සිනා කතා 2011_03_13

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සැහැල්ලුවේ තරම

    “කසාද බැන්දහම පොඩි පහේ වගකීමක් නෙවෙයි දරන්න වෙන්නෙ නේද රොෂාන්? තනිකඩයකු වූ චමිල මීට හත් අට මසකට පෙර විවාහ වූ රොෂාන් ගෙන් ඇසුවේ අතරමඟදී හමුවූ විටෙක දී ය.

    “පිස්සුද? දැන් මං ඉන්නෙ කුරුල්ලෙක් වගේ නිදහසේ. මට නෑ කිසිම වගකීමක් බරක් නෑ. බොහොම සැහැල්ලුවෙන් තමයි දවස් ගෙවෙන්නෙ.” රොෂාන් කීවේ සිනාවෙමිනි.
    “මොනවා...” ඒ කොහොමද?” චමිල විමතියෙන් දෑස් අයා විමසීය.
    “ඇයි බං, කුමාරි මගෙ සල්ලි ගැන බලා ගන්නවා. නැන්දම්මා මගෙ හැමදේම හොයල බලනවා. මාමණ්ඩියා මගෙ කෑම බීම ටික ගැන බලාගන්නවා. මට තියෙන්නෙ මහන්සි වෙලා වැඩ කරන ටික විතරයි” රොෂාන් ප්‍රීතියෙන් පිළිතුරු දුන්නේ ය.

    :oo::baffled:

    ලෝක වාර්තාව


    “තමුසෙ එක දිගට දවස් ගානක් නිදි මරලා ලෝක වාර්තාවක් තිබ්බයි කියල ආරංචි වෙලයි මම මේ ආවේ මොනවද තමුසෙ නිදා ගන්නෙ නැතුව කළේ හැබෑට...” තම මිතුරාගේ හපන්කම ගැන උදම් වූ අරුණ මනෝජ් ගෙන් විමසීය.

    “මම එක දිගටම කල්පනා කර කර හිටියා...” මනෝජ් කීවේය.
    “කල්පනා කළා...” මොනවා ගැනද?” අරුණ විමතියෙන් විමසීය.
    “කොහොමද ලෝක වාර්තාවක් තියන්නෙ කියල” මනෝජ් කීවේය.

    :P

    කෙටි ආමන්ත්‍රණය


    චමරි ගුරුතුමිය දිනක් තම පන්තියේ සිසු සිසුවියන් හට ඉංග්‍රීසි පාඩමේ දී මෙලෙස කීවා ය.

    “දැන් අපේ සමාජේ ඉංග්‍රීසි වචන කෙටි කරලා කතා කරන එක මෝස්තරයක් වෙලා. ඩැඩීට ‘ඩැඩි’ කියනවා. මමීට ‘මම්’ කියනවා. මොඩර්න් කියන එකට ‘මොඩ්’ කියනවා. ‘පොපියුලර්’ කියන වචනය වෙනුවට ‘පොප්’ කියල කියනවා.”
    “එහෙම නං මැඩම් අපිත් මීට පස්සෙ ඒ වගේ කෙටි කරල මැඩම්ට කතා කරන්නං...” අමාරුකාර සිසුවකු වන ලක්ෂ්මන් කීවේය.
    “ඒ කොහොමද ඒ...?” විමතියට පත් චමරි ටීචර් තම ලොකු දෑස තවත් අයා ඇසුවාය.
    “අපි මැඩම් වෙනුවට ‘මෑඩ්’ කියන්නං” ලකියා කීවේය.

    :rofl:

    එතකොට පෙනෙයි


    “අද අහසෙ එක තරුවක් වත් පේන්ඩ නැහැ නේද මනෝරි” සති අන්තයේ තම පෙම්වතිය බැලීමට ගිය තිලංක ඔවුන්ගේ නිවෙස ඉදිරිපිටට බංකුවක වාඩි වී සිටියදී රාත්‍රි අහස දෙස බලා කීවේ ය.

    “අපි ඉක්මනට බඳිමු අනේ. එතකොට තරු පෙනෙයි...” මනෝරි, නිලංකගේ සුරත වෙලා ගනිමින් කීවා ය.

    :lol:

    අරවා මදි


    “මේ බෙහෙත් බෝතලෙන් හැඳි 02 ක් දිනපතා උදේ, දවල්, රෑ කෑමෙන් පස්සෙ ගන්ඩ” අලුතෙන් විවෘත කළ වෛද්‍ය දීපානි ගේ ඩිස්පැන්සරියේ කවුන්ටරය ඇතුළේ සිට බෙහෙත් දෙන සෝමාවතී කවුන්ටරය ඉදිරිපිට සිටගෙන සිටි රෝගී කාන්තාව දෙස නොබලා ම බෙහෙත් බෝතලය දිගු කරමින් කීවා ය.

    “මේස හැන්දෙන් ද තේ හැන්දෙන් ද?” රෝගී කාන්තාව කවුන්ටරය වෙත මඳක් ළංව විමසුවා ය.
    එවර හිස ඔසවා අසාමාන්‍ය ලෙස මහත ඇඟපතකින් යුත් රෝගී කත දෙස බැලූ සෝමාවතී මෙසේ පිළිතුරු දුන්නා ය.
    “පොල්කටු හැන්දෙන් දෙකක් ගන්ඩ.”

    :oo::dull:

    කලින් ලෙඩෙක්


    “දොස්තර මහත්තයට මුණ ගැහෙන්ඩ මළ ගිය පරාණකාරයෙකු ගෙ අවතාරයක් දැන් ඇවිත් ගියා.” තම ඩිස්පැන්සරියට පැමිණීමට පමාවූ වෛද්‍ය ගුණසේකර ප්‍රතිකාර ඇරඹීම සඳහා සූදානම් වෙමින් සිටියදී කාමරයට ඇතුළු වූ ඔහුගේ සහායකයා වන මාටින් කීවේ ය.

    “මොනවා...?” තමුසෙ කොහොමද ඒ ආවේ අවතාරයක් කියල දැනගත්තේ?” වෛද්‍යවරයා කරමින් සිටි කාරිය නවතා ඇසීය.
    “දොස්තර මහත්තයාගෙන් කලින් බේත් ගත්ත ලෙඩෙක් කියල කිව්වේ...” මාටින් කීවේය.

    :angry::lol:

    ~silumina~
     
    • Like
    Reactions: ac2000