ඊ නිවුස්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම
රජය සිදුකළැයි පවසන ලෙස සැකකරුවන්ගේ ඥාතීන්ට බලපෑම්

ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම රජය විසින් සිදුකළා යැයි පවසන ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් භූ®තයාගේ සහ සූඩා නැමැති සැකකරුගේ ඥාතීන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඥාතීන් විසින් වැල්ලම්පිටිය සහ තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

භූතයා සහ සූඩා නැමැති සැකකරුවන්ගේ නිවෙස් වලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මොවුන් දෙදෙනාගේ ඥාතීන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවත් රජය විසින් මෙම ගිනි තැබීම සිදු කළ බව ප්‍රකාශ කරන ලෙසත් යතුරු පැදියේ පැමිණි පුද්ගලයා සැකකරුවන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කළ බව ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණට ඊයේ (15) පැවසීය.

ඊ නිවුස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භූතයා සහ සූඩා නැමැති සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) නියෝග කර තිබේ. රජය අපකීර්තියට ලක් කරමින් ජාත්‍යන්තර සංවිධානවල සහය ලබා ගැනීමට ඊ නිවුස් කාර්යාලය ගිනි තබා ඇති බව මූලික විමර්ශන වලින් හෙළි කර ගැනීමට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමට හැකි වී ඇත.

නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

දිනමිණ ජාතික පුවත් පතෙන්
 
  • Like
Reactions: GAC

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පැන යාම හා රට විකිණීම

ඊ නිව්ස් වෙබ් අඩවිය ගිනි තැබීමට සම්බන්ධ යැයි සැක කෙරෙන ප්‍රධාන සැකකරු භූතයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු මුලදීම අත්අඩංගුවට ගෙන තිබේ. භූතයාගේ පාපොච්චාරණයට අනුව මෙම ගිනි තැබීම කොන්ත්‍රාත්තුවක් බව හෙළි විය. ඒ නිසා මේ සියලු පරීක්ෂණ කටයුතු පොලිසියට භාර දී අපි නිහඬ වන්නෙමු. ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමේ අරමුණ ඇතිව සිදුකළ මේ සිද්ධිය ගැන වහාම පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපතිතුමා පොලිසියට නියෝග කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අප සඳහන් කෙළේත් අප පළ කෙළේත් පොලිසියෙන් ලැබුණු ප්‍රවෘත්ති සහ ඡායාරූප පමණි. මෙසේ ගිනි තැබූ වෙබ් අඩවි කාර්යාලයේ ගින්නට හසු නොවූයේ යැයි කියන එක් කාමරයක තිබී මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් සහ උපත් පාලන කොපු තිබුණ බව ප්‍රදර්ශනය වන ඡායාරූපයක් ද පොලිසිය නිකුත් කර තිබුණි. මෙය පුවත්පතක පළ වනු දුටු එක්තරා ප්‍රබල මාධ්‍ය ප්‍රධානියෙක් උපත් පාලන කොපු ගිනි ගන්නා බව ඉතා දැඩි ස්වරයෙන් අපට ප්‍රකාශ කෙළේ ය. අපට ඒ ගැන අත්දැකීම් නැති නිසා ඔහුගේ ප්‍රකාශය අසා අපි නිහඬ වීමු.

මාධ්‍යවේදීන්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම වැනි සිදුවීම් ගැන විවිධ ප්‍රචාර ආණ්ඩුවට එරෙහිව පළ විය. එහෙත් මේ සිද්ධීන්ට සැබෑ ලෙසම සම්බන්ධ පුද්ගලයන් සිතින් වධ වේදනා විඳිනවා ඇත. මේ රටේ මාධ්‍යවල අයිතිකරුවන් සේ පෙනී සිටි තවත් පිරිසක් අද ශ්‍රී ලංකාවේවත් නැත. මේ රටේ සිටි පළපුරුදු, වැඩිහිටි මාධ්‍යවේදීන් යටකරගෙන ඉස්මතු වූ මේ නිදහස් මතධාරි මාධ්‍ය නඩය වටා තරුණ පුවත්පත් කලාවේදීහු එක්රොක් වූහ.

ඔවුන්ට විශ්‍රාම වැටුප් වෙනත් දීමනා දෙන බවට දුන් පොරොන්දු අනුව මේ මාධ්‍ය අයියලා පසුපස වැටුණු නංගිලා සහ මල්ලිලා අද දුක් වන්නේ අයියලා රටේවත් නැති නිසාය. ඔවුන්ගේ අරමුණ වූයේ පිටරටට පැන ගොස් ජීවත් වීමය. ශ්‍රී ලංකාවේ සිටින කාලයේ විවිධ හේතූන් සොයා පිකට් ව්‍යාපාර පැවැත් වු මේ නඩය ඩොලර්වලින් සාක්කු පුරවාගෙන එතෙරට පැන ගොස් දැන් ද කරන්නේ මව්බිමට එරෙහිව කැත ව්‍යාපාර දියත් කිරීම ය. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ මව්බිම විකුණා හෝ මුදල් ඉපැයීමය.

