පාතාලය

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එයද හෙළිදරව් වී තිබුණේ කැමිලස්‌ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී තමා මෙවර නාගදීපය ඔස්‌සේ ඉන්දියාවට ගොස්‌ මත්කුඩු තොගය හා හෂීස්‌ ගෙන ආ බවට ඔහු කළ ප්‍රකාශයකට නුවය.

    මේ අනුව ඓතිහාසික නාගදීපය අද මෙරට මත්කුඩු ජාවාරමුන්ගේ තිප්පොළක්‌ වෙමින් තිබෙන බව අදාළ බලධාරින්ගේ අවධානය සඳහා මෙහිදී සටහන් නොකළහොත් එය බරපතල අඩුපාඩුවකි.

    මෙලෙස නව වසරකට පසු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු මත්කුඩු තොගයක්‌ හා හෂීස්‌ කිලෝ දහතුනක්‌ද සමගින් පොලිස්‌ අත්අඩංගුවට පත්වූ කැමිලස්‌ ඇතුළු පිරිස අවසානයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

    එහිදී අධිකරණ නියෝග මත මත්කුඩු ජාවාරමෙන් සුපිරි කෝටිපතියකු ලෙස දිවි ගෙවූ කැමිලස්‌ට යළි පෙර වැරදිද සමගින් රිමාන්ඩ්භාරයට පත්ව වැලිකඩ මහඋළු ගෙදර සිරබත්වල රස බලන්නට සිදුවූයේ වරදට සමාවක්‌ කිසිදා නොලැබෙන බව හොඳහැටි කයා දෙමිනි.

     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩො අනුරන්ග ශාන් උබ සී.අයි.ඩ් එකෙන් උස්සාවිද දන්නෑ !!!!
    කොහොම උනාත් හොද පොස්ට් එකක්...
    එල එල.... !!!!!!! රෙප් +++:yes::yes:
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    එහිදී දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාකිස්‌ථාන් ජාතිකයන් කිහිපදෙනකු හා තවත් පාතාල කෙරුමන් දෙදෙනකු වන මහරගම කලු ඉෂාර හා ගල්කිස්‌සේ වෙළේ ගුණා පිළිබඳ සටහන් නොවුවහොත් එය අඩුපාඩුවකි.

    දෙමටගොඩ දාවිත්ගේ ගල්කිස්‌ස ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මෙහෙයවන්නා ද වන වෙළේ ගුණා මේ වන විට මෙරට සුප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක සියයට හැටක්‌ පමණ කොටස්‌ හිමි කෝටිපතියකු බවද කියති. කාලයක සිට ගල්කිස්‌ස පාතාල රාජධානියේ ඔටුන්න හිමිව ඇත්තේ ද මේ ගුණාටය.

    මහරගම කලු ඉෂාර යනු මහරගම ප්‍රදේශය රාජධානිය කරගෙන දිගු කලෙක සිට මහරගම හා අවට ප්‍රදේශයට මත්කුඩු බෙදා හරින ප්‍රබල පාතාල මැරයෙකි.

    මිනිස්‌ ඝාතනයක සැකකරුවකු ලෙස ඔහු දැනට බන්ධනාගාරගතව සිටින අතර මත්කුඩු තොගයක්‌ සමග පොලිසියට කොටු වීම නිසා වෙළේ ගුණා සිරබත් කමින් සිටී.

    මෙරට හෙරොයින් ජාවාරමේ හිනිපෙත්තේ සිටින දෙමටගොඩ දාවිත්, වෙළේ ගුණා ඇතුළු කල්ලිය රටේ අනාගත පරපුරට කුඩු පොවා දිනකට උපයන සුද්ද ආදායම රුපියල් ලක්‍ෂ 20 ඉක්‌මවා තිබෙන බවද කියති.

    බන්ධනාගාරගත පාතාල කෙරුමන් මත්කුඩු ජාවාරමින් අද රට වනසමින් සිටින්නේ එසේය. එහෙත් වර්තමානයේ අප උපන් මේ පින් බිම තුළ සැළසුම් සහගතව ක්‍රියාත්මක ජාලගත හෙරොයින් ජාවාරම දෙස බැලුවහොත් සිදුවෙමින් තිබෙන්නේ ඊටත් එහා ගිය ඇති දැවැන්ත ව්‍යසනයකි.

    ඒ බන්ධනාගාරයෙන් පිටතදී ද රට පුරා විහිද යන අයුරින් තවත් පාතාල කෙරුමන් රැසක්‌ මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමේ යෙදී සිටින බැවිනි.

    දෙමටගොඩ අමල්, මාතර ඛාන්, එමිල්, ගාල්ලේ විදුර, බොරැල්ලෙ ඛන්නා, තොටළඟ නවුසර් සහ ජින්නා, ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ විනීතා, ජාඇල ක්‍රිෂාන්ත, කිරුළපනේ සිරිල් හා රම්‍යා, පොල්හේන්ගොඩ අමිත්, මෝදර ප්‍රීති ජූන්ට, බත්තරමුල්ලේ සීමන්, ධර්මසිරි හා කලා මිගාර, මීගමුවේ රොම්ලස්‌ හා බිබිලි පාරිස්‌, කැලණියේ වර්ෂා, නිශාන්ත නුවර කුඩු ෆරීඩා, කොටහේන රොලෙක්‌ස්‌, සොබා, කොළඹ අලුත්කඩේ ඡේසන් යනු එකී පාතාල කෙරුමන් සහ කෙරුම්කාරියන්ගෙන් කිහිපදෙනෙකි.

    එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වූ සමයේ මෙරටට මත්කුඩු ගෙනෙන ප්‍රධානම කේන්ද්‍රස්‌ථානය බවට මන්නාරම ප්‍රදේශය පත්ව තිබිණි. එහිදී අංක එකේ හෙරොයින් ප්‍රවාහනය කරන්නන් ලෙස එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි ත්‍රස්‌තයන් පෙරමුණ ගෙන සිටි අතර ඉන්දියාව හා පාකිස්‌තානයේ සිට විශාල වශයෙන් මෙරටට මත්කුඩු රැගෙන ඒම නොකඩවා සිදු කෙරිණි.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් එලෙස මේ බිම ත්‍රස්‌තවාදයෙන් පමණක්‌ නොව මත්කුඩුවලින් ද විනාශය වෙත රැගෙන යද්දී. එකල ත්‍රස්‌තයන් ගෙන එන මත්කුඩු රට පුරා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුවට උරදී සිටියේ දකුණේ ක්‍රියාත්මක වූ පාතාල කෙරුමන්ය.

    මෙම කාර්යයේදී ඒ සමයේ දකුණේ ක්‍රියාත්මකව සිටි ද්‍රවිඩ, මුස්‌ලිම් හා සිංහල ආදී වශයෙන් වූ පාතාලයේ රජ කළ සෑම කණ්‌ඩායමක්‌ම එල්. ටී. ටී. ඊ. හා බද්ධ වී සිටියහ. ඒ දිනවල ආරක්‍ෂක බුද්ධි අංශ මගිssන්ද දකුණේ පාතාල කණ්‌ඩායම්හි මෙම කෙරුවාව පැහැදිලිව අනාවරණය කරගෙන තිබිණි. මෙහිදී හෙරොයින් කුට්‌ටියට පෙම් බැඳි දකුණේ පාතාල කෙරුමන් එල්. ටී. ටී. ඊ. යට දකුණේ ත්‍රස්‌තවාදය වැපිරීම සඳහා විවිධ අයුරින් වරදාන ලබා දුන් බවටද බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණි.

    ඇතැම් අවස්‌ථාවල දකුණට පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් පවා සිය ඉලක්‌ක සපුරා ගන්නා තුරු දකුණේ පාතාලයන්ගේ සෙවනේ සැඟව සිටි අවස්‌ථා ද විය.

    මේ බිම අමු සොහොනක්‌ කළා වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ ඉතිහාසයට උරුමව තිබුණේ දශක තුනක කාලයකි. ඒ කාලය පුරා මේ රට වැනසූ ත්‍රස්‌තවාදය දැන් අවසන්ය. එහෙත් ඒ ත්‍රස්‌තවාදය හා බද්ධව සිටි මෙරට පාතාලය මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාවාරම මේ වන විටත් එහි දෙවන දශකයේ අවසානයට ළඟාවෙමින් සිටිති.

    එසේ වුවද මෙහි විනාශයට අප දශක තුනක්‌ බලා සිටිය යුතුද? තැන. එසේ වුවහොත් රටට සිදුවන ව්‍යසනය සුළුපටු නොවනු ඇත.

    එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ යථාර්ථය මැනවින් හඳුනාගෙන ආරක්‍ෂක අංශයන්හි ඊළඟ මෙහෙයුම් පාතාලය දෙසට යොමු කිරීම පිළිබඳ අද මෙරට සාමාන්‍ය ජනතාව තුළ ඇත්තේ සුවිශාල ප්‍රසාදයකි. මෙහිදී කටපුරා ජනාධිපතිවරයාට පින්සිදු විය යුතු යෑයි කියන්නෝ ද බොහෝ සිටිති. මේ ලිපියට කරුණු සොයා ගැනීමට කළ කතා බහවලදී එය මා බොහෝවිට අත්දුටුවෙමි.

    වන්නි මානුෂීය මෙහෙයුමත් සමග සිදුවූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ අවසානය හමුවේ මන්නාරම ප්‍රදේශයට කේන්ද්‍රගතව තිබූ මෙරටට මත්කුඩු රැගෙන ඒමේ ජාවාරමට එල්ල වූqයේ මරු ප්‍රහාරයකි.

    එහෙත් මෙහිදී එල්. ටී. ටී. ඊ. ය විනාශ වුවද එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය හා බද්ධව ක්‍රියාත්මක වූ දකුණේ පාතාලය තවදුරටත් විරාජමානව තිබිණි.

    ඒ අනුව එල්. ටී. ටී. ඊ. ය සමග මිතුරුව සිටියදී ඇති කරගත් සබඳතා මත මත්කුඩු ජාවාරමේ ජාත්‍යන්තර ඒජන්තයන් හා ගනුදෙනු කරන තත්ත්වය දක්‌වා දකුණේ සිටි ඇතැම් පාතාල ප්‍රබලයන්ගේ ක්‍රියාකාරකම් විහිද ගොස්‌ තිබිණි. මේ වන විට එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් සමග පැවැත්වූ සබඳතා නිසාම ආරක්‍ෂක අංශවලින් බේරීම සඳහා දකුණේ රජ කළ තවත් පාතාලයන් කිහිපදෙනකු සිටියේ රට හැර ගොස්‌ විදේශගතවය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ තෙල් බාලා හා මෝදර කිඹුළඇලේ ගුණා යනු ඒ අතරිනුත් අංක එකේ සිටි පාතාල කෙරුමන් දෙදෙනෙකි.

    දකුණේ සිටි ඇතැම් පාතාල ප්‍රබලයන් ඉහත අයුරින් ජාත්‍යන්තර ජාවාරමුන් හා ගනුදෙනු කරන මට්‌ටමට පත්වෙද්දී රටින් පැනගොස්‌ සිටි තෙල්බාලා හා ගුණා වැන්නවුන් කළේ ඉන්දියාවට කේන්ද්‍රගත වී බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට මත්කුඩු පොම්ප කිරීමය.

    මන්නාරම කේන්ද්‍රයට බාධා එල්ල වීමත් සමග එසේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගෙන සිටි දකුණේ පාතාල කෙරුමන් කළේ එතෙක්‌ සුළු වශයෙන් රට තුළට මත්කුඩු ගෙන එමින් තිබූq දකුණේ ධීවර වරායන් වෙත ඇස යොමු කිරීමය.

    එහිදී උඩප්පුව, හලාවත, මීගමුව යන ප්‍රදේශවලට ලැබුණේ ප්‍රමුඛ ස්‌ථානයකි. එහෙත් එයද ප්‍රමාණවත් නොවූ තැන එකී මත්කුඩු ජාවාරමුන්ගේ නෙත් ධීවර වරාය සහිත වෙනත් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතද යොමු වූහ. අද වන විට මාතර, දෙවුන්දර, ගාල්ල බේරුවල ආදී ප්‍රදේශ ද මෙරටට මත්කුඩු පොම්ප කෙරෙන මර්මස්‌ථාන බවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    සෑම පාතාලයකුම සිය ඔටුන්න සොයා යන ගමනේදී ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත් කර ගනුයේ මත් කුඩු ජාවාරමය. ඊට අමතරව කුලී මිනී මැරීම්, ගණිකා ව්‍යාපාරය හා කප්පම් ගැනීම ආදිය ක්‍රියාත්මක වුවද ඔවුනට යහමින් මුදල් හම්බ කිරීමට ඇති එකම මාර්ගය වී තිබෙන්නේද මෙම මත්කුඩු ජාවාරමම පමණි.

    පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ මෙම තත්ත්වය මර්දනය කිරීමට කෙතරම් සාධනීය අයුරින් ක්‍රියාත්මක වුවද සිය එකම ආදායම් මාර්ගය මෙයම වන බැවින් දිනෙන් දින උපක්‍රම වෙනස්‌ කරමින් එකී ජාවාරම සූකක්‍ෂමව පවත්වාගෙන යැමට පාතාලයන් සමත්ව සිටීම මෙන්ම මානව හිමිකම්වලට මුවා වී බඩ වියත රැක ගන්නා ගඩ්ඩන් ඇතුළු විවිධ පාර්ශ්ව ආරක්‍ෂක අංශ වෙත එල්ල වන බලපෑම්ද රට තුළ ඉහත අකාරයේ වටපිටාවක්‌ නිර්මාණය වීමට තවත් එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී තිබේ.

    පාතාලයන්ගේ මෙම සූක්‍ෂම උපක්‍රම ක්‍රියාත්මක වන්නේ කෙලෙසින්ද?

    ඉකුත් කාලයේ ජනාධිපතිවරයාගේ උපදෙස්‌ මත රට පුරා පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ පාතාලයේ රජ කළවුන්ට සිදුවූයේ පණ රැක ගැනීම උදෙසා සී සී කඩ විසිර යැමටය.

    එසේ රට පුරා විසිර සැඟව ගිය මෙම පාතාල කෙරුමන්ගේ එකම ආදායම් මාර්ගය වී තිබුණේද මත් කුඩු හෙවත් හෙරොයින් ජාවාරමය. කලක්‌ ගත වෙද්දී නිමා නොවූ ආරක්‍ෂක මෙහෙයුම් හමුවේ මින් ඇතැම් පාතාලයන්ට සිදු වූයේ ආරක්‍ෂක අංශ හා ගැටී මිය පරලොව යන්නටය. ඉකුත්දා බොරැල්ල මැගසින් පාරේ රජ කළ ඕල්කොට්‌ට මෙන්ම මාලිගාවත්ත ෆාජිට සහ කොම්පඤ්ඤවීදියේ අයුබ් ඛාන්ටද අත් වූයේ එවන් ඉරණමකි. මෙකී ආරක්‍ෂක මෙහෙයුම් ඉදිරියේ තවත් පාතාල කෙරුමන් පිරිසක්‌ කළේ පූසන් සේ ආරක්‍ෂක අංශවලට යටත්ව මහ උළු ගෙදර නවාතැන් ගැනීමය. සෙස්‌සෝ තවමත් සැඟව සිටිති.

    එහෙත් මෙරට වත්මන් මත්කුඩු ව්‍යාප්තියේ බරපතලම තත්තවය මතු වන්නේ ඉහත කී ආරක්‍ෂක අංශ වෙත යටත් වූ පාතාල කෙරුමන් මහ උළු ගෙදර නතර වීම හෙවත් බන්ධනාගාරගත වීමත් සමගය.

    අද මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධානතම ආරක්‍ෂිත කේන්ද්‍රස්‌ථානය බවට පත්ව ඇත්තේ බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය බව ප්‍රසිද්ධ රහසකි. එසේ සිදුව ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාතාල කෙරුමන්ට ආරක්‍ෂක අංශ වැටලීම්, ප්‍රතිවරුද්ධ කල්ලිවල ප්‍රහාර ආදී කිසිදු අවහිරයකින් තොරව බන්ධනාගාරයේ සිට සිත්සේ සිය ජාවාරම කරගෙන යැමට අවකාශ ලැබී තිබෙන නිසාවෙනි.

    මෙහිදී නිල ඇඳුම් ඇඳගෙන දහසේ නෝට්‌ටු මිටි හමුවේ සිය ආත්මය පාවා දෙන ඇතැම් බන්ධනාගාර නිලධාරින් පිළිබඳවද සටහන් නොකළහොත් එය බරපතල අඩු පාඩුවකි.

    තොටළඟ රෝසා, පෑලියගොඩ දාවිත්, ගල්කිස්‌සේ වෙළේa රණා, ජවුෆර් ඇතුළු පාතාල කෙරුමන් ගණනාවක්‌ම අද මෙලෙස බන්ධනාගාරයේ සිට සිය මත්කුඩු ජාවාරම් කරගෙන යති.

    ඒ පෑලියගොඩ, තොටළඟ, දෙමටගොඩ, ගල්කිස්‌ස, මහරගම, නුගේගොඩ, රත්මලාන ආදී වශයෙන් වූ නගරාසන්න ප්‍රදේශ රැසක්‌ කෙන්ද්‍ර කරගනිමින් බවට පොලිසිය සහ අදාළ ආරක්‍ෂක අංශ කණ්‌ඩායම් හඳුනාගෙන සිටිති.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එසේම මන්නාරම සිටි දෙවුන්දර දක්‌වා වූ ධීවර වරාය සහිත වෙරළ තීරය මෙරටට මත්කුඩු ඇතුළු වී මේ ප්‍රධාන මර්මස්‌ථාන වි තිබෙන බවටද වාර්තා වේ.

    මීට අමතරව පාකිස්‌ථානයේ සිට ගුවන් මගින් මෙරටට මත්කුඩු රැගෙනවිත් කොටු වී දැනට බන්ධනාගාරයේ රඳවා සිටින පාකිස්‌තානුවෝද බන්ධානාගාරයේ සිටියදීම තව දුරටත් ලංකාවට කුඩු ගෙන්වීමට තරම් සමතුන් වී සිටින බවද කියති.

    මෙරට ජාවාරමෙකුට එකවර හෙරොයින් කිලෝ දහයක්‌ වුව අවශ්‍ය නම් එය පාකිස්‌ථානයේ සිටි ගෙන්වා දීමට තමන්ට හැකි බව පවසමින් බන්ධනාගාරගතව සිටින පාකිස්‌ථානුවන් නොබියව පවසන්නේ එහි සිටින පාතාලයන්ද පුදුමයට පත් කරමින් බව අපට කීවේ වැලිකඩ බන්ධනාගාරයේම වෙනත් චෝදනාවක්‌ යටතේ දඬුවම් ලබමින් සිටින අප හිතවතෙකිs.

