☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #02 ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113


    මේ පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ දෙවන දේශනාවේ ඇතුළත් වූ මූලික කරුණු ඇතුළත් සාරාංශ ගත ලිපියයි. @Fiona Dabare පුළුවන්නම් proofread කරන්න. ස්තුතියි !

    පළමු ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න 👇

    Thread '☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #01 ☸' https://elakiri.com/threads/☸-සක්කාය-දිට්ඨියෙන්-සම්මා-දිට්ඨියට-01-☸.2221235/

    බුද්ධ ශාසනයකින් අපට ලැබෙන්නා වූ වටිනාම දායාදය වන්නේ සසරින් එතෙර වීමේ මාර්ගයයි. අප බුදුරජාණන් වහන්සේ දැකිය යුත්තේ, උන්වහන්සේ පිළිබඳව පැහැදිය යුත්තේ ධර්මය දැකීමෙනි. නැතහොත් ය හුදු ශ්‍රද්ධාධික පුද්ගල වන්දනා කරන්නාවූ ආගමක් වන්නේය. ධර්මය දකින්නා බුදුන් දකින්නේය.


    ඔබ කවදා හෝ සිතා තිබේද සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු පසු එම බෝධිසත්වයන් වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ දැක ලා පස්වග මහණුන් ඇතුළු අනෙකුත් ජ්‍යොතිෂවේදී න් මෙම කුමාරයා අනාගතයේ නියතව බුදුවන බව පැවසුවේ කෙසේදැයි කියා ?

    බුද්ධ යන වචනය මෙලොවට පහළ විය යුත්තේ බුදු කෙනෙකුගේ ආගමනයත් සමඟයි, නමුත් මෙවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙකු ට මතු අනාගතයේ පහළ වන්නේය, උන්වහන්සේට මෙම ලක්ෂණ ඇතය, ඔහු අමා මහා තිලෝගුරු බුද්ධත්වයට පත්වන්නේ යැයි දෙවියකු විසින් බුද්ධෝත්පාද කාලයට වසර දාහකට පෙර ලෝකයාට පවසන්නේය. එය බුද්ධ කෝලාහලය නමින් හඳුන්වයි. එම දැනුම බ්‍රාහ්මණ ආගමේ දැනුම් පද්ධතියේ සඳහන්ව ඉදිරියට පැමිණ ඇත. ඒ අනුවයි පස්වග මහණුන් එදා නිශ්චිතව පැවසුවේ මෙම සිද්ධාර්ථ කුමාරයා නියත වශයෙන් බුදුවන බව.

    බුද්ධ ශාසනයක අවසානය ලෙස සැලකෙනුයේ අවසන් සෝතාපන්න මාර්ග ඵල ලාභියාගේ නික්මීමයි. සම්බුද්ධ ශාසනය වසර පන්දහසකින් අවසන් වනයා යැයි වර්තමානයේ පවතින මතය පදනම් විරහිතය. එය බුදුරජාණන් වහන්සේ ආනන්ද මහ තෙරුන්ට පවසන්නද උදාහරණයකින් පැවත එන්නකි.

    භික්ෂුණී ශාසනය පිහිටුවාලීමේ ලා භ ආනන්ද මහ තෙරුන් වහන්සේ දැඩි වෙරයක් පරිශ්‍රමයක් යෙදුවේය. මෙම මහඟු උත්තරීතර අරමුණ සාක්ෂාත් කර ගත් පසුව බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියා සිටියේ බුද්ධ ශාසනයේ ආයුෂ වසර දස දහසක් නම්, භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමඟ එය වසර 5000කට ලගු වන්නේය. වර්තමානයේ මෙම උපමාව වැරදියට තේරුම් ගත් පෘථග්ජනයා එය පටලවාගෙන සිටි. සැබෑ බුද්ධ ශාසනයක අවසානය වනුයේ කලින් පැවසුවාක් මෙන් ම අවසන් මාර්ග ඵල ලාභියාගේ යාමයි.

    දැන් ප්‍රධාන දේශනාවට පැමිණෙමු.


    මෙම දේශනා මාලාව පුරාවට පටිච්චසමුප්පාදය අරමුණු කරගෙන නිවන කරා යාමේ මාර්ගය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සිදුකරනු ලබයි.

    මුන්වහන්සේ නගන තර්කය නම් ශීලය සමාධිය වඩා ප්‍රඥාව මඟින් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය ලෙහෙසි නොවන බවයි. ප්‍රායෝගික බවින් අඩු බවයි.

    මහා බෝධිසත්වයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ම සිදු කරනු ලැබුවේ ශීලය ආරක්ෂා කිරීමයි. සිල් රැකීමේ අග්‍රඵලය බුදු බවයි. අනෙකුත් ආගම්වලද සිදු කරනුයේ එක්තරා ආකාරයක සිල් රැකීමය. බ්‍රහ්මණයන් යෝගීන් ආදිය උදෙසා වනගතව හුදකලාවී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නා ලද වූ පටිච්චසමුප්පාද ක්‍රමය ප්‍රායෝගිකයි. තාර්කිකයි.

    මුළු ලෝකයම මුළු විශ්වයම මුළු මන්දාකිණියම අතැඹුලක් සේ තම ප්‍රඥාවට හසුකරගත් අප මහා තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට තේරුම් ගැනීමට සිතීමට තර්ක කිරීමට දෙයක් නොමැත. අප කළ යුත්තේ උන්වහන්සේ දේශනා කර ඇති මාර්ගයේ ගමන් කිරීමයි.

    මාර්ගඵලයක් ලැබීමට සීලය අවශ්‍ය නොවේ.
    මාර්ග ඵල ලාභියා නිතතින්ම ආර්ය ශීලය ආරක්ෂා කරයි.

    තුන් ලෝකය නම්


    1. කාම ලෝකය හෙවත් පංචේන්ද්‍රයන් පිනවන්නා වූ සතර අපාය සහ දිව්‍ය ලෝක හයයි.
    2. රූප බ්‍රහ්ම ලෝකය හෙවත් රූපයක් ඇති බ්‍රහ්මයන් ජීවත්වන ලෝකයයි.
    3. අරූපාවචර බ්‍රහ්ම ලෝකය හෙවත් පංචේන්ද්‍රයන් ගෙන් තොර ව හුදු චිත්ත චෛතසික පැවැත්මක් සහිත බ්‍රහ්මයන් ජීවත් වන ලෝකයයි.

    • අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සෝවාන් පුද්ගලයා සිටිය නොහැකිය. නමුත් රහතන් වහන්සේ සිටිය හැකිය.

    • දිව්‍යලෝකයේ සිටින දේවතාවන් දේවතාවියන්ට රහත් වීමට නොහැකිය.

    • උතුම් මනුෂ්‍ය භවයට සියලු මාර්ග ඵලයන් අධිහිගමනය කළ හැක.

    මුන්වහන්සේ පවසන පරිදි උන්වහන්සේ සීලයක් රකින්නේ නැත, කැඩීමට දෙයක් නොමැති නිසා රැකීමට දෙයක් නොමැත.

    මේ ගැඹුරින් සිතා බලන්න. ☝️

    කාම ලෝකය නම් රූප ශබ්ද ය ගන්ධ පොට්ඨබ්බ යනුවෙන් පංචේන්ද්‍රයන් ට ගෝචර වන අරමුණු ඇත්තා වූ ලෝකයයි. කාමයෙහි වරදවා හැසිරීම යනු මෙම ධම්ම කාම ලෝභ ද්වේශ මෝහ යෙන් උපාදානය කර ගැනීමයි. අල්ලා ගැනීමයි. ගැටීමයි.

    දේශකයාණන් වහන්සේ විසින් පවසන පරිදි මෙම දේශනා මාලාවේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අවබෝධ කරවීම මගින් චතුරාර්ය සත්‍යය සත්‍යය වැඩීමේ මාර්ගය සඳහන් වෙයි.

    පෘථග්ජන සත්වයා ධර්මයට යොමු වීමේ ප්‍රධාන කරුණක් වන්නේ ජීවිතයේ දුක අවබෝධ කර වීමයි. දුක ප්‍රායෝගිකව විඳීමෙන් කළකිරීම යි.

    බුදුරජාණන් වහන්සේ කෙනෙකු මෙලොව පහළ වී දේශනා කරනුයේ හටගන්නා දුකට හේතුව නැති කිරීමේ මාර්ගයයි. චතුරාර්ය සත්‍යයයි.

    දුකෙහි හට ගැනීම මූලාරම්භය සොයා යාම පටිච්චසමුප්පාදයයි.


