන්...
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කමල් ගම්වලආරච්චි නොහොත් "දෙමටගොඩ කමල්" උපන්නේ දෙමටගොඩ වේලුවන පාරේ පිහිටි නිවසේදීය. ඒ මීට වසර හතළිහකට පමණ උඩදීය. කමල්ගේ වැඩිහිටියන්ට එතරම් වත් පොහොසත්කම් තිබුණේ නැත. දෙමටගොඩ වේලුවන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කමල් අපොස සාමාන්‍ය පෙළ දක්‌වා ඉගෙන ගත්තේය.

    1986 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ කමල් සම්මාන තුනක්‌ සමග සාමාර්ථ පහක්‌ ලබාගෙන විභාගයෙන් සමත් වූයේය. ආර්ථික ප්‍රශ්න හමුවේ කමල්ගේ අධ්‍යාපන කටයුතු එතැනින් හමාර විය. කුඩා කල සිටම කමල් දඩබ්බර චරිතයක්‌ වූයේය. හොඳින් හෝ නරකින් මුදල් ඉපයීම ඔහුගේ එකම අරමුණ විය. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියූ කමල් මුදල් ලැබෙන කෙටි මාර්ග ගැන සෙව්වේය. එහෙත් කොළඹ ගෙන්දගම් පොළොවේ හරියට පය ගහගෙන සිටීම ලෙහෙසි පහසු කාර්යක්‌ නොවීය. අන්තිමේදී බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පොත් බඳින්නකු ලෙස මුල්ම රැකියාව තෝරා ගැනීමට ඔහුට සිදුවිය.

    "මොනව හරි දෙයක්‌ හරියට කරපං නැත්නම් උඹ අමාරුවෙ වැටෙනව. ලැබිච්ච දේ හිතට එකඟව කරපං... කමල්ගේ පියා නිතරම ඔහුට කීවේය. එහෙත් ඒ රැකියාවට කමල් එතරම් ප්‍රිය කළේ නැත. වැඩිකල් නොගොස්‌ ඒ රැකියාවට නැවතීමේ තිත තැබූ කමල් රට රැකියා ඒජන්සියක සුළු රැකියාවක්‌ සොයා ගත්තේය. වසර හතරකට ආසන්න කාලයක්‌ පුංචි පුංචි රැකියවල නිරත වුවද කමල් ඉන් සෑහීමකට පත් වුණේ නැත.

    "මේව කරල හරියන්නෙ නැහැ. එකපාර අතට ලොකු ගානක්‌ එන වැඩක්‌ කරන්න ඕනෙ." කමල් නිතරම මේ ගැන සිතුවේය.

    "ඩේලි කලෙක්‌ෂන්" (සුළු ව්‍යාපාරිකයන්ට දෛනිකව මුදල් දී ඒ වෙනුවෙන් දෛනික පොලියක්‌ ගැනීම) ක්‍රමයට මුදල් දීම ආරම්භ කළ කමල් වැඩිකල් නොගොස්‌ යම් තරමක මුදලක්‌ උපයා ගත්තේය. ලොකු මුදලක්‌ උපයන කෙටි මාර්ග සෙවීමට වැඩි උනන්දුවක්‌ දැක්‌වූ කමල් මත්ද්‍රව්‍ය ජාවාරමට අතගැසුවේය.

    කිඹුලා ඇලේ ගුණාගෙන් ලබාගත් මත් කුඩු දෙමටගොඩ ප්‍රදේශය පුරා බෙදාහැරියේ කමල්ය. මත් කුඩු ජාවාරම විශාල ධනස්‌කන්ධයක්‌ එකවර ලැබෙන ව්‍යාපාරයක්‌ වූ නිසා කමල් අනෙකුත් සියලු ව්‍යාපාර අතහැර දැමුවේය.

    දෙමටගොඩ කුඩු කමල් ලෙස ඔහු ප්‍රචලිත වන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කාලවකවානුව වන විට "කළු අජිත්" පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු බවට පත්ව සිටියේය.

