දිනේෂ් කාර්තික්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මිනිහෙක්ට කොච්චර දුර වැටෙන්න පුලුවන්ද?

    මේ post එකේ original එක ලියල තිබුනෙ Brajesh Dubey. ඒක English වලින් තිබුන නිසා මට හිතුන මේ කතාවට ටිකක් එකතු කරල සිංහලට පරිවර්තනය කරන්න. මේ කතාවෙ හා එහි අන්තර්ගතයේ පූර්ණ ගෞරවය ඔහුට හිමිවිය යුතු බව මුලින්ම සදහන් කරන්න ඕණ.

    පහත ඡායාරූප වල සිටින ඉන්දියානු ක්‍රිකට් තරුව කවුරුත් හොදින් අදුනන දිනේෂ් කාර්තික්. දිනේෂ් මුලින්ම ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නෙ 2004 වර්ෂයේ. ඔහු කැපීපෙනෙන දක්ෂතා දැක්වූ කලාතුරකින් බිහිවන සුපිරි ක්‍රීඩකයෙකු බවට කිසිදු සැකයක් නැහැ. දිනේෂ් 2007 වසරේදී ඔහුගේ කුඩා කල සිටම හොඳම මිතුරිය බවට පත්ව සිටි Nikita Vanjara සමග විවාහ වුනා. දිනේෂ් හා නිකීටා ඉතා හොද විවාහ දිවියක් ගත කලා. පසුව දිනේෂ් තමින්නාඩු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත් වූ අතර එම කාලයේදී ඔහුගේ කණ්ඩායම නියෝජනය කළ මුරලි විජේ ඔහුගේ හොඳ මිතුරෙක් බවට පත්වෙලයි හිටියෙ.
    කාලයක් යත්ම මුරලි හා දිනේෂ් අතර තිබුනු මිත්‍රත්වය පරයා නිකීටා හා මුරලි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනා. ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ හමුවුනු අතර ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සමාජ මාධ්‍ය තුල කටකතා ප්‍රචාරය වන්නට පටන් ගත්තා. මේ අතර නිකිටා හා දිනේෂ්ගේ පවුල් ජීවිතය ක්‍රමයෙන් කඩාවැටෙන්නට පටන් ගත්තා. 2012 වසරේදී නිකීටා ගැබිනියක් බවට පත් වුනා. නමුත් සැවොම පුදුමයට පත් කරමින් ඇය සදහන් කර සිටියේ තම දරුවාගේ පියා මුරලි විජේ බවයි. මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු දිනේෂ් නිකීටාව දික්කසාද කල අතර දික්කසාදය සිදු වූ දිනට පසුදිනම නිකීටා මුරලි විජේ සමග විවාහ වුනා. විවාහයෙන් මාස තුනකට පසුව ඇය තම දරුවාට උපත ලබාදුන්නා.

    මෙම සිදුවීමෙන් පසුව දිනේෂ් විශාදයෙන් පෙලීමට පටන් ගත්තා. ඔහු අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වූ අතර ඔහුගේ ක්‍රිකට් කුසලතා ඉතා ඉක්මනින් පිරිහී ගියා. මේ සමයේදී තමයි ඔහුට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිමිවී තිබූ ස්ථානය අහිමි වී ගියේ. ඒ වගෙම ඔහුට Ranji කුසලානයේදී තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වුණා. තමිල්නාඩු ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඔහුව ඉවත් කල එහි පාලනාධිකාරය මුරලි විජේ හට එහි නායකත්වය ලබා දුන්නා. දිනේෂ් තවදුරටත් මෙම සිදුවීමෙන් මානසිකව වැටුණු අතර ඔහු කරන කියන සියලු කටයුතු නවතා දැමීමට කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි ඔහු සියදිවි නසාගැනීම පිලිබදව post පවා share කරන්න පටන් ගත්තා.

    මේ අතර එක් දිනක් ඔහුගේ කලින් සිටි කායවර්ධන පුහුණුකරු ඔහුව සොයාගෙන නිවසට පැමිණියා. ඔහු දිනේෂ් හට නැවත තමන් සමග Gym එකට යන්න ආරාධනා කලත් දිනේෂ් එය මගහැරියා. නමුත් කෙලෙස හෝ ඔහු දිනේෂ්ව නැවත Gym එකට රැගෙන ආවා. Gym එකේ නැවත පුහුණුවීම් කටයුතු සිදුකරමින් සිටින විට ඔහුට මුණ ගැහෙනව අපූරු කාන්තාවක්. ඇය නමින් Dipika Palikal. දීපිකා එවකට ඉන්දියාවේ නමක් දිනා සිටි Squah ක්‍රීඩිකාවක්. දිපිකා වරක් සදහන් කරනව දිනේෂ්ව හමුවූ මුල් දිනයේ ඔහුට යනව කියලවත් කියන්නෙ නැතුව තමයි තමන් ගියේ කියල. කොහොම වුනත් ඇය ඉතා ඉක්මනින් දිනේෂ්ගෙ හොද මිතුරියක් බවට පත් වුනා. දීපිකා හා පුහුණුකරු එක්වෙලා දිනේෂ්ව දිරිගන්වල ඔහුව නැවත ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි මට්ටමට සකස් කරනු ලැබුවා. මේ සමයේ මුරලි විජේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටිමේ සමයේ පසුවූ අතර ඔහුව ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමෙන් වගේම ඔහු ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායමෙන්ද ඉවත් කරලයි තිබුණේ. මේ අතර දිනේෂ්ගේ සුපුරුදු දක්ෂතා දුටු ඉන්දීය තේරීම් කමිටුව ඔහුට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව හිමිකරක දුන්නා සේම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහුට IPL තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ වගෙම ඔහු එම කණ්ඩායමේ නායකත්වයටද පත් වුනා.

    මේ අතර රිශාබ් පාන්ට් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පිතිකරුවෙකු හා විකට් රකින්නෙකු ලෙස ඇතුලත් වී සිටි අතර වයසින් වැඩිමහල් වූ දිනේෂ් සිතා සිටියේ ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය ඇත්තටම පැමින ඇති බවයි. මේ අතර කාලයක් ඉතා තදින් ඒ වගේම ඉතා ළඟින් ඇසුරු කළ දිනේෂ් හා දීපිකා 2015 වසරේදී යුග දිවියට එලබුනු අතර දීපිකා 2021 වසරේදී නිවුන් දරුවන් හට කාතික්ගේ නමින් උපත ලබා දුන්නා. දිනේෂ් හා දීපිකාවේ යුග දිවිය ඉතාමත් සාර්තකව ගෙවුනු අතර දිනේෂ් තම සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම දිගින් දිගටම සිදුවුණා. 2021 වසර වනවිට දීපිකාගේ ක්‍රීඩා දිවිය මෙන්ම දිනේෂ්ගේ ක්‍රිකට් දිවියත් යම් පසුබෑමකට ලක්වුනා. ඒ ඔවුන් ප්‍රතම වරට මව්පියන් වූ නිසා. මේ අතර තමිල්නාඩුවේ ඉතාමත් මිලෙන් අධික ප්‍රදේෂයක මන්දියරක් තම දරුවන් වෙනුවෙන් මිලදී ගන්න මේ දෙන්නට ඕණ වුනා. දිනේෂ් මෙලෙස මිලදී ගන්නට සැරසෙන මන්දිරය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමට පටන් ගත් පසුව ඔහුගේ රසිකයන් අසන ලද පළවෙනි පැනය වුණේ මේක ගන්න තරම් සල්ලි ඔවුන්ට කොහෙන්ද කියන එක. මොකද ඒ වන විට ඔවුන් දෙදෙනාම ක්‍රීඩාවෙන් ඈත් වෙලයි හිටියෙ.

    නමුත් ඇත්තටම Risk එකක් අරගෙන දිනේෂ් ඒ deal එකට අතගැහුව. ඒ තමන්ගෙ බිරිද හා දරුවන් වෙනුවෙන් සුඛෝපභෝගී ජීවිතයක් හදල දෙන්න. මේ කාලයේදීම කවුරුවත් බලාපොරොත්තු නොවූ විදිහට මහේන්ද්‍ර සිං දෝනි තමන්ට චෙන්නායි කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස දිනේෂ් කාර්තික් අවශ්‍ය බව සදහන් කර තිබුනා. නමුත් ඔහුව චෙන්නායි කණ්ඩායමෙන් මිලදී ගැනීමට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු කණ්ඩායම ඔහුව මිලදී ගනු ලැබුවා. 2022 වසරේ දීපිකාද නැවත ක්‍රීඩාවට යොමු වුණු අතර ඇය එම වසරේ ලෝක ස්කොෂ් තරගාවලියේ කාන්තා යුගල ශූරතාවය ඉන්දියාවට රැගෙන ඒමට සමත් වුනා. ඇය සමග එහිදී ප්‍රකට ඉන්දීය ක්‍රීඩිකා Joshna Chinappa යුගල ඉසව්ව සඳහා තරඟ වැදුණා.

    දිනේෂ්ට දැන් වයස අවුරුදු 38ක්. ඒත් ඔහු අදටත් ඉන්දියාවෙන් බිහි වූ ඉන්දියාවට නැතුවම බැරි අගනා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මිනිසුන්ගේ ජීවිතයේ කඩා වැටීම හා නැගිටීම් කියන්නෙ මහ අමුතු දේවල් නෙමෙයි. ඒත් තමන් කඩන් වැටුණු වෙලාවට නැගිටවන්නත් තමන් අඬන විට කඳුළු පිසදාන්නත් හැකි පිරිසක් තමන් වටේ ඉන්න ඕණ. එදා ඔහුගේ පුහුණුකරු නොපැමිණියා නම් ඔහුට දීපිකා හමු නොවුනා නම් අද අපිට කතා කරන්න දිනේෂ් කාතික් කියල චරිතයක් නොඉන්නට ඉඩ තිබුන. ඒ නිසා හැමෝටම ආදරෙන් හැමෝටම සෙනෙහසින් ජීවත් වෙන්න. එතකොට ඔබව එක් අයෙක් දාල ගියත් තව දහසක් ඉදීවි ඔබට ජීවිතය හදාගන්න පාර කියල දෙන්න.
    පරිවර්තන සටහන මනුජිත් අබේරත්න.


     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උන් දෙන්නා wife swap කරා නේ බන් ? :rolleyes2:
    ඩිලාගේ මුල් වයිෆ් එක්ක කොටු පැනලා මාට්ටු උනාට පස්සේ ඩිලා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා නිලියව බැන්ඳා.
    තරංගයා තාම බැඳලා නැහැ. මොනව උනත් ඊට පස්සෙත් උන් දෙන්නා ටීම් එකේ එකට සෙල්ලම් කලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගොඩක් සල්ලි හොයල දුන්න එකෙක් තමයි..
    ලෝකේ ක්‍රීඩා ඉතිහාසේ වැඩිම views තියන youtube video දෙකම තියෙන්නේ ලංකාවේ බෝඩ් එකට මූ නිසා .
    :rofl:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    When we went to the gym!

    gym going hard GIF
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    oawa monawada bun, Upul tharangayi, Dilshanuyi ekka beluwama 😂 😂 😂
    Pudgalika jeewitha monawa wunath un denna team ekata sellam karaddi hondata hitiya
    ඩිලාගේ මුල් වයිෆ් එක්ක කොටු පැනලා මාට්ටු උනාට පස්සේ ඩිලා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා නිලියව බැන්ඳා.
    තරංගයා තාම බැඳලා නැහැ. මොනව උනත් ඊට පස්සෙත් උන් දෙන්නා ටීම් එකේ එකට සෙල්ලම් කලා.
    Tharangayage gedara Tsunami ekata kadila giya wele Dilshanaya gedara inna Tharangayata katha karala thiynwa
    E wele thamai wade wela thiyenawa kiyanne
    DIlshanayath Sanath tharam nowunata kariyek thamai
    Uta Zimbabwe ratata athulu wennath ba uta thiyena lama apachara seen ekak handa

    ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගොඩක් සල්ලි හොයල දුන්න එකෙක් තමයි..
    ලෝකේ ක්‍රීඩා ඉතිහාසේ වැඩිම views තියන youtube video දෙකම තියෙන්නේ ලංකාවේ බෝඩ් එකට මූ නිසා .
    :rofl:
    Perfect ending for a perfect series
    Bangaliyo hande idan polowatama watuna :lol:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කථික ගෙ අලුත් කැල්ල තරුන කලේ පට්ට. දන් නං නාකි පාටයි ඉතිං.
     
    • Like
    Reactions: SLKolla2020

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගොඩක් සල්ලි හොයල දුන්න එකෙක් තමයි..
    ලෝකේ ක්‍රීඩා ඉතිහාසේ වැඩිම views තියන youtube video දෙකම තියෙන්නේ ලංකාවේ බෝඩ් එකට මූ නිසා .
    :rofl:
    Mokadda bn e sceen eka?
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මහේන්ද්‍ර සිං දෝනි නිසා තමයි දිනේෂ් කාර්තික් ටීම් එකෙන් එලියට විසික් වෙන්නෙ. දෙන්නගෙ දක්ශයා දිනේෂ්. දෝනි ලක් කාරයා
     
    • Like
    Reactions: War Fighter

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඩිලාගේ මුල් වයිෆ් එක්ක කොටු පැනලා මාට්ටු උනාට පස්සේ ඩිලා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා නිලියව බැන්ඳා.
    තරංගයා තාම බැඳලා නැහැ. මොනව උනත් ඊට පස්සෙත් උන් දෙන්නා ටීම් එකේ එකට සෙල්ලම් කලා.
    Tharanaga ge seen eka aththada ban. Mata thama wishwaasa karanna baha. Hena himichcha wage hitiyata katana wada.