    • දුකට හේතුව ඉපදීමයි.
    • ඉපදුනේ කර්මය මත භවය සකස්වීම නිසයි.
    • භවය සකස් වුණේ පංචස්කන්ධයෙහි උපාදානය/ඇලීම සකස් වීම නිසයි.

    උපාදානය නැති වූවානම් භවය සකස් වීමක් නැත. භවය නොමැතිනම් ඉපදීමක් නැත. ඉපදීමක් නොමැති තැන නිවනයි, නිවීමයි.

    "සංකිත්තෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා"

    සරලව සංක්ෂිප්තව දුක නම්, උපාදානය කිරීමයි, අල්ලා ගැනීමයි.

    මෙය බුද්ධ වචනයයි.

    උපාදානය කරන්නේ අපය
    ධර්මය අවබෝධය යනු අප, අපගේ ඇතුලාන්තය ගැන ගැඹුරු අධ්‍යනයක් කිරීම යැයි හැඳින්වූවාට වරදක් නැත.

    සතර මහා ධාතු නම්


    1. පඨවි
    2. ආපෝ
    3. තේජෝ
    4. වායෝ

    වේ. ලොව සෑම දෙයක්ම සෑදී ඇති මූලද්‍රව්‍ය නිසා මේව ධාතු ලෙස හඳුන්වයි.
    වෙනස් වන නිසා හෙවත් රුප්පනය වන නිසා රූප ලෙස හඳුන්වයි.
    ඇතිවී නැතිවී යන අමුතු ස්වභාවය නිසා භූත ලෙස හඳුන්වනු ලබයි.

    එම ධාතු මගින් උපාදානය වන රූප නම්

    1. වර්ණ
    2. ගන්ධ
    3. රස
    4. ඕජා

    වේ. මේවා එක්ව පවතින නිසාත්, වෙන් කිරීමට නොහැකි නිසාත්, වෙනත් ධර්මතාවන් එක් කළ නොහැකි නිසාත් ශුද්ධ ආෂ්ටක ලෙස හඳුන්වයි.

    බුද්ධ වචනයේ පරිදි ශුද්ධ ආෂ්ටකවල ආයු කාලය චිත්තක්ෂණ 18 කි.

    විශ්වයේ පවතින සෑම දෙයක්ම කොටස් දෙකකට සංෂිප්ත කළ හැකිය.

    සරලව පෙනෙන දේ හෙවත් රූප, නොපෙනෙන දේ හෙවත් නාම.

    අභිධර්මයේ මූලික අවබෝධයද නිවන් මාර්ගය වැඩීම සඳහා උපකාරී වන්නේය. සම්මා දිට්ඨියට පත්වීමට අත් වැළක් වන්නේය. සක්කාය දිට්ඨිය දුරු කිරීමට මහෝපකාරී වන්නේය.

    දෙවන දේශනාව මෙතනින් නිමයි.


    ✍️ @Yeezus
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සෝවාන් පුද්ගලයා සිටිය නොහැකිය. නමුත් රහතන් වහන්සේ සිටිය හැකිය.

    අරූපාවචර භ්‍රහ්ම ලෝකේ ඉදන් සෝවාන් වෙන්න බැරි. සෝවාන් කෙනාට අරූපාවචර ධ්‍යාන වලින් නොපිහිරිලා මැරිලා අරූපාවචර භ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න පුලුවන්. හැබැයි ඉතින් එහෙම කරන්නැහැ සෝවාන් කෙනෙක් කිසිම අවශ්‍යතාවයක් නැති නිසා.

    දිව්‍යලෝකයේ සිටින දේවතාවන් දේවතාවියන්ට රහත් වීමට නොහැකිය.

    පුලුවන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113
    Tfs. 3/4th danna puluwanda. Samahara welawata aluth wachana kiyano explain nokara. Man dan 5 video eke inne
    ඒ වෙලාවට pause කරලා Google search කරන්න. ඕනි තරම් Blogs තියනවා.
    හරි මම පුළුවන් විදියට දාන්නම් type කරලා.
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    ඒ වෙලාවට pause කරලා Google search කරන්න. ඕනි තරම් Blogs තියනවා.
    හරි මම පුළුවන් විදියට දාන්නම් type කරලා.
    Thanks mcn. Tawa me wistara okkoma danaganna eka onida kiyala hituana diwuya loka gana etc
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113
    Thanks mcn. Tawa me wistara okkoma danaganna eka onida kiyala hituana diwuya loka gana etc
    අභිධර්මයේ තමා මේ පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් වන්නේ.
    අභිධර්මය ඉගෙනීමට කැමති නම් වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවන් ව Recommend කරන්න පුළුවන්. ඕනිනම් අහලා බලන්න.



