ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම
රජය සිදුකළැයි පවසන ලෙස සැකකරුවන්ගේ ඥාතීන්ට බලපෑම්
ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම රජය විසින් සිදුකළා යැයි පවසන ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් භූ®තයාගේ සහ සූඩා නැමැති සැකකරුගේ ඥාතීන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඥාතීන් විසින් වැල්ලම්පිටිය සහ තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
භූතයා සහ සූඩා නැමැති සැකකරුවන්ගේ නිවෙස් වලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මොවුන් දෙදෙනාගේ ඥාතීන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවත් රජය විසින් මෙම ගිනි තැබීම සිදු කළ බව ප්‍රකාශ කරන ලෙසත් යතුරු පැදියේ පැමිණි පුද්ගලයා සැකකරුවන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කළ බව ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණට ඊයේ (15) පැවසීය.
ඊ නිවුස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භූතයා සහ සූඩා නැමැති සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) නියෝග කර තිබේ. රජය අපකීර්තියට ලක් කරමින් ජාත්‍යන්තර සංවිධානවල සහය ලබා ගැනීමට ඊ නිවුස් කාර්යාලය ගිනි තබා ඇති බව මූලික විමර්ශන වලින් හෙළි කර ගැනීමට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමට හැකි වී ඇත.
නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
දිනමිණ ජාතික පුවත් පතෙන්

thanks for the info +Rep

mokata baya wenawada