ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වර්ෂ 2000 දී සාගර විශ්වවිද්‍යාලයයේ සචිත්තානන්ද නමැති කථිකාචාර්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් ලියා තියෙනවා. 2000 වසරේ දී යැවූ මේ ලියවිල්ල 2007 වනතුරු ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ.

    මේ ලියවිල්ල ලියා තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයටයි. සිංහල රට කියන මේ රට ඉස්සර දෙමළ රජවරු පාලනය කළ බව ඒ ලියැවිල්ලේ ඔහු කියා තියෙනවා.

    වර්ෂ 1815 දී දෙමළ රජවරුන් විසින් මේ රට ඉංග‍්‍රීසින්ට භාර දී ඇත. වරද වී තිබෙන්නේ 1815 දී දෙමළ අය විසින් භාර දුන් රට ඉංග‍්‍රීසීන් 1948 ආපසු භාර දෙනවිට එය සිංහල අයට භාරදීමයි කියන ඔහු වරද වී ඇත්තේ ඒ බව යැයි දැඩිව පෙන්වා දෙනවා.

    ලංකාවේ තිබෙන සියලුම ගම් දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට තිබෙන බව ඔප්පු කරන්ට හදනවා. අම්බලන්තොට - අම්බලන්තොටේයි, පානදුර - පානදුරේයි, හම්බන්තොට - හම්බන්තොටේයි ඒ වගේ ලංකාවේ නම් ගම් අගට දෙමළ ඌරුවේ වචනයක් දමා මේ ලියැවිල්ල මුළු ලෝකයටම ඉදිරිපත් කර තියෙනවා.

    විදේශීය රටවල මේ දෙමළ නිජබිම පිළිබඳව පුදුමාකාර විදියේ සංකල්පනාවක් මේ ලියැවිල්ල නිසා ඇති වී තිබෙනවා.

    නමුත් 2007 වසර වනතුරු මේ ලියැවිල්ල පිළිබඳව ලංකාවේ කිසිවකු දැන සිටියේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමාට මේ ලියැවිල්ලේ පිටපතක් ලැබී, ඊට පිළිතුරු යැවීම සඳහා එය අප වෙත භාර දී තිබුණා. අපේ නැඟෙනහිර පළාතේ තිබෙන සිංහල බෞද්ධ උරුමය පිළිබඳව අපි ඒ පිළිතුරේ පැහැදිලිව සටහන් කර තියෙනවා.

    එය දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අංශයට යවා ඇති. මේ ලියැවිල්ල යන තුරු මේ රටේ ඉතිහාසය විකෘති කොට, මේ කියන ඒවාට පැහැදිලි පිළිතුරක් අපේ රටේ කිසිම විද්වතකු ඉදිරිපත් කොට නැහැ.

    එය ඉතාම කනගාටුවට කාරණයක්. මා මේ කාරණය කියන්නේ නැඟෙනහිර පළාත දෙමළ නිජ බිමක් කියා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂපාතිත්වය දරන අය විශාල ව්‍යාප්තියක් මේ මතය පිළිබඳ ව ලෝකයේ ඇති කර තිබීම නිසයි.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නමුත් මා හිතන්නේ මේ රටේ කුඹුක්කන් ඔයේ සිට වැලිඔය දක්වා නොවේ, එතැනින් මුළු රවුමම ගොස් අනෙක් පැත්තෙන් බටහිර වෙරළේ තිබෙන මුණ්ඩිකුලම් මෝදර ගම්මානයේ මුවදොර දක්වා මේ මහා වනාන්තරයේ ගහක් ගලක් ගානේ පයින් ඇවිද්ද මට දෙමළ නිජබිම සහ මුස්ලිම් නිජබිම කියන්න හැකි එකම සාධකයක්, පුරාවස්තුවක් හෝ වේවා, සෙල්ලිපියක් හෝ වේවා වෙන යම්කිසි දෙයක් හෝ වේවා මේ භූමියේ කිසිම තැනකදී හමු වී නැහැ.

    බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළි දැක්වූ ‘සිංහල බෞද්ධ උරුමය උතුරු නැඟෙනහිර පළාත’ නමැති මගේ ග‍්‍රන්ථයේ අලුත්ම සංස්කරණය බලන්න.

    මේ ග‍්‍රන්ථයේ සඳහන් කර තිබෙන මේ කරුණු නැඟෙනහිර පළාතේ උතුරු පළාතේ තිබෙන අපේ උරුමය ප‍්‍රකාශ කරන සංකේතවලින් 10% ක් පමණයි.

    ඒ අනුව ඒ උරුමය පිළිබඳ කරුණු කොතෙක් නම් ප‍්‍රකාශ කළ හැකි දැයි පෙනෙනු ඇති.

