කඩෝල් ඇතා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    moz-screenshot.png
    moz-screenshot-1.png
    1 Comment

    ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් සෞඛ්‍ය ඇමතිට නියෝග කරලා බෙහෙත් ගෙන්නලා කොහොමහරි රෝගී ජනතාව සුවපත්කර ගොඩ දාන්නේ ඔබ ය. රාත්තිරියේ ඉස්පිරිතාලේ ඇරල තියන්ඩ මෛත්‍රිට කලින් හිතලා ඒ ගැන රටට ම කීවේ ඔබ ය.
    පහුගිය දොහේ ගංවතුරින් යටවෙච්ච මිනිසුන්ව බේරගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න කියලා අමරෙ ට කිව්වෙත් ඔබ ය. එම විපතින් මිනිසුන් ගලවා ගන්නට ඔබ උග්‍ර අරගලයක යෙදුනු හැටි අපට මතක ය. ඔබ උපදෙස් නොදුන්නා නම් තවමත් හුදී ජනයා නිරාහාරව ගස් උඩ ය. සතුන් ලොවෙත් නැත. යට වුණු තැන්වලට බෝට්ටු යවා බල්ලන් පූසන් මිනිසුන් යනාදීන් බේරාගෙන වියලි සලාකේ දී උන්ව ෂේප් කරන්න උදේ හවා නොබලා මහන්සි වී කටයුතු කළෙත් ඔබ ය. රජයේ චක්කරලේකන උඩ බුදියන් හටපු මීයන් කැරපොත්තන් ආදීන් පන්නා දමා එම චක්කරලේකනවලට ගින්දර තබා විනාශ කර, පන්නපු උන්ට ප්‍රායෝගික පුහුනුවීම්වල යෙදෙන්නැයි උපදෙස් දී ත්‍රිවිද හමුදාව ලවා ගිලෙමින් සිටි ජනයා බේරාගත්තෙත් ඔබයි.
    අඩුවකට තිබුණු බිත්තර, පොල් හා කුකුලු මස් ආදිය ඉන්දියාවෙන් ගෙන එන්නට හුදී ජන පහන් සංවේගය උදෙසා ජොනී මාමාට උපදෙස් ලබා දුන්නෙත් ඔබයි. ඉහළ යන බඩුමිල අඩුකරන්නට යැයි සිතා හමුදාව ලවා ලාබෙට එළවලු විකුනන්න ඉහමොල රත්වෙනකම් කල්පනා කෙරුවෙත් ඔබයි. කෝප්රල්ලා සාජන්ලා මේජර්ලා යනාදී බේදයකින් තොරව වැටකොලු, පතෝල, තක්කලි, වට්ටක්කා විකුනන්න සොල්දාදුවන්ව පාරට දාන්න චින්තනමය හමුදා තීන්දුව ගත්තෙත් ඔබයි. රුපියල් 30 ගානේ පොල් දෙන්නට තීරණය කර පෝලිමේ යවා ඒවා ගන්න ජනතාව උනන්දු කළෙත් ඔබයි.
    ලෝකේ වටේ හිටපු නාහෙට නාහන ක්‍රීකටර්ස්ලට අරුන් මුන්ට ඒලියන්තා ලවා බෙහෙත්කරලා කොදු අතපය හොඳ කෙරුවෙත් ඔබයි. සනා වාස් අපේ පිලට රිංගවන්න දතකෑවෙත් ඔබයි. සංගා ඇතුළු සිංහ පැටවුන් ලවා කුසලානය කොහොම හරි දිනා ගන්න උන් කුලප්පු කරන්නෙත් ඔබයි.
    එකී නොකී මෙකී සියලු සබ්බ සකලමනාවම ඔබගේ උපදෙස් මත, ඔබේ අදහස් මත, ඔබේ සිතැඟියාවට අනුව මේ මිහි මඩල මත සිදුවෙමින් පවතී. මේ මාතෘ භූමිය චින්තන විප්ලවයකට සැරසෙමින් තිබේ. ඒ නිසා දිසාපතිවරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සභාපතිවරු, ඇමති ලේකම්වරු ඇතුළු සියළු රජයේ නිලදරුවන්, ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රවරු ඇතුළු සියලු ජනහිතකාමී නියෝජිතයින් ඔබ උපදෙස් නොදුන්නොත් කිසිදු වැඩක් කිරීමට පෙළඹෙන්නේ නැත. ඔබගේ ආධිපත්‍ය සතර දිග්බාගයේ පැතිරෙමින් පවතී. ඔබගේ ඒ ගමනට ආශිර්වාද කරන ප්‍රබලම මානව හිතවාදි අවිඥ්ඥානිකයා වන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ යැයි කියා ගන්නා ජනසන්නිවේදන මාධ්‍යයන් ය.
    ඒ වාගේම, පීඩාවට පත් වූ අලි, කොටි, වලස්සු, වඳුරෝ, රිලවෝ, බකමූනෝ, හෝතඹයි, මුගටි, කළවැද්දෝ සහ මයිනෝ, ගිරවෝ, සැළලිහිනියෝ ඇතුළු නානාවිධ කුරුලු ප්‍රබේදයන්ගෙන් ද සමන්විත සමස්ත සත්ත්ව හා කුරුලු ගහනයටම බෙහෙත් හේත් කරනු ලබන්නේත්, ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරන්නේත් ඔබතුමා බව පුවත්පතක ප්‍රවාත්තියක් දැකීමෙන් අද මට පසක් විය.
    දිනමිණ, දිවයින, සහ ලක්බිම යනාදී ජතික පුවත්පත් 2011 මාර්තු 10 වැනි දින පළකරන ලද පුවතකින් ඒ බව මට වැටහිනි. එහි වාර්තා වූ ශීර්ෂපාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
    - ජනපති නියමයෙන් රාජාට පෝෂ්‍යජනක ආහාර (ලක්බිම, පි. 3)
    - ‛‛මිල්ලන්ගොඩ රාජා’’ ආහාර ගැනීමේ අපහසුවෙන් – ජනපති උපදෙසින් විශේෂ ආහාර (දිනමිණ, පි. 3)
    - …..මිල්ලන්ගොඩ රාජා නැමති හස්තියාට වහාම ශක්තිජනක ආහාර ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් කරන ලද නියමයක් අනුව……..(දිවයින, පි. 1)
    ඉහත දැක්වෙන ලක්බිම පුවත් සම්පූර්ණයෙන් මෙසේ ය.

    මෙම ඇතා ශ්‍රී ලාංකිකයින්ට මිල කළ නොහැකි බව සැබෑ ය. මෙම ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද්දෙකි. ආසියාවේ දිගම දළ ඇතාය. මෙම ප්‍රවෘත්ති තුන පරිශීලනය කිරීමේදී මේ බව උගත හැකිය. එමෙන්ම තවත් වැදගත් තොරතුරු රාශියක්ද මෙම පුවත් අභ්‍යන්තරයේ ගැබ් වී ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.
    ‛‛ලක්බිම’’ පවසන පරිදි ඇතාට ශක්තිජනක ආහාර ලබා දෙන්නැයි අයිතිකරුවන් කෙලින්ම ජනාධිපතිතුමන් වෙත දන්වා ඇත. ඊට පසුව ජනාධිපති වනජීවී ඇමතිට දන්වා ඇත. ඊට පසු ඇමති මෙම ආහාර පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලේගොඩට ලබාදී ඇත
    .
    ‛‛දිනමිණ’’ වාර්තාකර ඇති පරිදි මෙම ඇතාව වනජීවී දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂාකර ඒ බව ඔවුන් ජනාධිපතිතුමාට වාර්තාකිරිමෙන් අනතුරුව ජනාධිපතිතුමා නැවත එම දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙසයි. මෙම පුවතේම පසුව සඳහන් වෙන්නේ මේ හස්තියා දුර්වල වී ඇති බව සබරගමු පළාත්සභා මන්ත්‍රී ආනන්ද මිල්ලගොඩ මහතා ජනාධිපතිතුමාට ප්‍රකාශ කිරීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාගේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවයි. ඉන් පසුව ජනාධිපතිතුමා මෙම හස්තියාට පෝෂණීය ආහාර ලබාදෙන මෙන් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඊට පසුව වනජීවී හා ගොවිජනසේවා ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා මිල්ලන්ගොඩ ඇති ගාලට පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලා ඇත.
    මිල්ලන්ගොඩ හස්තියාගේ රෝගාබාධය සහ ඔහුට අවශ්‍ය ප්‍රතිකර්මය පිළිබඳව ජනමාධ්‍ය වාර්තාකරණය පුදුමාකාර විකෘතියකි.
    සමස්තයක් ලෙස එම වාර්තාකරණය මෙසේ ය:-
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අලිමංකඩකදී දිවිපිදූ නියපොත්තා
    alimankada1.jpg


