බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hithe kriyakareethwaya gana suluwen hithanna epa! eka hithanawata wadaa hungaak complex!! neewarana, orambhaageeya sanyojana, uddhambaageeya sanyojana, ashrawa kiyala aakaara godaka prashna oke thiyanawa. kamaththen bandilla kiyala suluwen hithuwoth awulak! habayi mama thread eke serama prashna walata uththara deela athi!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    hithe kriyakareethwaya gana suluwen hithanna epa! eka hithanawata wadaa hungaak complex!! neewarana, orambhaageeya sanyojana, uddhambaageeya sanyojana, ashrawa kiyala aakaara godaka prashna oke thiyanawa. kamaththen bandilla kiyala suluwen hithuwoth awulak! habayi mama thread eke serama prashna walata uththara deela athi!!

    ඒ කියන්නේ මේ වගේ රූපයකින් මේක පැහැදිලිකරන්න බැ කියන එක ද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    උපන් ගමන් මේවගේ දෙයක් කරාම සිතීමේ හැකියාවට මොකද වෙන්නේ.
    අපි හැමෝම සිතීම සඳහා බාෂාවක් භාවිත කරනවා නේද?
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දමිතුත් මේවගේ මොකක්ද කිව්වා .
    මේවගේ ප්‍රශ්න අහන එක අවුල් ද ,
    අනිත් ආගම් වල වගේ කියන සේරම ඔබතුම හරි කියල පිළිගත්තොත් කට්ටිය කැමති වෙයි මම හිතන්නේ .

    අපොයි නැහැ . මමනම් කියන්නෙම අහන්න ඕනෙම ඔය වගේ ප්‍රශ්න කියලයි . මහසෝනා හින්ද කියල කියපු හින්දයි ඇහුවේ.
    දමිතාගේ ගැනනම් කියන්න මම දන්නේ නැහැ . කාලයක් මෑන් අපි ඔක්කොම එකම ගොඩට එකට දල දෙහි කපුවා. අම්බානෙක පොර ටෝක් වගයක් දුන්න ෆෙක් id ගැන .
    හැබැයි ඉතින් අදටත් මමනම් කියන්නේ දමිතට මානසික අබාදයක් තියනවා කියලයි .
    කියන එකනම් කොහොමටවත් පිළිගන්න එපා කව්රු කිව්වත්. තමන්ම නුවනින් විමසලා බලන්න
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එක ධර්ම දේශනාවකදී අපේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම කොටසක් කිව්වා. දවසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක සඟ පිරිසගෙන් අහනවා, "මහණෙනි, මා විසින් කවර ආකාරයක ධර්මයක් දේශනා කරන ලද්දේ දැයි හැටියටද ඔබ මතකතබාගෙන සිටින්නේ?" කියල. එවිට එම ආර්ය සඟ පිරිස කියා සිටියා "භාග්‍යවතුන් වහන්ස, ගෙවාගෙන ආ සංසාර ගමනේදී අප එක් අයෙක් හරකුන් වී බෙලිකැපුම් පහර කද්දී ගලාගෙන ගිය ලේ ධාරාව සහරමහ සාගරයේ ජලයට වැඩ වැඩියි... එළුවන් වී බෙලිකැපුම් පහර කද්දී ගලාගෙන ගිය ලේ ධාරාව සහරමහ සාගරයේ ජලයට වඩා වැඩියි..." එහෙම කියල! බුදුරජාණන්වහන්සේ සාධුකාර දුන්නාලූ "ඔබ ඒ ධර්මය හොඳින්ම මතක තබාගෙන සිටිනවා..." කියල! තව තැනකදී අහන්න ලැබුණා, මහා රූක්ෂ ගහක් කොළ අතු ඉවත් කරලා, ඉතිරි අතු කඳන් සියල්ලම ගිනිකූරු ප්‍රමාණයේ කෑලිවලට කපල ගොඩක් ගහගෙන, මේ මගේ මේ ආත්මයේ අම්ම... මේ ගිය ආත්මේ අම්ම... මේ ඊට කලින් ආත්මේ අම්ම... කිය කියා කූර කූර අයින් කලත් කූරු ටික ඉවරවෙනවා මිසක් අම්මල පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියල!! තාත්තල සම්බන්ධයෙනුත් මෙහෙමම මයි!! එක සත්වයෙක් මනුස්සයෙක් හැටියට ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවට අඬපු කඳුළු එකතු කරත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි කිව්වා... තාත්තල සම්බන්ධයෙනුත් එහෙමයි!! ආයේ බුදුරජාණන්වහන්සේ කියල තියනවා මේ එක මනුස්සයෙක් කල්පයක් තුල මැරිච්ච වාරගනනේදී එකතුවෙච්ච ඇටසැකිලි දිරන්නේ නැතිව තිබිල ගොඩ ගැහුවොත් 'වේපුල්ල පර්වතය'ට වඩා ලොකු කන්දක් හැදේවි කියල!!! ඔයාලට ඔයාලගේ ගුරුවරුන් ගෙන් මේවා අහන්න ලැබිල තියනවද??? අපේ හාමුදුරුවෝ මේවා නිතර නිතරම වගේ, 'බොක්කටම වදින්න' කියනවා!! බුදුරජාණන්වහන්සේ මේ පෙන්වල දුන්නේ අපි හැමෝම තනි තනියෙන්, අනන්ත දුක්විඳගෙන ඇවිල්ල තියෙන සංසාර ගමන, නැත්නම් 'කාල තියෙන පරිප්පුව' ගැන නේ... මේ සේරගෙන්ම පෙන්වල දුන්නේ මේක මහා භයානක ගමනක්! කිසිම තේරුමක් නැති නිෂ්ඵල ගමනක්!! ඉක්මනින්ම නතර කරගෙන නිදහස් වියයුතු දෙයක්!!! කියන එකයි.

