1938 දි
පමණ ජර්මනියේ නිපදවිම අරම්භ කල වොක්ස්වැගන් බීට්ල් රථය
මුලු ලෝකයේම ජනප්රිය මෝටර් රථයක් විය.සිත් ගන්නා සුලු අකාරයට නිපදවා ඇති
අතරම එකල පැවති අනිකුත් මෝටර් රථ සමග සසදන කල විශේෂතා කිපයක්ද විය.
අදටත් වොක්ස්වැගන් බීට්ල් රථය ඇතැම් අය අතර ජනප්රිය රථයකි.
මේම රථයේ ඇති විශේෂතාවයක් වන්නේ ඇන්ජිම කාරයේ පසුපස කොටසේ පිහිටා තිබිමයි.
වායු සිසිළන පද්දතියක් සහිත ඇන්ජිම සිලින්ඩර 4කින් යුක්තය.ඇන්ජිමේ ධාරිතාව 1000,1100,1200,1300,1500 සහා 1600 වැනි මාදිලි වලින් මුල්කාලයේ නිෂ්පාදනය කෙරින.
(ඇන්ජිම සිසිළන හා වායු පිටවන අකාරය.)
1938 නිපදවනු ලැබු වොක්ස්වැගන් බීට්ල් රථය.
දොර 2 කින් යුක්ත වන අතර මේම කාරය නිමවා ඇති ලෝහය ඉතාමත් ශක්තිමත්ය.
2000 වසරේ එලිදැක්වු නව වොක්ස්වැගන් බීට්ල් මෝටර් රථය.
දැන් හුගක් අය පරණ වොක්ස්වැගන් බීට්ල් නවීකරණය කර භාවිතා
කරනු ලබයි.ශ්රි ලංකාව තුලත් වොක්ස්වැගන් බීට්ල් රථ වලට ආදරය
කරන්නන් සැලකියු යුතු පිරිසක් සීටි මේ නිසාම විවිද උත්සව,
ප්රදර්ෂණ වැනි දැද වාර්ෂිකව සංවිධානය වේ.
2004 බොල්ගොඩ පැවත්වු බීට්ල් රැලියක්.
2005 කටුකුරුන්දේ පැවත්වු බීට්ල් රැලියක්.
2009 ශ්රි ලංකා වොක්ස්වැගන් රථ අයිතිකරුවන්ගේ සංගමය මගින් පැවැත්වු උත්සවයක්.
මෙසේ මුලු ලෝකය පුරාම වොක්ස්වැගන් බීට්ල් රථ අදරය කරන්නන්
විවිධ උත්සව වැනිදැ සංවිධාන කරමින් හැකි තරම බීටිල් රථ එක තැනකට ගෙන
එනු ලබයි.ශ්රි ලංකාව තුලත් ශ්රි ලංකා වොක්ස්වැගන් බීට්ල් රථ හිමියන්ගේ සංවිධානය මේ වෙනුවෙන් වීශාල මෙහෙවරක් ඉටු කරයි.
දක්වන්න ඔයලගෙත් අදහස් වොක්ස්වැගන් බීට්ල් රථ හා අනේකුත් පැරණි මෝටර් රථ පිළිබදව.
මගේත් පොඩි අදහසක් තියෙනවා දවසක බීට්ල් එකක් ගන්න.ගත්තොත් කියන්නම්කෝ.