මේ මාධ්‍ය නඩයට රැවටුණ ශ්‍රී ලංකාවේ ඇතැම් බලධාරීන් ඔවුන්ට සැලකුවේ මාධ්‍යයට හිතැති, මාධ්‍යවේදීනට හිතැති ඉතා දක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් හැටියට ය. ඔවුන්ට රාජ්‍ය උත්සවවල දි පවා ඉහළ තැනක් දීමට කටයුතු කෙළේ රැවටීමක් නිසා නොව මාධ්‍යයට ඇති ආදරය නිසා ය. මාධ්‍යයක නියැලෙන පිරිස් හැසිරිය යුත්තේ පටු, පහත් අරමුණු ඉටුකර ගැනීමට නොව රට වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට ය. මාධ්‍යයට අතගසන පිරිස් ඊර්ෂ්‍යාව, කුහකකම කුඩුකේඩුකම අත්හළ සංවේදී පිරිසක්ම විය යුතු ය.
දිනමිණ ජාතික පුවත් පතෙන්
 
InFaReD

Active member
  • ඊ නිව්ස් වෙබ් අඩවිය ගිනි තැබීමට සම්බන්ධ යැයි සැක කෙරෙන ප්‍රධාන සැකකරු භූතයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු මුලදීම අත්අඩංගුවට ගෙන තිබේ. භූතයාගේ පාපොච්චාරණයට අනුව මෙම ගිනි තැබීම කොන්ත්‍රාත්තුවක් බව හෙළි විය. ඒ නිසා මේ සියලු පරීක්ෂණ කටයුතු පොලිසියට භාර දී අපි නිහඬ වන්නෙමු. ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමේ අරමුණ ඇතිව සිදුකළ මේ සිද්ධිය ගැන වහාම පරීක්ෂණ පවත්වන ලෙස ජනාධිපතිතුමා පොලිසියට නියෝග කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් අප සඳහන් කෙළේත් අප පළ කෙළේත් පොලිසියෙන් ලැබුණු ප්‍රවෘත්ති සහ ඡායාරූප පමණි. මෙසේ ගිනි තැබූ වෙබ් අඩවි කාර්යාලයේ ගින්නට හසු නොවූයේ යැයි කියන එක් කාමරයක තිබී මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් සහ උපත් පාලන කොපු තිබුණ බව ප්‍රදර්ශනය වන ඡායාරූපයක් ද පොලිසිය නිකුත් කර තිබුණි. මෙය පුවත්පතක පළ වනු දුටු එක්තරා ප්‍රබල මාධ්‍ය ප්‍රධානියෙක් උපත් පාලන කොපු ගිනි ගන්නා බව ඉතා දැඩි ස්වරයෙන් අපට ප්‍රකාශ කෙළේ ය. අපට ඒ ගැන අත්දැකීම් නැති නිසා ඔහුගේ ප්‍රකාශය අසා අපි නිහඬ වීමු.

    මාධ්‍යවේදීන්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම වැනි සිදුවීම් ගැන විවිධ ප්‍රචාර ආණ්ඩුවට එරෙහිව පළ විය. එහෙත් මේ සිද්ධීන්ට සැබෑ ලෙසම සම්බන්ධ පුද්ගලයන් සිතින් වධ වේදනා විඳිනවා ඇත. මේ රටේ මාධ්‍යවල අයිතිකරුවන් සේ පෙනී සිටි තවත් පිරිසක් අද ශ්‍රී ලංකාවේවත් නැත. මේ රටේ සිටි පළපුරුදු, වැඩිහිටි මාධ්‍යවේදීන් යටකරගෙන ඉස්මතු වූ මේ නිදහස් මතධාරි මාධ්‍ය නඩය වටා තරුණ පුවත්පත් කලාවේදීහු එක්රොක් වූහ.

    ඔවුන්ට විශ්‍රාම වැටුප් වෙනත් දීමනා දෙන බවට දුන් පොරොන්දු අනුව මේ මාධ්‍ය අයියලා පසුපස වැටුණු නංගිලා සහ මල්ලිලා අද දුක් වන්නේ අයියලා රටේවත් නැති නිසාය. ඔවුන්ගේ අරමුණ වූයේ පිටරටට පැන ගොස් ජීවත් වීමය. ශ්‍රී ලංකාවේ සිටින කාලයේ විවිධ හේතූන් සොයා පිකට් ව්‍යාපාර පැවැත් වු මේ නඩය ඩොලර්වලින් සාක්කු පුරවාගෙන එතෙරට පැන ගොස් දැන් ද කරන්නේ මව්බිමට එරෙහිව කැත ව්‍යාපාර දියත් කිරීම ය. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ මව්බිම විකුණා හෝ මුදල් ඉපැයීමය.

    මේ මාධ්‍ය නඩයට රැවටුණ ශ්‍රී ලංකාවේ ඇතැම් බලධාරීන් ඔවුන්ට සැලකුවේ මාධ්‍යයට හිතැති, මාධ්‍යවේදීනට හිතැති ඉතා දක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් හැටියට ය. ඔවුන්ට රාජ්‍ය උත්සවවල දි පවා ඉහළ තැනක් දීමට කටයුතු කෙළේ රැවටීමක් නිසා නොව මාධ්‍යයට ඇති ආදරය නිසා ය. මාධ්‍යයක නියැලෙන පිරිස් හැසිරිය යුත්තේ පටු, පහත් අරමුණු ඉටුකර ගැනීමට නොව රට වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට ය. මාධ්‍යයට අතගසන පිරිස් ඊර්ෂ්‍යාව, කුහකකම කුඩුකේඩුකම අත්හළ සංවේදී පිරිසක්ම විය යුතු ය.
    දිනමිණ ජාතික පුවත් පතෙන්
    buuthayata arinna one :angry: thanks for the info +Rep
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    mahindachinthanaya.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mekai Mahindai athare thiyana sambande mokakda danne ne??
    Janadhipathige puthata kello thundenek ekka photoganna berida??
    Umbala kade yana Mangala Ranil wage ponsiyanta unaata UU kollekne??

    Jeewitheta kellek langawath waadiwela nethi umbala wage ponsiyange asahane thama penenne!!!

    :yes: