"සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය |
Theme Song - Swiss Family Robinsons
![]()
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....
වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..
සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........
ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල්