මතකයට ගොඩක් දේ ඉතුරු කොට ඔහු නිකම ගියේය.
මුරලි තමන්ගේ පලමු එක්දින තරගයට ක්‍රීඩා කොට ඇත්තේ 12 August 1993 දින ඉන්දියාවට එරෙහිව කොළඹදීය.මුරලි ජාත්‍යන්තර පිටියට එන කාලය මගේ මතකයේ නැත.ඒ එම සමයේ මම ක්‍රිකට තරඟ නැරඹීම ආරම්භ කර නොතිබූ බැවිනි.මා දන්නා මුරලි කණ්ඩායමේ පලමු වෙනස් වීමෙදී (1st change) පන්දු යවන්නාය.කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නාය.එක් අන්තයකින් දිගටම පන්දු යවන කඩුලු ගලවන්නාය. එනම් මා ක්‍රිකට් ගැන දන්නා දවසේ සිටම මුරලි ගැනද දනිමි.මා දන්න දවසේ සිටම මුරලි ප්‍රවීණයකි.සුපිරි ක්‍රීඩකයෙකි.
එසේ වූ ක්‍රිඩකයින් අතරින් ශ්‍රීලංකා කණ්ඩායමේ ඉතුරුව සිටි එකම ක්‍රීඩකයා මුරලි පමණි.ජාත්‍යන්තරයේ තවමත් ඉතිරිව එක් ක්‍රිඩකයෙකු ඇත. ඒ ටෙන්ඩුල්කාර්ය.
අපේ රටේ බොහෝ දෙනෙකු මෙන් පාසලේ 13න් පහල ක්‍රීඩා කරන කාලයේ මටද උවමනා වූයේ මුරලි යවන ඉරියව්වෙන් පන්දු යැවීමටය.මුරලි මෙන් ඇඟිලි අතර පන්දුව ඉහල පහල යැවීමටය.
මුරලි ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නා බවට විවාදයක් නැත.ටෙස්ට් සහ එක්දින තරඟ දෙඅංශයෙන්ම වැඩිම කඩුළු ලාභියා වෙමින් මුරලි ඒබව ඔප්පු කොට ඇත.
ශ්‍රීලංකාවේ ක්‍රිකට් වලට මුරලි බොහෝ දේ කලේය.ලෝකයේ ඉහලම කණ්ඩායම් අතරට අපේ පුන්චි මවුබිම එක්කලේය.
මුරලි ගිය වසරේ ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය.ඒ විශ්මය ජනක ලෙස අවසන් පන්දුවෙන් තම 800 වන කඩුල්ල ලබා ගනිමිනි.
ශ්‍රීලාංකාවේ ක්‍රීඩකයි ගෞරවාන්විතව සමුගෙන ඇත්නම් ඒ අල්පයකි.මුරලි එයද වෙනස් කලේය.
මුරලි ටෙස්ට් පිට්යෙන් සමුගත්තේ අතිශය ගෞරවාන්විත ලෙසිනි.
අවසන මුරලි එක්දින පිටියෙන්ද සමුගත්තේය.ඒ ලංකාවට දෙවන වරටත් ලෝක ක්‍රිකට් අනු ශූරතාවය හිමි කරදෙමිනි.තමන් සහභාගී වූ පලමු ලෝක කුසලානයම ජයග්‍රාහී එකක් කර ගැනීමට මුරලි වාසනාවන්ත විය.
තමන් සහභාගී වූ අවසන් තරඟය පරාජය වුවත් ලෝක කුසලාන අනු ශූරතාවය කණ්ඩායමට හිමි කරදෙමින් තම 350 වන තරඟයේදී අතිවිශිෂ්ඨයෙකු ලෙසින් මුරලි සමුගෙන ගියේය.
මින් පසු අසිරු අවස්ථාවල කණ්ඩායම ගලවා ගැනීමට මුරලි කෙනෙකු නැත.ඒ සුන්දර හිනාව නැවත දකින්නට නැත.
නැවත මුරලි කෙනෙකු බිහිවේ දැයි සැක සහිත වුවත් අපි වාසනාවන්ත වෙමු.එවන් විශිෂ්ඨයෙකු ක්‍රීඩා කරනු දැකීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.
අනාගතයේ දවසක මුරලි ගැන යමෙක් ඇසුවොත් අපිට කීමට ගොඩක් දේ ඇත.ඒ ඔහු සමුගත්තේ සුන්දර වූ මතක රැසක් ඉතිරි කොට නිසාවෙනි.