    අලි මිනිස්‌ ගැටුමේ අලුත්ම බිල්ල බවට පත්වෙමින් නියපොත්තා නමැති වල් අලියා ඉකුත් 25 දා සවස මරණයට පත්විය. නියපොත්තා ෙ€දජනක ලෙස මරණයට පත්වන අයුරු සංවේදීව බලා සිටීමට අපටද සිදුවූහ. එය සිදුවූයේ නාඋල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ බඹරගහවත්ත ගමෙහි පිහිටි මීවැල්පිටිය ජලාශය තුළය.

    සද්දන්තයා මිය යන විට උගේ පසුපස පාදය දරුණු ලෙස තුවාල වී තිබූ අතර පාදයේ අස්‌ථි පෙනෙන තරමටම එය උග්‍ර වී තිබිණි. ඒ හැරුණු විට සිරුර පුරා ස්‌ථාන රැසකම වෙඩි පහර වැදී තිබුණු බවට සළකුණු ද විය. ඒ සියල්ල කියාපෑවේ නියපොත්තා සහ රජරට ගොවි ජනතාව අතර පැවැති වසර 30 ක අලි මිනිස්‌ ගැටුමේ කනගාටුදායක කතා පුවතය.

    නාඋල නැගෙනහිර මායිමේ පිහිටි ගම්මානවලට අවුරුදු 40 ක්‌ පමණ වූ මේ දරුණු නියපොත්තා අමුත්තකු නොවීය. වස්‌ගමු වනෝද්‍යාන මායිම ඔස්‌සේ පැමිණ ගිරිතලේ මින්නේරිය රක්‌ෂිත කලාප පසුකමින් නාඋල ප්‍රදේශයට ගම් වදින නියපොත්තා වසරකට කීප වරක්‌ම ගම්මාන රැසක ජනයා භීතියට පත් කරමින්ද, බව භෝග විනාශ කරමින්ද නිතර සැරිසැරුවේය.

    උගේ එක්‌ පාදයක නියපොත්තක්‌ විශාල ලෙස වැඩී තිබිණි. මහමඟ ඇවිද යද්දී එය ටකස්‌ ටකස්‌ හඬින් පොළොවේ ගල්මුල් වල වැදෙයි. නියපොත්තා ඇවිද ගිය පසු පොළවේ තැන තැන එම නියපොතු පහර වැදී තිබිණි. එනිසාම ඌ ප්‍රදේශයට හුරු පුරුදු වූයේ නියපොත්තා නමිනි.

    මාරාගමුව, පුබ්බිලිය, ගල්බොඩ, කඹරව, හැළඹගහවත්ත, බඹරගහවත්ත, කෝන්ගහවෙල නයාකුඹුර යන දඹුලු කැලෑව අසල පිහිටි ගම්මාන සියල්ල නියපොත්තාගේ වන රජ දහනට අයත් විය. ප්‍රදේශවාසීන්ගේ මතය වූයේ ඌ මිනීමරුවකු බවය. ඒ හැර උගෙන් අනූනවයෙන් මෙන් බේරුණු විශාල ගොවියන් හා ගැමියන් ප්‍රමාණයක්‌ද වෙති. මේ හේතු නිසාම ප්‍රදේශයේ ගම්මාන දහයක දොළහක ගම්වාසීන් අලි කෙරෙහි දක්‌වන්නේ දැඩි වෛරයකි. ඒ වෛරය වනජීවී නිලධාරීන්ට මෙන්ම ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් වෙත එල්ල වූ අවස්‌ථාද විය.