    පාතාල ලෝකයේ ගෝර්ඩ් ෆාදර් වූ නාවල නිහාල්ට පවා නොනැමුණ කළු අජිත් ඇසුරට කමල් බෙහෙවින් ප්‍රිය කළේය. දෙමටගොඩ කමල් අපරාධකරුවකු වීමට අත් පොත් තැබුවේ කළු අජිත්ගේ ආභාෂය ලැබෙන්නට පටන්ගත් පසුවය.

    සෝනියා මැලේ ජාතික සුරූපී තරුණියක වූවාය. මත් කුඩු ජාවාරම් වල නිරත වීමෙන් පසු කමල් අත විශාල ධනස්‌කන්ධයක්‌ සැරිසරන්නට විය. අත දිගහැර වියදම් කළ කමල් කාන්තාවන් ඇසුරට ද විශාල වශයෙන් මුදල් යටකළේය. සෝනියා කමල්ට මුණගැසෙන්නේ මේ කාලසීමාවේදීය. කමල් සෝනියා විවාහ කරගන්නේ යහපත් පවුල් ජීවිතයක්‌ ගත කිරීමට සිහින මැවූ නිසාය.

    කළු අජිත්ගෙන් ලැබුණු ගුරුහරුකම් නිසා කමල් මිනිමැරීමට පවා ඉදිරිපත් වූයේය. කමල්ගේ මුල්ම මිනීමැරුම වූයේ බොරැල්ල ප්‍රදේශයේ කොහු මෝල් හිමියකු මරා දැමීමය. කොන්ත්‍රාත්තුවක්‌ මත සිදුවූ මේ මිනිස්‌ ඝාතනයත් සමගම දෙමටගොඩ කමල්ගේ නම කොළඹ පාතාලය පුරා කුප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේය. කමල්ගේ වත්කම් දිනෙන් දින ඉහළ යන්නට විය. කුලී මිනීමැරුම් මත්කුඩු ජාවාරම්වලට අමතරව වාහන සහ ඉඩම් අලෙවියට ද අතගැසූ කමල් වැඩි කල් නොගොස්‌ කෝටිපතියකු බවට පත්වූයේය.බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම වාහන බලෙන් ලබාගැනීම ඇතුළු තවත් ව්‍යාපාරවලින් ලැබූ ධනස්‌කන්ධය යොදවා දෙමටගොඩ වේලුවන පාරේ සුවිසල් නිවසක්‌ ඉදිකළ කමල් එහි සිය නීත්‍යනුකූල බිරිඳ වූ සෝනියා පදිංචි කළේය. ඒ වන විට කමල් තවත් අනියම් කාන්තාවක්‌ ඇසුරු කිරීමට පටන් ගත්තේ එක්‌ කාන්තාවකගෙන් සෑහීමට පත්වන ගතියක්‌ නොතිබූ නිසාය. ඒ අනියම් ඇසුරට නීත්‍යනුකූල බිරිඳගේද කැමැත්ත ලැබී තිබිණි. අවසානයේදී දෙමටගොඩ ඥනවිමල පාරේ තවත් නිවසක්‌ ඉදිකරදී එහි සිය අනියම් බිරිඳ නතර කිරීමට ඔහු වගබලා ගත්තේය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නීත්‍යනුකූල බිරිඳත් අනියම් බිරිඳත් අතර ගැටුම් තිබුණේ නැත. එසේ වූයේ නම් තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ඔවුන් හො¹කාරව දැන සිටියා විය යුතුය. කළු අජිත්ගේ ඇසුර ලබමින් පාතාල ලෝකය ආක්‍රමණය කළ දෙමටගොඩ කමල් ඔහුටම කීකරු වූ ගෝලබාලයන් කීපදෙනකු රඳවා ගැනීමට උත්සුක වූවේය. රත්ගම විදුර කමල්ගේ සමීපතම සගයා වූවේය. විවිධ අපරාධ සඳහා යන සෑම අවස්‌ථාවකදීම කමල් සිය සමීපතමයා වූ විදුර කැටුව යැමට අමතක කළේ නැත. විදුරගේ සහාය ඇතිව දකුණු පළාත ආක්‍රමණය කිරීමට දෙමටගොඩ කමල් සැලසුම් කළේය. සිය මත්කුඩු ජාවාරම දකුණු පළාතට ව්‍යාප්ත කිරීමට කටයුතු කළ කමල් ඒ සඳහා විදුරගේ උදව් උපකාර ලබා ගත්තේය. "උඹ මේ වැඩ ටික කරලා දීපං. මම උඹට හොඳට ගෙවන්නම්." කමල් සිය සගයා වූ විදුරට කීවේය. අන්තිමේදී කමල් දකුණු පළාතෙන් ලැබූ කුඩු ආදායම යොදවා හික්‌කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක්‌ ඉදිකිරීමට කටයුතු කළේය. ඉන් නොනැවතුණු ඔහු පානදුර ප්‍රදේශයේ තවත් සංචාරක නිකේතනයක්‌ ගොඩනැඟුවේය. හික්‌කඩුව, අලුත්ගම, ගාල්ල රත්ගම ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට තර්ජනය කර රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් කමල් ඒවා යොදවා සිය ව්‍යාපාර දියුණු කළේය. කමල්ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ සගයන් වූයේ ඉන්දික සහ චමින්දය. කොළඹ සිට දෙවුන්දර තුඩුව දක්‌වා විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරීමේ කටයුතු භාර කෙරුණේ මොවුන් දෙදෙනාටය. පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවකු වුවද රහසිගත ජීවිතයක්‌ ගත කිරීමට දෙමටගොඩ කමල් ප්‍රිය කළේය. බොහෝ අවස්‌ථාවලදී විවිධ අපරාධ සඳහා විදුර යෙදවීමටද කමල් කටයුතු කළේය. පෞද්ගලික ආරවුලක්‌ මත දෙමටගොඩ ප්‍රභාත් නමැත්තා වෙඩි තබා ඝාතනය කළ කමල් ඔහුගේ සොහොයුරා සහ මස්‌සිනා ද ස්‌ථාන දෙකකදී වෙඩි තබා මරා දැමුවේය. කමල්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ විය. එය ලීසිං සමාගමක්‌ මාර්ගයෙන් ගෙවීමේ ක්‍රමයට ගත් එකකි. මාස කීපයක්‌ තිස්‌සේ ලීසිං මුදල් නොගෙවීම නිසා අදාළ සමාගම මේ වාහනය රැගෙන ඒමට කණ්‌ඩායමක්‌ වෙත භාර දුන්නේය. වාහනය රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිස දෙමටගොඩ ප්‍රදේශයට ආවේ මේ වාහනයේ හිමිකරු කමල් බව නොදැනය. වාහනය රැගෙන යැමට පැමිණි පිරිස කමල් සමග ආරවුලක පැටළුණහ. අන්තිමේදී කමල් වාහනය රැගෙන යැමට පැමිණි පිරිසේ සිටි එක්‌ අයකුට වෙඩි තබා මරා දැමුවේ කිසිම සිත් පිත් නැති ආකාරයකටය. වාහනය රැගෙන යැම එතැනින් අවසන් විය. ලීසිං සමාගම ඊට පසු කිසිම දිනක කමල්ගේ වාහනය පිළිබඳ සෙවීමට හෝ පැමිණියේ නැත. චිදුරගේ පියා රත්ගමදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක්‌ විසින්ය. ඒ කල්ලියේ ප්‍රධානියා වූයේ ගාල්ලේ ටී. නිහාල්ය. තම සමීපතම