breaking news_ජපන්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ජපන් න්‍යෂ්ටික බලාගාරයේ
    අර්බුදය බරපතල වේ


    15-1.jpg


    * විකිරණවල තත්ත්වය සෞඛ්‍යයට හානි කරයිලු.

    * ෆුකුෂිමා අංක 2 බලාගාරයේ ආරක්‍ෂක මුද්‍රdව කැඩී යයි.

    * තත්ත්වය බරපතල විය හැකි යෑයි අනතුරු ඇඟවේ

    * 140,000 කට නිවස තුළට වී ඉන්නැයි ජපන් රජය ඉල්ලා සිටී.

    * ටෝකියෝ අගනුවරට රිච්ටර් මාපකයේ 9.0 භූමිකම්පාවක්‌ ගැන බියක්‌ ඇතිවේ.


    ජපානය න්‍යෂ්ටික විපතකට ගොදුරුවීමෙන් වළක්‌වා ගැනීමේ භාර දූර කාර්ය පැවරී තිබුණේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තවමත් රැඳී සිටින තාක්‍ෂණ ශිල්පීන් පනස්‌දෙනකු වෙතය.

    මේ තාක්‍ෂණික ශිල්පීහු විදුලිබලය, ජලය හෝ දුරකතන පහසුකම් කිසිවක්‌ නැති ෆුකුෂිමා ප්‍රදේශයේ රැඳී සිටිමින් බිහිසුණු න්‍යෂ්ටික බලය අක්‍රිය කිරීමේ මෙහෙයුමක නිරත වී සිටියහ.

    ප්‍රංශ න්‍යෂ්ටික ආරක්‍ෂක ඒජන්සිය දක්‌වන අන්දමට පෙරේදා (15 දා) සවස අංක 2 ජපන් බලාගාරයේ ආරක්‍ෂිත මුද්‍රව පිපිරිණි. මේ නිසා තාක්‍ෂණ ශිල්පීන්ට පාලන මැදිරිය තුළ කටයුතු කිරීමට බරපතල ප්‍රශ්නයක්‌ වී ඇත. ජපන් එන්. එච්. කේ. රූපවාහිනී සේවාව ඊයේ හෙළි කළේ ෆුකුෂිමා සංකීර්ණයේ සියලුම බලාගාර බරපතල ප්‍රශ්නයක ට ලක්‌වී ඇති බවයි.

    මෙය සනාථ කරමින් ජපන් අගමැති නාටෝ කාන් පැවසුවේ ජපානයේ ඉරණම රැඳී ඇත්තේ එකී ශිල්පීන් පනස්‌දෙනා මත බවයි.

    මේ පිsරිස ජාතික විපතක්‌ හමුවේ කැපවී සිටිනවා. න්‍යෂ්ටික බලාගාරය වෙත තවදුරටත් මුහුදු ජලය පොම්ප කරමින් උදාර කාර්යයක නිරත වෙනවා. බලාගාරයේ විකිරණ පැතිරීම නතර කිරීමට ඔවුන්ට හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා යෑයි ජපන් අගමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

    එහෙත් ඊයේ දහවල් වන විට තත්ත්වය භයානක වීම නිසා එකී තාක්‍ෂණික ශිල්පීන් ඉවත් කර ගැනීමට ජපන් රජය ක්‍රියා කළේය. මෙයට හේතු වූයේ අංක 4 බලාගාරයේ ද ගින්නක්‌ ඇතිවීමයි. මෙම ගින්න නිසා න්‍යෂ්ටික විකිරණ මට්‌ටම ඉහළ ගොස්‌ තිබේ. මේ අතර ජපන් රූපවාහිනිය ඔස්‌සේ ජනතාව ඇමතූ ජපන් අගමැතිවරයා සන්සුන්ව තම නිවාස තුළට වී සිටින්නැයි ඉල්ලීමක්‌ කළේය.

    මෙලෙස ජපානය හමුවේ න්‍යෂ්ටික අනතුරක්‌ පවතින අවස්‌ථාවේ ජපන් අගනුවර වූ ටෝකියෝ නුවර රිච්ටර් මාපකයේ 9.0 ක භූමිකම්පාවක්‌ ඇති වන බවට භූ විද්‍යාඥයන් විසින් බියක්‌ පළ කර ඇත. ටෝකියෝ නුවරට සැතපුම් 114 ක්‌ ඈතින් පිහිටි ෂියුකා ප්‍රදේශයේ තවත් භූමිකම්පවක්‌ ඇතිවී ඇත.

    මෙලෙස එක්‌ පැත්තකින් භූමිකම්පා අනතුරක්‌ ගැන තොරතුරු වාර්තාවෙද්දී ජපන් විදුලි සමාගම විසින් අවසාන ප්‍රයත්නය වශයෙන් හෙලිකොප්ටරයක්‌ මගින් න්‍යෂ්ටික බලාගාරය වෙත බෝරික්‌ ඇසිඩ් රසායන විශේෂය ඉසීමට තීරණය කර ඇත.

    එසේ වුවත් න්‍යෂ්ටික බලාගාරයේ සිට සැතපුම් 23 ක ප්‍රදේශයේ සීමිත ජනතාවට ද ඉවත් වන්නැයි රජය නියෝග කර තිබේ. ජපානයේ සුන්දරත්වයෙන් අනූන වූ මිනාමිසන්ෂිකු නගරය වෙත පැමිණි සහන සේවකයෝ මහල් දහයක්‌ උසැති ගොඩනැගිලි පවා යෝධ සුනාමිය විසින් ගිලගෙන ඇති බව දැනගත්හ.

    මේ නගරයේ 17000 ක ජනතාවක්‌ සිටි බව හෙළි විය. මෙම පසුබිම මැද ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අධි විකිරණශීලිතාවය වායු ගෝලය වෙත එක්‌වීමේ අනතුරක්‌ පවතින බව ජපන් විද්‍යාඥයෝ පවසති. එහෙත් න්‍යෂ්ටික බලාගාරය මුළුමනින්ම අක්‍රිය වීමක්‌ මෙතෙක්‌ සිදුවී නැත.

    තවදුරටත් බලාගාරයේ කටයුතු මෙහෙයවීම කළ නොහැකියි විකිරණවල මට්‌ටම අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා යෑයි ජපන් කැබිනට්‌ ප්‍රකාශක යුකියෝ එඩානෝ විසින් පවසා ඇත.

    මේ අතර ආරංචි මාර්ග දක්‌වන්නේ විකිරණ ටෝකියෝ වෙත පැමිණෙන බවයි.

    මෙම බලාගාරයේ අලුතින් ඇති වූ ගින්නට හේතු වී ඇත්තේ තවත් සුළු භූමිකම්පාවක්‌ යෑයි සැක කෙරේ.



    15-2.jpg

    :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:(:(

    http://www.divaina.com/2011/03/17/feature03.html
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :nerd: mokakda bun e Certificate eka! :D
    e mehemai macho.den japane wechcha siddiya ekka Tsunami wahana enna beri kamak ne. namuth jaai certificate eka kiyanne, japanayen eyaala certify karanawa e wahanaya honda condtion eke ekak kiyala.oyala lankawe kohen hari japan wahanayak gaddi aniwaaa illanna jaai certificate eka.aniwa eeka eyalaaa denna ooni.eeka ne kiyanne ethana prashnayak!!! e nisa meeta passe wahanayak ganna kenke hari innawa nam kiyanna jaai certificate eka ellanna kiyala. :)
     
    • Like
    Reactions: Pentagram

    Similar threads