විමසුම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Joker-1.jpg

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට විවිධාකාරයේ රැකියා ඇත
    ඒවා අතර සමහරු අමතර රැකියා කෙරීමටද පුරුදුවී ඇත.
    නමුත් ඔවුන් එම රැකියා කරන එක අපට ගැටළුවක් නැත. මන්ද ඔවුන් එසේ ජුගුප්සා රැකියාවන් කරමින් තම දරු පවුල් කෙසේහෝ නඩත්තු කිරීමට උත්සහ දරන බැවිනි.
    එහෙත් එම රැකියා කරන පිළිවෙල සම්බන්ධයෙන් රටේ ජනතාවට ගැටළුවක් ඇත.
    මන්ද ඔවුන් එසේ කරන්නේ තම රට ජාතිය ජාතික සම්පත් සියල්ලම බිල්ලට දෙමින් වීමයි.
    පු$ දීම යනු කෙනෙකුට වැළඳුන විට සුව කල නොහැකි රෝගයකි.
    එවිට ඔවුන් තමුන්ට උපතින්ම වෙනත් කාර්යයක් සඳහා හිමිවී ඇති ගු* මාර්ගය අදායම් මාර්ගයක් කර ගනිති
    එවිට ඔවුන්ට ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ චරිත වලට පවා මඩ ගැසීම අපහසු නැත.
    නමුත් අවසානයේදී ඔවුන්ට ඉතිහාසයේ කුණු බක්කිය හිමිවන බව ජනතාවනම් හොඳින් දනියි


    අදත් විමසුම පිටපත මහින්ද පු#දෙන අසුන්දරගෙනි


    picture source
     
    Last edited:
    • Like
    Reactions: Maheshs and Gru

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මහින්ද අබේසුන්දර හෙවත් ‘අහිංසක කසළ භක්ෂකයා’ | Mahinda Abeysundara, the innocent scavenger


    ලේඛකයා කුඩා කල ඔහුගේ නිවෙසට යාබද නිවෙස මහළු ජෝඩුවක් හා මෙහෙකාරියක පමණක් පදිංචිව සිටි, බිත්ති පුරාවට දිය සෙවෙල බැඳුණු, පැරණි එකක් විය. මේ නිවසෙහි වැසිකිළි වලද නිවස සේම පැරැණි වූ අතර වසරකට වරක් පමණ සිරවේ. එය ‘සුද්ද’ කිරීමට ආවේ ‘සක්කිලි’ ලෙස වර්ගීකරණයට ලක් වූ, අරුණාචලම් නම් වූ දෙමළ මිනිසෙකි. ඔහු ඉණේ ඇති කාලේ බෝතලයකින් උගුරක් බී, වැසිකිළි වලෙහි සිමෙන්ති ලෑලි ඉවත් කොට, අසුචි බාල්දියකින් ගෙනගොස් මඳක් ඈතින් ඔහු විසින්ම කපන ලද වළෙකට පුරවා වළ ‘සුද්ද’ කර දෙනු ලේඛකයා අක්කලා සමඟ බලා සිටියේ මුව වැසෙන්ට ලේන්සු බැඳගෙනය.

    අරුණාචලම් ගැන ලේඛකයාට පැහැදිළිව මතක කාරණාවක් නම් ඔහුගේ පිරිසිදුකමය. රැකියාවට අසුචි ඇද්දත්, එය ආවරණය කර ගැනීමට මෙන් ඔහු අන් සියළු අවස්ථාවන්හීදී පිරිසිදුව සුදෝ සුදු සරමක්ද, අත්කොට කමිසයක්ද ඇන්දේය. මේ ඇඳුම හැමවිටම සාමන්‍ය පාසල් ගුරුවරයකුගේ ජාතික ඇඳුමටද වඩා සුදු විය.

    අරුණාචලම් ගැන මතක දෙවන කාරණාව කිසිදිනෙක ඔහුගේ නිවසෙහි වැඩක් නොකළද, මාස කිහිපයකට වරක් රාත්‍රියෙහි අරුණාචලම් මඳ පමණට සප්පායම් වී ලේඛකයාගේ නිවෙසටද පැමිණීමය. ඔහු එන්නේ හැමදාමත් බැරි සිංහලෙන් එකම මැසිවිල්ල නඟමිනි. “දොරේ, ගිය සුමානෙ අපේ අම්මා නැති වුණා.” මේ හැම අවස්ථවෙකදීම ලේඛකයාගේ අප්පච්චි බැරෑරුම් මූණක් මවා පාගෙන “ඔව්, අපට ආරංචි වුණා කරදරයක් වුණා කියල” කියමින් කීයක් හෝ ඔහු අතමිට මොළවයි. අරුණාචලම්ගේ අම්මලා හත් අට දෙනකුවත් ලේඛකයාට මතක කාල සීමාව තුළ මිය යන්ට ඇත.

    ලේඛකයාට කෙදිනෙකවත් අරුණාචලම් නරක මිනිසකු සේ නොපෙණුනේය. ඔහු අසුචි ඇද්දේද, බොරු කීවේද කැමැත්තෙකින් නොවිය හැකිය. සමාජ ආර්ථික පසුබිම විසින් මේ හොඳ මිනිසා එතැනට තල්ලු කොට තිබුණේය. මියෙන තුරුම වැටුණු ළිඳේම දඟලනවා විනා ඔහුට ගොඩ ඒමක් ගැන නොසිතිය හැකි විය.



    http://taboosubjects.wordpress.com/2011/02/10/aaa-7/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මහින්ද අබේසුන්දර අරුණාචලම් තරමටම අහිංසක හා හොඳ මිනිසකු නොවිය හැකිය. එහෙත් ඔහු පිළිබඳ ලේඛකයාගේ මතකයක් මෙහි සඳහන් කළ මනාය.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්‍රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.”

    මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි.

    අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ.

    බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්‍රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්‍ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්‍යයන්හි කිසිම ඉඩක් නොලැබේ.

    අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි.

    “මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්‍රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්‍රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති.

    මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්‍ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්‍රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්‍රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ.

    මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්‍යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි.

    මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය.

    මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්‍ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත.

    පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්‍රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්‍රදානය කළ මිනිසකු වෙනුවෙනි.

    ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්‍යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය.

    “දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?”

    ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය.

    “මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ”

    ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට සිංහලෙන් කියන්නෙ "පු* දී නසී" කියල :lol:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    Joker-1.jpg

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට විවිධාකාරයේ රැකියා ඇත
    ඒවා අතර සමහරු අමතර රැකියා කෙරීමටද පුරුදුවී ඇත.
    නමුත් ඔවුන් එම රැකියා කරන එක අපට ගැටළුවක් නැත. මන්ද ඔවුන් එසේ ජුගුප්සා රැකියාවන් කරමින් තම දරු පවුල් කෙසේහෝ නඩත්තු කිරීමට උත්සහ දරන බැවිනි.
    එහෙත් එම රැකියා කරන පිළිවෙල සම්බන්ධයෙන් රටේ ජනතාවට ගැටළුවක් ඇත.
    මන්ද ඔවුන් එසේ කරන්නේ තම රට ජාතිය ජාතික සම්පත් සියල්ලම බිල්ලට දෙමින් වීමයි.
    පු$ දීම යනු කෙනෙකුට වැළඳුන විට සුව කල නොහැකි රෝගයකි.
    එවිට ඔවුන් තමුන්ට උපතින්ම වෙනත් කාර්යයක් සඳහා හිමිවී ඇති ගු* මාර්ගය අදායම් මාර්ගයක් කර ගනිති
    එවිට ඔවුන්ට ලොව පිළිගත් ශ්‍රේෂ්ඨ චරිත වලට පවා මඩ ගැසීම අපහසු නැත.
    නමුත් අවසානයේදී ඔවුන්ට ඉතිහාසයේ කුණු බක්කිය හිමිවන බව ජනතාවනම් හොඳින් දනියි


    අදත් විමසුම පිටපත මහින්ද පු#දෙන අසුන්දරගෙනි


    picture source

    ඔය මහින්ද අබේසුන්දර කියන කෑ*** මචන්ලා මඩ ගහන්න
    ඉපදුන එකෙක්... මෙවට පක්ශ බෙද ඔනේ නෑ කියන්න
    තියෙන දේ කෙලින් කියන්න ඔනේ..මුට බෑන්නා කියලා උබලා...
    හිතන්න එපා මම දේශක්ද්‍රොහියෙක් කියලා.. මොකද.. මෙ යකාට
    බනිනකොට මිනිස්සු හිතන්නෙ... රටක් ගෑන කෑක්කුමක් නෑති එකෙක් කියලා..?
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මොන විදියකින් හරි බඩ පුරවගන්න මේ වගේ කාලකන්නි ලංකාව කනවා