    පාකිස්‌ථානුවන් මෙරටට මත්කුඩු ගෙන්වන ප්‍රධානම ක්‍රමය වී ඇත්තේ උපත් පාලන කොපු තුළ බහාලූ මත්කුඩු ගුලි ගිල ලංකාවට පැමිණ එවා විරේක මගින් පිටතට ගැනීමෙන් බවට පොලිසිය මේ වන විට හඳුනාගෙන තිබේ.

    අද මෙලෙස මත්කුඩු ගිල පැමිණෙන පාකිස්‌ථානුවන් ගුවන් තොටුපළේදී පැහැරගෙන ගොස්‌ විරේක පෙතිවර්ග දී ඔවුන්ගේ කුස තුළ වූ මත්කුඩු පිටතට ගෙන පලා යන සන්නද්ධ කල්ලි පවා බිහිවී තිබෙන අතර එය සිදුවන්නේ මත්කුඩු ගිල මෙරටට එන පාකිස්‌තානුවන්ගෙන් තමන්ගේ ජාවාරම්වලට එල්ල වන තර්ජන අවම කර ගැනීමට පාතාල ප්‍රබලයන් යොදා ඇති උපක්‍රමයක්‌ ලසෙsන් බවද පැවසේ.

    ඒ පාකිස්‌ථානය හරහා ක්‍රියාත්මක හෙරොයින් ජාවාරම මෙරට ගිලගනිමින් සිටින අයුරුය.

    තොටළඟ සුනිල් යනු මේ වනවිට බන්ධානාගාරගතව සිටින කුඩ්ඩන්ට මත් කුඩු අලෙවි කිරීමේ ජාවාරම සිය ග්‍රහණයට ගෙන බන්ධනාගාර ගත කුඩුඩන්ට හෙරොයින් අලෙවි කරන අංක එකේ පාතාලයෙකි. මේ සුනිල් ද කලකට ඉහත සිදු කළ මිනිස්‌ ඝාතනයක්‌ හේතුවෙන් මරණීය දණ්‌ඩනය හිමිව දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින්නෙකි.

    බන්ධනාගාරයේ සිටින මත්කුඩු ලෝලීනට මත් කුඩු අලෙවි කිරීමට සුනිල් යොදාගෙන ඇත්තේ අපූරු ක්‍රමවේදයකි. මෙහිදී සිදු වන්නේ බන්ධනාගාරගතව සිටින්නා සුනිල්ගෙන් ලබා ගන්නා මත් කුඩුවලට පිටත සිටින ඔහුගේ ඥතීන්ට මුදල් ගෙවීමට සිදු වීමය. එකී කාර්යය සඳහා සුනිල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන ත්‍රිරෝද රථ කල්ලියක්‌ද තොටළඟ ප්‍රදේශයේ සිටිති.

    එසේ නැත හොත් යම් බන්ධනාගාරගත මත් ලෝලියකුට සුනිල්ගෙන් මත් කුඩු ලබා ගත හැකි තවත් ක්‍රමයක්‌ද පවතී. ඒ පිටත සිටින්නකු ලවා බන්ධනාගාරයේ සිටින සුනිල්ගේ ජංගම දුරකථනයට "රී ලෝඩ්" එකක්‌ ලබා ගැනීමෙනි. එකී "රී ලෝඩ් එකේ වටිනාකම රුපිල් හාරසියයක්‌ නම් මත් ලෝලියාට රුපියල් දෙසියයක මත්කුඩු සුනිල්ගෙන් බන්ධනාගාරය තුළදී ලැබේ.

    මත් කුඩු තොග ගුවන් මගින් මෙරටට ගෙන්වා බෙදා හැරීම සුනිල්ගේ ජාවාරමේ උපක්‍රමය වී තිබෙන බව මේ වන විට පොලිසිය ඇතුළු ආරක්‍ෂක කණ්‌ඩායම් හඳුනාගෙන සිටින කරුණකි.

    මෙලෙස බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන සියලු පාතාලයන්ගේම ක්‍රමවේදය බොහෝ දුරට එකම ආකාරයේ වුවද අද පෑලියගොඩ දාවිත් යනු කොළඹ සිට දකුණේ කතරගම දක්‌වාම සිය මත්කුඩු ජාවාරම ජාලගත කිරීමට සමත්ව ඇති ප්‍රබලයකුව සිටින බැවින් මේ දාවිත්ගේ පැටිකිරිය පිළිබඳවද අප මදක්‌ විමසා බලමු.

    දාවිත් යනු කලකට ඉහත දෙමටගොඩ කාලිපුල්ලවත්තේ ඉපිද පිටකොටුවේ නාටාමියකු ලෙස මුට්‌ට කරගැසූවෙකි. එහෙත් පසුකාලීනව දෙමටගොඩ රාජධානිය කරගෙන සිටි අදටත් ජීවතුන් අතර සිටිනා මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවගේ කුඩු පැකට්‌ අලෙවි කරන්නෙකු ලෙස සිය ජීවිකාව ඇරඹූ දාවිත් අද මත් කුඩු ජාවාරමේ හිනි පෙත්තට ගිය මෙරට සිටින ප්‍රකෝටිපතියෙකි.

    කොළඹ දෙමටගොඩ සහ ගල්කිස්‌ස ප්‍රදේශ දාවිත්ගේ මෙම මත් කුඩු ජාවාරමේ කේන්ද්‍රස්‌ථාන වී තිබේ. දාවිත් සිරගතව සිටියද අදාළ ප්‍රදේශවල සිට ඔහුගෙන් ලැබෙන උපදෙස්‌ අනුව ජාවාරම සුක්‍ෂමව කරගෙන යැමට උපන් ගෝලබාලයන් පිරිසක්‌ද ඔහුට සිටී.

    දෙමටගෙඩ සිට ජාවාරම මෙහෙය වන දාවිත්ගේ සගයන් තිදෙනෙකි ඉන් දෙදෙනකුම එකකුස උපන් සහෝදරයන් වීමද සුවිශේෂී කරුණකි දාවිත්ගේ මෙම මෙටගොඩ සගයනට කොළඹද ඇතුළුව තදාසන්න ප්‍රදේශවල සිට කොළඹින් උතුර බැහරව වූ ප්‍රදේශ වෙත මත් කුඩු බෙදා හැරීම පැවරී තිබෙන අතර ගල්කිස්‌සේ සිටින සගයාට පැවරී ඇත්තේ ගල්කිස්‌ස, රත්මලාන, මොරටුව සිට දකුණේ කතරගම දක්‌වා ජාවාරම කරගෙන යැමය.

    දාවිත්ගේ මෙරටට මත්කුඩු ගෙන්වන ප්‍රධානම මාර්ගය වී ඇත්තේ ඉන්දියාවේ සිට හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් බහු දින යාත්‍රා මගින් හෙරොයින් ප්‍රවාහනය කිරීම බවද කියති.

    කිලෝ විසි තිස්‌ ගණනින් එසේ ඉන්දියාවේ සිට මෙරටට ගෙනඑන මත්කුඩු තොග හලාවත සිට භාරගෙන කොළඹට ප්‍රවාහනය කිරීමේ වගකීම පැවරුණු හලාවත ප්‍රදේශයේ ජීවත් වන එක්‌ සුවිශේෂි ගෝලයකුද දාවිත්ට සිටී.

    දාවිත්ගේ මෙම ඉන්දියාවේ සිට මත්කුඩු ගෙන්වීමේ ජාලය ක්‍රියාත්මක වන්නේ කලක්‌ හෙතෙම එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සම්බන්ධව මෙරටට මත්කුඩු ගෙන්වීමේ ප්‍රබලයකුව සිටීමෙන් ඇති කර ගත් සබඳතා මත බවද ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

    එසේ මෙරටට ගෙන්වන කුඩු තොග පැකට්‌ කිරීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක ස්‌ථාන දෙකක්‌ද දාවිත් සතුව පිළියන්දල ප්‍රදේශයේ වන බවද පැවසේ.

    පඩියකට නොව අසීමිතව මත්කුඩු පානයට ලැබෙන අවස්‌ථාව හේතුවෙන් කිසිදා නිවෙස්‌ වෙත නොගොස්‌ කුඩු ගසා එහිම දිරා යන කුඩු කාරයන් පිරිසක්‌ද මේවායේ සේවය කිරීම සඳහා දාවිත් වෙනුවෙන් කැපවී සිටිති.

    දාවිත්ගේ මත්කුඩු අලෙවියේ තවත් එක්‌ සුවිශේෂි දෙයක්‌ද වේ. පැකට්‌ටුව දාවිත්ගේ ලෙස ඕනෑම මත්කුඩු ලෝලියකුට හඳුනා ගත හැකි වන පරිදි වෙළෙඳ ළකුණක්‌ද ඊට තිබීමය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    එලෙස ගල්කිස්‌සේ සිට කතරගම දක්‌වා බෙදා හැරෙන දාවිත්ගේ මත්කුඩු පැකට්‌ටුවේ සළකුණ වී ඇත්තේ එහි මුද්‍රණය වී ඇති දිය කිඳුරියකගේ රූපයකි. එසේ නැතහොත් හෙල්ලය අතින් ගත් රතු ඉන්දියානුවකුගේ රූ සටහනකි.

    මෙය මත් ලොAලීන්ට දාවිත්ගේ කුඩු පැකට්‌ පහසුවෙන් හඳුනා ගැනීමට යෙදූ උපක්‍රමයක්‌ වේ.

    මෙරට සිටින ජාවාරම්කරුවකුට දාවිත්ගෙන් එකවර මත්කුඩු තොගයක්‌ මිලදී ගැනීමට අවැසි නම් ඊටද ඇත්තේ අපූරු ක්‍රමයකි.

    කුඩු තොගය මිලදී ගැනීමට සුදානම් වන්නා එහිදී මුලින්ම සිදු කරනුයේ බන්ධනාගරගතව සිටින දාවිත්ගේ ජංගම දුර කථනයට ඇමතුමක්‌ දීමය. එහිදී දාවිත් සහ ගැනුම්කරුවා අතර ගනු දෙනුව තීරණය වේ.

    ඒ අනුව මුලින්ම ගැනුම් කරුවා අදාළ වටිනාකම දාවිත් ලබා දෙන බැංකු ගිනුමක බැර කළ යුතුය. ඉන් පසුව ඔහුට මත් කුඩු තොගය ලැබෙන ආකාරය තවත් දුරකථන ඇමැතුමක්‌ හරහා දාවිත් පැහැදිලි කර සිටී.

    ඒ අනුව කොළඹ නගරයේ ස්‌ථානයකට පැමිණෙන ලෙස දාවිත් බන්ධනාගාරයේ සිට ගැනන්ම්කරුට දැනුම් දෙයි. ගැනුම්කරු අදාළ ස්‌ථානය වෙත යයි. එහෙත් දාවිත් කියු වේලාවට කිසිවකතු එතැනට නොපැමිණෙයි. එලෙස ගැනුම්කරු වෙත කිසිවෙකුත් නොආවද දාවිත්ගේ චරපුරුෂ සේවයේ කණ්‌ඩායමක්‌ ගැනුම්කරුටද හොරා එහි පැමිණ විමසිල්ලෙන් සිටිති.

    එසේ සිදු කෙරෙනුයේ ගැනුම්කරු පොලිස්‌ නිලධාරියකුද නැතහොත් පොලිස්‌ ඔත්තුකරුවකුද යනුවෙන් සැක හැර දැන ගැනීමේ අටියෙනි.

    මේ ඇසිල්ලේ ගැනුම්කරුට දාවිත්ගෙන් බන්ධනාගාරයේ සිට තවත් දුරකථන ඇමතුමක්‌ ලැබේ. ඉන් කියෑවෙන්නේ ඔහුට කොළඹ නගරයේ තවත් ස්‌ථානයක්‌ වෙත යන ලෙසත් එහිදී අදාළ මත් කුඩු තොගය ලැබෙනු ඇති බවත්ය.

    එහෙත් එහිදීද බොහෝවිට ගැනුම්කරුට ලැබෙන මත් කුඩක්‌ නොමැත. ඒ ගැනුම්කරුටද හොරා ඔහු පසුපස යන දාවිත්ගේ චර පුරුෂයන් තවදුරටත් විමර්ශනයේ යෙදී සිටින බැවිනි.

