ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පින්තුර ඇතුල් කරන්නෙ නැතිව හොදටම පැහැදිලි කරන්න වෙන විදිහක් තියෙනවනම් කැමති දැනගන්න . මම හිතන්නෙ Thread එකක තියෙන ප්‍රධාන පින්තුරයෙන් තමා එ Thread එක කියවන්න කැමැත්ත ඇතිකරන්නෙ :yes:

    වෙන ක්‍රමයක් නෑ, ඒත් අවශ්‍යම ලෙස පින්තූර දැමීම හා size එක කුඩා කිරීම කළහැකියි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes::yes:
    ත්‍රෙඩ් එක ඉවත්කර තිබෙනවා, ඒත් එහි quote එකක් අනුව බැලුවොත්
    හොඳ අදහසක් මතුකිරීමට කරනු ලැබූ උත්සාහයක් ටිකදෙනෙක් ත්‍රෙඩ් එකට අදාල නොමැති දේ මතුකිරීම නිසා ත්‍රෙඩ් එකෙහි නියම අර්ථය සාමාජිකයන්ට නොලැබී තියෙනවා.
    :shocked: ඇයි දන්නේ නෑ ඉවත් කොරලා තියෙන්නේ:eek:

    මේකේ ඉන්න උන්ට දෙන හොඳ දෙයක්වත් හරියට ගන්න බෑනේ:lol::lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    වෙන ක්‍රමයක් නෑ, ඒත් අවශ්‍යම ලෙස පින්තූර දැමීම හා size එක කුඩා කිරීම කළහැකියි.
    11.gif
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මාතෘකාව ඕනෑම අයෙක් ඇදෙන ලෙස යොදාගෙන තිබෙනවා..
    ඉතාමත් වටිනා වගේම ප්‍රයෝජනවත් ක්‍රමවේදයක්.

    මෙයද ලෝඩ් වීමට වැඩිවේලාවක් ගත්වෙනවා, ඒ වගේම පින්තූර අතිවිශාලයි. browser එකෙහි scroll bar එකක් අවශ්‍යවෙනවා සම්පූර්ණ ත්‍රෙඩ් එක බැලීමට. එය කරදරකාරී දෙයක්.
    පින්තූර අවශ්‍ය නිසා පින්තූර thumbnail ආකාරයට දැමුවානම් වඩා පහසුයි.
    Thumbnail කලහොත් කියවන්නා හට Thread එක කියවන්න ටිකක් මහන්සි වෙන්න සිදුවෙනවා කියලා තමා මගෙ මතයනම් .. Thumbnail Links new Window එකකින් Open වෙන හින්දා Windows ගොඩක් එක්ක වැඩකරන්න සිද්ද වෙනවා :yes:
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Torrent උපරිම වෙගයෙන් Download කරගන්න හැටි :)
    Download Torrents with Very High Speed :D
    http://www.elakiri.com/forum/showthread.php?t=671967

    ඔන්න යක්ෂයාගේ විචාරය

    ►අදහසක් තෝරාගැනීම: අදහස තෝරා ගැනීමේ වරදක් නොපෙනේ, කාටත් දැනුවත් වියහැකි/වීමට අවශ්‍ය පොදු මාතෘකාවකි.

    ►ලිපියේ මාතෘකාව: ආකර්ශනීය ලෙස යොදා ගෙන ඇති බවක් පෙනේ, එය සාර්ථකයි.

    ►අන්තර්ගතය: විස්තර ඉදිරිපත් කිරීම සාමාන්‍යයි, ලිඛිත භාෂාව හා කථන භාෂාව කලවමේ යොදා ගෙන ඇත.

    ►අඩංගු ඡායාරූප හා වීඩියෝ: රුප එක්කිරිමේදී ප්‍රමාණය විශාල වීම ගැටළුවක්, තවද මේ විචාරය ලියන දිනයේ ලිපියේ අවසන් රුපය නොපෙනේ.

    ►භාවිතා කරන අකුරු, පාට: විශේෂිත වෙනසක් දක්නට නොලැබේ, එසේ අවශ්‍ය වන්නේද නැති නිසා භාවිත කල ආකාරය යෝග්‍යයි.