සගයා වූ විදුරගේ පියා අමු අමුවේ මරා දැමීම ගැන කමල් සිටියේ දැඩි වෛරයකින්ය. ඔහු ගෝලබාලයන් කීපදෙනකු යොදවා ටී. නිහාල් පරලොව යෑවීමට කටයුතු කළේය. ගාල්ල නගර සභාවේ හිටපු සභාපති දුශාන්ත සෙනෙවිරත්න වෙඩි තබා ඝාතනය කිරීම සිදු කළේ ද කමල්ය. ඒ ඝාතනය සඳහා ද කමල්ට කොන්ත්‍රාත්තුවක්‌ ලැබී තිබිණි. මේ ආකාරයට මිනිස්‌ ඝාතන එකින් එක සිදුවෙද්දී දෙමටගොඩ කුඩු කමල්ගේ නම කොළඹ පමණක්‌ නොව අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පාතාල කල්ලි අතර පවා ප්‍රසිද්ධ වන්නට වූයේය. විවිධ අපරාධ කොන්ත්‍රාත් ඔහු වෙත ගලා එන්නට පටන් ගත්තේය. මැතිවරණ කාල සීමාවන්වලදී රජයේ එක්‌තරා දේශපාලනඥයන් දෙදෙනකුගේ අතකොලුවක්‌ බවට පත්වූ කමල් ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙසුනේය. දේශපාලනඥයන් සමග සමීප ඇසුරක්‌ පවත්වා තම රැකවරණය තහවුරු කරගැනීම දෙමටගොඩ කමල්ගේ එකම අරමුණ විය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සඹරගමුව පළාත් සභාවට තරග කළ එක්‌තරා දේශපාලනඥයකු ජයග්‍රහණය කිරීමට කමල් දැඩි ලෙස කැපවී කටයුතු කළේය. "අපි සර්ව කොහොම හරි දිනවනවා. ඊට පස්‌සෙ සර් අපි ගැන බලාගන්න ඕනෙ."
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    කමල් සිය සමීපතම දේශපාලනඥයාට කීවේය. එය ඒ අයුරින්ම සිදුවිය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙමටගොඩ කමල්ට උදව් උපකාර කිරීමට දේශපාලනඥයා අමතක කළේ නැත. ඒ කාලසීමාව වන විට පාතාල අපරාධකරුවන්ට නරක කලදසාවක්‌ උදාවී තිබිණි. නම ගිය අපරාධකරුවන් රැසක්‌ම පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත් වෙද්දී දෙමටගොඩ කමල් ද පොලිසියේ ඉලක්‌කයක්‌ බවට පත්ව සිටියේය. සර් මෙහෙම ගියොත් මාවත් මරල දානවා. මාව ටික කාලෙකට ආණ්‌ඩුවෙ බෝඩිමට යවන්න." කමල් සිය හිතවතාට කීවේය. තමන්ට තර්ජනයක්‌ එල්ල වන අවස්‌ථාවලදී බන්ධනාගාර ගතව ආරක්‍ෂාව ලබාගැනීම පාතාල අපරාධකරුවන්ගේ සාමාන්‍ය සිරිතකි. බන්ධනාගාරයේදී ඔවුන්ට විශාල රැකවරණයක්‌ ලැබෙන අතර එහි සිට තමන්ට රිසිසේ අපරාධ වල නිරත වීමට ද ඔවුන්ට හැකියාව තිබිණි. කෑගල්ලේ දේශපාලනඥයා ගේ උදව් උපකාර ඇතිව දෙමටගොඩ කමල් බන්ධනාගාරයට ගියේය. මිනීමැරුම් චෝදනාවක්‌ සම්බන්ධයෙන් ස්‌වෙච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වී ඔහු බන්ධනාගාරයට ගියේ තම ආරක්‍ෂාව ගැන සිතාය.