    අවසානයේ චරපුරුෂ කණ්‌ඩායමේ ප්‍රධානියාගෙන් දාවිත්ට දුරකථන ඇමතුමක්‌ ලැබේ. ඕකේ බොස්‌ පොර අවුලක්‌ නැහැ... වැඩේ කරන්නද...? ගනුදෙනුවේ අවසාන අදියර ක්‍රියාත්මක කිරීමට පෙර එම ඇමතුම මගින් දාවිත්ගේ චරපුරුෂ ප්‍රධානියා එසේ අවසරය ඉල්ලයි.

    ඒ සමගම ගැනුම්කරුට ලැබෙන්නේ දාවිත්ගෙන් තවත් ඇමතුමකි. එහදී ඔහු සිටින ස්‌ථානයට ආසන්න තවත් ස්‌ථානයක්‌ නම් කරන දාවිත් එහි යන ලෙස ගැනුම්කරුට කියයි. එහෙත් ඔහුට එම ස්‌ථානයට යැමට අවස්‌ථාවක්‌ නොලැබේ. ඒ එක්‌වරම පැමිණෙන දාවිත්ගේ ගෝලයකු ගැනුම්කරු ඇනවුම් කළ මත්කුඩු තොගය ඔහු අත තබා විදුලි වේගයෙන් අතුරුදන් වන බැවිනි.

    මේ අද බන්ධනාගාරගතව සිටින රට හෙල්ලූ පාතලයන් එහි සිට ජංගම දුරකථන හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන ආකාරය හෙවත් මෙකී නරුමයෝ බන්ධනාගාරගතවද පොරවල් වී සිටින අයුරුය.

    මෙකී ජංගම දුරකථනය හරහා අද බනධනාගිරගත පාතාලයන්a කප්පම් ගැනීම මෙන්ම මිනිස්‌ ඝාතන පවා මෙහෙයවන බවටද තොරතුරු වාර්තා වී තිබේ.

    තත්ත්වය එසේනම් එල්ටිටීඊය පරදා ලොවම ජයගත් අපට මෙතරම් තාක්‍ෂණය දියුණු යුගයක මෙකී ව්‍යසනයට තිත තැබිය නොහැකිව ඇත්තේ කුමණ කරුමයක්‌ නිසාද?
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ජනාකීර්ණ කොළඹ නගරයේ මත්කුඩු ජාවාරම්වලට ප්‍රසිද්ධියක්‌ උසුලන ප්‍රදේශ අතර මෝදර, මට්‌ටක්‌කුලිය, ග්‍රෑන්ඩ්පාස්‌, කොටහේන, තොටලඟ, බොරැල්ල, මරදාන, රාජගිරිය, ඔබේසේකරපුරය, කෙසෙල්වත්ත මුල්තැනක්‌ ගනී.

    මුඩුක්‌කු ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ ජාවාරම රහසිගතව බොහොම ජයට කෙරීගෙන යයි. පාතාල සන්නද්ධ කණ්‌ඩායම් සහ මත්කුඩු ජාවාරම අතර ඇත්තේ අෙන්‍යාන්‍ය සබැඳියාවකි. පාතාල අපරාධකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක්‌ වනුයේ මත්කුඩු ජාවාරමයි.

    මෝදර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරු වූයේ කිඹුලා ඇලේගුණාය. මේ වනවිට ගුණා ඉන්දියාවට පැනගොස්‌ සිටියද ඔහුගේ ගෝල බාලයන් ගජරාමෙට සිය ව්‍යාපාරවල නිරත වී සිටිති. මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් මත්කු=ඩු ජාවාරමේ නිරත වූ "කුඩු ෆූර්", "අයුබ් ඛාන්", "ආනමාලු ඉමිටියාස්‌", "කහජි", "ටෝජී" වැනි අපරාධකරුවන් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන්ගේ ගෝලබාලයන් තවමත් සක්‍රීය තත්ත්වයෙන් සිටිති.

    ඉකුත් 03 වැනිදා මෝදර මට්‌ටක්‌කුලිය පොලිසියේදී වූ සිදුවීමට හේතුපාදක වූයේ ද සමිට්‌පුර ප්‍රදේශයේ සිටි මත්කුඩු ජාවාරම්කරුවෙකි. "චූටි උක්‌කුන්" මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නේ වසර ගණනාවක සිටය. ආරක්‍ෂිත කැමරාද සවිකරගෙන ඔහු ගත කරන්නේ සුපිරි ජීවිතයකි.

    නිශාන්ත චූටි උක්‌කුන්ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ අලෙවි නියෝජිතයෙකි. සමිට්‌පුර මුඩුක්‌කු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන නිශාන්ත සිය ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය.

    මුඩුක්‌කු ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්වල නිරත වී සිටින ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. අත දිග හැර මුදල් වියදම් කරන මත්කුඩු මුදලාලිලා මුඩුක්‌කු ප්‍රදේශවල සිටින බහුතර පිරිසක්‌ සිය ග්‍රහණයට නතු කර ගෙන සිsටිති. තමන් ව්‍යාපාර කරගෙන යන ප්‍රදේශය අවට සිටින ඕනෑම අයකුට ඕනෑම අවස්‌ථාවකදී මිල මුදල්වලින් පිහිටවීම කුඩු මුදලාලිලාගේ සාමාන්‍ය සිරිතය.

    ඒ සම්බන්ධතාව හරහා කුඩු මුදලාලිලා සිය රැකවරණය සලසා ගනිති. මේ හේතුව නිසා මුඩුක්‌කු ප්‍රදේශයකට ගොස්‌ මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. කුඩු මුදලාලි කෙනකුගේ එක්‌ හූ හඬකට හෝ උරුහන් බෑමකට ගමක්‌ ගෙන්වීමේ බලය ඔවුන්ට ඇත.

    පොලිස්‌ නිලධාරීන් දෙතුන් දෙනෙක්‌ මේ ආකාරයට මුඩුක්‌කු ප්‍රදේශයකට ගොස්‌ කුඩු මුදලාලි කෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළහොත් බොහෝවිට ඔවුන්ට සිදුවන්නේ ගැහැනුන්ගෙන් කොසු ඉඳල් පහර කන්නට ය. එසේත් නැත්නම් ගල්මුල් ප්‍රහාරයන්ට ලක්‌වීමටය. ඉතිහාසය පිරික්‌සීමේදී අනන්තව මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ.

    මට්‌ටක්‌කුලිය පොලිස්‌ ස්‌ථානාධිපති හේරත් මහතා සමිට්‌පුර මුඩුක්‌කු ප්‍රදේශයේ සිටිනා නිශාන්ත අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළේ ඉකුත් 03 වැනිදා සවස්‌ කාලයේදීය. ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්‌දෙනකු මෙම මෙහෙයුම සඳහා එක්‌ව සිටියහ.

    නිශාන්ත පදිංචිව සිටි සමිට්‌පුර නිවස සොයාගත් නිලධාරීන් එක්‌වරම එහි ඇතුළු වූහ. පොලිස්‌ නිලධාරීන්ගේ සැලසුම සාර්ථක විය. නිශාන්ත අතටම අසුවිය. ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 34 ක්‌ ද තිබිණි. මෙතරම් හෙරොයින් ප්‍රමාණයක්‌ සන්තකයේ තිබූ පුද්ගලයකුට අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවෙයි.

    නිශාන්ත ඒව හොඳින් දැන සිටියා විය යුතුය. පොලිස්‌ නිලධාරීන්ට නිශාන්ත රැගෙන යැම පහසු නොවූයේද ඒනිසා විය යුතුය. පොලිස්‌ නිලධාරීන් සමග පොර බැදූ කුඩු මුදලාලි ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදීමට දැඩි උත්සාහයක නිරත වූවේය. එහෙත් අතටම හසු වූ අපරාධකරුට පැන යැමට පොලිසිය ඉඩ දුන්නේ නැත.

    මාරාවේශයෙන් දැඟලූ නිශාන්ත නිවසේ වීදුරු අල්මාරියක හැපුණේය. එහි එක්‌ වීදුරුවක්‌ බිඳී ඔහුගේ දකුණු අත තුවාල විය. ඉන් රුධිරය ගලන්නට විය. පොලිස්‌ නිලධාරීන් නිශාන්ත බිම දිගේ ඇදගෙන ගොස්‌ ජීප් රියට දමා ගැනීමට උත්සාහ කළහ.

    ඒ වනවිට කඩි ගුලක්‌ මෙන් මුළු සමිට්‌පුරයම ඇවිස්‌සී ගොස්‌ තිබිණි. ඇතැමෙකු කොසු ඉදල්වලින් සන්නද්ධව සිටියේ තමන්ට වාරයක්‌ එනතුරුය.

    එහෙත් පොලිස්‌ නිලධාරීන් පිරිස වැඩිවීමත් ඔවුන් අත ආයුධ තිබීමත් නිසා කිසිවකුත් පහරදීමට ඉදිරිපත් වුණේ නැත. නිශාන්ත ජීප් රථයට නන්වා ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුවිය. ජීප් රථයේ පිටුපස මඩ්ගාඩය තදින් අල්ලා ගෙන සිටීම නිසා නිශාන්තගේ ඇඟිලිවලටද බරපතල තුවාල සිදුවී තිබිණි.

    සෑහෙන වේලාවක්‌ කුඩු මුදලාලි සමඟ ඔට්‌ටු වූ පොලිස්‌ නිලධාරීන් ඔහු කෙසේ හෝ ජීප් රථයේ නන්වාගෙන මට්‌ටක්‌කුලිය පොලිසියට රැගෙන එනවිට රෑ බෝ වී තිබිණ. ඒ වනවිට කුඩු මුදලාලිගේ දැත්වලින් බරපතල අන්දමට රුධිරය වහනය වන්නට විය.

    මිනිහාට බේත් ටිකක්‌ දාන්න වෙයි. ස්‌ථානාධිපතිවරයා නිලධාරීන් කීපදෙනකු කැඳවා කුඩු මුදලාලිගේ තුවාලවලට බෙහෙත් දමාගෙන එන ලෙස උපදෙස්‌ දුන්නේය.

    කුඩු මුදලාලි පොලිස්‌ ස්‌ථානයේ සුළු වේලාවක්‌ රඳවා සිටි නිසා පොලිසිය ඉදිරිපිට සිමෙන්ති පොළොවේ රුධිරය ගලා ගොස්‌ තිබිණි. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සැකකරු රැගෙන ගොස්‌ සුළු වේලාවකට පසු ඔහුගේ මිතුරන් කීපදෙනකු පොලිසිය වෙත දිව ආහ.

    සුරේෂ් මවෙන් ඇතුළු සිව්දෙනකු ඒ අතර වූහ. පොලිසියට ඇතුළු වන විටම ඔවුන් දුටුවේ සිමෙන්ති පොළොවේ ගලා ගිය රුධිරයයි. එක්‌වරම ඔවුන් කලබල වූහ.

    "කෝ රාළහාමි දැන් පොලිසියට අරගෙන ආව නිශාන්ත.

    රිසව් එකේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන්ගෙන් එකකු විමසීය.

    එයාට තුවාලවෙලා ඉස්‌පිරිතාලෙ අරගෙන ගියා. පොලිස්‌ නිලධාරියාගේ පිළිතුරට ඔවුන් සෑහීමට පත් වුණේ නැත.

    මුන් නිශාන්තව මරලද කොහෙද. එකෙකු අනෙකාගේ කනට මිමිනුවේය.

    නිශාන්තගේ මිතුරන් පොලිසියෙන් පිට වූයේ නිලධාරීන්ට දෙස්‌ දෙවොල් තබමින්ය. පොලිසිය ඉදිරිපිට රාජකාරි කරමින් සිටි නිලධාරියා මේ බැන වැදීම් ගැන තරුණයන්ගෙන් විමසුවේය. එවිට ඔවුහු පොලිස්‌ නිලධාරියාවද තල්ලු කර දමා ඔහුට පහරදීමට උත්සාහ කළහ.

    බරපතල සිදුවීම් මාලාවක පෙර නිමිති පහළ වෙමින් තිබිණි. නිශාන්තගේ මිතුරන් සමිට්‌පුරය දෙවනත් කරන්නට වූහ.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    "පොලිසිය නිශාන්තව මරලා" මේ පුවතින් කලබලයට පත් වූ සමිට්‌පුර ප්‍රදේශවාසීන් පොලිසිය ආසන්නයට දිව එන්නට වූහ.

    චූටි උක්‌කුන්, කළු මහත්තයා, ගල් සම්පත් ඇතුළු පාතාල සාමාජිකයන් රැසක්‌ ඒ අතර වූහ. මොවුන් තුළ පොලිසිය කෙරෙහි වූයේ වෛරයකි. හැමවිටම මොවුන් මාන බලමින් සිටියේ මට්‌ටක්‌කුලිය පොලිසියට කිසියම් තර්ජනයක්‌ කිරීමට අවස්‌ථාව එළැඹෙන තුරුය.

    පොලිසිය අවට තිබූ වීදි පහන් එළියෙන් ඝන අන්ධකාරය මැකී ගොස්‌ තිබිණි. පොලිසියට ප්‍රහාර එල්ල කිරීමේ කුඩ්ඩන්ගේ මෙහෙයුම ආරම්භ වන්නේ එතැන් සිටය.

    මුල්ම ගල් ප්‍රහාර එල්ල වූයේ පොලිසිය ඉදිරිපිට හා ඒ අවට තිබූ වීදි පහන්වලටය. මොහොතකින් මුළු ප්‍රදේශය ඝන අන්ධකාරයෙන් වැසී යන්නට විය.

    කුඩු මුදලාලිලාගේ සහ පාතාල අපරාධකරුවන්ගේ අණට කීකරු වූ සමිට්‌පුර වැසියන්ගෙන් වැඩිදෙනකු අතට හසු වූ දේ රැගෙන පොලිසිය වට කළහ.

    "අල්ලගෙන ආව අපේ කොල්ලව තොපි මරාගත්තා."

    කෝපයට පත් වු සමිට්‌පුර පදිංචිකරුවන් මට්‌ටක්‌කුලිය පොලිසිය වෙත ඉවක්‌ බවක්‌ නොමැතිව ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

    ඒ වනවිට පොලිසියේ රාජකාරි කරමින් සිටියේ නිලධාරීන් සිව්දෙනකු පමණි. මට්‌ටක්‌කුලිය පොලිසියට නිලධාරීන් 39 දෙනෙකු අනුයුක්‌ත කර සිටියදී අනෙක්‌ නිලධාරීන් වෙනත් රාජකාරි සඳහා පිටව ගොස්‌ සිටියහ.

    අනපේක්‍ෂිත ආකාරයට පොලිසිය වට කරගෙන දහස්‌ ගණනක්‌ වූ කලහකාරීන් ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දී එහි සිටි නිලධාරීහු අන්දුන්කුන්දුන් වූහ.

    සුළු මොහොතකින් ප්‍රහාරය තව තවත් දරුණු වන්නට විය. කලහකාරීන්ට වෙඩි තැබුවොත් බරපතල හානියක්‌ සිදුවන බව දැනගත් පොලිස්‌ නිලධාරීන් හෙමින් සීරුවේ පසු බසින්නට විය.

    අහසට වෙඩි තබා ඇති වී තිබූ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කිරීමට වත් උත්සාහ නොකළ පොලිස්‌ නිලධාරීන් පොලිසිය අතහැර ඉන් පලා ගියහ. පොලිස්‌ නිලධාරීන් ඉවත් වූ බව දැනගත් පාතාල සාමාජිකයන් ඇතුළු කුඩු මුදලාලිලා එක්‌වරම එහි ඇතුළු වූහ.

    මෙහෙයුමට නායකත්වය දුන් චූටි උක්‌කුන් පොලිස්‌ ස්‌ථානයේ ආයුධ පෙට්‌ටිය කඩා දැමුවේය. එහිවූ රිවෝලර් දෙකක්‌ සහ පිස්‌තෝලයක්‌ අපරාධකරුවන් අතට පත් විය. චූටි උක්‌කුන් එක්‌ පිස්‌තෝලයක්‌ ඉනේ රඳවා ගත්තේය.

    පොලිසියට ඇතුළු වූ අපරාධකරුවන් එහි අවි ගබඩාව කඩා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්හ. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. යම් හෙයකින් අපරාධකරුවන් පොලිසියේ අවි ගබඩාව කඩා ගත්තේ නම් එහි තිබූ විශාල අවි ආයුධ තොගයක්‌ රැගෙන යනවා නොඅනුමානය.

    කුඩ්ඩන් සහ පාතාල සාමාජිකයන් මාරාවේශයෙන් මෙන් පොලිස්‌ භූමියේ යකා නටන්නට වූහ. අතට අසුවන සෑම දෙයක්‌ම පොළොවේ ගසමින් මුළු පොලිසියම පොඩිපට්‌ටම් කර දැමූහ. පොලිසියේ තිබූ පරිගණක යන්ත්‍ර, දුරකථන, ගමන් කථන (මෝටරෝලා) ලිපිලේඛන විනාශ කරමින් රිසිසේ හැසුරුනහ. විනාඩි විස්‌සකට ආසන්න කාලයක්‌ මොවුන් පොලිසිය දෙවනත් කරමින් එහි රැඳී සිටියහ.

    මට්‌ටක්‌කුලිය පොලිසියට ප්‍රහාර එල්ල වන පුවත ඒ වනවිට අවට සෑම පොලිසියක්‌ වෙතම දැනුම්දී තිබිණි.

    බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කේ. පී, පී. පතිරණ. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති එච්. එම්. ඩී. හේරත් කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයන්ත පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි අනිල් ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් වහාම මෝදර ප්‍රදේශයට පැමිණ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීමට සැලසුම් සකස්‌ කරන්නට වූහ.

    යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකය කැඳවූ පොලිසිය උද්ඝෝෂකයන් පලවා හැරීම සඳහා ඔවුන් මුලින්ම පිටත්කර යෑවූහ. පසුව කැරලි මර්දන හමුදා කණ්‌ඩායම් සහ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ගෙන්වා ඔවුන්ද එම ප්‍රදේශයට යෑවීමට පියවර ගත්හ.

    මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන්ගේ ග්‍රහනයට නතුවී තිබූ මට්‌ටක්‌කුලිය පොලිසිය යුද හමුදාව මගින් සිය අනසකට ගනු ලැබුවේය. ඒ වන විට බොහෝ දේ සිදුවී තිබිණි. පොලිසියට රුපියල් ලක්‍ෂ ගණනක අලාභයක්‌ සිදුකර තිබූ අතර අපරාධකරුවන් පොලිසියේ තිබූ අවි ආයුධ රැගෙන ගොස්‌ තිබිණි.