< 2011 පළාත් පාලන මැතිවරණය>

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    < 2011 පළාත් පාලන මැතිවරණය>[updating]

    ඡන්ද මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

    අරලගංවිල,මගුල්දමන විද්‍යාලයේ ස්ථාපිත කර තිබුණු ඡන්ද මධ්‍යස්ථානයට අද(17)අලුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු මේ වන විට රෝහල්ගත කර ඇතැයි අරලගංවිල පොලීසිය සඳහන් කරයි.

    අරලගංවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙවර පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 234ක් සඳහා සභිකයින් 3022දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබේ.

    ඡන්ද විමසීමේ කටයුතු සිදු වන අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා ඇති බව මැතිවරණ ‍කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සඳහන් කළේය.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වෙයි



    ඇතැම් ප්‍රදේශ වල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වූ බව පැෆ්රල් සංවිධානය පවසයි.

    මැතිවරණය ආරම්භ වීමෙන් පසුව සහ මැතිවරණය ආරම්භ වීමට පෙර ද ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

    මැතිවරණය ආරම්භවීමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට පහරදීමක්, ගල්ගමුව ප්‍රදේශයේ ඡන්ද පොළ නියෝජිතයින් පලවා හැරීමක් පිළිබඳව වාර්තා වී ඇති බව ඔහු කියා සිටියේය.

    ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම සම්බන්ධව නාවලපිටිය, බේරුවල, පුත්තලම සහ නුවරඑළිය ප්‍රදේශ වලින් වාර්තා වන බව හෙතෙම පෙන්වාදුන්නේය.

    නීති විරෝධී ප්‍රචාරණ කටයුතු හම්බන්තොට, නුවර, පුත්තලම, අම්පාර වැනි දිස්ත්‍රික්ක වැනි ප්‍රදේශ බොහොමයකින් වාර්තා වූ බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබෙන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

    කුමන දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ ද මෙවර මැතිවරණයේදී සිය ප්‍රාදේශීය ආණ්ඩුව සඳහා ඡන්දය භාවිත කරන ඔහු සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි
    .
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිත කළේය. එහිදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ද සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අයුරු මෙසේ කැමරා ඇසක සටහන්ව තිබිණි.


    d13300.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භයේ සිට මේ දක්වා මැතිවරණය ආශ්‍රිත පැමිණිලි 74ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

    මින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 13කි.

    කෙසේ වෙතත් බරපතල මට්ටමේ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව එම කාර්යාලය අප වෙත සඳහන් කළේය.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 25% - 30% අතර පවතින බව එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී එම්.එම්.කේ. හේරත් මහතා පවසයි.

    එම දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව ඔහු සඳහන් කළේය.

    එසේම ගාල්ල දිස්ත්‍රික්කය තුළ ද මැතිවරණය සාමකාමීව පැවැත්වෙන බව එහි තේරීම් භාර නිලධාරී විජේරත්න සකලසූරිය මහතා ප්‍රකාශ කළේය


    - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව -
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 55%ත් 60%ත් අතර බව පැෆ්රල් සංවිධානය පවසයි.

    පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද(17) පස්වරු 4න් අවසන් විය.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඊළඟ news ටික මම දාන්නම්
    1) තැපැල් චන්ද ගණන් කිරීම ඇරඹේ
    2) චන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනෙයි
    3) චන්දය ගණන් කිරීම ඇරඹේ ,මුල්ම චන්ද ප්‍රතිපලය අද මධම රාත්‍රියේ
    4)මෙන්න නිල චන්ද ප්‍රතිපලයක්

    ||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||​
    හෙට උදේ






    2011 පළාත් පාලන මැතිවරණයෙන් සන්ධානයට අති විශිෂ්ඨ ජයක්

    :lol::lol::lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊළඟ news ටික මම දාන්නම්
    1) තැපැල් චන්ද ගණන් කිරීම ඇරඹේ
    2) චන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනෙයි
    3) චන්දය ගණන් කිරීම ඇරඹේ ,මුල්ම චන්ද ප්‍රතිපලය අද මධම රාත්‍රියේ
    4)මෙන්න නිල චන්ද ප්‍රතිපලයක්

    ||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||​
    හෙට උදේ






    2011 පළාත් පාලන මැතිවරණයෙන් සන්ධානයට අති විශිෂ්ඨ ජයක්

    :lol::lol::lol::lol::lol::lol:


    :lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඊළඟ news ටික මම දාන්නම්
    1) තැපැල් චන්ද ගණන් කිරීම ඇරඹේ
    2) චන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනෙයි
    3) චන්දය ගණන් කිරීම ඇරඹේ ,මුල්ම චන්ද ප්‍රතිපලය අද මධම රාත්‍රියේ
    4)මෙන්න නිල චන්ද ප්‍රතිපලයක්

    ||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||
    ||||||||||||||||||||||||​
    හෙට උදේ






    2011 පළාත් පාලන මැතිවරණයෙන් සන්ධානයට අති විශිෂ්ඨ ජයක්

    :lol::lol::lol::lol::lol::lol:


    සාස්තර කියන්න යන්න යාළුවා
    ගානක් හොයා ගන්න තිබ්බ :D
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිත කළේය. එහිදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ද සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අයුරු මෙසේ කැමරා ඇසක සටහන්ව තිබිණි.


    d13300.jpg

    balagana enna oka petiya usagana duwaida danna nha , mu ethramata ma hora......
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීමේ අයිතිය ලබා ගෙන නොමැති මාධ්‍ය ආයතන සියල්ල එම ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු යැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    පළාත් පාලන ආයතන 234ක සහතික කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ විට ඒවා මාධ්‍ය වෙත ක්ෂණික ව නිකුත් කිරීම මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවන ලද පරිගණක මධ්‍යස්ථානය මඟින් සිදු කෙරේ.

    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය, ස්වර්ණවාහිනී ආයතනය, දෙරණ ආයතනය, මොබිටෙල් (පුද්) ආයතනය, එටිසලාට් සමාගම, හච් (පුද්) සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම යන ආයතන ලබා ගෙන තිබේ.

    එම ආයතනවලට අමතර ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ද නිල ඡන්ද ප්‍රතිඵල ලබා දෙන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනෙකුත් ජනමාධ්‍ය සහ වෙනත් ආයතන සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරනු ලැබේ.

    නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අදාළ ගෙවීම් සිදු නොකරන ලද ආයතන විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පමණක් ප්‍රතිඵල ලබාගත යුතු අතර එසේ නොමැති ව වෙනත් ස්ථානවලින් හෝ වෙනත් ආකාරවලින් ලබාගන්නා ප්‍රතිඵල නිල නොවන ඡන්ද ප්‍රතිඵල ලෙස විකාශය කිරීම නිසා ජනතාව නොමඟ යෑමට ඉඩ ඇති බව දිශානායක මහතා පවසයි.

    එබැවින් නිල නොවන ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නීතී විරෝධී වන බැවින් එසේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනයෙන් කියා සිටියි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    POLLING DISTRICT : MATARALocal Authority :
    Weligama Urban Council


    United People's Freedom Alliance 7,246 63.54% 7
    United National Party 3,622 31.76% 3
    Sri Lanka Muslim Congress 353 3.10% 0
    People's Liberation Front 164 1.44% 0


    VALID 11403 97.53 %
    REJECTED 289 2.47 %
    POLLED 11692 74.5 %
    ELECTORS 15694
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Kurunegala District
    Kuliyapitiya Urban Council



    United National Party 1,745 55.00% 6
    United People's Freedom Alliance 1,370 43.18% 3
    People's Liberation Front 56 1.76% 0
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Matara District
    Kirinda-Puhulwella Pradeshiya Sabha

    United People's Freedom Alliance 8,276 78.95% 5
    United National Party 1,878 17.92% 1
    People's Liberation Front 319 3.04% 0
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එළ කිරි.

    ඩප්පියක් වත් නොගහා පවත්වන ඡන්දත් ඡන්ද ද?

    යන්තම් ඇති දැන් තමයි පොඩි ත්‍රිල් නිව්ස් එකක් අහන්න ලැබුනේ.