    මේක බලල, 'අයියෝ... ඔච්චර කල්ප ගණනක් ආව එකේ තව ආත්ම දෙතුන්සීයක් ඉපදුනත් මොකෝ?' කියල හිතන 'ගොන්සන්ල'ත් ඉන්නවද දන්නේ නැහැ!! මෙතනට ඇවිල්ල අහපු දැකපු දේවල් වලින් මම තේරුම්ගත්තා අයියල, අක්කල හුඟ දෙනෙක්ගේ හැටි!! හැබැයි තම තමන් තෝරගත්ත ගුරුන් මේවා ඔයාලට කියල නැත්නම් ඒක නම් හෙණ ලෙඩක්! ඒ අය ඔය උදවියව ප්‍රමාදී පුද්ගලයෝ කරලා!! ඒකට නම් කරන්න දෙයක් නැහැ... ඔයාල කාටවත් දොස් කියන්නත් බෑ... සසරදුකින් එතෙරවීමේ මාර්ගය පුරුදුකරගෙන ආව කෙනෙක් මිසක් මේවා දැනගෙන ඉපදෙන අය නැහැනේ. බුදුහාමුදුරුවෝ සංසාර ගමන කොහොමටවත් අනුමත කලේ නැහැ!! උන්වහන්සේ කිව්වේ ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියලයි!! හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවන්න හදිස්සි නොවුනට කමක් නැහැ, සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න ඊට වඩා හදිස්සියකින් කටයුතු කරන්නයි කීවේ ඒකයි!! ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරගන්න හදිස්සි නොවුනට කමක් නැහැ, සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න ඊට වඩා හදිස්සියකින් කටයුතු කරන්නයි කීවේ ඒකයි!! සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වීමෙන් තමයි සසර ගමනින් එතෙර වීමේ මාර්ගයට පිවිසෙන්න තියෙන්නේ!! ඒ නැතුව කරන වෙන කිසිම දෙයකින් සසර ගමනින් නිදහස් වෙන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියන එක 100% guaranteed නැති නිසානේ කාලසීමාවක් දක්වල නැත්තේ... අපි මීට කලින් තව බුද්ධසාසන ගොඩක් පහුකරගෙන ඇවිත් ඇත්තේ!! පින් කරලා, වත් පිළිවෙත් පුරලා සේරම කරලා ඇති, අවශ්‍යදේ විතරක් නොකර!!! මහණවෙලා ඉඳලා තියෙනවා... දෙවියෝ හැටියට දිව්‍යලෝකවල ඉපදිලා ඉඳල තියෙනවා... රජවරු සිටුවරු වෙලා ඉඳල තියෙනවා... ආයේ වෙන මොනවද?? හරියට කරන්න ඕනේ දේ නොකලොත් 99.99% miss වෙනවම තමයි!! ඒකනේ 'යමෙක් සෝතාපන්න නැත්නම් මගේ සාසනයට වත් අයිති නැහැ!' කියල බුදුහාමුදුරුවොම කියල තියෙන්නේ!!

    ඔයාල මේවා අහල තියනවද නැද්ද මං දන්නේ නැහැ!! (අපේ හාමුදුරුවොත් මෙහෙම බර කරලා කියල නම් නැහැ...) ඒත් මට නම් කරුණු අහනකොට බරපතලම ඒවා කෙලින්ම මතක හිටිනවා. (peak hold වගේ) ඒ ටික ගලපලා බලනකොට මට නම් seen එක (worst case) පේනවා!! ඉතින් මං මක්කොරන්නද ඒකට?? සංසාර ගමන මම කොරන එකක්යැ??? 'සංසාරෝඝන් මහබ්භයං' (සංසාර ඕඝය මහා භයානකයි) කියල බුදුහාමුදුරුවොමනේ කියාදීල තියෙන්නේ!!! අනික් ප්‍රධාන case එක technically බලපු ගමන් මේ බව දැක්ක/තේරුණා. මට ඒකමයි ඔය 'ලෝකෝත්තර' කතා දිරවන්නෙම නැත්තේ... හොඳටම පෙනෙද්දී වැඩේ හරියන්නේ නැහැ කියල, කොහොමද අනුමත කරන්නේ?? මම නම් කවුරු උනත් ඉවරයක් දකින්නම කියල උනන්දු කරනවා මිසක්, තව 'යන' කතා මොකකට වත් චුට්ටක් වත් අනුබල දෙන්නේ නැහැ!!! බුදුහාමුදුරුවෝ අවශ්‍ය සේරම කියල දීල, කරන්න ඕනේ විදියත් කියල දීල, sure එකටම කරන්න පුළුවන් බවත් කියල තියෙන්නේ!! උන්වහන්සේ කැමති උනේ චතුරංග සමන්නාගත වීර්යයෙන් ධර්මාවබෝධයට යොමුවෙන උදවියට!! එහෙම උනන්දු වුනොත්, දවස් 7 සිට අවුරුදු 7 දක්වා කාලයක් තුල සේරම කරගන්න උනත් පුළුවන් කිව්වා. ඉතින් මොනවද තව හිත හිත ඉන්නේ?? අඩුම ගනනේ සෝතාපන්න තත්වයට වත් එනකම්, කිසිම විවේකයක් නොගෙන ධර්මාවබෝධය වෙනුවෙන්ම කැපවෙන්න කියල තමයි මට නම් කියන්න තියෙන්නේ!! මට ඇති වැඩකට නෙවෙයි... මේක බලන උදවියටයි!! හුඟදෙනෙක් කරන්නේ තේරුමක් නැති බොරුවක් නේද කියල තේරෙනවා!! ඕක තමයි ලෝකස්වභාවය කියලත් දන්නවා!! බුදුහාමුදුරුවෝ කිව්වේ නියසිලට ගත් පස් චුට්ටක් තරමේ පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරන්නේ!!! කියලනේ. ඒත් පින් කර කර යං... පෙරුම්පුරන්න තියනවා... හදිස්සිවෙලා බැහැ... වගේ කතා අහල රැවටිලා ඉන්න අයට ඇත්ත කතන්දරේ හිතනවට වඩා ගොඩාක් භයානකයි කියල පෙන්වන්නයි මට ඕනේ!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අපොයි නැහැ . මමනම් කියන්නෙම අහන්න ඕනෙම ඔය වගේ ප්‍රශ්න කියලයි . මහසෝනා හින්ද කියල කියපු හින්දයි ඇහුවේ.
    දමිතාගේ ගැනනම් කියන්න මම දන්නේ නැහැ . කාලයක් මෑන් අපි ඔක්කොම එකම ගොඩට එකට දල දෙහි කපුවා. අම්බානෙක පොර ටෝක් වගයක් දුන්න ෆෙක් id ගැන .
    හැබැයි ඉතින් අදටත් මමනම් කියන්නේ දමිතට මානසික අබාදයක් තියනවා කියලයි .
    කියන එකනම් කොහොමටවත් පිළිගන්න එපා කව්රු කිව්වත්. තමන්ම නුවනින් විමසලා බලන්න


