ටිකක් දවසකින් පස්සෙ තමයි මම මේ කතාවෙ මේ කොටස දැම්මෙ.මුල්ම කොටසට තරම් පස්සෙ පෝස්ට් වලට වැඩිය ප්රතිචාර නැති හින්දා කතාව නවත්තන්නත් හිතුනා.ඒත් මේකට ආස අය එක්කෙනෙක් හරි ඉන්න හින්දා දිගටම ලියන්න හිතුවේ.මෙන්න ආයෙමත් නදී...
Chapter 1 | Chapter 2 | Chapter 3
--------------------------------------------------------------------------------------------------------------

"පුතා එනකම් තමයි අපි බලාගෙන හිටියෙ.එන්න පුතේ..."
නදීලගෙ තාත්තා පුදුම සෙනෙහසකින් කතා කලේ.මේ තරම් සුන්දර මිනිස්සුන්ට අම්මෙ තාත්තෙ කියන්න අපි කොයි තරමක් නම් පිං කරන්න ඇතිද නදී.අම්මට වගේම මං තාත්තා ලඟටත් ගිහින් දෙපා අල්ලලා වැන්දා.මේ වගේ දයාබර මිනිස්සු ලඟ මොන තරම් වැඳ වැටුනත් පාඩුවක් නම් වෙන්නෙ නෑ නදී.සැටියට වෙලා මං හරි බරි ගැහිලා ඉඳගෙන හිටියෙ නදීත් එනකම්.
"තේ එක බොන්න පුතේ.දැන් ගොඩක් වෙලානෙ හදලා."
"තව ටිකකින් නදීත් ආවම බොමු තාත්තේ..."
මට නදීත් ඉන්න ඕන තාත්තේ.නදීගෙ වහල යට නදී නැතිව දැන් මගෙ උගුරෙන් පහලට මුකුත්ම ගිල ගන්න බැරි වේවි මට.
"අපේ දඟමල්ල නාගන්න ගියාම එන්නෙ පැයකට විතර පස්සෙ පුතේ.පුතා ඒවා දන්නෙ නෑනෙ.එයා එනකොට තේ එක හොදටම හීතල වෙලා තියේවි.එයා එනකම් පුතා බොන්න.අනික පුතාට කියන්න පුතා නොදන්න ගොඩක් දේවල් තියෙනවා අපේ ජීවිත වල පුතේ..."
මම තේ එක අතට ගත්තා.නදී එද්දි ඇත්තටම පරක්කු වෙන්නත් ඉඩ තියෙනවනෙ.කිව්වත් වගේ නදී මහ දඟ මල්ලක්නෙ.ඒත් මට හිතා ගන්න බෑ නදීලගෙ තාත්තා කියන්න යන දේ.ඒත් ඒක මම දැන ගන්න ඕන දෙයක් නම් දැන ගන්නම ඕනනෙ.
"මොකක්ද තාත්තෙ ඒ කතාවෙ තේරුම...?" මං ලොකු උවමනාවකින් වගේම ලොකු කුතුහලයකින් ඇහුවා.
"මේ කියන දේවල් අහලා පුතා කලබල වෙන්න එපා.අම්මයි මායි දැන් කතා කලේ මේවා පුතාම දැන ගන්න කලින් අපිම කියන්න.නැත්නම් පස්සෙ කාලෙක පුතා හිතයි අපි මේවා හිතලම පුතාලට හැංගුවා කියලා."
මොනාද මේ තරම් කියන්න වටින දේවල් තියෙන්නෙ මෙහෙ දෙයියනේ.මගෙ හිතට හරි නෑ.
"කමක් නෑ තාත්තෙ කියන්නකො.මම ඒවා දැන ගන්න ඕන නම් කවදාහරි දැන ගන්න ඕනනෙ."
"ඉස්සර වෙලාම පුතේ කියන්නකො පුතා අපේ දුවට ආදරේ කරන්නෙ ඇත්තටම අවංකවමද කියලා...?.අපි දෙන්නට ඉන්නෙ
එකම එක දරුවෙක් විතරයි පුතේ.උණහපුළුවාට උගෙ පැටියා මැණිකක්ලුනෙ පුතේ.අපි මේ තරම් කාලයක් රැක ගත්ත අපේ පුංචි කෙල්ල පුතාට හැමදාම රැක ගන්න පුළුවන්ද කියලා කියන්නකො."
දෙයියනේ.මේ මොනාද කියන්න හදන්නෙ මේ දෙන්නා.මගෙ හිතට ඉවසුම් නෑ.නදීව මට මැණිකකටත් වැඩියෙන් වටිනවා තාත්තේ.
"ඔව් මං නදීට ආදරේ කරන්නෙ ඇත්තටමයි තාත්තෙ.මම නදීට ආදරේ කරන්න පටන් ගත්තෙ එයාව දකින්නත් කලින් ඉඳන්මයි.එතකොට මං නදීගෙ ලස්සනක් වත් ගෙවල් දොරවල් ගැන වත් කිසිම දෙයක් ගැන වත් දන්නෙත් නෑ.පලවෙනි වතාවට අපි අපිව හැබැහින්ම දැක ගත්තෙත් අද තමයි.මං පොරොන්දු වෙන්නම් තාත්තෙ.මට පුළුවන් උපරිමෙන් මගෙ මැණිකව පරිස්සම් කර ගන්නවයි කියලා."
ඉස්සරහට වෙන්න තියෙන්නෙ මොනා උනත් මං අවංකවම හිතට ආපු දේ ඒ විදියටම කිව්වා එයාලට.ඊට පස්සෙ නදීලගෙ තාත්තා කීව දේවල් අදහා ගන්න තරමට මං ඉගෙනගෙන තිබුනෙ නෑ.දරා ගන්න මොන තරම් අපහසු උනත් මං ඒ හැම දෙයක්ම අපේ ආදරේ වෙනුවෙන් අමාරුවෙන් දරා ගත්තා.මං මගෙ ජීවිතේ ඔයාව ලබන්න මොන තරම් පිං කන්දරාවක් කරන්න ඇතිද නදී.ඔය තරම් ලස්සනක් ලබා ගන්න, විඳ ගන්න...අනේ මට හිතා ගන්න බෑ මං කොයි තරම් වාසනාවන්තයිද කියලා.ඒ වගේම ඔහොම ලස්සනක් ලබන්න ඔයත් පිංකම් මහ ගොඩක් කරන්න ඇති.ඒත් ඒ තරමටම ඔයා මේ සංසාරෙ පුරාවට මොකක් හරි මහා පාපකර්මෙකුත් කරන්න ඇති.මං කොහොමද මේ දේවල් විශ්වාස කරන්නෙ නදී.ඒක ඇත්තටම එහෙමම වෙන්න පුළුවන්ද.කමක් නෑ නදී.මට මගෙ ලෝකෙ ජීවත් කර ගන්න ඔයා ඇති.මං ඔයාව පරිස්සම් කර ගන්නවා මගෙ ජීවිතේ තියෙනකම්ම.සත්තයි.අපි අදහන දෙවියොත් මේ ලෝකෙ ඇතිනෙ නේද නදී.
නදීලගෙ අම්මයි තාත්තයි කිව්ව දේවල් අහගෙන මං පැය බාගයක් වත් ඉන්න ඇති.මගෙ ඇස් දෙකට කඳුළු පිරුනා වගේ මට මතකයි.නදී තාමත් නෑ.මගෙ නදීට මේ කඳුළු පෙන්නන්න බැහැ.කවදාවත්ම මේ කඳුළු පෙන්නන්නෙ නැහැ.මගෙම හිතට මං දිවුරලා පොරොන්දු උනා.
"අපි මේවා කිව්වා කියලා නදීට කියන්න එපා පුතේ.අපි පුතාට කැමැත්ත දුන්නෙත් කෙල්ලගෙ හිත දුකෙන් තියෙනවට අපි කැමති නැති හින්දා.ඒ විශ්වාසෙ පණ වාගෙ රකින්න පුතේ."
"මං පොරොන්දු වෙනවා තාත්තේ...මගෙ පණ වාගෙ මං නදීව බලා ගන්නවා."
නදීලගෙ තාත්තට කතා කර ගන්න බැහැ.ඇඬුම් එනවා.ඊට වැඩි දෙයක් කියන්න මට ලැබුනෙ නෑ.නදී බාත්රූම් එකේ ඉඳන් පහලට එනවා ඇහුනා.මං කඳුළු කැට පිහිදා ගත්තා.
"ආ හුම්ම් හුම්ම්...තේ ටික බිව්වද...?"
ඔයා දඟකාර කතා කිව්වට අපි ජීවත් වෙන මේ ලෝකෙ මොන තරම් නම් නපුරුයිද නදී.ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් අද ඉඳන් ඔයාගෙ ආත්මෙ ජීවත් වෙන මේ ලස්සන ශරීර කූඩුවට මම වෛර කරනවා නදී.මට සමා වෙන්න දහස් වාරයක්.
"හ්ම්ම්..."
හිතට දැනුන දුක මහ මෙරක් තරම් ආදරෙන් යට කරගෙන මමත් අපේ බකමූනු භාෂාවෙන්ම බකමූනිට ඔව් කිව්වා.නදී කොන්ඩෙ තෙත වේලන ගමන්ම මගෙ ලඟට ඇවිදින් මගෙ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා ඉඳ ගත්තා.ඔයා හදන්නෙ මාව නරක ලමයෙක් කරන්නමයි නදී.මේ හිරිගඩු පිපෙන හීතලේ කොහොමද ඔහොම දුහුල් ඇඳුමක් ඇඳන් ඉන්නෙ නදී.අම්මලා ඉන්නවා කියලා එයාට ගානක් වත් නෑ.මං දන්නවා.එයාලට මාව විශ්වාසයි දැන්.
"බකමූනා..." නදී මගෙ කනට ලං වෙලා රහසින් කිව්වා.
"පිස්සි...මේ තේ ටික බොන්න එන්න නදී.මං බිව්වෙත් නෑ ඔයා එනකම්."
"අනේ.....දන්නෙ නැද්ද බකමූනියෝ ගොඩක් වෙලා නානවා කියලා.සොරි අමිල අයියෙ.ඇත්තටම තේ බිව්වෙ නැද්ද ඔයා...?"
"මං නම් බිව්වා නදී.ඒත් ඔයාගෙ එක කූල් වෙනවා තාමත්."
ඇත්තම කිව්වා මං.ඔයාට දැන් නිකමට වත් රිද්දන්න මට හිතෙන්නෙ නෑ නදී.අපිට කතා කරන්න ඉඩ දීලා නදීලගෙ අම්මයි තාත්තයි හෙමිහිට අයින් වෙලා යන්න ගියා.

REP+++++