    ඒ නිසා මේ භූමියේ නිජබිම් සංකල්පය ගැන කතා කරන්න පුළුවන් පුරාවස්තුවක් හෝ වැව් අමුණක් හෝ එහෙම නැතිනම් වෙනත් දේව සංකල්පයක් දක්වන සටහනක් හෝ කිසිම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නැහැ. ඉතිහාසය වශයෙන් බලනවිට කිසිම දෙයක් පෙන්වන්නට නැති නිසා අපට දෙමළ නිජබිම ප‍්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා.

    එසේ නම් මේ භූමියේ දකින්නට ලැබෙන්නේ මොනවාද? කුඹුක්කන්ඔයේ සිට කෝකිලායි කලපුවට ගලා බසින වැලිඔය නමින් හඳුන්වන මාඔය දක්වා මේ තීරයේ දකින්නට ලැබෙන වෙහෙර විහාර පද්ධතියේ කීපයක් අපි සාකච්ඡාවට භාජනය කළ යුතුයි.

    එක පැත්තකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙන ආ ථෙරවාදී බුදුදහම ඉතාම සශ‍්‍රීකව මේ නැඟෙනහිර පළාත තුළ පැතිරී තිබුණු බවට සාධක අපට දකින්නට හැකියි.

    තිරිකුණාමලේ වැලිඔය කෙළවර තිබෙන බ‍්‍රාහ්මීය සෙල්ලිපියක් ගත් කල ඒ බ‍්‍රාහ්මීය සෙල්ලිපිය කිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේ මුල්ම බ‍්‍රාහ්මීය අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපියක් කියමු.

    (මෙහි මා ඒ සෙල්ලිපිය දක්වා ඇත) ඒ සෙල්ලිපියේ ඇති අකුරුම, ඒ සෙල්ලිපියේ තිබෙන භාෂාවම, ඒ සෙල්ලිපියේ තිබෙන සංස්කෘතියම, කුඹුක්කන්ඔය මෝයේ බෝවත්තේගල නමැති ස්ථානයේ තිබෙන සෙල්ලිපියක් ගත්විට අපට දක්නට ලැබෙනවා.

    මේ අතර තිබෙන ඒවායේත් ඒ විදියටම දකින්නට ලැබෙනවා. නැෙඟනහිර පළාතේ දකුණු කෙළවරේ පාවිච්චි කළ අකුරු, ඒ විදියටම උතුරු කෙළවරේත්, මැදත් පාවිච්චි කර ඇති බව මෙයින් පෙනෙනවා.

    ඒ වගේම ඒවායේ දකින්ට තිබෙන භාෂාව එක හා සමානයි. ඒ වගේම එයින් දකින්නට ලැබෙන සංස්කෘතිය මේ කියන නම්ගම්, පූජා සංස්කෘතිය මෙහි එක සමානව දක්නට ලැබෙනවා.

    එහෙම නම්, එකම උරුමයක් පෙන්නුම් කරන ශිලාලේඛන පද්ධතියක් මේ නැඟෙනහිර පළාත පුරාම පැතිරී තිබුණ බව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළා. දීඝවාපී භූමියේ භික්ෂුන් වහන්සේලා 500 නමක් පමණ වැඩ සිටියා.

    සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ව මහාවිහාර සංකල්පය ගත් කල අඩුම වශයෙන් අක්කර 500 ක ප‍්‍රදේශයකවත් මහාවිහාරයක් පැතිරී තිබිය යුතු යයි කල්පනා කරනවා.

    දිවා විහරණය කළ රහතන්වහන්සේලා 500 නමක් එක ළඟ එකට හේත්තු වෙන්න වර්තමාන සමූහ භාවනා කරනවා වගේ නොව අද හාමුදුරුවරු, ගිහියෝ එකට එක හේත්තු වෙන්න සිටිමින් සමූහ භාවනා කරනවා.

    නමුත් එදා මහ රහතන් වහන්සේලා සෑහෙන දුරකින් වැඩ සිටියේ. මේ අනුව දීඝවාපී පුදබිම කොතරම් විශාල ප‍්‍රමාණයක් පැතිරී තිබෙන්නට ඇතිදැයි පැහැදිලි වෙනවා.

    ඒ තරම් විශාල පුද බිමක් පරිහරණය කරන්න, භික්ෂූන් වහන්සේලා නඩත්තු කරන්න මොන තරම් විශාල ප‍්‍රමාණයක බෞද්ධ ජනපදයක් බිහිවී තිබෙන්නට ඇද්ද? දීඝවාපිය ආසන්නයේ ම තිබෙන ගල්ලෙන් පද්ධතියක් තුළ විශාල දීඝවාපී නගරයක් තිබුණු බවට දක්වා තියෙනවා.

    එය සෙල්ලිපියේ සඳහන් වන්නේ දිගවපි පොරණ නමින්. මේ දීඝවාපි නමැති නගරය අපේ බෞද්ධ උරුමයක් වශයෙන් ථෙරවාදි බුදුදහමේ ප‍්‍රධාන මහාවිහාර පද්ධති එකක් ලෙසට අපේ වංශකථාවල, ඉතිහාසයේ ශිලා ලේඛන ආදිය ආශ‍්‍රය කරගෙන අපට දකින්නට ලැබෙනවා.

    මිහිඳු හිමියන් වැඩියේ මිහින්තලයටයි. මේ පිළිබඳව මතභේද ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ කරනවිට මිහිඳු හිමි කුරුන්දන්මලයට වැඩි බවටද, මැදවච්චියේ තිබෙන ඉසින්බැස්සගලට වැඩි බවටද යනාදි මතාන්තර හමු වෙනවා.

    නමුත් අප දැනට පිළිගෙන තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩි බවයි.

    නමුත් මිහිඳු මහරහතන්වහන්සේ හෝ උන්වහන්සේ සමඟ වැඩම වූ මහරහතන් වහන්සේලා ගැන හෝ සඳහන් වන තත්කාලීන එකම ශිලාලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමු වී නැහැ.

    ස්වාමීන් වහන්සේලා සිවුනමකගේ නම් සම්බන්ධ වන එකම ශිලාලේඛනයක් තිබෙනවා. නමුත් එය කොටා ඇත්තේ මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් පමණ ගත වූ පසුවයි.

    නමුත් නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල නමැති ස්ථානයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ වර්ෂයේ මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් ගැන සඳහන් කර තිබෙන සෙල්ලිපියක් හමු වුණා.

    “යේ ඉමේ දීප පටම ය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ” මෙයින් කියැවෙන්නේ මේ රටට ඍද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය හා මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ථූපයයි යනුවෙන්.

    මේ සෙල්ලිපිය ඇත්තේ ගල්පොත්තකයි. සෙල්ලිපිය තිබුණු තැන කැට ගල්වලින් තැනූ චෛත්‍යයක් වෙයි. අද ගඩොළු භාවිතයට පෙරාතුව එදා කැටගල් භාවිතයෙන් අපේ චෛත්‍ය තනා තිබෙන බවද මෙයින් පේනවා.

    ඒ කැටගල් ගොඩ ඇති ස්ථානයේ මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය හිමියන් ගේ භෂ්මාවශේෂ නිදන්කොට චෛත්‍යයක් කරවා තිබූ බවයි ඒ සෙල්ලිපියේ කොටා තියෙන්නෙ. මෙය ලංකාවේ තිබෙන පැරැණිම සෙල්ලිපිවලින් එකක්.

    අනෙක් අතට මේ ලිපියේ වැදගත් ශාසනික කරුණුත් පැහැදිලි කරනවා. මේ ලිපියේ පළමුව සඳහන් කර ඇත්තේ ඉට්ඨිය හිමියන් ගේ නමයි. උපසම්පදාවෙන් වැඩිමහලු හිමියන් ගේ නම මුලින් සඳහන් කිරීමේ ප‍්‍රතිපත්තියක් අපේ සංඝයා වහන්සේලා අතර තිබුණු බව මෙයින් අපට පෙනී යනවා.

    එහෙම නම් චෛත්‍යය කරවා එය අධිගෘහිත වූ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට නමස්කාර කරන්නේ ස්තුති කරන්නේ කවුරුන්ද? තපස්සු භල්ලුක නමැති වෙළෙඳ ගණයායි. ත‍්‍රපුශ්‍යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. වණික් ගණෛº යනු වෙළෙඳ ගණයායි.

    වෙළෙඳ ගණයා යනු වාණිජ ආයතනයන්, සංවිධාන, කෝපරේෂන්. මේ වාණිජ ආයතන කි‍්‍රස්තු පූර්ව යුගයේ අපේ ශිලාලේඛනවල සඳහන් කර තිබුණේ පූග යනුවෙන්. කබොජි යන මහපුහි යන ලෙනේ.

    බෝවත්තේගල සෙල්ලිපියක සඳහන් වන්නේ කාම්බෝජීයයන්ගේ මහා වෙළෙඳ ශ්‍රේණිය යනුවෙන්. ඒ අනුව පූග යන වචනය ඒ කි‍්‍රස්තු පූර්ව යුගයේ ශිලාලේඛනවල මේ වාණිජ ආයතන පිළිබඳව සඳහන් කර තිබෙන්නෙ.