    දමිත් ට ගැටළුවක් තියනවා කියල මටත් විස්වාසයි,
    මේ threads ලියල තියන ඒවා කියෙව්වහම එයාගේ හැගීම් තේරෙනවා
    ෆිල්ම් එකක් ගෙදර ගෙනිහිල්ල වෙච්ච දේත් රජිතා කියල කෙනෙකුට කතා කරලා වෙච්ච දේත් එයා ලියල තියනවා. ඒවා සහ අනෙත් ලිපි කියවල බැලුවහම මෙයාගෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගෙයි අතර වෙනසක් නැ
    එයා රහත් කියල කියන එක තමයි තියන ගැටලුව. මේකෙන් එයාට ඉදිරියට යන්න තියන අවස්තාව නැති වෙනවා
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    දමිත් ට ගැටළුවක් තියනවා කියල මටත් විස්වාසයි,
    මේ threads ලියල තියන ඒවා කියෙව්වහම එයාගේ හැගීම් තේරෙනවා
    ෆිල්ම් එකක් ගෙදර ගෙනිහිල්ල වෙච්ච දේත් රජිතා කියල කෙනෙකුට කතා කරලා වෙච්ච දේත් එයා ලියල තියනවා. ඒවා සහ අනෙත් ලිපි කියවල බැලුවහම මෙයාගෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගෙයි අතර වෙනසක් නැ
    එයා රහත් කියල කියන එක තමයි තියන ගැටලුව. මේකෙන් එයාට ඉදිරියට යන්න තියන අවස්තාව නැති වෙනවා

    මන් මේ තරහකින් කියනවා නෙමෙයි හො‍ඳේග ඇයි ඔයා ‍වගේ බුද්ධිමත් කෙනෙක් මේ වගේ පලක් නැති දේවලට කාලය වැය කරන්නේ ? ඔයා පොඩ්ඩක් හොයලා කියවලා බලන්න අර සැරියුත් හාමුදුරුවො කෙවුලන්ට බණ කියපු විස්තරය.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මන් මේ තරහකින් කියනවා නෙමෙයි හො‍ඳේග ඇයි ඔයා ‍වගේ බුද්ධිමත් කෙනෙක් මේ වගේ පලක් නැති දේවලට කාලය වැය කරන්නේ ? ඔයා පොඩ්ඩක් හොයලා කියවලා බලන්න අර සැරියුත් හාමුදුරුවො කෙවුලන්ට බණ කියපු විස්තරය.

    මම සාමාන්‍යයෙන් ආගමට සම්බන්ද threads කියවනවා , ඒවා මතක තියනවා . මෙතනදී මට වැයවෙලා තියන්නේ type කරන කාලය විතරයි . මම සාමාන්‍ය මිනිහෙක් විදිහට මට හිතෙන දේ ලියනවා ප්‍රසන අවොත් අහනවා . මම කරපු දේත් ඔය කරපු දේට සමානයි (මේකට පිළිතුරු දීම )
    අවවාදයට ස්තුතියි .
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දමිත් ට ගැටළුවක් තියනවා කියල මටත් විස්වාසයි,
    මේ threads ලියල තියන ඒවා කියෙව්වහම එයාගේ හැගීම් තේරෙනවා
    ෆිල්ම් එකක් ගෙදර ගෙනිහිල්ල වෙච්ච දේත් රජිතා කියල කෙනෙකුට කතා කරලා වෙච්ච දේත් එයා ලියල තියනවා. ඒවා සහ අනෙත් ලිපි කියවල බැලුවහම මෙයාගෙත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගෙයි අතර වෙනසක් නැ
    එයා රහත් කියල කියන එක තමයි තියන ගැටලුව. මේකෙන් එයාට ඉදිරියට යන්න තියන අවස්තාව නැති වෙනවා

    ඇත්ත මේ තරම් දර්ම කරුණු දැනගෙනත් පෙතරම් පැහැදිලි කිරීම් අපිට කියල දුනත් මෙයාගේ තියන අඩුපාඩුව මෙයට පෙන්නේ නැත්තේ සමහරවිට එක එයාගේ කරුමයක් වෙන්න ඇති . අපි මොන කරන්නද ? අවරුදු හතළිහක් මහණදම් පුරපු හමුදුරෝවොත් කටගද ගහන මාලුවෙක් උනානම් . දමිත වගේ කෙනෙකුට මෙහෙම වෙන එක මහලොකු දෙයක් නෙමෙයි .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අදහස් ප්‍රකාශ කිරීම වැලක් වීමේ විවිධ ක්‍රම
    දේව සංකල්ප සහිත ආගමිකයන් -
    1. එම අදහස් මගින් දෙවියන්ට අපහස වන බව පැවසීම ,
    2. දේව කැමැත්ත නොවන බව / පොත් වල නොමැති බව

    බෞද්ධාගමිකයන් -
    1 .ආර්ය උපවාද (මොවුන්ට අනුව පස්වග තවුසන් ද බුදුන් ට අපහස කර ඇත)
    2. එම අදහස් මගින් අපායේ යන බව පැවසීම .
    3. එම අදහස් කාලය අපතේ හැරීමක් යන බව (මේ forum වලට එන අය පැය 24 ම ධර්මයට කපකරනවා වගේ )
    4. තමන්ට පටහැනි අදහස් ප්‍රකාශ කරන්නන් fake id ලෙස පවසා පිළිතුරු නොදී සිටීම
    5. විරුද්ද අදහස් ප්‍රකාශ කරන්නන් බුද්ධිමතුන් නොවන බව පැවසීම

    මීට අමතරව සමහර අය ප්‍රසන වලට පිළිතුරු දීම සඳහා පුද්ගලික තොරතුරු ද ඉල්ලයි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට අහම්බෙන් මතක් වෙච්ච කරුණක් හන්දයි මේක ලියන්න ගත්තේ...