    සමස්ත ලකුණු: 7/10
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    පළමු ත්‍රෙඩ් එක නම් ඉතාම වටිනවා..

    FTP Uploading Tutorial

    ඉතාම හොඳ හඳුන්වාදීමක්, අළුත් දෙයක්

    ත්‍රෙඩ් එකේ උපමාතෘකා යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය default font ක්‍රමය ඒ අනුව එය පැහැදිලි අඩුයි. එය තරමක් විශාලව හා වර්ණයක් සමඟ යොදන්න.
    විශාල පින්තූර ගැටලුවත් පවතිනවා. තව හැකිප්‍රමාණයට කුඩා කිරීමක් සහිතව දැමිය හැකිනම් ඉතාම හොදයි.

    පින්තූරවල ඊතල මඟින් පෙන්වීම සාර්ථකයි ඒ නිසා වඩාත් පියවර පැහැදිලිවෙනවා.

    Free News For Your Mobile : Dialog & Mobitel ONLY

    මෙහිදීද උපමාතෘකාවල අපැහැදිලි බවක් තියෙනවා, කලින් ලෙසම කරනවානම් ඉතාහොඳයි.

    අන්තර්ගතය, සැකසීම පැහැදිලිකිරීම හොඳයි.

    සින්ග්ලිශ් භාවිතයට වඩා ඉංග්‍රීසි හෝ සිංහල ත්‍රෙඩ් එකේ භාවිතාකරනවානම් වඩාත් ප්‍රයෝජනවත්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙන නූල් මෙතන දාලා විචාර ලබාගැනීම ගැන මොකද හිතන්නේ? :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පැටියා;9702322 said:
    ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙන නූල් මෙතන දාලා විචාර ලබාගැනීම ගැන මොකද හිතන්නේ? :rolleyes:

    සම්පූර්ණ විස්තරයක් නොදැමීම සුදුසුයි, උපුටාගැනීමක් සිදුවෙන්න පුළුවන්..
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    පළමු ත්‍රෙඩ් එක නම් ඉතාම වටිනවා..

    FTP Uploading Tutorial

    ඉතාම හොඳ හඳුන්වාදීමක්, අළුත් දෙයක්

    ත්‍රෙඩ් එකේ උපමාතෘකා යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය default font ක්‍රමය ඒ අනුව එය පැහැදිලි අඩුයි. එය තරමක් විශාලව හා වර්ණයක් සමඟ යොදන්න.
    විශාල පින්තූර ගැටලුවත් පවතිනවා. තව හැකිප්‍රමාණයට කුඩා කිරීමක් සහිතව දැමිය හැකිනම් ඉතාම හොදයි.

    පින්තූරවල ඊතල මඟින් පෙන්වීම සාර්ථකයි ඒ නිසා වඩාත් පියවර පැහැදිලිවෙනවා.

    Free News For Your Mobile : Dialog & Mobitel ONLY

    මෙහිදීද උපමාතෘකාවල අපැහැදිලි බවක් තියෙනවා, කලින් ලෙසම කරනවානම් ඉතාහොඳයි.

    අන්තර්ගතය, සැකසීම පැහැදිලිකිරීම හොඳයි.

    සින්ග්ලිශ් භාවිතයට වඩා ඉංග්‍රීසි හෝ සිංහල ත්‍රෙඩ් එකේ භාවිතාකරනවානම් වඩාත් ප්‍රයෝජනවත්

    thanks bro
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    http://www.elakiri.com/forum/showthread.php?t=648662

    Mage palamu thread eka...:lol:...

    http://www.elakiri.com/forum/showthread.php?t=1090269

    Meka anthimata dapu eka.... balaporoththu una tharam posts lebune ne mekata... :(

    පළමු ත්‍රෙඩ් එකනම් ගොඩක් සාර්ථකයි වගේ;)
    කවුරුත් හිතපු නැති දෙයක් ගැන ත්‍රෙඩ් එක තියෙන නිසා ඒක මේ තරම් කාලයක් පවතිනවා,

    Office Trip to Madu ganga

    රිප්ලයි අඩුවීම පුදුම නෑ..
    කැමරාවෙන් ලබාගත් පින්තූර කෙලින්ම අප්ලෝඩ් කර ත්‍රෙඩ් එක දමා තිබෙනවා.
    ඉතාම විශාල පින්තූර රාශියක් එකම පෝස්ට් එකක තිබෙන නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට අධික කාලයක් යනවා, ඒ නිසාම සමහර ඒවා හරියට ලෝඩ් වෙන්නෙත් නෑ.