    ඔය Playlist එක අභිධර්මය පිළිබඳව මූලික අවබෝධයට හොඳ යි. අහල බලන්න ඕනිනම්.

    අමතක නොකර ධර්මය අහද්දි note එකක් දාගන්න පොතක / කොලේක, නැත්තං අමතක වෙනවනේ ඉක්මනට.
     
    • Love
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    අභිධර්මයේ තමා මේ පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් වන්නේ.
    අභිධර්මය ඉගෙනීමට කැමති නම් වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවන් ව Recommend කරන්න පුළුවන්. ඕනිනම් අහලා බලන්න.



    ඔය Playlist එක අභිධර්මය පිළිබඳව මූලික අවබෝධයට හොඳ යි. අහල බලන්න ඕනිනම්.

    අමතක නොකර ධර්මය අහද්දි note එකක් දාගන්න පොතක / කොලේක, නැත්තං අමතක වෙනවනේ ඉක්මනට.

    Hari man ehema karannam
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113
    අරූපාවචර භ්‍රහ්ම ලෝකේ ඉදන් සෝවාන් වෙන්න බැරි. සෝවාන් කෙනාට අරූපාවචර ධ්‍යාන වලින් නොපිහිරිලා මැරිලා අරූපාවචර භ්‍රහ්ම ලෝක වල ඉපදෙන්න පුලුවන්. හැබැයි ඉතින් එහෙම කරන්නැහැ සෝවාන් කෙනෙක් කිසිම අවශ්‍යතාවයක් නැති නිසා.
    පංචස්කන්ධයක් නොමැති සත්වයා
    ධර්මය අවබෝධය කරනුයේ කෙසේද ?

    පෘථග්ජනයා සෝවාන් වීමට ධර්ම ශ්‍රවණය අවශ්‍යයි,
    අරූපාවචර සත්වයා පංච ඉන්ද්‍රියන් නොමැතිව ධර්මය ග්‍රහණය කර ගන්නේ කෙසේද ?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පංචස්කන්ධයක් නොමැති සත්වයා
    ධර්මය අවබෝධය කරනුයේ කෙසේද ?

    පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්

    පෘථග්ජනයා සෝවාන් වීමට ධර්ම ශ්‍රවණය අවශ්‍යයි,
    අරූපාවචර සත්වයා පංච ඉන්ද්‍රියන් නොමැතිව ධර්මය ග්‍රහණය කර ගන්නේ කෙසේද ?

    ඒක තමයි සෝවාන් වෙන්න බැරි. පසේ බුදු වෙන්න පුලුවන් ඇති. දන්නැහැ හරියටම. හින්දු යෝගී අය තමයි ගොඩක් අරූපාවචර සමාපත්ති වල ඉදන් මැරිලා ඕවගේ යන්නේ. මගඵල ලාබියෙක්ට අභව්‍ය තලයක ඉපදෙන්න ඕනකමක් නැහැනේ. හැබැයි ඉතින් යන්න බැරිත් නැ. කල්ප ගානක් ඉන්න වෙනවා ඉතින්.
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113

    සක්කාය දිට්ඨිය ගැන ලස්සන පැහැදිලි කිරීමක්
    ස්තුතියි බෙදා ගත්තට 😍

    මුන්වහන්සේ පවසන පරිදි උන්වහන්සේ සීලයක් රකින්නේ නැත, කැඩීමට දෙයක් නොමැති නිසා රැකීමට දෙයක් නොමැත.
    @Fiona Dabare ☝️ මේ මොකක්ද උන්වහන්සේ කිව්වේ ? මාත් හිතුව හිතුව තේරුනේ නෑ. එතකොට උන්වහන්සේ පැවිදි උතුමන් වහන්සේලාට පනවන ලද විනය පිටකයේ සඳහන් වෙනවා කෝටියක් වූ උපසම්පදා ශීලය ආරක්ෂා කරනුයේ නොමැතිද ?

    ඒක භික්ෂූන් වහන්සේලාට අනිවාර්යයි නේද ?
    ------ Post added on Aug 22, 2025 at 11:33 AM
     
    • Like
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Fiona Dabare ☝️ මේ මොකක්ද උන්වහන්සේ කිව්වේ ? මාත් හිතුව හිතුව තේරුනේ නෑ. එතකොට උන්වහන්සේ පැවිදි උතුමන් වහන්සේලාට පනවන ලද විනය පිටකයේ සඳහන් වෙනවා කෝටියක් වූ උපසම්පදා ශීලය ආරක්ෂා කරනුයේ නොමැතිද ?

    ආර්ය කාන්ත සීලය. සම්මා දිට්ටිය එක්ක එන්නේ. හිතන්න එපා දැනට හිතලා වැඩක් නැහැ.

    ඒක භික්ෂූන් වහන්සේලාට අනිවාර්යයි නේද ?

    නැ, අනිවාර්යයි කියලා සම්මතයේ තියෙනවා භික්ෂුන්ට නිවන් දැකීමේ පහසුව පිනිස. කැමති අය රකිනවා, සමහරු රකින්නැතුව ඉන්නවා. පෘථග්ජනයට හොදම දේ රකින එක මොකද ඔය එක ශික්ෂාවක් වත් නිකන් පනවලා නැහැ බුදුන් අපිට පිටින් බැලුවහම සමහර ඒවා මෙලෝ වැඩක් නැ වගේ පෙනුනට.

    රෑට කෑවා කියලා නිවන් දකින්න බැරි වෙන්නැ. ඒත් රෑට කෑවේ නැත්තම් ලෙඩ රෝග අඩුයි. ඒවගේම තමයි හැමදේම. පන්චානන්තර්ය පාප කර්ම කරලා නැත්තම් නිවන් දකින්න පුලුවන්. පන්චානන්තර්ය ඒවා කරහම නිවන් දකින්න බැරි ඇයි කියලනම් දන්නැහැ හැබැයි.
    ------ Post added on Aug 22, 2025 at 12:03 PM

    හිතන්න එපා දැනට හිතලා වැඩක් නැහැ.

    දැනට ඔයා ඉන්නේ ලෞකික සම්මා දිට්ටියෙනේ. කර්මය කියල දෙයක් තියෙනවා සහ කර්මඵලයක් තියෙනවා කියලා පිලිගන්නවනේ?

    සම්මා දිට්ටියෙදි එහෙම නැ. කර්ම, කර්මඵල, පින්, පව්, පුනර්භව.. මේ එකක්වක් ඇත්ත හෝ බොරු කියලා දෘස්ටිගත වෙලා ඒ අනුව හැසිරෙන්නැහැ. ඉතින් සිල් රකින්නේ ඇයි සම්මා දිට්ටිය තියෙන කෙනෙක්?
    ------ Post added on Aug 22, 2025 at 12:06 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113
    කර්මය කියල දෙයක් තියෙනවා සහ කර්මඵලයක් තියෙනවා කියලා පිලිගන්නවනේ?
    ඔව් :)
    ඉතින් සිල් රකින්නේ ඇයි සම්මා දිට්ටිය තියෙන කෙනෙක්?
    🙄
     
    • Like
    Reactions: Fiona Dabare

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පංච සීලය ආරක්ෂා කරන ගමන් වීර්යයෙන් සතිය සමාධිය හදන් විදර්ශණා කරන එක හොඳයි.

    එහෙම නැතුව භාවනා කිරීමට පටන් ගැනීමෙන් පසුව සීලය කැඩෙනව නම් (රාගයෙන්, ද්වේශයෙන්) භාවනාවෙන් ප්‍රතිඵල ගන්න එක ගොඩක් කල් යන වැඩක් මම හිතන්නෙ.

    දාන සීල භාවනා කියල පිලිවෙලක්නෙ බුදු හාමුදුරුවො දේශණා කරේ (සෝවාන් හෝ නිවන් දැකීමට ක්‍රම කිහිපයක් තියෙනවද කියල නම් මම හරියට දන්නෙ නෑ සතර සතිපට්ඨානය හැර)
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,852
    1
    6,701
    113
    බුද්ධ වචනයේ පරිදි ශුද්ධ ආෂ්ටකවල ආයු කාලය චිත්තක්ෂණ 18 කි.
    වැරදි නිවැරදි කිරීම.

    බුද්ධ වචනය පරිදි ශුද්ධ ආෂ්ටකවල ආයු කාලය චිත්තක්ෂණ 17 ක් ලෙස නිවැරදි විය යුතුය.