    තපස්සු භල්ලුක දෙදෙන ගැනද සඳහන් වෙනවා. මේවායේ තිබෙන්නේ 08 වන 09 වන සියවස්වලට පමණ අයත් භාෂාවයි. ඒ සංස්කෘත භාෂාවෙන් කියැවෙන්නේ අර පැරැණි වෘත්තාන්තය පදනම් කර ගෙන මෙය කුමන හෝ ලේඛකයකු විසින් කර තිබෙන බවයි.

    ත‍්‍රපුශ්‍යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. තපස්සු භල්ලුක වෙළෙඳ ගණයා විසින්.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපේ බුද්ධචරිතයේ කියැවෙන තපස්සු භල්ලුක වෘත්තාන්තයත්, මේ සංස්කෘත ලිපියේ සඳහන් වන මේ කාරණයත් පිළිබඳව හොඳ පැහැදිලි සංසන්දනයක් අපට දකින්නට හැකි වෙනවා.

    මේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය, බෝධිසත්ව සංකල්පය අපට ලැබී ඇත්තේ මහායාන බුදුදහමේ ආභාසය නිසයි.

    ඊළඟට යාංඔය මුහුදට වැටෙන තැනට ආසන්නව කුච්චවේලි නමැති පැරැණි විහාරය දැන් පොලිස් මුරපොළක් බවට පත් කරලා. අප පැහැදිලිව අපේ උරුමය පිළිබඳ අවබෝධ කර ගත යුතු නිසා මේවා වැඩියෙන් අවධාරණය කළ යුතුයි.

    බෞද්ධ නටබුන් සමූහයක් තිබෙන මුහුදට නෙරා ගිය විශාල ගල් පර්වත වළල්ලක් කුච්චවේලි ස්ථානයේ තිබෙනවා. ඒ පර්වත වළල්ලේ ගල් බෑවුමක කොටු ගසා ඒ කොටු 16 කට බෙදා ඒ කොටු 16 චෛත්‍ය 16 ක් කොටවා උන්නතව මතු කොට තිබෙනවා.

    කොටු 16 ක්, චෛත්‍ය සංකේත කොත් කැරැල්ල තිබෙන සංකේත සහිතව මතුකර තිබෙන්නෙ. චෛත්‍ය 16 ක් සකස් කරලා ඊට යටින් සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක දෙකක් ලියලා. ඒ ගාථා දෙක ලියූ ලේඛකයා ගැන සඳහන් වෙන්නෙ නෑ.

    නමුත් ඔහු කියනවා අනේන සර්වං ව්‍යපනීය දුක්ඛං ආදී වශයෙන් මම මේ ගාථා පොතේ සඳහන් කර තියෙනවා. මේ චෛත්‍ය කර්මාන්තය කරවන ලද පිනෙන් මට බුදු බව ලැබේවා, ලෝකයාටත් බුදු බව ලැබේවායි ඔහු කියනවා.

    සියලු දෙනාම බුදු බව ප‍්‍රාර්ථනා කිරීම මේ බෝධිසත්ව සංකල්පය සමඟ ආ දෙයක්. මහායාන බුදුදහමේ අපි දන්නවා ශ‍්‍රාවකයාන වගේ ඒවා පිළිගන්නේ නැහැ. බුදුවෙලාම නිවන් දකින්න කියලා මහායාන ප‍්‍රචලිත අදහසක්.

    එනිසා මේ ප‍්‍රාර්ථනාව කුච්චවේලිය කරවලා ඒ ප‍්‍රාර්ථනාව කිරීමට නම් මේ කුච්චවේලි විහාරය ආශ‍්‍රිත ව මහායාන බුදුදහමේ ආභාසය කොතෙක් දුරට පවතින්නට ඇතිදැයි අපට පැහැදිලි වෙනවා.

    ඊළඟට ඉතා ම සරලව, වැඩි විස්තර නොකොට අපි දකුණට ආවිට මුහුදු මහා විහාරය මුස්ලිම් ගෙවල් සමූහයක් මැද ගල් කණු කීපයක් මතු වී තිබුණා. 1960 ගණන්වල මම ඡායාරූපයක් ගන්නා විට ගල් කණු කීපයක් පමණක් මතුවී තිබුණා.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්විට මෙය කැණ පරීක්ෂා කිරීමේදී මෙතැන විශාල බුදු මැඳුරක් මතු වී තියෙනවා. අක්කර 30 ක පමණ ප‍්‍රමාණයක් නටබුන් තිබෙනවා. මුහුදටත් බිලි වී තිබෙනවා.

    ඒ බුදුමැඳුරේ විහාරය ඇතුළත මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දෙපැත්තෙන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේත්, අනෙක් පැත්තෙන් මෛතී‍්‍ර බෝධිසත්වයන්ගේත් රූප දෙකක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන සිටින ආකාරයට නිමවා ඇත. මේ බෝධිසත්ව රූප දෙක මැද

    බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මේ නිර්මාණ සාමාන්‍යයෙන් 09 වන සියවසට පමණ අයත් වෙනවා. මෙයින් පිළිබිඹු කරනවා නැඟෙනහිර පළාතේ ඉතාම දකුණට වෙන්නට දැන් අපි කියූ දඹේගොඩ බෝධිසත්ව ප‍්‍රතිමාව වාගේ ඒවා දැනට අයිති වෙන්නේ වෙන පළාතකට නිසා මා ඒවා කතා කරන්නේ නැහැ.

    ඒ සමඟම දැන් පොතුවිල්වල තිබෙන මේ බෞද්ධ විහාරයෙන් අපට පිළිඹිබු කෙරෙන්නේ මහායාන බුදුදහම මේ ප‍්‍රදේශයේ ව්‍යාප්ත වී තිබුණු ආකාරයයි.

    ඒ සමඟම සමහර කැලෑබද ප‍්‍රදේශවල ගල්ලෙන් පරීක්ෂා කර ගෙන යන විට සාමාන්‍ය වර්තමාන රුපියලේ කාසියක තරම් ප‍්‍රමාණයේ මැටි කැටවල එක් පැත්තක් හොඳින් සිනිඳු කර ඒ පැත්තේ ඉරි ගසා ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව නාගරීය අක්ෂරයෙන් කොටා තිබී හමු වී ඇත.

    මට ඒ මැටි කැට 10 ක් පමණ හමු වී තිබෙනවා. ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව මහායානිකයන් අතර බොහෝ ප‍්‍රචලිත ගාථාවක්. මේ සියල්ල එකතු කර බැලූ කල්හි නැඟෙනහිර පළාත තුළ දක්නට ලැබෙන බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ අතර අපේ බෞද්ධ උරුමය පිළිඹිබු කරන 100% ක් සංකේත දකින්නට ලැබෙන බව අපට පැහැදිලි වේ.

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනෙක් අතට මේ භූමිය මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇත්තේ සිංහල මිනිසුන්. ඒ වගේම ජනපද බිහි කළේ සිංහල මිනිසුන්. ඒ වගේම මේ ප‍්‍රදේශවල සංස්කෘතියක් බිහි කළේ සිංහල මිනිසුන්.

    ඒ සංස්කෘතිය සහස්සවත්ථුප්පකරණය, සීහල වත්ථුප්පකරණය, රසවාහිනිය වැනි අපේ රටේ බණ කතා පදනම් කරගෙන ලියැවුණු ග‍්‍රන්ථවල ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. කුඹුක්කන්ඔයේ සිට වැලිඔය දක්වා තිබෙන මේ දිගටි තීරුවේ දහස් ගණනක් නටබුන් පුරාවස්තු අපට දක්නට ලැබෙනවා.

    ඒ සියලුම නටබුන් අපේ ථේරවාදී බුදුදහම සහ එක්තරා ප‍්‍රමාණයකට පැතිරුණු මහායාන බුදුදහමේ ආභාසය, බෞද්ධ සංස්කෘතිය, ඒ වගේම සිංහල උරුමය මේ ප‍්‍රදේශයේ තහවුරු වී තිබුණු බව ඒවා අපට පිළිබිඹුකර දෙනවා. ඒ නිසා මේ පිළිබඳව අප මීට වඩා දැඩි අධ්‍යයනයක් කළ යුතුයි.

    හමුදාව විසින් සාම්පූර් නිදහස් කර ගැනීමෙන් දින දෙක තුනකට පසු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මා එහි ගියා. ඊළඟට තොප්පිගල නිදහස් කර ගැනීමෙන් දින දෙකකට පසු තොප්පිගල ප‍්‍රදේශයටත් මා ගියා.

    විශ්වාස කරන්න, මා 1960 ගණන්වල මේ ප‍්‍රදේශවල ගවේෂණය කර තිබුණත්, අලුතෙන් ගොස් ගවේෂණය කරන විට මේ ස්ථාන දෙකේ තිබී මට අමුතුම ස්ථාන රාශියක් හමු වුණා. දළදා වහන්සේ වැඩම වූ ලංකාපටුන ආසන්නයේ තිබෙන සාම්පූර් හා ලංකාපටුන අතර කල්අඩි නමින් හඳුන්වන ස්ථානය ඉන් එකකි.

    මේ ස්ථානයේ තිබී ශිලා ලිපි 06 ක් මට හමු වුණා. එයින් පළමු වන සෙල්ලිපිය මා එතැනදී කියවා අපේ හමුදා රණවිරුවන්ට පැහැදිලි කරදුන්නා. “ඇමති රබයෙමි මහ දටික මහනක රජ පහන පවත විහරහි” යනුවෙන් මේ ලිපිය පටන්ගෙන තිබුණා.

    මේ අනුව, ‘රබය නැමති ඇමතියා වෙමි මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරය.” මේ ඇමති කර ඇත්තේ මොනවාද? සේරුවිල ප‍්‍රදේශයේ තිබුණු බැංකුවක කහවණු 500 ක් තැන්පත් කිරීමයි.

    සෙල්ලිපියේ බැංකුවේ නම සඳහන් වන්නේ තඹවටිය යනුවෙනි. මහා වෙළෙඳ නගරයක තිබුණු බැංකුවක්. තඹවටිය වෙළෙඳ නගරයේ බැංකුවේ කහවණු 500 තැන්පත් කර, එයින් ලැබෙන පොලිය මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරයට භික්ෂූන්ගේ නමින් පූජා කර තිබෙනවා.

    ඊළඟට තවත් සෙල්ලිපියක තිබෙන්නේ මහසෙන් රජතුමාට අයත් කුඹුරක් සේරුවිල ප‍්‍රදේශයේ තිබුණු බවත්, මේ කුඹුරෙන් කපාගන්නා ධාන්‍ය, වීවලින් රජතුමාගේ ධාන්‍ය කොටස සේරුවිල ප‍්‍රදේශයේ මහා වෙළෙඳ නගරයක් වූ තුඹවටිය බැංකුවේ තැන්පත් කළ බවයි. කලින් බැංකුව තඹවටිය නම් වුණා. එම ධාන්‍ය පොලියෙන් මේ විහාරස්ථානයේ මංගල සෑය නඩත්තු කිරීමට රජතුමා නියම කර ඇත.

    අප මෙතෙක් කල් දැන ගෙන සිටියේ ධාන්‍ය බැංකු ලංකාවේ බැංකු ක‍්‍රමය පිළිබඳ ශිලාලේඛන දෙකකිනි. එකක් නම් වව්නියාවේ තෝනිගල සෙල්ලිපියයි. අනෙක නිමලව තිබෙන සෙල්ලිපියයි.

    නමුත් දැන් මෙතන වෙළෙඳ නගර දෙකක්, බැංකු දෙකක්, ජාත්‍යන්තර මට්ටමේ දියුණු වී තිබුණු සේරුවිල ප‍්‍රදේශයේ නැඟෙනහිර පළාතේ කොහොමද අපේ උරුමය මෙන්න මේ ආකාරයට සඳහන් වන අතිශය වැදගත් ශිලාලේඛන සමූහයක් අපේ බෞද්ධ උරුමය පෙන්නුම් කරනවා.

    ඊළඟට මා තොප්පිගල ගොස් තොප්පිගල ළඟම ඊට හේත්තු වී වාගේ තිබෙන කුංචනාමලේ කන්ද තරණය කළා. ඒ යන අවස්ථාව වනවිට ඒ පාරේ යෑම ඉතා භයානකයි. ඒ නිසා හමුදා භටයන් පය තබන ස්ථානවලම පය තබමින් යෑමට සිදුවුණා.

    එලෙස ගොස් කුන්චනාමලේට නැඟ බැලූ විට ගල් ලෙන් සමූහයක් තිබුණා. එක සෙල්ලිපියක “ඇමති රබයෙමි කරිත ලෙනෙ” යනුවෙන් තිබිණි. රබය ඇමතිවරයා කළ ලෙන. දැන් සාම්පූර්වල කල්අඩි නමැති ස්ථානයේ මහාදාටික මහානාග රජ කාලයේදී ඒ විහාරයට පූජා කළ රබය ඇමතිවරයාම තොප්පිගල කුංචනාමලේ ගල්ලෙනත් මහාසංඝයා වහන්සේට පූජා කර ඇති බව පෙනෙනවා.

    දැන් මේ අපේ උරුමය ගැන මොනවද අපි කතා කරන්නේ. එහි තිබෙන්නේ සම්පූර්ණයෙන් ම අපේ සිංහල බෞද්ධ උරුමයයි.

     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගය දැක්වෙන පුවරුව
    attachment.php

    පොතුවිල් මුහුදු මහා විහාරය
    attachment.php


    පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසයකල නායක හිමිපාණන් වහන්සේ විහාරය ගැන විස්තර කරමින්
    attachment.php


    පොතුවිල් මුහුදු මහා විහාරයේ පැරණි සීමා මාලකය
    attachment.php
    attachment.php


    පොතුවිල් මුහුදු මහා විහාරයේ පැරණි සීමා මාලකය - වතුර බැස යාමට ඉදිකල කාණුව
    attachment.php
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    den ape lankawe sinhala minissu ne ne.... sri lankans la inne...
    muslims
    tamils
    and sri lankas
    sinhala un ne.....

    (good thread machan. ++++rep)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඔව් ගැහුවම ඔක්කොම හරි යය්. :lol:මෙන්න ඉන්නව ප්‍රශ්න විසඳන්න නියම මොලකාරයො. මෙන්න මේ වගේ මොලකාරයො නිසා තමය් ඉස්සර කාලෙ ජාති කලබල ඇති වෙලා අහින්සක මිනිස්සු දහස් ගානක් මැරුනෙ

    මම අදහස් කලෙ සල්ලිවලට තමන්ගෙ ආත්මෙ උනත් පාවලා දෙන උන් මේකෙ ඉන්නවා :angry:
    උන් නිසා තමයි වැරද්දක් තිබුනත් ඒකට කිසිම දෙයක් කරන්න බැරී කියන එක :(
    අනිත් එක ගහන්න ඔනෙ කිව්වම උබ හිතුවෙ මොකක්ද:rolleyes:
    ගහනවා කියන්නෙ පොල්ලක් අරන් ගිහිල්ලා(එක්කො අතින් පයින්) ගහන එකම නෙමෙයී :no:
    වැරදි වැඩක් කරනවා නම් එක නොකර ඉන්න දඩුවමක් දෙන්න පුලුවන්. එක සාරිරිකව වෙන්න පුලුවන් මානසිකව වෙන්න පුලුවන්:lol: දෙවෙනි ක්‍රමෙන් දඩුවමක් දෙන එක තමයි මම නම් කරන්න කැමති මොකද එහෙමකරාම දෙයක් ජිවිත කාලෙටම අමතක වෙන්නෙ නැ:P:rofl:

    ඇත්තටම මචන් උබම කියපන් බලන්න මොකද කරන්න ඔනෙ කියලා:)
    ජයවේවා
    11.gif


    බම්ප්
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    02. කූරගල විහාරය

    බලන්න , හොදින් බලන්න, විමසිලිමත් ව නැවත බලන්න....... මේ අපගේ බෞද්ද අන්‍යතාවය මුසල්මානුවන් විසින් උදුරා ගන්නා ආකාරයයි........ ඕබගේ ලෙය මොහොතකටවත් කම්පා නොවන්නේ නම් ඔබගේ සින්හල කම පිළිබදව නැවත ඔබගෙන්ම ප්‍රශ්න කරන්න......

    කූරගල කන්ද හා සම්බන්ධයෙන් බෞද්ධ සංස්කෘතික පසුබිමක් පැවතියද එහි වර්ථමාන අධිකාරිතවය මුස්ලිම් ආගමිකයන් සතුව පවතී. ඔවුහු මෙම ස්ථානයට ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් ව්‍යවහාර කරනු ලබති. මෙයට පසුබිම් වූ සිද්ධියක් ලෙස ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කිරීම ඔවුහු පෙන්වා දෙති. බැගිඩෑන් නුවර සිට මෙහි පැමිණි ඔහු අල්ලා දෙවියන්ගේ මුණුපුරෙකු ලෙසින්ද මුස්ලිම් ආගමිකයෝ විශ්වාස කරති. කූරගල පිහිටි උමං ගුහාව අල්ලා දෙවියන් ස්වර්ගයට ගිය ස්ථානයය. ඔවුහු අතර විශ්වාසයක් පවතී. මෙහි පැමිණ මුස්ලිම් ජාතිකයෝ තමන් මොහිදී භාරයක් වුවහොත් එය අනිවාර්යයෙන්ම ඉස්ඨ සිද්ධ වන බව තරයේ විශ්වාස කරති. සෑම වසරකම ජූලි මාසයේ සහ අගෝස්තු මාසයෙහි මේ ස්ථානය මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරී ඉතිරී යනුයේ ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය හේත කොටගෙනය. අගොස්තු මස උත්සවයට දිවයිනේ නන්දෙසින් මුස්ලිම් ජාතිකයෝ 10,000, - 15,000 පමණ ප්‍රමාණයක් පැමිණෙති



     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කූරගල විහාරය පිහිටා ඇති ස්ථානය

    sanakapala_map.jpg

    බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි.
    බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි.
    ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය.
    රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දිය‍ාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්‍රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

    මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ‍ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ‍ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ‍ෙඑතිහාසික නස්ඨාව‍ශේෂ දැකබලාගත හැකිය.

    දැනට මෙම භූමි සීම‍ාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්‍රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත.

