කාන්තා අයිතිවාසිකම්..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාන්තා අයිතිවාසිකම්..

    අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම) මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත. ඒ දැනුම හා කුසලතා පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද භේදයකින් තොරව ලබා දුන්නේය. එහෙත් කාන්තාවන් තමන්ට වඩා දැනුමෙන් අඩු අය ලෙස පිරිමින් සළකති.


    සමාජීය වශයෙන් පමණක් නොව තම පවුල ඇතුළුව ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම කාන්තාවන්ගේ අදහස් විමසීමට හෝ ඔවුනට ඉදිරිපත්වී ස්වෙච්චාවෙන් අදහස් ඉදිරිපත් කළ විට ඒවා ගැන විමසීමට හෝ පිරිමි පාර්ශවය චකිතයක් දක්වයි. තම සහකාරිය වන්නට, තම පවුල නිසි අන්දමින් නඩත්තු කරන්නට තම දරුවන් සදාචාරාත්මකව හදා වඩා ගන්නට උසස් කාන්තාවක් බලාපොරොත්තු වන පිරිමින්, තම පවුල ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමේදී පමණක් කාන්තා නුවණ හැඳිමිට තරම් යැයි පසෙකට දැමීම සාධාරණද? දේව වාක්‍ය මගින් කියවෙන්නේ මෙයද?

    —මිතුරා˜ යන පදයේ ගැඹුරු අර්ථයක් ඇත. එකිනෙකාට උදව් කිරීම, හොඳ දේ කියාදී නරක දෙයින් වළකා ලීම, මානසික වේදනාවක් ඇතිවූ විට එය නිවා දැමීමට කටයුතු කිරීම, ඔහුගේ රහස් හෙළි නොකිරීම, ඔහු යම් ආරවුලකට හසුවුණ අවස්ථාවක අවශ්‍ය උපදෙස් ලබාදීම, මිතුරාගේ උපදෙස් සමච්චලයට භාජනය නොකිරීම, මෙලෙස දුක සැප සමව ඛෙදා හදා ගැනීම. මිතුරුකමේ විශේෂාංගයකි.

    පහත සඳහන් දේව වාක්‍යය තේරුම් නොගත් අය, —මමයි උපදෙස් දෙන්නේ. ගැහැණියගේ උපදෙස් මට අවශ්‍ය නැහැ˜ යනුවෙන් ගර්වයක් පෙන්වති. දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පොදුවේ එම දේව වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි බලමු.

    —(අල්ලාහ් ගැන විශ්වාස කරන) ඔවූහු තම දෙවියන්ගේ නියෝගයන් පිළිගෙන සලාතය නිසිආකාරව ඉටු කරති. තවද තම කටයුතුවලදී ඔවුනොවුන් එක්වී සාකච්ඡා කරගනිති.˜ (අල්-කුර්ආන් 42:38).

    කාන්තාවක් තම පවුල පාලනය කිරීම සදහා තම දරුවන් නිසි අන්දමින් හදා වඩා ඔවුන්ට සිප් සතර උගන්වා, සදාචාරයෙන් යුතු පුරවැසියන් බවට පත්කිරීමට මොනතරම් වෙහෙසක් දරන්නීද?

    එයිනුත් ගැහැණු දරුවන් ගත් කළ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබා දෙන අතරේ නිවසක වැඩ කටයුතු කළමනාකරණය,
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බිරිඳක් වශයෙන් තම ස්වාමි පුරුෂයාගේ යුතුකම් ඉටු කිරීම,
    දරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම යනාදී සියල්ල මැනවින් දත්, ක්‍රියාශීලි, ගුණවත් නැණවත් කාන්තාවක් කිරීම සදහාද විශාල වෙහෙසක් මව දරන්නීය.
    ගැහැණු දරුවන් උසස් ගති ගුණවලින් යුතුව හදා වඩා ගැනීමේ වැදගත්කම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ රුවන් වැකියක් මගින් තේරුම් ගත හැක.
    —යමෙක් තම ගැහැණු දරුවන් වැඩිවියට පත්වන තෙක් හොඳාකාරව හදාවඩාගනීද ඔවුන්ද මමද සවර්ගයේ මෙසේ සිටින්නෙමුයි තම දබරැගිල්ල හා මැදඟිල්ල එක්කර පෙන්වූහ.˜ (වාර්තාකරු අනස්(රලියල්ලාහු අනුහු) මූලාශ්‍රය: බුහාරි.)

    පරලොවදී මෙතරම් උසස් තත්ත්වයක් ලැබීමට නම් එය කොතරම් වැදගත් කර්තව්‍යයක්ද?