    ධර්ම මාර්ගය සම්බන්ධයෙන් මගේ ලෞකික / ලෝකෝත්තර කියල කතාවක් ඇත්තෙම නැහැ!!! මම භාවිත කරන්නේ 'ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම' කියල පමණයි!!! 'ලෝකෝත්තර' කියන වචනය මට හුරු, 'මේකා නම් මහා ලොකොත්තරයෙක්!' කියනවා වගේ tricky, misleading කියන අර්ථයෙන් තමයි!! ඒත්, මම මේක ප්‍රසිද්ධියේ කිව්වම අනික් උදවිය (විශේෂයෙන්ම අකුරු/වචන දකින, තේරුම නොදකින, කොන් හොයන්න බලාගෙන ඉන්න, රන්ඩගවේෂී උදවිය) අල්ලගන්නේ 'මූ ණිවන් මාර්ගයට කෙලින්න නේ හදන්නේ...' කියන තේරුමෙන් නේද? බව මට ඊයේ මතක් උනේ අහම්බෙනුයි!! අවංක උවමනාවකින් එන කෙනෙකුට උනත්, මං අදහස් කලේ මොකද්ද කියල හරියට නොතේරුනොත් අවුලක් නේද කියල හිතුනම මට කනගාටුවකුත් ඇතිඋනා!! අන්න ඒකයි මම අදහස් කරන තේරුම මෙන්න මේකයි කියනබව ඉක්මනින්ම කියන්න ඕනේ කියල තීරණය කලේ!! කරුණාකර පැටලීමක් සිදුවූ උදවිය එය නිවැරදි කරගන්න...

    ඇත්තටම නම්, මේ මෑතකදී දැම්ම post එකේ සඳහන් කල ආකාරයටම, සංසාර දුකින් එතෙරවීම පිණිස, සසර ගමන නැවත්වීම පිණිස නම්, අනිවාර්යයෙන් අපේ ගමන්මග වෙනස් විය යුතුයි! කියන බව මම තේරුම්ගත්තේ සැහෙන කාලෙකට කලින්!! උදාහරණයකින් කියනවනම්, මේ සාමාන්‍ය පොදු ජනතාව අනුගමනය කරන ක්‍රමය පොලවට සමාන්තරව ඉස්සරහට ඉස්සරහට ගමන් කරන මාර්ගයක් නම්, ඒක අතහැරලා, සසර බිය දැනී බුදුරජාණන්වහන්සේ කියාදුන් ආකාරයටම විශාල හදිස්සියකින් ලෝකයෙන් මිදීමට උත්සාහ ගන්නා ආර්ය ශ්‍රාවක පිරිස ගමන් ගන්නා මාර්ගය, පොලවට ලම්බකව ඈත ආකාසය බලා යන මාර්ගයක් නම්, අන්න ඒ මාර්ගයට පිවිසෙනවා වගේ දෙයක් තමයි ඒක!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කරලා තියෙන්නේ මුළු ලෝකයේම මිනිස්සු යන්නේ එක පැත්තකට නම්, තථාගතයාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ ඊට ප්‍රති විරුද්ධ දිශාවටයි කියලයි!! මේක එහෙම්පිටින්ම මහා බරපතල, අතිශයින්ම දුෂ්කර කාර්යයක් තමයි!! ඒකනේ මැරෙන මැරෙන එකා යන්නේ නිරය, තිරිසන්, පෙරේත ලෝකවලට බව පැහැදිලිවම කියල තියෙන්නේ!!! මුළු මහපොළවේ පස් තරමේ පිරිසක් පහලට ඇදගෙන වැටෙද්දී, නිය සිලට ගත් පස් ටිකක ප්‍රමාණයක් විතරයි සුගතියට හෝ යන බව දක්වා තියෙන්නේ!!! මම ඔය දේවල් මුලින් කියලා නැහැ!! මොකද මම මේකේ බරපතලකම හොඳටම දන්නවා උනාට ඒවා කියල කිසිකෙනෙක් පසුබස්සවන්න නෙවෙයි මට උවමනා උනේ... මට උවමනා උනේ උඩුගම් බලා යන ගමනට පුළුවන් තරමක් පිරිස උනන්දු කරවලා ඉස්සරහට ඇදගෙන යාම විතරයි!!! ප්‍රතිඵල ලැබෙන බව මම හොඳටම දන්නවා!!!

    බුදුරජාණන්වහන්සේම දේශනාකර වදාළ විදියට, මේ සත්වයාගේ සංසාර ගමන සිද්ධවී තිබෙන්නේ එක දෙයක් අවබෝධ නොවීම නිසයි!!! ඒ චතුරාර්ය සත්‍යයයි!!! වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි!!! ඉතින් 'හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා' වගේ වැඩ නැතුව, 'ගෙදරදී වැටිච්ච ඉඳිකටුව පාරේ light කණුව යට හොයනවා' (එතන හොඳට එලිය තියන නිසා) වගේ වැඩ නැතුව කෙලින්ම හරි ඉලක්කයට යන එකයි අපි කලේ!!! යහළු, හිතමිතුරු පිරිසටත්, මේක බලන පිරිසටත් (intelligent only! not for morons!!) උපදෙස් දුන්නෙත් ඒ අනුවයි!!! මේවායෙන් ප්‍රතිඵල ලබන උදවිය ලබල, අවශ්‍ය දේ කරගෙනත් ඉවර ඇති... මම කරන්න ගත් දෙය කරලා දැන් සෑහෙන කලක් ගෙවිලත් ඉවරයි!! නමුත් මෙම මාතෘකාව කතා කරන්න කතා කරන්න කාට හෝ යහපතක් සිදුවන නිසාත්, මගේ නිකරුණේ ගතවෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහාත් පමණයි මම මෙහි රැඳී සිටින්නේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සත්වයාට මේ සසර ගමනින් මිදී නිදහස් වීමට මාර බලවේග විසින් ඉඩ නොදෙනවා සේම, ධර්මයේ සංදිට්ඨික / අකාලික ගුණ පවා අමතක කල බෞද්ධ වේශයෙන් ඉන්නා අශ්‍රුතවත් පෘතග්ජන ජනතාව කරන්නේත් මේ ගමන තව තවත් දුෂ්කර කරලා, අඩාල කරලා දමන එකමයි!! පුළුවන් උපරිම උත්සාහය දරන්නේ සසර ගමනින් නිදහස් වීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමටයි!! ඒ සියල්ලත් මාර බලවේග බව බුද්ධ දේශනා කියවපු, කටපාඩම් කරපු උදවිය නෙවෙයි, අහල කියවල අවබෝධකරගත් උදවිය දන්නවා ඇති!! මගේ අරමුණ ඉටුකරගැනීමට නම්, උඩුගම් බලා යන ගමනට පුළුවන් තරමක් පිරිස උනන්දු කරවලා, උපකාරයක් වීමට නම්, එන එන බාධාවන්ට මුහුණ දෙන්නත්, ඒවා මගහැර හෝ කඩාබිඳගෙන යාමට සිදුවන බවත්, එහෙම නැත්නම් 'කඩේ වහල' නිකම් ඉන්න වෙන බවත් මම ඉතාමත් හොඳින් දන්නවා!! ගොඩ දෙනෙකුගේ යහපත වෙනුවෙන් පටන්ගත්තු දේ කාගෙවත් උවමනාවලට නවත්වන්න, වෙනස් කරන්න කැමැත්තක් නැති නිසා මට ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වලින් උත්තර දෙන්න උනා! මේ thread එක කියවන ඕනෙම 'බුද්ධිමත් කෙනෙකුට' නම් දැනුත් ඔය කරුණු සියල්ල පැහැදිලිවෙයි!!

    හැබැයි මේ කරගෙන ආව වැඩේදී මේකේ 807 වන post එකට දාපු මෙන්න මේ, "ආර්යෂ්ඨාංගික මාර්ගයට ලෞකික ලෝකෝත්තර කියල දෙකක් බුදුහාමුදුරුවෝ නම් කියල නැහැ!!!" කියපු කතාව නම් වැරදියි!!! බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙයාකාරයකින් පෙන්වල දීල තියනව!!! පස්සෙයි ආයෙම දේශනාව අහල මතක් කරගත්තේ... ඇත්තටම මේ හුඟාක් දේවල්, 95% විතරම ලියන්නේ මතකයෙන් පමණයි!! මම මතක තබාගෙන සිටින්නේත් ණිවන් මගට කෙලින්ම අදාළ කරුණු විතරයි!! මම, පින් කර කර යං... පෙරුම් පුරාගෙන පුරාගෙන යං... style එකට විරුද්ධව කතාවට ආව කෙනෙක්!!! ඒකත් මේ... මොකුත් අමාරුවක් හන්ද නෙවෙයි, ඔය මේ මෑතක දාපු posts වල කියපු විදියට, මේ දැනුත් ධර්මය කියව කියවා ඉන්න පිරිසෙනුත් 99.99% ම ගෞතම බුද්ධ සාසනයත් miss කරගන්නයි හදන්නේ කියන එක දැක්ක නිසයි!! පෙනුණ නිසයි!!! බුදුහාමුදුරුවෝ කියපු විදියටම සංසාර ගමනෙන් නිදහස් වෙන්න ඕනේ නම්, ඇත්තටම rocket එකක් launch කළා වගේ වේගයෙන් මේවා අතහැරලා ඈතට ඈතට යන්න වෙනවා!! (හැබැයි ඇඟෙන් නෙවෙයි... තනිකරම මනසින් / හිතෙන්) මේකට අදාළ වෙන්නේ 'ලෝකෝත්තර ආර්යෂ්ඨාන්ගික මාර්ගය' හා 'ලෞකික සම්මා දිට්ඨිය' පමණයි ඇත්තටම!!! ඒ ටික post එකේ සඳහන් කරලා තියනවා... අමතරව කියන්න තියන ටික 813 post එකේදී කියලත් තියනවා!

    ඊයේ මම ලෝකෝත්තර කියන වචනය පාවිච්චිකරලා තියෙන තැන් search කළා. එතකොටයි මේ කරුණ ආයෙම දැක්කේ! (මේ post එක reply එකක් හැටියට එවෙලේ හදල දාපු එකක් මිස plan කරලා compose කරපු එකක් නොවෙච්ච හන්ද check උනේ නෑ) හැබැයි, මේක මම කිව්වෙත් බුදුරජාණන්වහන්සේ වදාළ දෙයක් නොවදාලා හෝ නොවදාළ දෙයක් වදාලා යැයි පවසා ධර්මය අධර්මය කිරීම පිණිස නොවන නිසාත්, මෙතන කරගෙන යන වැඩේට අදාලව නිසාත්, මේක මට නම් එච්චර වැදගත් නැහැ... ඒත් දැනුවත්ව, වදාළ දෙයක් නොවදාලා යැයි තියන්න බෑ!!! ඉතින් මා මුලින් කී "ආර්යෂ්ඨාංගික මාර්ගයට ලෞකික ලෝකෝත්තර කියල දෙකක් බුදුහාමුදුරුවෝ නම් කියල නැහැ!!! කියන දේ පිළිගත් උදවිය ඉන්නවානම් එය නිවැරදි කරගන්න!!!ඕක විශේෂයෙන්ම දැක්ක, එහෙමත් නැත්නම් මේ මුළු thread එකෙන්ම ඕක විතරක් දැක්ක, උදවිය (අකුරු/වචන දැක්ක, තේරුම නොදැක්ක, කොන් හොයන්න බලාගෙන ආව උදවිය) ලෞකික කතා වලට මගේ කිසිම කැමැත්තක් නැති බවත් දැනගන්න!! ඒක ප්‍රමාදී පුද්ගලයන්ගේ ධර්මයක්... බුද්ධ දේශනා සියල්ල එකම පිරිසක් අරභයා කල දෙයක් නෙවෙයි!! ඒ නිසා අදාළ දේ ගන්න නැති දේ බැහැර කරන්න. පොදුවේ කියල තියෙන්නේ, 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති නෑ' කියලයි!!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ දේ (ඔබ කියන වැරැද්ද ) මුලික අරමුණට එතරම් බලපෑමක් වෙන දෙයක් නෙවෙයි
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දමිත ,
    ඇත්තද බවනාවක් කරන්නනම් අපි කය සෘජුවම තබා ගන්න ඕනේ කියන්නේ ? ඒ කියන්නේ පොලවට අංශක 90 . අපිට ඇදක හෝ පොලවේ හෝ හාන්සි වෙලා ඉන්න කොට බාවනා කරන්න බැරිද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ශ්‍රී සද්ධර්මය සම්බන්ධයෙන් හුඟදෙනෙක් 'හයියෙන් අල්ලගත්ත' ලස්සන කෑල්ලක් තියනවා, 'කවුරු කොහොම කිව්වත් පිළිගන්න එපා! ණුවනින් විමසලාම බලන්න' කියල. ඒක හරිද?? හොඳටම sure ද ඒක හරි කියල?? මේක මේ නිකම්ම නිකම් පිස්සු පොරවල් කියන එක කමක් නැහැ කියමු! තමන් ධර්මය හොඳටම දන්නවා කියල හිතාගෙන ඉන්න උදවියත් ඕක ඔයවිදියටම හිතුවොත් හරිද?? කියන්න ගියොත් හරිද?? මොකද්ද ඇත්තටම ණුවනින් විමසන්න තියෙන්නේ?? මට පේනවා මේ අල්ලාගෙන තියන කෑල්ලේ ලොකු 'කොස්සක්' තියනවා කියන එක!!! අපි ඉක්මනින්ම success වෙන්නයි, බය නැතුව එළිපිටම කියන්නයි, තවත් ගොඩ දෙනෙක් ඇල්වතුරත් නිවපු ගනනට 'වචන වලින්', ක්‍රියාවෙන් සංවර වෙන්නයි, ධර්මය එක එක වීදිවලට ලිය ලිය, කියව කියව ඉන්නයි, ඒත් කෙරෙන්න අවශ්‍යදේ මෙතුවක් කල් නොකෙරෙන්න හෝ ප්‍රමාදවෙන්නයි, සේරටමත් වඩා ඔය හැමෝටම වගේ අපිව upset ජොකියෝ හැටියට පෙනෙන්නයි ප්‍රධාන හේතුව ඔය 'කොස්ස' තමයි!!!