    සිංහල අවුරුදු ගෙවී යද්දී දරුණු ලෙස තුවාල වූ අලියෙකු බඹරගහවත්ත ආශ්‍රිත කැලෑවේ සැරිසරණ බවට තොරතුරු ලැබිණ. ගම්වාසීහු එම ප්‍රදේශයට යැම ඊම අත්හල නමුත් බලධාරීන්ට ඒ පිළිබඳව දන්වා යෑවීමටද ඔවුහු ක්‍රියා කළහ. හැළඹගහවත්තේ, මොක්‌සිරි බඹරගහවත්තේ බණ්‌ඩිරාළ, ගොඩයාගේ හේරත් යන අය එලෙස අලියා ගැන වගකිවයුත්තන්ට දන්වා යෑවූ ගැමියන්ය. ඒ හැර ඔවුහු ගම්වාසීන්ට මතක්‌ කළේ... ඕන්න... වෙඩි වැදිලා තුවාල වුණු තනි අලියෙක්‌ කැලෑ වැදිලා ඉන්නවා.... උඹලා එහෙම එහෙ මෙහෙ යන්න එපායි... කියමිනි. ගම්මු ඒ අනුව ක්‍රියා කළහ. එහෙත් මේ අතරේ ඒ කියමන නෑසූ දෙදෙනෙක්‌ද වූහ. ඒ බඹරගහවත්ත ප්‍රදේශයේ කොලු පැංචන් දෙදෙනෙකි.

    දෙදෙනාම පාසල් යන වයසේ වුන්ය. 1865 ආරම්භ කොට ඇති පුබ්බිලිය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොවුහු වනය සහ සතා සීපාවා පිළිබඳව අතැඹුලක්‌ මෙන් දැනගැනීමේ අටියෙන් නිතර වන වැදෙන දෙදෙනෙකි. ඔවුන්ටම සරිලන බලුපැටවෙකුද සමග කරක්‌ගහනා ඔවුන්ට මීවැල්පිටිය ජලාශය නිවහනකි.

    තුවාල ලත් වන අලියාගෙන් වැඩිහිටියන් ඈත්වෙද්දී ඌ වෙත නිරතුරුව ළං වූ මොව්හු වන අලියාගේ ගමන් බිමන් පිළිබඳව නිරතුරුව අවදානයෙන් පසුවිය. කීපවිටක්‌ම කොල අතු කඩාදෙමින් අසරණයාට උවැටැන් කිරීමටද කටයුතු කර තිබූ ඔවුහු 25 වැනිදා වන විට තුවාල ලබා අසරණව සිටි අලියාට වඩාත් මිතුරුව සිටි බවද ප්‍රදේශවාසීහු කියා සිටියහ.

    බුද්ධික කුමාර ඉන් එක්‌ අයෙකි. අනෙකා ඒ. ජී. දිලූක ප්‍රමෝදනය. පාසලේ දී කළ චණ්‌ඩි වැඩක්‌ හේතුවෙන් පාසල හැර යැමට සැරසෙමින් සිටියද අලියාට ළෙංගතුවීම නිසා ප්‍රදේශවාසීහු කොලු දෙදෙනා ගැන ප්‍රශංසාවෙන් කතා කළහ.

    අසරණ සද්දන්තයා පිළිබඳව තොරතුරු මාධ්‍යයට ලබාදීමටද මාධ්‍යවේදීන් කීපදෙනා වන අලියා අසලට ගෙන යැමටද ජලයේ රැඳී සිටින අලියා වැව් ඉව්රට ළං කරදීමටද ඔව්හු සමත් වූහ. කඩියන් මෙන් දුවමින් ගල්මුල් මතින් පනිමින් දියට පැනගිය ඔවුහු අලියා අවසන් හුස්‌ම හෙළා ඇති බව ස්‌ථිර ලෙස පළමුව අපට වාර්තා කිරීමටද කටයුතු කළේ වේදනා සහගතවය.

    ඒ සිදුවීම දිලූක විස්‌තර කළේ මෙසේය.

    අපි ජලාශයට නාන්න යනකොටයි. අලියා දැක්‌කෙ. ඌ එතකොටත් කකුල තුවාල වෙලා හොඳටම අමාරුවෙලයි හිටියෙ. පයක්‌ තියල පයක්‌ ගන්නවත් හයියක්‌ තිබ්බෙ නෑ. අපි දෙන්නා දවස්‌ දෙක තුනක්‌ම අලියා ගැන හොයලා බැලුවා. යන්නෙ කොහෙද කියලා හොයලා බැලුවා. ඊට පස්‌සෙ තමයි ලොකු අයට කීවේ. 25 දා දවල් වනජීවී දොස්‌තර මහත්තයා ආවා. අලියට බෙහෙත් විද්දා. එතකොටත් ඌ හිටියේ ජලාශයෙ ගැඹුරු නැති හරියෙයි. බෙහෙත් විදලා ටික වෙලාවකින්ම අලියා ටිකෙන් ටික ටිකෙන් ටික වතුරට පාත්වෙලා අන්තිමේ සද්දයක්‌වත් හෙලවීමක්‌වත් නැතුව ගියා. අපි දැනගත්තා මැරුණා කියලා. අපිට හරි දුකයි කලිං බේතක්‌ හේතක්‌ කළා නම් බේරාගන්න තිබුණා. දිලූකට බුද්ධිකද එකතුවිය. දෙදෙනාගේම දෙනෙත්වල කඳුළු විය.