    අනේක දුක් කරදර මධ්‍යයේ හදා වඩා ගත්ත තම දියණියගේ විවාහ මංගල්‍යයේදී පවා කිසිම අදහසක් දැක්වීමට ඇයට අවසරයක් නැත. පියාගේ නියෝගවලට හිස නමාගෙන, ඔහුගේ අණ පරිදි කි්‍රයා කළ යුතුය.
    තම දරුවා ගැන යම් අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇයට නැද්ද?
    රෑ දවල් නිඳි නොලබා, බඩගින්න පිපාසය ගැන නොසලකා දහදුක් විඳිමින් එම දරුවා හදා වඩා ගැනීමට කැපවුනේ ඇයයි. ඇය ගැහැණියක් වූ නිසාම ඇගේ අයිතීන් සියල්ල අහිමි වී ගියාද?
    තම පවුලේ කටයුතු සම්බන්ධයෙන් බිරිඳගේ අදහස් විමසීම පිරිමින්ගේ යුතුකමක් වන්නේය. පිරිමින් අදහස් නොවිමසූවත් සුදුසු අවස්ථාවක පවුල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ගැහැණියක් සතු යුතුකමකි. තම ස්වාමි පුරුෂයාගේ නිවසේ වගකීම බිරිඳ සතුවන්නේය.



    මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ. —ඔබ සියලූ දෙනා වගකිව යුත්තෝය. සැමදෙනාම තම වගකීම් ගැන විභාග කරනු ලබන්නහුය. නායකත්වයට පත්වූ තැනැත්තා නායකත්වය ගැන වගකිව යුතුය. පිරිමියා තම පවුලට වගකිව යුතුය. ගැහැණියක් තම ස්වාමිපුරුෂයාගේ දේපලවලටත් ඔහුගේ දරුවන්ටත් වග කිව යුතුය. එහෙයින් ඔබ සැවොම වගකිව යුත්තන්ය.˜ (වාර්තාකරු: ඉබ්නු උමර් ග්‍රන්ථය: බුහාරි).


    මේ අනුව දරුවන් හදාවඩා ගැනීම ඇතුළු පවුලේ හැම කටයුත්තකම වගකීමක් කාන්තාවට පැවරී ඇති හෙයින් තම අදහස් ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අයිතියක් ඇයට ඇත. එහෙයින් පිරිමින් සාකච්ඡා කර සම්මුතියකට නොපැමිණෙන අවස්ථාවලදීත් තම අදහස් ප්‍රකාශ කර අවශ්‍ය උපදෙස් දීමට කාන්තාව ඉදිරිපත් විය යුතුය.


    අනතුරුව කාන්තාවකගේ වගකීම තම පවුලේ කටයුතුවල පමණක් සීමා නොවී, දේශපාලනය ඇතුළු පොදු කටයුතුවලදීත් තම අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔවුන්ට ඇති බව නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාගේ ජීවිත කාලය තුල සිදුවූ සිද්ධියක් මගින් වටහා ගත හැක.
    හුදෙයිබියා ගිවිසුම (සාම ගිවිසුම) අත්සන් කර අවසන්වූ පසු නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම යහළුවන් අමතා —නැගිටින්න පරිත්‍යාග කළයුතු සතුන් (මෙතැනදීම) කපා හිස කෙස්ද ඉවත් කරගන්න.˜ යනුවෙන් තුන් වරක්ම කී මුත් – දෙවියන් මත දිවුරා කියමි.- කිසිවෙකු නැගිට්ටේ නැත.



    තම මිතුරන් කිසිවෙකු නොනැගිටීම නිසා තමාට ඇතිවූ සිත්තැවුල ගැන තම ආදරණීය බිරිඳවූ උම්මු සලාමා (රළියල්ලාහු අන්හා) තුමියට කියා සිටියේය. එය ඇසූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය —අල්ලාහ්ගේ දූතයාණෙනි, එසේ කිරීම ඔබේ කැමැත්ත නම් පළමුවෙන් ඔබ සතෙකු පරිත්‍යාග කර අදාල පුද්ගලයකු ලවා ඔබේ හිස කෙස් ඉවත් කරවාගන්නැයි˜ උපදෙස් දුන්නාය. එය ඇසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඒ අයුරින්ම තම වැඩ කොටස ඉටු කළේය. එය දුටු මිතුරෙක්ද නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා අනුකරණය කරමින් එම කටයුතු නිසි පරිදි කරන්නට විය.˜ (වාර්තාකරු : මිස්වර් බින් මක්රමා, මූලාශ්‍රය බුහාරි මුස්ලිම්).