    පින්තූර සාමාන්‍ය 640‍x480 වැනි ප්‍රමාණයට කුඩාකර දැමුවානම් හොඳයි.

    ඒ සමඟම චාරිකාවේ විස්තර ස්වල්පයක්, ඒ ඒ අදාල පින්තූරය සමඟ ඒ ඒ ස්ථාන මොනවාද යන්න පැවසුවානම් ඉතාම සාර්ථකයි:yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Splash Player Pro :)
    අලුත් විදියකට Movies බලන්න කැමති අයට වෙන්වෙච්ච Software එකක් :)

    http://www.elakiri.com/forum/showthread.php?t=950365

    ඔන්න යක්ෂයාගේ විචාරය

    අදහසක් තෝරාගැනීම: පොස්ට් 4000 නිසා වෙශේෂයෙන් තෝරා ගත්තක්, එනිසා විශේෂ යමක් කිරීමට උත්සහ කල බවක් පෙනේ, එහෙත් මෙම මෘදුකාංගය අවශ්‍යම නොවන නිසා එතරම් වැදගත් බවක් හැඟෙන්නේද නැත.

    ලිපියේ මාතෘකාව: මාතෘකාව අකර්ශනීයි.

    අන්තර්ගතය: විස්තර ඉදිරිපත් කිරීම හොඳ මට්ටමක පවතියි, එහෙත් තවත් විස්තර ඇතුලත් කලේ නම් මැනවි ( මෙම මෘදුකාංගය අනෙක් ඒවායින් වෙනස් වෙන ආකාරය/ දර්ශන වල තත්වය උසස් වන්නේ කෙසේද යන වග ආදී) ලිඛිත භාෂාව හා කථන භාෂාව කලවමේ යොදා ගෙන ඇත. මෙය ඔබගේ ලිපි ලියන ආකාරය විය යුතුයි, එහෙත් එක අයුරකින් ලිව්වේ නම් වඩාත් උචිත යයි හැඟෙ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: සමහර රුප අනවශ්‍යය බවක්ද හැඟෙ.

    භාවිතා කරන අකුරු, පාට: ලිපියට ගැලපෙන අයුරින් යොදා ගෙන ඇත.

    සමස්ත ලකුණු: 6.5/10
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පළමු ත්‍රෙඩ් එකනම් ගොඩක් සාර්ථකයි වගේ;)
    කවුරුත් හිතපු නැති දෙයක් ගැන ත්‍රෙඩ් එක තියෙන නිසා ඒක මේ තරම් කාලයක් පවතිනවා,

    Office Trip to Madu ganga

    රිප්ලයි අඩුවීම පුදුම නෑ..
    කැමරාවෙන් ලබාගත් පින්තූර කෙලින්ම අප්ලෝඩ් කර ත්‍රෙඩ් එක දමා තිබෙනවා.
    ඉතාම විශාල පින්තූර රාශියක් එකම පෝස්ට් එකක තිබෙන නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට අධික කාලයක් යනවා, ඒ නිසාම සමහර ඒවා හරියට ලෝඩ් වෙන්නෙත් නෑ.

    පින්තූර සාමාන්‍ය 640‍x480 වැනි ප්‍රමාණයට කුඩාකර දැමුවානම් හොඳයි.

    ඒ සමඟම චාරිකාවේ විස්තර ස්වල්පයක්, ඒ ඒ අදාල පින්තූරය සමඟ ඒ ඒ ස්ථාන මොනවාද යන්න පැවසුවානම් ඉතාම සාර්ථකයි:yes:

    thanks..:yes::yes::yes::yes::yes::yes: