වර්ෂ 2000 දී සාගර විශ්වවිද්‍යාලයයේ සචිත්තානන්ද නමැති කථිකාචාර්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් ලියා තියෙනවා. 2000 වසරේ දී යැවූ මේ ලියවිල්ල 2007 වනතුරු ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ.
මේ ලියවිල්ල ලියා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයටයි. සිංහල රට කියන මේ රට ඉස්සර දෙමළ රජවරු පාලනය කළ බව ඒ ලියැවිල්ලේ ඔහු කියා තියෙනවා.
වර්ෂ 1815 දී දෙමළ රජවරුන් විසින් මේ රට ඉංග්‍රීසින්ට භාර දී ඇත. වරද වී තිබෙන්නේ 1815 දී දෙමළ අය විසින් භාර දුන් රට ඉංග්‍රීසීන් 1948 ආපසු භාර දෙනවිට එය සිංහල අයට භාරදීමයි කියන ඔහු වරද වී ඇත්තේ ඒ බව යැයි දැඩිව පෙන්වා දෙනවා.
ලංකාවේ තිබෙන සියලුම ගම් දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට තිබෙන බව ඔප්පු කරන්ට හදනවා. අම්බලන්තොට - අම්බලන්තොටේයි, පානදුර - පානදුරේයි, හම්බන්තොට - හම්බන්තොටේයි ඒ වගේ ලංකාවේ නම් ගම් අගට දෙමළ ඌරුවේ වචනයක් දමා මේ ලියැවිල්ල මුළු ලෝකයටම ඉදිරිපත් කර තියෙනවා.
විදේශීය රටවල මේ දෙමළ නිජබිම පිළිබඳව පුදුමාකාර විදියේ සංකල්පනාවක් මේ ලියැවිල්ල නිසා ඇති වී තිබෙනවා.
නමුත් 2007 වසර වනතුරු මේ ලියැවිල්ල පිළිබඳව ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමාට මේ ලියැවිල්ලේ පිටපතක් ලැබී, ඊට පිළිතුරු යැවීම සඳහා එය අප වෙත භාර දී තිබුණා. අපේ නැඟෙනහිර පළාතේ තිබෙන සිංහල බෞද්ධ උරුමය පිළිබඳව අපි ඒ පිළිතුරේ පැහැදිලිව සටහන් කර තියෙනවා.
එය දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයට යවා ඇති. මේ ලියැවිල්ල යන තුරු මේ රටේ ඉතිහාසය විකෘති කොට, මේ කියන ඒවාට පැහැදිලි පිළිතුරක් අපේ රටේ කිසිම විද්වතකු ඉදිරිපත් කොට නැහැ.
එය ඉතාම කනගාටුවට කාරණයක්. මා මේ කාරණය කියන්නේ නැඟෙනහිර පළාත දෙමළ නිජ බිමක් කියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතිත්වය දරන අය විශාල ව්‍යාප්තියක් මේ මතය පිළිබඳ ව ලෝකයේ ඇති කර තිබීම නිසයි.

මෙන්න ඉන්නව ප්‍රශ්න විසඳන්න නියම මොලකාරයො. මෙන්න මේ වගේ මොලකාරයො නිසා තමය් ඉස්සර කාලෙ ජාති කලබල ඇති වෙලා අහින්සක මිනිස්සු දහස් ගානක් මැරුනෙ