    මෙසේ ඉස්ලාමය සෑම අවස්ථාවකම කාන්තාවන්ට වැදගත්කමක් හා ගෞරවයක් ලබාදී ඇත. කාන්තාවගේ උපදෙස් පිළිපැදීම අගෞරවයක් ලෙස සිතන පිරිමින්ට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවිතය තුලින් ආදර්ශමත් පාඩමක් උගත හැකිය. කාන්තාවන්ගේ අදහස් පතන අය සැළකිල්ලට ගතයුතු වැදගත් දෙයක් ඇත. කාන්තාවන්ගෙන් අදහස් විමසිය යුතු නමුත් ඔවුන් පවසන සියල්ල පිරිමින් කළ යුතු ද නැත. ඔවුන්ගේ අදහස් හා උපදෙස් දෙවියන්ගේ කියමන්වලට හා දේව දූතයාණන්ගේ කියමන්වලට එකඟ නැත්නම්, ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතු නැත. කාන්තාවන් පිළිබඳ නබි වදනක මෙසේ සදහන් වෙයි.
    වරක් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ හජ් උත්සව දිනක හෝ ඊදුල් ෆිත්ර් උත්සව දිනක සලාතය සදහා නික්ම ගියහ. කාන්තාවන් අතරින් යන විට ඔවුන් අමතා
    —කාන්තාවනි, දන් පින්කරන්න. මන්ද අපායේ වැඩිපුර කාන්තාවන් සිටිනු මා දුටුවෙමි˜යි කීහ. එවිට කාන්තාවෝ —නබි තුමනි, නරකාදියේදී අධික වශයෙන් ගැහැණුන් දුටුවේ මක්නිසාදැ˜යි විමසූහ. එවිට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා —ඔබලා වැඩියෙන් ශාප කරනවා, ස්වාමිපුරුෂයින්ට වංචා කරනවා ආගමික වශයෙන් හා දැනුමෙන් අඩු අය ලෙසයි ඔබලාව මා දකින්නේ ඔබලාගෙන් එකියක් බුද්ධියෙන් මෝරාගිය පිරිමියකුවූවත් මුළාවට පත් කරවන්නීයැයි පිළිතුරු දුන්හ. (මෙය දිගු හදීසයක කොටසකි.) වාර්තාකරු: අබූ සඊදුල් කුද්රි, මූලාශ්‍රය : බුහාරි)



    කාන්තාවන්ගේ වැදගත්කම ගැනත් අයිතිවාසිකම් ගැනත් විග්‍රහ කරන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාම, ඔවුන් ගැන එසේද ප්‍රකාශ කළහ. එනිසා පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී ද හොඳින් සලකා බලා සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව පිරිමින් තරයේ සිහි තබාගත යුතුය.
     

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    ඒ ගැන නම් ඉතින් මොනවට කියනවද:lol:
    ඉස්ලාම් ආගම තරම් කාන්තා අයිතිවාසිකම් රකින වෙනත් ආගමක් මේ ලෝකෙ නැතුව ඇති.:eek:

    ඒ ගැන ඉතින් කතාකරනවට වඩා හොදයි මුකුත්ම නොකිය ඉන්න එක.
    :yes:


     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ඒ ගැන නම් ඉතින් මොනවට කියනවද:lol:
    ඉස්ලාම් ආගම තරම් කාන්තා අයිතිවාසිකම් රකින වෙනත් ආගමක් මේ ලෝකෙ නැතුව ඇති.:eek:

    ඒ ගැන ඉතින් කතාකරනවට වඩා හොදයි මුකුත්ම නොකිය ඉන්න එක.
    :yes:



    :eek::eek::eek: :D:D:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ ගැන නම් ඉතින් මොනවට කියනවද:lol:
    ඉස්ලාම් ආගම තරම් කාන්තා අයිතිවාසිකම් රකින වෙනත් ආගමක් මේ ලෝකෙ නැතුව ඇති.:eek:

    ඒ ගැන ඉතින් කතාකරනවට වඩා හොදයි මුකුත්ම නොකිය ඉන්න එක.
    :yes:



    :):)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    PINTHOORAYAK KATHA KARAI

    ඒ ගැන නම් ඉතින් මොනවට කියනවද:lol:
    ඉස්ලාම් ආගම තරම් කාන්තා අයිතිවාසිකම් රකින වෙනත් ආගමක් මේ ලෝකෙ නැතුව ඇති.:eek:

    ඒ ගැන ඉතින් කතාකරනවට වඩා හොදයි මුකුත්ම නොකිය ඉන්න එක.
    :yes:



    PINTHOORAYAK KATHA KARAI ;)




    images


    images


    images


    images



    images

    images



    images




    :):):):):):):):):):):):):)

    images
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    PINTHOORAYAK KATHA KARAI ;)


    මේ වගේ කථා කරන පිංතූර ලංකාවේ පත්තර වලත් එනවා. වෙනසකට තියෙන්නේ ඒ පිංතූරවල ඉන්න අය මුස්ලිම් අය නොවන එක.

