ශ්රී සද්ධර්මය සම්බන්ධයෙන් හුඟදෙනෙක් 'හයියෙන් අල්ලගත්ත' ලස්සන කෑල්ලක් තියනවා, 'කවුරු කොහොම කිව්වත් පිළිගන්න එපා! ණුවනින් විමසලාම බලන්න' කියල. ඒක හරිද?? හොඳටම sure ද ඒක හරි කියල?? මේක මේ නිකම්ම නිකම් පිස්සු පොරවල් කියන එක කමක් නැහැ කියමු! තමන් ධර්මය හොඳටම දන්නවා කියල හිතාගෙන ඉන්න උදවියත් ඕක ඔයවිදියටම හිතුවොත් හරිද?? කියන්න ගියොත් හරිද?? මොකද්ද ඇත්තටම ණුවනින් විමසන්න තියෙන්නේ?? මට පේනවා මේ අල්ලාගෙන තියන කෑල්ලේ ලොකු 'කොස්සක්' තියනවා කියන එක!!! අපි ඉක්මනින්ම success වෙන්නයි, බය නැතුව එළිපිටම කියන්නයි, තවත් ගොඩ දෙනෙක් ඇල්වතුරත් නිවපු ගනනට 'වචන වලින්', ක්රියාවෙන් සංවර වෙන්නයි, ධර්මය එක එක වීදිවලට ලිය ලිය, කියව කියව ඉන්නයි, ඒත් කෙරෙන්න අවශ්යදේ මෙතුවක් කල් නොකෙරෙන්න හෝ ප්රමාදවෙන්නයි, සේරටමත් වඩා ඔය හැමෝටම වගේ අපිව upset ජොකියෝ හැටියට පෙනෙන්නයි ප්රධාන හේතුව ඔය 'කොස්ස' තමයි!!!
මට වැදගත් කෙනෙක් කියපු කතාවක් මේක. "කව්රු කිව්වත් පිලිගන්න එපා කියලයි බුදු හිමියන් පෙන්වා දුන්නේ... කෙටියෙන් කියනවා නම් සම්මා සම්බුදු හිමියන් විසින් පෙන්වා දුන්නත් එය උන්වහන්සේ කියන නිසාම පිලිගන්න එපායි කියලයි පෙන්වා දුන්නේ... බොහෝ තැන්වල දකින්නට ලැබෙනවා “මහණෙනි, ඔබ මම කියන නිසාද පිලිගන්නේ? මා වෙහෙසට පත්වෙයි කියලා මා කෙරෙහි අනුකම්පාවෙන් නොවිමසාද පිලිගන්නේ? නැතිනම් ඔබට සැබැවින්ම අවබෝධ වූ නිසාමද පිලිගන්නේ?“ ආදී ලෙසින් පෙන්වා දී අවබෝධ නොවී නිකම්ම පිලිගන්නේ නම් එයින් සිදුවන යහපතක් නැති බවත් පෙන්වා දෙනවා..." මේවා ඇහුවේ කාගෙන්ද, දැක්කේ කොහෙන්ද දන්නේ නෑ... මේවයේ ඇත්ත නැත්ත දන්නෙත් නැහැ! මට දැනගන්න වැඩකුත් නැහැ!! මොකද කියනවා නම් කරුණු ගලපලා බලල තේරුම් අරන්, අවබෝධ කරන්න ඕනේ දෙය අවබෝධ කරන් ඉවර කළා නම්, කතාව එතනින් ඉවරයි!! ආයේ හෝඩියේ පන්තිවල දේවල් වලින් ගන්න කියල දෙයක් නෑ!!!
හැබැයි මේ කතා සේරම මට පෙනෙන විදියට කෙලින්ම සම්බන්ධ වෙන්නේ අර 'කොස්සට' මයි!!! ඒකට කියන්නේ... ශ්රද්ධාව නැතිකම!!! කොහොම උනත් මාත් සේරම දැනගෙන ඉපදුනා නෙවෙයි නේ... කල්පණා කිරීමේ හැකියාව, යෝනිසෝ මනසිකාරය 100% perfect තිබිච්ච එක විතරයි මම එනකොට ගෙනත් තිබුනේ! ධර්මය අධර්මය, හොඳ නරක තේරුම්ගන්න හැකියාව තිබුනට ඒ තිබුනේ basic level එකක. දැන් මේ මාතෘකාව සම්බන්ධයෙන් වැඩකරු උනාට, මුලදී කොච්චර පැටලවිලි ගොඩක් තිබුනද, විඥාණය/මනස ගැන හරියටම දැනගන ඒ පැටලිලි ලිහාගත්තේ කොච්චර අමාරුවෙන්ද, ඒවායින් ගොඩ එන්න ලැබුණේ කොහොමද කියල මම හොඳටම දන්නවා!!! ඒ සේරගේම ගෞරවය හිමිවෙන්නේ මගේ ගුරු හාමුදුරුවොන්ට... අපේ හාමුදුරුවොන්ට!!! මටත් පිරිසුදු බුද්ධ දේශනා වෙනුවට 'කූරුගාපු' ධර්මයක් අහන්න උනා නම් සෑහෙන 'ඇනෙන්න' තිබුන! උන්වහන්සේ පිරිසුදු බුද්ධ දේශනා ඒ අයුරින්ම පරිවර්තනය කරලා කියල දීල, අවබෝධයට උපකාර වෙන අයුරින් තව ගොඩාක් දේවල් විස්තර කරකර කියල දුන්නු හන්දයි මේ සේරම දේවල් ඉක්මනින්, නිවැරදිව කරගන්න ලැබුණේ!!!
