වාරණ_රජ_මහා_විහාරය

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,774
    1,014
    113
    ගම්පහ
    වාරණ_රජ_මහා_විහාරය

    ඔන්න අද මම කියන්න හදන්නේ කොළඹට ළඟ එක දවසකින් ගිහින් එන්න පුළුවන් තැනක් ගැන...වාරණ රජ මහා විහාරය..අපේ ගෙදරට නම් ලඟයි..2km වගේ..ඉතින් ගිහිල්ල නැති අය ගොඩක් ඇතිනේ..පෞරාණික වටිනාකමක් තියෙන නිසා විස්තර ටිකක් දාන්න හිතුවා..

    මුලින්ම කියන්නම්කෝ මෙතනට යන විදිහ.විහාරය පිහිටලා තියෙන්නේ කොළඹ-නුවර පාරේ ඉඳල 7km වගේ දුරින්..කොළඹ ඉඳල එනවා නම් යක්කල හන්දියෙන් දකුණට හැරිලා 6km වගේ ආවම නෙල්ලිගහමුල හන්දිය හම්බ වෙනවා..එතනින් වමට යන පාරේ 1km වගේ ගියාම වාරණ පන්සලට යන්න පුළුවන්..මහනුවර පැත්තේ ඉඳල එනවා නම් තිහාරිය හන්දියෙන් වමට හරවලා 5km වගේ ආවම පන්සලට එන්න පුළුවන්..ඔන්න ඔහොමයි ගමන් මාර්ගය..පෝය දවස් වලට නම් ටිකක් සෙනග වැඩි..අනික දවස් වලට නම් එහෙම ගොඩක් සෙනග නෑ..

    වාරණ ගම්මානයේ මෙම පන්සල පිහිටලා තිබෙන නිසා තමයි මෙයට වාරණ රජ මහා විහාරය කියලා නම වැටිලා තියෙන්නේ..පුරාණ ගල් විහාරයක් වන මෙම විහාරයට කොළඹ ඉඳල පැය එක හමාරකින් වගේ එන්න පුළුවන්..

    පුරාතන ලියවිලි අනුව 2 වන හා 3 වන ශත වර්ෂ වල දේවානම්පියතිස්ස රජතුමා විසින් මෙම ලෙන් විහාරය කරවු බව තමා කියවෙන්නේ..පසුව වළගම්භා රජතුමා විසින් මෙම ලෙන් විහාරය වැඩි දියුණු කල බව කියවෙනවා.දකුණු ඉන්දියානු ආක්‍රමණ වලදී සැගවී සිටීමටද මෙම විහාරය වළගම්භා රජතුමා විසින් යොදා ගෙන තිබෙනවා..ඒ වගේම පසුව නිශ්ශංකමල්ල රජතුමා හා හතරවන පරාක්‍රමබාහු රජතුමාත් මෙම විහාරය වැඩි දියුණු කොට තිබෙනවා..ඉතිහාසය අනුව විහාරය ගැන තොරතුරු තමා මේ..

    ඔන්න එහෙනම් ෆොටෝස් ටිකක් දානවා..බලන්නකෝ කොහොමද කියලා..

    මෙන්න මෙහෙමයි විහාරය පාරට දර්ශනය වන්නේ..

    345n9g6.jpg



    මෙතනින් තමා විහාර භූමියට ඇතුළු වන්නේ..

    o1a37.jpg



    මේ තියෙන්නේ විහාරස්ථානයට ඇතුළු වුන ගමන් පෙනෙන විශාල ලෙන හා ධර්ම ශාලාව..

    10msvon.jpg


    34t71v7.jpg



    බුදු මැදුර

    nqz6tv.jpg



    මේ තමා ඇතුළු වෙලා පහල මළුවේ බලන්න පුළුවන් දේවල්..තව පඩි 50 ක් වගේ නැගල උඩට ගියාම තමා ලෙන් විහාරය එහෙම තියෙන්නේ..

    jh3ke8.jpg


    9zwz2f.jpg



    ලෙන් විහාරය ඇතුලත...

    1piaeu.jpg


    k2xnbl.jpg



    ලෙන් විහාරය ඇතුලත සිතුවම්..ලෙන් විහාරය ආවරණය වෙලා තියෙන ලෙන මතුපිට තමා මෙම සිතුවම් සිත්තම් කරලා තියෙන්නේ...

    66ggnk.jpg



    ගල් කණු වල කැටයම්..

    1qpuo3.jpg



    ඔන්න තව පඩි 150 ක් වගේ නැගල ගියාම ඉහල මළුවට යන්න පුළුවන්..මේ තියෙන්නේ උඩ මළුවට යන පඩි පෙළ..

    345lr1d.jpg



    උඩ මළුවේ විහාරය..

    259fl37.jpg



    උඩ මළුවට අවට පරිසරය දර්ශනය වන ආකාරය..

    2ujshma.jpg



    මේ තමයි වාරණ විහාරය ගැන තොරතුරු..ගොඩක් අය නම් ගිහින් නැතුව ඇති..පෞරාණික වටිනාකමක් තියෙන තැනක්..ගිහින් බලන්න..බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එපා.. ඒව නම් එච්චර හොඳ වැඩ නෙමේ..මෙවැනි දේවල් රැකගන්න එක තමයි අපේ වගකීම...:yes::yes:

    ___________________________________________________________________

    _________________


    _________________
    Sorry For If I Repost
    © 2011 [email protected] Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post in Another Sites
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,833
    364
    0
    ගොඩක් පිං යාලු,
    මාත් අද තමා දැනගත්තේ මේ වටින පුරණ විහාරය ගැන.මාටත් යන්න ආස හිතුණා.:)
    පුලුවන් ඉක්මනට යනවා බලන්න
    ගොඩක් වටින ලිපියක්.තව තව මේ වගෙ ලිපි පල කරන්න යාලු
    රෙප් දෙන්න බෑලු.පුලුවන් වුන ගමන් දෙන්නම්:yes::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,336
    825
    113
    mamath gihin niyama photo tiakak aran thiyenwa .. welawak hamba wunu wigasa daanam :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,774
    1,014
    113
    ගම්පහ
    පැටියා;9367287 said:
    Supiri Bro
    Thankas 4 da info :D

    එල එල මචෝ.ගොඩාක් වටිනවා...

    +++++++++++++++

    බොහොම ස්තුතියි...හැමෝටම..:yes::yes:

    ah ...........mama th Warana Temple ekata gihilla thiyenawa.........godak lassana hoda thanak

    ඔව් මචන් ගොඩක් ලස්සනයි තැන..:D:D

    mamath gihin niyama photo tiakak aran thiyenwa .. welawak hamba wunu wigasa daanam :D

    එළකිරි දාපං දාපං..:D:D