වාරණ_රජ_මහා_විහාරය
ඔන්න අද මම කියන්න හදන්නේ කොළඹට ළඟ එක දවසකින් ගිහින් එන්න පුළුවන් තැනක් ගැන...වාරණ රජ මහා විහාරය..අපේ ගෙදරට නම් ලඟයි..2km වගේ..ඉතින් ගිහිල්ල නැති අය ගොඩක් ඇතිනේ..පෞරාණික වටිනාකමක් තියෙන නිසා විස්තර ටිකක් දාන්න හිතුවා..
මුලින්ම කියන්නම්කෝ මෙතනට යන විදිහ.විහාරය පිහිටලා තියෙන්නේ කොළඹ-නුවර පාරේ ඉඳල 7km වගේ දුරින්..කොළඹ ඉඳල එනවා නම් යක්කල හන්දියෙන් දකුණට හැරිලා 6km වගේ ආවම නෙල්ලිගහමුල හන්දිය හම්බ වෙනවා..එතනින් වමට යන පාරේ 1km වගේ ගියාම වාරණ පන්සලට යන්න පුළුවන්..මහනුවර පැත්තේ ඉඳල එනවා නම් තිහාරිය හන්දියෙන් වමට හරවලා 5km වගේ ආවම පන්සලට එන්න පුළුවන්..ඔන්න ඔහොමයි ගමන් මාර්ගය..පෝය දවස් වලට නම් ටිකක් සෙනග වැඩි..අනික දවස් වලට නම් එහෙම ගොඩක් සෙනග නෑ..
වාරණ ගම්මානයේ මෙම පන්සල පිහිටලා තිබෙන නිසා තමයි මෙයට වාරණ රජ මහා විහාරය කියලා නම වැටිලා තියෙන්නේ..පුරාණ ගල් විහාරයක් වන මෙම විහාරයට කොළඹ ඉඳල පැය එක හමාරකින් වගේ එන්න පුළුවන්..
පුරාතන ලියවිලි අනුව 2 වන හා 3 වන ශත වර්ෂ වල දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම ලෙන් විහාරය කරවු බව තමා කියවෙන්නේ..පසුව වළගම්භා රජතුමා විසින් මෙම ලෙන් විහාරය වැඩි දියුණු කල බව කියවෙනවා.දකුණු ඉන්දියානු ආක්රමණ වලදී සැගවී සිටීමටද මෙම විහාරය වළගම්භා රජතුමා විසින් යොදා ගෙන තිබෙනවා..ඒ වගේම පසුව නිශ්ශංකමල්ල රජතුමා හා හතරවන පරාක්රමබාහු රජතුමාත් මෙම විහාරය වැඩි දියුණු කොට තිබෙනවා..ඉතිහාසය අනුව විහාරය ගැන තොරතුරු තමා මේ..
ඔන්න එහෙනම් ෆොටෝස් ටිකක් දානවා..බලන්නකෝ කොහොමද කියලා..
මෙන්න මෙහෙමයි විහාරය පාරට දර්ශනය වන්නේ..
මෙතනින් තමා විහාර භූමියට ඇතුළු වන්නේ..
මේ තියෙන්නේ විහාරස්ථානයට ඇතුළු වුන ගමන් පෙනෙන විශාල ලෙන හා ධර්ම ශාලාව..
බුදු මැදුර
මේ තමා ඇතුළු වෙලා පහල මළුවේ බලන්න පුළුවන් දේවල්..තව පඩි 50 ක් වගේ නැගල උඩට ගියාම තමා ලෙන් විහාරය එහෙම තියෙන්නේ..
ලෙන් විහාරය ඇතුලත...
ලෙන් විහාරය ඇතුලත සිතුවම්..ලෙන් විහාරය ආවරණය වෙලා තියෙන ලෙන මතුපිට තමා මෙම සිතුවම් සිත්තම් කරලා තියෙන්නේ...
ගල් කණු වල කැටයම්..
ඔන්න තව පඩි 150 ක් වගේ නැගල ගියාම ඉහල මළුවට යන්න පුළුවන්..මේ තියෙන්නේ උඩ මළුවට යන පඩි පෙළ..
උඩ මළුවේ විහාරය..
උඩ මළුවට අවට පරිසරය දර්ශනය වන ආකාරය..
මේ තමයි වාරණ විහාරය ගැන තොරතුරු..ගොඩක් අය නම් ගිහින් නැතුව ඇති..පෞරාණික වටිනාකමක් තියෙන තැනක්..ගිහින් බලන්න..බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එපා.. ඒව නම් එච්චර හොඳ වැඩ නෙමේ..මෙවැනි දේවල් රැකගන්න එක තමයි අපේ වගකීම...

___________________________________________________________________