සරණාගතයන් ලෙසින් පැමිණි ත්රස්තවාදීන් ලංකාවේ!
පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය ඉන්දියාව වැනි රටවලින් සංචාරක වීසා ලබාගෙන තමන්ට එම රටවල ජිවත් වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා ලංකාවට අල්කයිඩා,ජිහාඩ් වැනි අන්තවාදී ත්‍රස්ත සංවිධානවල පිරිස් පැමිණි ඇති බවට වාර්තා වේ.
මෙම පිරිසෙන් බොහෝ අය කොළොඹ ,මහනුවර,කළුතර වැනි ප්‍රදේශ වල නවාතැන් ගෙන ඇත.ශ්‍රීලංකාව එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට යටත්වන රටක් ලෙසට එක්සත්ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා පමිණි පිරිස් පිටුවහල් කිරීමට අයිතියක් ද නොමැත.
නමුත් අදාළ ත්රස්තවාදීන් ලංකාවට ඇතුල් වීමේදී ඔවුන් පිලිබඳ ඒ ඒ රටවල තානාපතිවරුන් හා බුද්ධි අංශ මගින් පරික්ෂා කොට ඔවුන්ට විසා ලබා දුනි නම් මේ තත්වය වලක්වා ගත හැකිව තිබුණි.