    මට වැදගත් කෙනෙක් කියපු කතාවක් මේක. "කව්රු කිව්වත් පිලිගන්න එපා කියලයි බුදු හිමියන් පෙන්වා දුන්නේ... කෙටියෙන් කියනවා නම් සම්මා සම්බුදු හිමියන් විසින් පෙන්වා දුන්නත් එය උන්වහන්සේ කියන නිසාම පිලිගන්න එපායි කියලයි පෙන්වා දුන්නේ... බොහෝ තැන්වල දකින්නට ලැබෙනවා “මහණෙනි, ඔබ මම කියන නිසාද පිලිගන්නේ? මා වෙහෙසට පත්වෙයි කියලා මා කෙරෙහි අනුකම්පාවෙන් නොවිමසාද පිලිගන්නේ? නැතිනම් ඔබට සැබැවින්ම අවබෝධ වූ නිසාමද පිලිගන්නේ?“ ආදී ලෙසින් පෙන්වා දී අවබෝධ නොවී නිකම්ම පිලිගන්නේ නම් එයින් සිදුවන යහපතක් නැති බවත් පෙන්වා දෙනවා..." මේවා ඇහුවේ කාගෙන්ද, දැක්කේ කොහෙන්ද දන්නේ නෑ... මේවයේ ඇත්ත නැත්ත දන්නෙත් නැහැ! මට දැනගන්න වැඩකුත් නැහැ!! මොකද කියනවා නම් කරුණු ගලපලා බලල තේරුම් අරන්, අවබෝධ කරන්න ඕනේ දෙය අවබෝධ කරන් ඉවර කළා නම්, කතාව එතනින් ඉවරයි!! ආයේ හෝඩියේ පන්තිවල දේවල් වලින් ගන්න කියල දෙයක් නෑ!!!

    හැබැයි මේ කතා සේරම මට පෙනෙන විදියට කෙලින්ම සම්බන්ධ වෙන්නේ අර 'කොස්සට' මයි!!! ඒකට කියන්නේ... ශ්‍රද්ධාව නැතිකම!!! කොහොම උනත් මාත් සේරම දැනගෙන ඉපදුනා නෙවෙයි නේ... කල්පණා කිරීමේ හැකියාව, යෝනිසෝ මනසිකාරය 100% perfect තිබිච්ච එක විතරයි මම එනකොට ගෙනත් තිබුනේ! ධර්මය අධර්මය, හොඳ නරක තේරුම්ගන්න හැකියාව තිබුනට ඒ තිබුනේ basic level එකක. දැන් මේ මාතෘකාව සම්බන්ධයෙන් වැඩකරු උනාට, මුලදී කොච්චර පැටලවිලි ගොඩක් තිබුනද, විඥාණය/මනස ගැන හරියටම දැනගන ඒ පැටලිලි ලිහාගත්තේ කොච්චර අමාරුවෙන්ද, ඒවායින් ගොඩ එන්න ලැබුණේ කොහොමද කියල මම හොඳටම දන්නවා!!! ඒ සේරගේම ගෞරවය හිමිවෙන්නේ මගේ ගුරු හාමුදුරුවොන්ට... අපේ හාමුදුරුවොන්ට!!! මටත් පිරිසුදු බුද්ධ දේශනා වෙනුවට 'කූරුගාපු' ධර්මයක් අහන්න උනා නම් සෑහෙන 'ඇනෙන්න' තිබුන! උන්වහන්සේ පිරිසුදු බුද්ධ දේශනා ඒ අයුරින්ම පරිවර්තනය කරලා කියල දීල, අවබෝධයට උපකාර වෙන අයුරින් තව ගොඩාක් දේවල් විස්තර කරකර කියල දුන්නු හන්දයි මේ සේරම දේවල් ඉක්මනින්, නිවැරදිව කරගන්න ලැබුණේ!!!

    ඒත් හැමෝම ධර්මය ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන් නෙවෙයි නේ... මම අනික් හාමුදුරුවරු ගොඩ දෙනෙකුගේ දේශනා අහලත් නැහැ... අවබෝධයක් නැතුව, පාලි විතරක් දැනගෙන, ත්‍රිපිටකය පාඩම් කරගත්තට දේශනා හරියට translate කරගන්නවත් වෙන්නේ නැහැ!! ඇනෙනවම තමයි!! හොඳම උදාහරණයක් ඔය 'අනිච්ච' කතාව!! නියම තේරුම, ස්ථිරව පවතින්නේ නැහැ... වෙනස්වෙන සුළුයි... කියන ඒක ඒ විදියට ගන්නේ නැතුව 'කැමැත්ත' කියල කෑල්ලකුත් එක්ක ඔතල දීපු එක ගිල්ලයින් තමයි ඔය, 'රහත් උනොත් ගිහිගෙයි ඉන්න බෑ... හිටියොත් මැරෙනවා... ආහාර ප්‍රත්‍ය වෙන්නේ නැහැ... හීන පෙන්නේ නෑ...' වගේ අනං මනං බයිලා කතා ටොන් ගණනක් ඇතිවෙලා තියෙන්නේ!! හැබෑවටම ඔය මොන මගුලක් වත් නෑ!!! හේතු හන්ද ඇතිවෙච්ච දෙය, හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා විතරයි!

    සත්වයා කියන්නේ, විඥාණය ප්‍රත්‍යයෙන් (උපකාරයෙන්) නාමරුපවල පැවැත්මත්, නාමරූප ප්‍රත්‍යයෙන් (උපකාරයෙන්) විඥාණය පැවැත්මත් කියන ස්වභාවික සංසිද්ධියක් හන්ද ඇතිවෙලා තියන දෙයක්! [technically බැලුවම මේ සේරම බොහොම පැහැදිලිව පේනවා! මේකේ සේරම ලියලත් ඇති!! ඒත් හරියන්නේ technical උදවියටම තමයි]. පටලැවිල්ලක් හන්දයි ඉතුරු සේරම ප්‍රශ්ණ ඇතිවෙලා, දිගින් දිගට පවතින්න අරන් තියෙන්නේ. පටලැවිල්ල ලිහිච්ච ගමන් අතහැරෙනවා... සේරම ඉවරවෙලා යනවා... මේකේ වෙන මොකුත්ම නැහැ!!! ice කැටයක් අරන් බලන්න. ඇහැට පේනවා... අතට අහුවෙනවා... සීතල දැනෙනවා... සේරම හරි. අව්වෙන් තියල තියන්න! කෝ ice කැටේ? මේකත් ඒ වගෙයි!! මේක කියවපු උදවියට පෙනිලා නැති උනාට මේ thread එක පුරාවට ගොඩාක් විස්තර ලියලත් තියෙනවා! තව වෙනස් විදියකට බලමු!! මාත් නිකම් ඉන්න එක නේ... තව ලියන්නම්. බලන්න upset අය නොබලා ඉන්න!!! ඕනේ අය බලන්න! මේවා ලියන්න ගත්තේ 'වැදගත් නෝනා මහත්තුරුන්ට' පොඩ්ඩක් හරි වැඩක් වෙයි කියල හිතලයි!! මම ලොක්ක, මම හරි කියල පෙන්වන්න නෙවෙයි. 3rd post එකේදිම කියපු, 'මගේ නම, මගේ ගැන සැලකීමෙන් නම් කිසිම වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ "ඇසි පිය හෙලන මොහොතකට වත් මම නම් සංසාරය වර්ණනා කරන්නේ නැහැ, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට" කියලයි.' විදියටයි!

    නිවණ කියල තියෙන්නේ එකයි!!! එතනට යන්න තියන මාර්ගයත් එකයි!!! නිවණට ගිය කෙනෙකුට තවත් ඒ ජාතියේම කෙනෙක්ව වැරදියට පෙනෙන්න බැහැ!!! ඒක මම හොඳටම දන්නවා!!! එහෙම පෙනුනොත් case එකක්! හරියට එකෙක් ගාලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් තංගල්ලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් පොලොන්නරුව පැත්තේ ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... මුන් එකාට එකා බැනගන්නවා මම හරි අරූ වැරදියි... ඌට පිස්සු... ඌට ලෙඩක් කිය කිය! බැලුවම බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ නිවණ අනුරාධපුරේ කියල!! හුඟ දෙනෙක් ඒක දන්නෙත් නැහැ!!! ගියපු කෙනෙකුට මාර්ගයේ යනකෙනෙක් හරියට වැඩේ කරනවද? අදාළ නැතිදෙයක් කරනවද කියලත් තේරෙනවා!! 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන එකත් හරියට ගත්තොත් හරි... නැත්නම් කැලේ යැවෙනවා ඔන්න ඔයටික කියන්නයි ඕනේ!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    නිවණට ගිය කෙනෙකුට තවත් ඒ ජාතියේම කෙනෙක්ව වැරදියට පෙනෙන්න බැහැ!!! ඒක මම හොඳටම දන්නවා!!! එහෙම පෙනුනොත් case එකක්! හරියට එකෙක් ගාලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් තංගල්ලට ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... තා එකෙක් පොලොන්නරුව පැත්තේ ගිහින් ආ... මේ තමයි නිවන කියල හිතාගෙන ඉන්නවා... මුන් එකාට එකා බැනගන්නවා මම හරි අරූ වැරදියි... ඌට පිස්සු... ඌට ලෙඩක් කිය කිය! බැලුවම බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ නිවණ අනුරාධපුරේ කියල!! හුඟ දෙනෙක් ඒක දන්නෙත් නැහැ!!! ගියපු කෙනෙකුට මාර්ගයේ යනකෙනෙක් හරියට වැඩේ කරනවද? අදාළ නැතිදෙයක් කරනවද කියලත් තේරෙනවා!! 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන එකත් හරියට ගත්තොත් හරි... නැත්නම් කැලේ යැවෙනවා ඔන්න ඔයටික කියන්නයි ඕනේ!



    මේකනේ ප්‍රස්නේ ඔබතුම නිවන් දැකල නිසා ඔබතුමාගේ වැරදි පෙනෙන එවුන්ට නිවන් දකින්න බෑ.
    ඔබතුම ගේ හොඳ පෙන කට්ටිය නිකන්ම ගියා වගේ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔබතුම මුස්ලිම් ආගමේ ඉපදුනා නම් කුරානයේ තියන ඒවා පිළිගන්නේ නැති අයට මොනවා කරයිද කියන්න බෑ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත ,
    ඇත්තද බවනාවක් කරන්නනම් අපි කය සෘජුවම තබා ගන්න ඕනේ කියන්නේ ? ඒ කියන්නේ පොලවට අංශක 90 . අපිට ඇදක හෝ පොලවේ හෝ හාන්සි වෙලා ඉන්න කොට බාවනා කරන්න බැරිද ?

    ඔබ භාවනා කරලා බැලුවොත් මේකේ ඇත්ත ක් තියන බව තේරේවි.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'කාලාම වරුන්ට' සැරින් සැරේට එක එක ආගම් වල උදවිය ඇවිල්ල කියල තියනවා, 'අපි කියන එක තමයි හරි! අනික් අය කියල තියන ඒවා වැරදියි! ඒවා අතහරින්න... මේක පිළිගන්න... මේකතමයි හරි!!' කිය කිය. ඉතින් ඇත්තටම මාර case එකක් නේ... කොහොමද දැනගන්නේ මොකා හරිද, මොකාද ඇත්ත කියන්නේ කියන බව? 'කාලාම වරු' වෙලාවට බුදුරජාණන්වහන්සේගෙන් ඔය ප්‍රශ්ණේ අහල තියනවා. අන්න එවෙලේ තමයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'මා පරම්පරාය... මා ඉතිකිරාය...' කතන්දරේ! ඔය දැන් අල්ලගෙන ඉන්න කෑල්ල, 'පොත්පත්වල තිබුනට පිළිගන්න එපා! කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා!!' කියල දාන තර්කෙ... කාලාම සුත්‍ර දේශනාවෙන් භාගයක්!!