    අපි මීළඟට යොමුවූයේ අලියාට අවසන්වරට ප්‍රතිකාර කළ මහවැලි කලාප භාර පශු වෛද්‍ය නිලධාරී ඩබ්. ඒ. ධර්මකීර්ති මහතා සමඟය.

    මේ අලියට මීට පෙර දෙවතාවක්‌ම බේත් විද්දා. අද වෙනකොට නම් බේරාගන්න පුළුවන්කමක්‌ තිබ්බෙම නෑ. ඒ තරමටම ඌගේ තුවාලය දරුණුවෙලයි තිබුණෙ. අපි ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම පමණයි කළේ. මේ දින ටිකේම අලි මරණ සිදුවෙනවා. අපිට කරන්න පුළුවන් උපරිමය කළත් ඇතැම් සතුන් බේරාගන්න අමාරුයි. අලි මිනිස්‌ ගැටුම ලංකාවේ තමයි උග්‍ර ලෙසම තියෙන්නේ. මේ සතාත් ඒ ගැටුමට මැදිවෙලා වෙඩි කාලා මදුවලට අහුවෙලා දරුණු වුණු සතෙක්‌. ඉදිරි කාලය තුළ අලි මිනිස්‌ ගැටුම් තවත් උග්‍රවේවි. අලි 6000 ක්‌ පමණ දැනට ලංකාවේ ඉන්නවා, අලිමංකඩවල් සියල්ලම මේ වනවිට ඇහිරිලා හරි සංවර්ධනයට යොදාගෙන හරි තියෙනවා. උන්ට ඉන්න තියෙන වනයත් සීමාවෙලා" වෛද්‍යවරයා කීවේද කනස්‌සල්ලෙනි.

    පසුගිය කාලය තුළ වන අලි 14 ක්‌ අපි සාර්ථකව ඇල්ලුවා. දෙන්නෙක්‌ මැරුණා. හැබැයි වැඩිපුරම කතා කළේ ඒ මැරුණු දෙන්නා ගැන පමණ කැයිද වෛද්‍යවරයා කීවේ නෝක්‌කාඩුවක ස්‌වරූපයෙනි.

    නියපොත්තා මියයන්නේ මොරගහකන්ද ජලාශ වැඩබිම සමීපයේය. මොරගහකන්ද ජලාශය මෙන්ම කළුගඟ ජලාශය ඉදිවන්නේද පාරම්පරික අලිමංකඩ දෙකක්‌ මතය. දැනටමත් එම කලාපයේ ගම්මාන 58 ක්‌ වන අලි උවදුරට මූණ දී තිබේ. සංවර්ධන යෝජනා ක්‍රමත් සමඟම අලින්ගෙන් මිනිසුනුත්, මිනිසුන්ගෙන් අලිනුත් රැකගැනීමට පියවර ගත යුතුය යන්න පිළිගත් මතයකි. එහෙත් සිදු නොවන්නේද ඒ ටිකමය.

    කෙසේ හෝ පරිශ්‍රමයක්‌ දරා ජලාශයෙන් ගොඩගත් නියපොත්තාගේ සිරුර ඉකුත් 26 දා මිහිදන් කරන්නට ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

    එහෙත් අලි මිනිස්‌ ගැටුම පිළිබඳ කාතාන්දරය එලෙස පහසුවෙන් මිහිදන් කළ නොහැකිය.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    yako niyamay kiyanne kiyala wadak na machan elama kiri okkoma kiyewwa bookmark 1kuth dagatta ayeth kiyawanna asay lankawe alinta sidda wegana yana iranama nam harima dukbaray mekata ithin apita kiyala karanna tiyanne samajaya danuwath karana eka tama me wage kaleka oyage uthsahaya godak watinwa kiyala nima karanna ba digatama me wage post danna mage subhapathum
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    yako niyamay kiyanne kiyala wadak na machan elama kiri okkoma kiyewwa bookmark 1kuth dagatta ayeth kiyawanna asay lankawe alinta sidda wegana yana iranama nam harima dukbaray mekata ithin apita kiyala karanna tiyanne samajaya danuwath karana eka tama me wage kaleka oyage uthsahaya godak watinwa kiyala nima karanna ba digatama me wage post danna mage subhapathum
    http://www.elakiri.com/forum/showthread.php?t=969934