ඒත් හැමෝම ධර්මය ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන් නෙවෙයි නේ... මම අනික් හාමුදුරුවරු ගොඩ දෙනෙකුගේ දේශනා අහලත් නැහැ... අවබෝධයක් නැතුව, පාලි විතරක් දැනගෙන, ත්රිපිටකය පාඩම් කරගත්තට දේශනා හරියට translate කරගන්නවත් වෙන්නේ නැහැ!! ඇනෙනවම තමයි!! හොඳම උදාහරණයක් ඔය 'අනිච්ච' කතාව!! නියම තේරුම, ස්ථිරව පවතින්නේ නැහැ... වෙනස්වෙන සුළුයි... කියන ඒක ඒ විදියට ගන්නේ නැතුව 'කැමැත්ත' කියල කෑල්ලකුත් එක්ක ඔතල දීපු එක ගිල්ලයින් තමයි ඔය, 'රහත් උනොත් ගිහිගෙයි ඉන්න බෑ... හිටියොත් මැරෙනවා... ආහාර ප්රත්ය වෙන්නේ නැහැ... හීන පෙන්නේ නෑ...' වගේ අනං මනං බයිලා කතා ටොන් ගණනක් ඇතිවෙලා තියෙන්නේ!! හැබෑවටම ඔය මොන මගුලක් වත් නෑ!!! හේතු හන්ද ඇතිවෙච්ච දෙය, හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා විතරයි!
සත්වයා කියන්නේ, විඥාණය ප්රත්යයෙන් (උපකාරයෙන්) නාමරුපවල පැවැත්මත්, නාමරූප ප්රත්යයෙන් (උපකාරයෙන්) විඥාණය පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධියක් හන්ද ඇතිවෙලා තියන දෙයක්! [technically බැලුවම මේ සේරම බොහොම පැහැදිලිව පේනවා! මේකේ සේරම ලියලත් ඇති!! ඒත් හරියන්නේ technical උදවියටම තමයි]. පටලැවිල්ලක් හන්දයි ඉතුරු සේරම ප්රශ්ණ ඇතිවෙලා, දිගින් දිගට පවතින්න අරන් තියෙන්නේ. පටලැවිල්ල ලිහිච්ච ගමන් අතහැරෙනවා... සේරම ඉවරවෙලා යනවා... මේකේ වෙන මොකුත්ම නැහැ!!! ice කැටයක් අරන් බලන්න. ඇහැට පේනවා... අතට අහුවෙනවා... සීතල දැනෙනවා... සේරම හරි. අව්වෙන් තියල තියන්න! කෝ ice කැටේ? මේකත් ඒ වගෙයි!! මේක කියවපු උදවියට පෙනිලා නැති උනාට මේ thread එක පුරාවට ගොඩාක් විස්තර ලියලත් තියෙනවා! තව වෙනස් විදියකට බලමු!! මාත් නිකම් ඉන්න එක නේ... තව ලියන්නම්. බලන්න upset අය නොබලා ඉන්න!!! ඕනේ අය බලන්න! මේවා ලියන්න ගත්තේ 'වැදගත් නෝනා මහත්තුරුන්ට' පොඩ්ඩක් හරි වැඩක් වෙයි කියල හිතලයි!! මම ලොක්ක, මම හරි කියල පෙන්වන්න නෙවෙයි. 3rd post එකේදිම කියපු, 'මගේ නම, මගේ ගැන සැලකීමෙන් නම් කිසිම වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්රකාශකලේ "ඇසි පිය හෙලන මොහොතකට වත් මම නම් සංසාරය වර්ණනා කරන්නේ නැහැ, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට" කියලයි.' විදියටයි!
නිවණ කියල තියෙන්නේ එකයි!!! එතනට යන්න තියන මාර්ගයත් එකයි!!! නිවණට ගිය කෙනෙකුට තවත් ඒ ජාතියේම කෙනෙක්ව වැරදියට පෙනෙන්න බැහැ!!! ඒක මම හොඳටම දන්නවා!!! එහෙම පෙනුනොත් case එකක්! හරියට එකෙක් ගාලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් තංගල්ලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් පොලොන්නරුව පැත්තේ ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... මුන් එකාට එකා බැනගන්නවා මම හරි අරූ වැරදියි... ඌට පිස්සු... ඌට ලෙඩක් කිය කිය! බැලුවම බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ නිවණ අනුරාධපුරේ කියල!! හුඟ දෙනෙක් ඒක දන්නෙත් නැහැ!!! ගියපු කෙනෙකුට මාර්ගයේ යනකෙනෙක් හරියට වැඩේ කරනවද? අදාළ නැතිදෙයක් කරනවද කියලත් තේරෙනවා!! 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන එකත් හරියට ගත්තොත් හරි... නැත්නම් කැලේ යැවෙනවා ඔන්න ඔයටික කියන්නයි ඕනේ!