    කූරගල කදුවැටිය පිළිබඳව ඇති ඓතිහාසික වැදගත් කමට නොදෙවෙනි මට්ටමකින් ඒ හා බැදුණු පාරිසරික අගයද කැපී පෙනෙයි. කූරගල කන්දේ සිට අවට බැලූ විට පෙනෙන දර්ශනය ඉතාමත් සුන්දරය. කදු මුදුනේ සිට දකුණු දෙසින් පෙනෙන කල්තොට, වැලිපොතයාය, මැදබැද්ද යන ප්‍රදේශ මෙන්ම ඊට ඈතින් පෙනෙන හම්බෙගමුව ප්‍රදේශයද උඩවලව වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශය හා උඩවලව ජලාශයද නෙතට රසදුනකි. කන්ද පාමුල රූස්ස ගස්වලින් වැසනු වන ගොල්ලෑව අතරින් කිරි බුබුලක් ලෙසින් පෙනෙන වැලි පොත යාය සමීපයේ පිහිටි බුදුගල චෛත්‍ය ඈත සිට බලන්නෙකුට වුවද පහන් සිතක් පහල කිරීමට තරම් සමත් වෙයි. පහලින් පෙනෙන බුදුගල හා කූරගල අතර අතීත සම්බන්ධතාවයක් තිබී ඇත. අතතීතයේ කල්තොට රාජධානිය පැවති යුගයේදී පරසතුරු ආක්‍රමන අවස්ථාවන් හිදී බුදුගල සිට කූරගලට රහස් වන මගක් ඔස්සේ පිරිස පැමිණ දිවි ගලවාගෙන ඇත. සමහරුන් විශ්වාස කරන පරිදි කූරගල කන්දේ සිට බුදුලගලට රහස් උමගක්ද තිබී ඇත.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔතන ඔය කියන විදිහේ දෙයක් සිද්ද වෙනවා තමා.ඔතන ගොඩක් වැදගත් බෞද්ද සිද්දස්ථානයක්.
    අද ඔහේ මම දන්න
    කට්ටියක් යනවා ,මම මේ දැනුත් ඒ එක්කෙනෙක් එක්ක කෝල් එකක තමා හිටියේ.අක්කර 36 තිබ්බ විහාර පුර විද්‍යා භුමිය අද අක්කර 3 ක් වෙලා.එත් දැන් ගොඩක් ලොකු අයගේ අවදානය ඔතනට යොමු වෙලා තියෙන්නේ.ඉස්සරහට මොකක් හරි සුබදායි දෙයක් වේවි.අහල පහල ඉන්න අයත් මේකේ වටිනාකම තේරුම් අරන් වැඩ කරනවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔතන ඔය කියන විදිහේ දෙයක් සිද්ද වෙනවා තමා.ඔතන ගොඩක් වැදගත් බෞද්ද සිද්දස්ථානයක්.
    අද ඔහේ මම දන්න
    කට්ටියක් යනවා ,මම මේ දැනුත් ඒ එක්කෙනෙක් එක්ක කෝල් එකක තමා හිටියේ.අක්කර 36 තිබ්බ විහාර පුර විද්‍යා භුමිය අද අක්කර 3 ක් වෙලා.එත් දැන් ගොඩක් ලොකු අයගේ අවදානය ඔතනට යොමු වෙලා තියෙන්නේ.ඉස්සරහට මොකක් හරි සුබදායි දෙයක් වේවි.අහල පහල ඉන්න අයත් මේකේ වටිනාකම තේරුම් අරන් වැඩ කරනවනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ

    එහෙමම උනොත් හොදයි යාලූ.......
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කූරගල සිදුවී ඇති විනාශය



    attachment.php


    attachment.php


    attachment.php
    කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් නවතා නෑ

    තිස්‌ස ගුණතිලක

    කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබියදීත් නැවතත් එවැනි ඉදිකිරීම් කිහිපයක්‌ සිදුකිරීමට සැරසෙන බවට වාර්තා වේ. කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් එහි පදිංචිකරුවන්ට දින තිහක්‌ ඇතුළත (2011 පෙබරවාරි 25 ට පෙර) එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබිණි.

    එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම කූරගල පුරාවිද්‍යා රක්‍ෂිතයේ ඇති අන්‍යාගමික සිද්ධස්‌ථානයකට ඔවුන්ගේ වාර්ෂික උත්සවයක්‌ පැවැත්වීම සඳහා වැසිකිළි පද්ධතිය හා ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීමට අවසර දීම හේතුවෙන් එහි ස්‌ථිර ඉදිකිරීම් කිහිපයක්‌ සිදුකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.

    මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසට ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති කොළොන්නේ සිරි ශාන්ත විජය හිමියන් විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිත දැනුම් දීමක්‌ ද කර ඇත.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php


    මීට යටින් පිහිටා ඇත්තේ සිරිපතුල් ලාන්චනයයි....මේ ආකරයේන් ශ්‍රි පාදයත් මුස්ලිම් කරන දිනය වැඩි ඇතක නොවේ....
     
    • Like
    Reactions: shenl