හිටියේ කොහෙද?
’මිස් ඔයාගෙ කලින් ඔෆිස් එකේ බොස් ටයිප් ගහන්ඩ ලියුම් කියවන කොට කාමරේ එහා මෙහා ඇවිදිනවද?’ අයිරාංගනී තම කාර්යාලයට අලුතින් ආ ධම්මිකා ගෙන් ඇසුවේ දිවා ආහාර ගනිමින් සිටියදීය.
’අපොයි අයිරාංගනී, එයා එහෙම කළානං මං ඔඩොක්කුවෙන් බිමට වැටෙනව නෙ.’ ධම්මිකා පිළිතුරු දුන්නේ කලබල වෙමිනි.

බස්නායක
ඇඟිල්ලක් ගැසීමට බැරි තරම් පිරී තිබූ බස් රථයේ සිටි මඟීහු දෙදෙනෙක් බහින්බස් වෙමින් සිටියෝය.
’තමුසෙ දැනගන්නවා මම කවුද කියල. මම තමයි ඕයි ඒකනායක.’ එකෙක් අනිකා දෙස රවා බලා කීවේය.
’එහෙමද එහෙනං තමුසෙ දැනගන්නවා, මම තමයි දහනායක’ අනිකා තම ප්රතිවාදියා පරදවමින් කීවේය.
’කනෙන් අල්ලලා බිමට දාන්ඩ කලින් ඕක නවත්තනවා. දෙන්නම දැන ගන්නවා මම තමයි බස්නායක’ කොන්දොස්තර කොලුවා ගිගිරුවේය.

පෙනීමේ වරද
’අපේ මහත්තයගෙ අලුත් කණ්ණාඩි කුට්ටම මාරු කරගන්නයි මං ආවේ’ බොරැල්ලේ ‘දෘෂ්ටි විශේෂඥයෝ’ වෙත පැමිණි වසන්තා, එතැන කවුන්ටරයේ සිටි තරුණියට කීවේ, කොපුවෙන් ඉවතට ගත් උපැස් යුවළක් දිගු කරමිනි.
’මේක මේ අලුත්ම එකක් නෙ. ඇයි මොකක්ද වැරැද්ද?’ තරුණිය කණ්ණාඩිය පිරික්සමින් ඇසුවාය.
’අලුත් තමයි. ඒත් ඕක පාවිච්චි කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා එයාට මගෙ වැරැදිමයි පේන්නෙ.’ වසන්තා කීවේ කෝපයෙනි.

එකම දේ
’බලපංකො බං, මේක ඕවර් පනහේ මැච් එකක් වෙලත් අර යකා ආපු වෙලාවේ ඉඳලා කොටනවනෙ. පිටියේ ක්රීඩා කරමින් සිටි ක්රිකට් ක්රීඩකයකු ගේ මන්දගාමී ස්වරූපය ඉවසා සිටිය නොහැකි වූ බුද්ධි තම මිතුරු ප්රසන්න සමඟ කීවේ කෝපයෙනි.
’ඒක ඉතින් පුදුම වෙන්ඩ දෙයක් යැ. මිනිහගෙ තාත්තා ප්රයිවට් බස් කාරයෙක් නෙ’ ප්රසන්න කීවේ සිනාසෙමිනි.

දෙකම එක වගෙ
’ඔයාගෙ ආදරෙත් හරියට ක්රිකට් මැච් එකක් වගෙ රොෂාන්.’ තමා මුණ ගැසීමට දින දෙක තුනක්ම නොපැමිණි තම පෙම්වතා ඉදිරියේ නොරිස්සුම් මුහුණක් පෙන්වමින් ඉන්දිකා කීවාය.
’ඇයි ඔයා එහෙම කිව්වෙ.’ ක්රීඩා ලෝලියකු වූ රොෂාන් විමසුවේ පුදුම වෙමිනි.
’ඇයි අනේ ඒකත් හරිම අවිනිශ්චිත ක්රීඩාවක්නෙ.’ ඉන්දිකා තෙපළාය.

කොයි නෝනා ද?
’ළමයා, ගිහිල්ලා කරුණාරත්න මහත්තයාට කියනවා එයාගෙ නෝනා ඇවිල්ලා ඉන්නවයි කියල.’ ජැන්ඩියට හැඳ පැලඳ තම සැමියාගේ කාර්යාලයට ගොඩවූ ඔහුගේ බිරිඳ දොරටුව අසල සිටි ඔහුගේ සේවකයා වූ සුගත් හට පැවසුවේ උඩඟු අන්දමිනි.
’කොයි නෝනා ආවා කියල ද කියන්නෙ?’ සුගත් ඇසුවේ සාවඥ ස්වරයකිනි.
’මොනවා...? මොකද තමුසෙ එහෙම ඇහැව්වේ?’
’දැන් ඇතුළේ ඉන්නෙත් මහත්තයගෙ නෝන කෙනෙක්නෙ’ සුගත් පිළිතුරු දුන්නේ හිස කසමිනි.
@සිළුමිණ@