    meka balapan
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    yako niyamay kiyanne kiyala wadak na machan elama kiri okkoma kiyewwa bookmark 1kuth dagatta ayeth kiyawanna asay lankawe alinta sidda wegana yana iranama nam harima dukbaray mekata ithin apita kiyala karanna tiyanne samajaya danuwath karana eka tama me wage kaleka oyage uthsahaya godak watinwa kiyala nima karanna ba digatama me wage post danna mage subhapathum

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxx
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා

    [FONT=&quot] අලි බැලීමත් බලි බැලීමත් කොතරම් කළද එය ඇති වන දවසක්‌ නැතැයි කියමනක්‌ තිබේ.[/FONT]
    [FONT=&quot]අලි ගැන බොහෝ දෙනා හැමදාකම මොන මොනවා හරි කතා කරති. අලි බැලීමෙන් ලබන සතුටට වඩා අලි ගැන ඇසෙන කතාවලින් තම හිතට පපුවට දැනෙන්නේ දැඩි වේදනාවකි. අපේ සමහරුන්ට ආදරේ ගැන කොතරම් කීවද ඵලක්‌ නැත. ආදරේ ගැන ඔවුන්ට කොපමණ කතා කළද ආදරේ දැනෙන්නේ කතා කරන මොහොතේ පමණි.[/FONT]
    [FONT=&quot]අලින්ට දැක්‌විය යුතු ආදරය, අනුකම්පාව ගැනද එසේමය. හදවතක්‌ හා බුද්ධියක්‌ ද මනා ලෙස වැඩුණු මොළයක්‌ද ඇති මනුසතා තවත් කෙනකුට ආදරය දක්‌වන්නේ බොහෝ අඩුවෙනි. එවැනි මනුසත් ලොවක කැලයේ සිටින වල් අලින්ට ආදරය, අනුකම්පාව හා කරුණාව දක්‌වන මිනිසුන් කොතරම් ප්‍රමාණයක්‌ සිටී දැයි අපට සිතාගත නොහැකිය.[/FONT]
    [FONT=&quot]මිනිසුන් වන්නියේ මහ කැලයේ සිටි අලින්ට අකාරුණික ලෙස සැලකූ අවස්‌ථාවන් පහක්‌ම මේ මාසය තුළදී අපට අසන්නට ලැබිණි. ඒ නිසාම අලි ගැන තව කොතරම් කතා කළද ඒ මදියෑයි සිතේ.[/FONT]
    [FONT=&quot]වල්ඌරන් මරණ "හක්‌කපටස්‌" යොදා පුංචි ඇත් පැටවකු වන්නියේ මහ කැලෑවේදී මරුමුවට පත්වූ කතාව මීට සති දෙකකට ඉහතදී අපි කතා කළෙමු. එය සිදුවී සතියක්‌ යැමටත් පෙර මහ කැලයේ සිටි දැවැන්ත ඇතින්නියකට කවරකු හෝ වෙඩි තැබූහ. වෙඩි කාගෙන ගිය ඇතින්න කුමන කැලයකට ගොස්‌ මරු වැළඳ ගත්තේ දැයි මෙතෙක්‌ කවරකු හෝ දැන නැතත් ඇතින්න මියයැම නිසා අතරමං වූ පුංචි අලිපැටියා උවදුරකින් බේරාගෙන වව්නියාවට රැගෙන ඒමට යුද හමුදා නිලධාරීහු හා වනජීවී නිලධාරීහු සමත් වූහ. වන්නියේ මහ කැලය දෙවනත් කරමින් කෑ මොර දෙන පුංචි අලි පැටියාගේ ශබ්දය ඇසී හමුදා නිලධාරීහු ඒ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළහ. අවසානයේ දී මේ දෙපිරිසට මහත් පරිශ්‍රමයක්‌ දරා මව නැති සොවින් නිරාහාරව කැලයේ එහා මෙහා දිවගිය පුංචි අලිපැටියා සොයා ගැනීමට හැකිවිණි.[/FONT]
    [FONT=&quot]නිරාහාරව සි[/FONT]s[FONT=&quot]ටි අලි පැටියා වව්නියාව වනජීවී කාර්යාලයට රැගෙන විත් ඌට ආහාර සපයා කිරි කළ ගණනක්‌ බොන්නට දී වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. සිත් පිත් නැති මිනිසෙකු එක්‌ අලියෙක්‌ විනාශ කරද්දී තවත් හිත්පිත් ඇති මිනිසුන් පිරිසකට අතරමං වන අලින්ට සත්ව කරුණාව දැක්‌වීමට සිදුව තිබේ. කෙසේ හෝ යුද හමුදා නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ අනුකම්පාව මැද තම මව අහිමි වූ පුංචි අලි පැටවාට ආරක්‌ෂාව සැලසිණි.[/FONT]
    [FONT=&quot]එහෙත් අලි පැටියාගේ අනාගතය ඉතා ශෝකාකූලය. අලි සිටින්නේ කැලයේ ජීවත් වීමටය. පෙරහැරේ යැමට හෝ වෙනත් කටයුතු සඳහා හීලෑ කළ අලි හැරෙන්නට අනෙක්‌ අලියෝ සියලු දෙනාම සිටිය යුත්තේ මහ කැලයේය. මහ කැලයට අරක්‌ ගත් මේ අලි පැටියාට තම මව පමණක්‌ නොව මහ කැලයද අහිමි වී ගියේය. ඌට අවසානයේ දී යන්නට සිදු වූයේ පින්නවල පිහිටි අලි අනාථාගාරයටය. යුද්ධයෙන් බැට කෑ මිනිසුන් අනාථ කඳවුරුවලට ගාල් වනවා මෙන්ම මිනිසුන් අතින් අනාථභාවයට පත්වන මෙවැනි අලින්ට අවසානයේ දී යැමට සිදු වන්නේ පින්නවලට හෝ උඩවලව අලි ඇතුන්ගේ අතුරු සෙවණටය.[/FONT]
    [FONT=&quot]මිනිසා තමන් උපන් තැන ජීවත් වන්නට කැමැතිය. ඊටත් වඩා සැප පහසුකම් අවශ්‍ය වූ විට පමණක්‌ ඔවුහු පදිංචිය වෙනස්‌ කරති. සමහරු එතෙරද යති. වල් අලි එතෙර යැමට කැමැති නැත. ඔවුන් කැමැති මහ කැලයටය. මහ කැලයේ ගහකොළ සපා කමින් මහා වැවක සිය ශරීරය ඔබා දාහය නිවාගෙන නිදහසේ සිටින්නට වල් අලියා කැමැතිය. එහෙත් මිනිසුන් උගේ කැමැත්තට ඉඩ නොතබති. මිනිසාගේ කැමැත්තට සිදුවන දේට වල් අලියා එකඟ විය යුතුය.[/FONT]
    [FONT=&quot]වල් අලියා ගැවසෙන මහ කැලය කපා දමා මිනිසා සංවර්ධනය මුවාවෙන් බොහෝ දේ කරයි. වල් අලියාට යෑමට ඒමට තැනක්‌ නැති තැන ඔවුහු ගම් වදිති. එවිට මිනිසා කරන්නේ වල් අලියා මැරීමට මාන බැලීමය. එවිට ඇතිවන අලි මිනිස්‌ ගැටුමේ ප්‍රතිඵලය ශෝකාන්තය.[/FONT]
    [FONT=&quot]වන්නි කැලයේ දී අපට අලුතින්ම අලි ගැන අසන්නට ලැබනෙ කතාවද ඉතාම අමිහිරිය. විල්පත්තු මහ වනයේ සිටි දැවැන්ත ඇතෙකු සිලාවතුර පළාතට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ ඉහතදීය. වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන අන්දමට වයස අවුරුදු විසිපහක්‌ පමණ වයසැති මේ ඇතා දෙවැනි වන්නේ විල්පත්තු මහ වනයේ සිටින තවත් එක්‌ හස්‌ති රාජයෙකුට පමණි.[/FONT]
    [FONT=&quot]විලපත්තු කැලයේ දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා වන්නියේ මහ කැලයට පැමිණෙන්නට ඇත්තේ වන්නියේ රජා වීමට විය හැකියි.
    [/FONT]