යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය
බුදුරදුන්ගේ කාලයේ හාමුදුරුවරු නොසිටියහ. ඒ කාලයේ භික්ෂූහූ සිටියහ. සෝවාන් ආනන්ද භික්ෂුවත්, බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේලාට ඇමතුවේ, "ආයුෂ්මතුනි," කියාය.
ලක්දිව, මහා නායක, අධිකරණ නායක, අනුනායක, මහචාර්ය, ආචාර්ය, අග්ග මහ පණ්ඩිත, රාජකීය පණ්ඩිත, පණ්ඩිත, කියා භික්ෂුහූ බොහෝ ගණනක්ද, නිකම්ම හාමුදුරු ගණයේ බොහෝ දෙනෙක්ද, සහිත තිස්තුන්දහක් (33000) පමණ හාමුදුරුවරු සිටිති.
අද එහෙම සමානාත්වතාවයක් මහ නායක සහ සාමාන්‍ය භික්ෂුවක් අතර ඇත්ද?
අද දක්නට තියෙන මේ සියල්ලම එදා බුදුරදුන් දේශිත බුද්ධ ප්‍රතිරූපක, ධම්ම ප්‍රතිරූපක, සංඝ ප්‍රතිරූපක නොවේද?
ඔබ සැමට තෙරුවන් සරණයි!
බුදුන් වහන්සේ කස්සප අමතා,
"කස්සප" මා හට වැඳීම කියන්නේ මාගේ මාර්ගයේ විසීමය. බුදු පිලිරුව ලොව බිහිවුණදාට ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ මගේ සිත වන පරමාර්ථ බුදු රදුන් අන්තර්ධාව වන්නේය. එහෙත් ඒ තිබුන ගුණයත් නැති, මගේ රුව බුදුන් යැයි සලකා මෝඩ කමින් සත්කාර , ගරුකාර කර වඳින්නේය, පුදන්නේය.
තවද, "කස්සප" මාගේ ධර්මය වන චතුරාර්‍ය සත්‍ය හෝ ආර්ය මාර්‍ග ධර්මය, දෙසීම හා ඇසීම වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකය ලොව පහල වූ දාට සද්ධර්මය අන්තර්ධාන වේ.
කස්සපය සංඝයා කියන්නේ, සංඝයා වැඳීම කියන්නේත් ආර්ය මාර්ගයේ ගමන් කොට අනුත්තර පුඤ්ඤකෙත බවට පත්වීමය. මතු අනාගතයේදී මේ මවිසින් දෙසිත සංඝයා පරදා සංඝ ප්‍රතිරූපකය පහළ වන විටම ආර්ය සංඝ රත්නය අන්තර්ධාන වන්නේය, කියා දේශනා කළ සේක.

Last edited: