Please Read This (Help him to hear world.)

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එළකිරි යාලුවනේ හැකි පමණින් මොහුට උදව් කරමු. කරුණාකර මේ කතාව සම්පූර්ණයෙන්ම කියවන්න


    මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
    එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
    යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
    හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්‍රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
    මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
    ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
    මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
    ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් පිං. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
    ස්තුතියි!.
    විමසිම්

    facebook Profile - http://www.facebook.com/home.php#!/profile.php?id=100001147325723


    0772332071
    0718050116


    බෑංකු ගිනුම් අංක 71408612

    (ලංකා බෑංකුව මාතලේ )


    gg014.jpg


    උපුටා ගැනීම - http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ දැම්මද බන් මම thread එක දන්න හැදුවෙ:baffled:
    අවුලක් නැ මම් කලත් ඔයා කලත් දෙකෙන්ම වෙන්නෙ එකම දෙ
    මෙ යාලුවට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සහයොගයක් දක්වන්න
    එක ලොකු පිනක්
    බොහොම ස්තුතී:)
     
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    උබ දැම්මද බන් මම thread එක දන්න හැදුවෙ:baffled:
    අවුලක් නැ මම් කලත් ඔයා කලත් දෙකෙන්ම වෙන්නෙ එකම දෙ
    මෙ යාලුවට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සහයොගයක් දක්වන්න
    එක ලොකු පිනක්
    බොහොම ස්තුතී:)

    මමත් ඉසෙල්ලා බැලුවා කවූරු හරි thread එකක් දාලද කියලා. අවුලක් නැහැ කොහොම හරි මේ යාලුවට සහයෝගය දක්වමු :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් ඉසෙල්ලා බැලුවා කවූරු හරි thread එකක් දාලද කියලා. අවුලක් නැහැ කොහොම හරි මේ යාලුවට සහයෝගය දක්වමු :)
    කො බන් කවුරුවත් මෙක බලල වත් නැ නෙ:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :(
    sad story...
    mama danna mage yaluwek innawa...
    eyageth kan dekama ahenne ne...
    eyage operation eka tibuneth lankawe..e wagema ara,bahira srawana paddhathiya kiyana eka 3 million enne nam ne.doctors la kiyana hinda wenna ona ohoma kiyanne...eth.pita ratakata gihin operation eka kalath,3 milion yanne ne ne:dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    :(
    sad story...
    mama danna mage yaluwek innawa...
    eyageth kan dekama ahenne ne...
    eyage operation eka tibuneth lankawe..e wagema ara,bahira srawana paddhathiya kiyana eka 3 million enne nam ne.doctors la kiyana hinda wenna ona ohoma kiyanne...eth.pita ratakata gihin operation eka kalath,3 milion yanne ne ne:dull:

    meka lankava ne ban doctorslath honda ganak thiyagena kiyanava aththe