02 wenida VIP ayata witharai ban

05 yamuda ? thawa enawa nam set karagena kiyapan
http://www.divaina.com/2011/02/28/news17.html
ගුවන් හමුදාවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් 2 දා සිට රත්මලාන කඳවුරේ උත්සව
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන "60 වැනි සංවත්සර උත්සවය" මහත් අභිමානයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වේ.
මාර්තු 02 වැනිදා ආරම්භක නිල උත්සවයෙන් පසු මාර්තු 03 වැනිදා සිට 08 වැනිදා දක්වා මහජනතාවට පෙරවරු 10.00 සිට රාත්‍රි 11.00 දක්වා ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව හිමි වේ.
ගුවන් හමුදාවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය සඳහා ඉන්දියාව සමග තවත් රටවල් දෙකක ගුවන් හමුදා යානා සංදර්ශන පැවැත්වෙන බව ගුවන් හමුදා විධායක මාධ්‍ය සම්බන්ධීකාරක ඡේ. ඒ. නානායක්කාර මහතා පැවැසීය.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි 40 ක් පමණ පවතින අතර ප්‍රදර්ශනය නැරඹීමට වැඩිහිටි ප්‍රවේශ පත්‍රයක් රුපියල් 50 ක් සහ පාසල් ළමුන්ට රුපියල් 20 ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුය. ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා අලෙවි කුටි 30 ක් ස්ථාපනය කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.