    ඇෆ්ගනිස්තනේ කන්දක් පාමුල මෙහෙම දෙයක් ඔයාට සම්පූර්න විස්තර සහිතව ලබෙන එකෙන් ඔප්පුවෙනවනේද මුස්ලිම් ජාතිකයෙක් වරදක් කරනකන් ඉස්ලාම් විරෝධී බලවේග බලාගෙන ඉන්නව කියලා.
    මේ විනාඩියේ ලංකාවේ කොහේ හරි තැනක කාන්තාවක් දූශනය වෙනවා වෙන්නත් පුලුවන් නේද? ඒවට අපි බුදු දහමට බනින්නේ නැහැනේ.

    :nerd:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ වගේ කථා කරන පිංතූර ලංකාවේ පත්තර වලත් එනවා. වෙනසකට තියෙන්නේ ඒ පිංතූරවල ඉන්න අය මුස්ලිම් අය නොවන එක.

    ඇෆ්ගනිස්තනේ කන්දක් පාමුල මෙහෙම දෙයක් ඔයාට සම්පූර්න විස්තර සහිතව ලබෙන එකෙන් ඔප්පුවෙනවනේද මුස්ලිම් ජාතිකයෙක් වරදක් කරනකන් ඉස්ලාම් විරෝධී බලවේග බලාගෙන ඉන්නව කියලා.
    මේ විනාඩියේ ලංකාවේ කොහේ හරි තැනක කාන්තාවක් දූශනය වෙනවා වෙන්නත් පුලුවන් නේද? ඒවට අපි බුදු දහමට බනින්නේ නැහැනේ.

    :nerd:

    ඒවා ගැන කතා කරන්නේ නෑ,,,:lol::lol:
     

    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    මේ වගේ කථා කරන පිංතූර ලංකාවේ පත්තර වලත් එනවා. වෙනසකට තියෙන්නේ ඒ පිංතූරවල ඉන්න අය මුස්ලිම් අය නොවන එක.

    ඇෆ්ගනිස්තනේ කන්දක් පාමුල මෙහෙම දෙයක් ඔයාට සම්පූර්න විස්තර සහිතව ලබෙන එකෙන් ඔප්පුවෙනවනේද මුස්ලිම් ජාතිකයෙක් වරදක් කරනකන් ඉස්ලාම් විරෝධී බලවේග බලාගෙන ඉන්නව කියලා.
    මේ විනාඩියේ ලංකාවේ කොහේ හරි තැනක කාන්තාවක් දූශනය වෙනවා වෙන්නත් පුලුවන් නේද? ඒවට අපි බුදු දහමට බනින්නේ නැහැනේ.

    :nerd:

    ඒවා ගැන කතා කරන්නේ නෑ,,,:lol::lol:


    මේකයි සහෝදරයා ඔයගොල්ලෝ කතාකරන්නේ නැට්ට පාගගෙනවගෙයි මට පේන්නේ.

    අපි කියන්නේ මේකයි ඕනෙම රටක, ඕනෙම ප්‍රදේශයක හොරකම්, අපරාධ, මංකොල්ලකෑම්, ඒ වගේම මෙතනදි කතාකරපු විදිහට කාන්තා අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීම් වෙන්න පුළුවන්.

    හැබැයි
    ඇයි ඒ දේවල් වෙන්නේ.
    මිනිස්සු ආගම ධර්මයෙන් ඈතිවීම, එහෙමත් නැත්නම් ආගම ධර්මය පිළිනොපැදීම නිසයි. කෙනෙක් හරි ආකාරව
    ආගම ධර්මය පිළිපදිමින් ධර්මානුකූලව ජීවත් වෙනවන්ම් ඔවු අතින් ඒවගේ වැරදි වෙන්න පුලුවන්කමක් නැහැ. ඒ හින්ද කෙනෙක් කරන වැරදිවලට එයාගේ ආගමට දොස්කියනවනම් ඒක මොඩකමක්.ඒක පිළිගන්නවා.:yes:
    හැබැයි අපි කියන්නේ ඒ දේවල් ගැන නෙමෙයි.

    ආගමේ නාමයෙන් කාන්තාවන්ට කරන හිංසා පීඩා ගැනයි. කාන්තාවන්ට කරන අසාධාරණකම් ගැනයි.


    එහෙම බලනකොට ඉස්ලාම් ආගමේ තරම් කාන්තාවන්ට හොදින් සලකන වෙන ආගමක් හොයාගන්නත් අමාරුයි කියල තම තමන්ගේ නැන පමණින් තමන්ටම තේරෙනවා ඇතිනේ.
    ;)