    මාස කීපයක්‌ බන්ධනාගාරයේ ගත කළ කමල් මීට මාසයකට පමණ උඩදී නැවතත් දෙමටගොඩ ආවේය. ඔහුගේ ව්‍යාපාර සුපුරුදු ආකාරයෙන් කෙරීගෙන යයි. ඊට කිසිවකුගෙන් හෝ බලපෑමක්‌ තිබුණේ නැත. එහෙත් පාතාලයට එරෙහි පොලිස්‌ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වීම කමල්ගේ සිතට මහා වදයක්‌ විය.

    කොයි මොහොතක හෝ තමන්ද පොලිස්‌ අත්අඩංගුවට පත්වෙතැයි කමල්ට සිතුණු වාර අනන්තය. ඔහු සිය ආරක්‍ෂාව පිළිබඳ දැඩි සේ විමසිලිමත් වූවේය. හංවැල්ල කුරුන්දෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් හංවැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති රේණුක ගමගේ මහතාට තොරතුරක්‌ ලැබී තිබිණි. ඉන් කියෑවුණේ හංවැල්ලේ සුවිසල් නිවසක වහලයේ සීලිම තුළ ස්‌වංක්‍රීය ගිනි අවි තොගයක්‌ සඟවා තිබෙන බවයි. මේ තරුණයා කුලී වැඩ කරන පුද්ගලයෙකි. මේ නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යය තරුණයා වෙත පවරනු ලැබුවේ නිවස බලාකියා ගන්නා කාන්තාව විසින්ය. තරුණයා නිවසේ වහලය ශුද්ධ පවිත්‍ර කරද්දී එහි සීලිමේ සඟවා තිබූ ආයුධ දැක දැඩි ලෙස කලබලයට පත්වූවේය. ඔහු හෙමින් සීරුවේ මේ තොරතුර පොලිසියට ලබා දුන්නේ මහා අනතුරක සේයාවක්‌ සිතට දැනුණු නිසාය. රේණුක ගමගේ මහතා මේ පිළිබඳ නුගේගොඩ පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත දැනුම් දුන්නේය. "සර් මේ ගෙයි අයිතිකාරයා දෙමටගොඩ කමල්. හැබැයි මිනිහා මෙතනට යනවා එනවා අඩුයි." හංවැල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක්‌ බව තෙන්නකෝන් මහතා තේරුම් ගත්තේය.

    නුගේගොඩ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන නිශාන්ත සොයිසා සහ කපිල කඩුපිටිය මහත්වරුන් කැඳවූ පොලිස්‌ අධිකාරි තෙන්නකෝන් මහතා කෙසේ හෝ දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට උපදෙස්‌ දුන්නේය. හංවැල්ල කුරුන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස විශාල තාප්පයකින් වටවී තිබිණි. නිවස පිහිනුම් තටාක ඇතුළු සියලු නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ විය. නිවස බලාකියාගත් මහලු යුවළ සිටියේ මේ නිවස පිහිටි භූමියේ කොනක පිහිටි කුඩා නිවසකය. මහලු යුවළට පවා මේ සුවිසල් නිවසට ඇතුළු වීමට ඉඩකඩ ලැබුණේ නැත.

    නවීන පන්නයේ සුඛෝපභෝගී ජීප් රථ නිතර නිතර මේ නිවසට යන එන බවත් ඒවායේ ගමන් ගන්නේ කවුරුන් දැයි තමන් නොදන්නා බවත් ප්‍රදේශවාසීහු පොලිසියට කියා සිටියහ.

    දෙමටගොඩ කමල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සකස්‌ වන්නට විය. හංවැල්ල පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ හංවැල්ලේ පිහිටි කමල්ගේ නිවස වටකරගෙන සිටියේ කොයි මොහොතක හෝ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

    පොලිස්‌ නිලධාරීහු සියලු දෙනා සිවිල් ඇඳුමින් සැරසී සිටීමට හැම විටම වගබලා ගත්හ. මේ අතර කමල්ට ඔත්තුකරුවකුගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබිණි.

    කමල් අයියා හංවැල්ලෙ ගෙදරට හොරු පැනලා. වාහනේකුත් වත්තට ඇතුළු කරලා තියනවා." ඔත්තුකරුවාගෙන් තොරතුර ලැබුණු වහාම කමල් සිය බිරින්දෑවරුන් දෙදෙනාද රැගෙන හංවැල්ල බලා ඉගිල ගියේය. කමල් බොහෝවිට ගමන් බිමන් ගියේ තම නීත්‍යනුකූල බිරිඳ සහ අනියම් බිරිඳ ද රැගෙනය. කමල් රැගත් ජීප් රථය හංවැල්ලේ නිවසට ඇතුළු කරද්දී එහි රැකසිටි පොලිස්‌ නිලධාරීහු ක්‍රියාත්මක වූහ. දෙමටගොඩ කමල් මෙතරම් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැත.

    එහෙත් කමල් පොලිස්‌ නිලධාරීන්ගේ උගුලට හසුවූවේය. තම නිවසේ රැඳී සිටින්නේ පොලිස්‌ නිලධාරීන් බව දැනගත් කමල් අන්දුන් කුන්දුන් වූවේය. පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී යැමට කිසිදු ඉඩක්‌ නොවීය. ඔහු අත තිබූ ස්‌වයංක්‍රීය පිස්‌තෝලයද පොලිස්‌ භාරයට ගැනිණි. වසර පහළොවකට ආසන්න කාලයක්‌ තිස්‌සේ තම අපරාධ චාරිකාවේ කළ කී දේ වමාරන්නට ඔහුට සිදු විය. ඒ වන විට දෙමටගොඩ කමල් සිදුකළ මිනීමැරුම් දහයකට ආසන්න ප්‍රමාණයක තොරතුරු හෙළිවී තිබිණි. තවත් හෙළි නොවූ මිනීමැරුම් ගණන කොතෙක්‌ දැයි කිසිවකුත් දැන සිටියේ නැත.

    මහාපරිමාණ මත් කුඩු ජාවාරම කොළඹ සිට දෙවුන්දරතුඩුව දක්‌වා විහිදවූ ආකාරය ඔහු පොලිසියට හෙළි කළේය. තමන්ට අයත් සංචාරක හෝටල් සුපිරි නිවාස යාන වාහන සහ අනෙකුත් දේපළ පිළිබඳ සියලු තොරතුරු පොලිසියට ලබාදීමට ඔහු වගබලා ගත්තේය.

    හංවැල්ලේ පිහිටි සුවිසල් නිවස අසල පාලු ඉඩමක තවත් අවි ආයුධ කීපයක්‌ සඟවා තිබෙන බවට කමල් ලබාදුන් තොරතුරු මත එය සොයා බැලීමට පොලිස්‌ කණ්‌ඩායමක්‌ පිටත්ව ගියහ. ඒ ගමනට දෙමටගොඩ කමල් ද රැගෙන ආවේය. සඟවා තිබූ අත් බෝම්බයක්‌ පොලිසිය වෙත දමා ගසන්නට උත්සාහ කරද්දී පොලිසිය කළ වෙඩි තැබීමෙන් දෙමටගොඩ කමල් අවසන් ගමන් ගියේය. මෑත කාලයේදී පාතාල අපරාධකරුවන්ට අත්වන ඉරණම කමල්ටද අත්විය. පාතාල අපරාධකරුවන්ට අද ආයුෂ නැත. එය නීතිය අගයන සාමකාමී ජනතාවට මහා අස්‌වැසිල්ලකි. දැනට ඉතිරිවී සිටින පාතාල අපරාධකරුවන් ද මර්දනය කළ යුතුය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාතාල ලෝකය මර්දනය කිරීමට ගෙන යන මේ ක්‍රියාමාර්ගය පැසසිය යුතුය.