    හැබැයි ඒ දේශනාව එතනින් ඉවර නැහැ! වැදගත්ම ටික තියෙන්නේ ඊළඟට!! බුදුහාමුදුරුවෝ අහනවා, යමෙක් රාගය නිසා සත්තු මරනවා... හොරකම් කරනවා... බොරු කියනවා..., ද්වේශය නිසා සත්තු මරනවා... හොරකම් කරනවා... බොරු කියනවා..., මෝහය නිසා සත්තු මරනවා... හොරකම් කරනවා... බොරු කියනවා... වගේ නොයෙකුත් පව්/අකුසල් රැස් කරගන්නවා. ඉතින් මේවා හොඳද? රාග/ද්වේශ/මෝහ නොතිබුනානම් ඔය පව්/අකුසල් කෙරෙන්නේ නැහැ නේද? ඉතින් රාග/ද්වේශ/මෝහ ඇතිව සිටීම යහපත්ද? අයහපත්ද? කියල... අන්න ඒ විදියට ණුවනින් කල්පණා කරලා හොඳ නරක, හරි වැරැද්ද දැනගන්න / තෝරාගන්න කිව්ව! මේ කරුණේදී සාමාන්‍ය මනුස්සයෙකුට කල්පණා කරලා තීරණයක් ගන්න පුළුවන්!! මොකද මේවා ඇවිල්ල ඇහැට පේන, කණට ඇහෙන දේවල් එක්ක යන කතන්දර!

    දැන්, ඔය කතා කෑලි එහෙන් මෙහෙන් අහුලගත්තු එකෙකුට අහන්න / කියවන්න ලැබෙනවා, 'ඔබ ගෙවාගෙන ආ සංසාර ගමනේදී බිව් මව්කිරි ප්‍රමාණය සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!' කියල බුද්ධ දේශනාවකින් උපුටා ගත්තු කොටසක්! මෙයා ඉතින් දැන් ඕකට 'බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා! ණුවනින් විමසලාම බලන්න' කියන filter එක දානවා... කොහොමද ණුවනින් විමසන්නේ?? මොකෝ පේනවය? නැත්නම් මතක තියනවය? ළඟ ඉන්න එකෙක්ගෙන් තමයි විමසන්න වෙන්නේ... ඒකා මෙහෙම කියනවා කියල හිතමු! 'මොන පිස්සු කතාවක්ද බං? කොහොමද එහෙම කියන්නේ? ඔය නිකම් ගොතල කියපු, අතින් දාල කියපු එකක් වෙන්න ඇති!' කියල... අන්තිමට බුද්ධ දේශනාව පිළිගන්නේ නැහැ! ඒක 'ඩස්පින්' කරල තමන්ට ගැලපිල ගිය තමයි හරි කියල පිළිගන්නේ!

    බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළා මේ සත්වයාගේ පැවැත්ම තනිකරම විඥාණය උපකාරයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප වල උපකාරයෙන් විඥාණය පැවැත්මත් යන ස්වභාවික සංසිද්ධිය මත ගොඩ නැගුනු දෙයක් මිස, මේකේ (සත්ව ශරීරයක) දුවිලි අන්සුවක තරමේ වත් නිත්‍ය/ස්ථිර මොකවත්ම නැහැ කියල!! බැරිවෙලාවත් එහෙම අන්සුමාත්‍ර වශයෙන් හරි දෙයක් තිබුනා නම් නිවණ කියල විසඳුමක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ!! කියල. ගෞතම බුදුරජාණන්වහන්සේ ඔය බව අවබෝධ කළා වගේම, උන්වහන්සේ සිකී බුදුරජාණන්වහන්සේ මේ බව අවබෝධ කරපු හැටියත් ප්‍රකාශකලා!! (මේ සේරම විස්තර thread එකේ කලින් ලියල තියනවා) ඔය ලොකුවට සද්දේ දාගෙන දඟලන, මහා හයියෙන් උඩපනින මොකාගේත් කතන්දරේ ඕකයි!! මොකුත්ම නැහැ!! නිකම්ම නිකම් හැදිච්ච දේවල් විතරයි! අර ice කැට වගේ... මොකුත්ම ඉතුරුවෙන්නේ නැතුව 'ෆිනිතෝ' වෙනවා! ඉතින් ඒක නෙවෙයි වැඩේ... දැන් එහෙනම් ඔය උගත් බුද්ධිමත් නෝනා මහත්තුරු මෙන්න මේක පොඩ්ඩක් අහන්නකො... දැන් මේ කතාව 100% හරි!!! technically බැලුවොත් නම් 'ඩෝං ගාල' පේනවත් එක්ක!!! ඒත් නිකම් කියන පලියට පිළිගන්න බැහැ නොවැ?? බුදුහාමුදුරුවෝ කිව්වත් ණුවනින් විමසලාම එපාය පිළිගන්න!! නේද?? :P කොහොමද මේක ණුවනින් විමසන්නේ...

    'රූප' කියන සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඒවා නම් පේනවා... අතපත ගාල බලන්න පුළුවන්... අවුලක් නැහැ! ඒත් නාම රූප කිව්වම ඊටවඩා complex! ඇහැට පේන්නෙත් නැහැ, අතපත ගාල බලන්නත් බැහැ, ගඳක් සුවඳක් එන්නෙත් නැහැ!! කොහොමද මේවා ගැන විස්තර දැනගන්නේ?? ආයේ විඥාණයත් ඇහැට පෙනුන නම්, හැඩයක් තිබුන නම්, විඥාණය රවුන්ද, හැරස්ද කියල වගේ බලාගන්න තිබුන... එහෙම බලන්නත් බැහැ! කාල බලන්නත් බැහැ!! ඉතින් මොන කෙහෙල්මලක්වත් දන්නේ නැතුව කොහොමද මේවා ගැන ණුවනින් විමසන්න යන්නේ??? තේරෙනවද තම තමන්ට ඇනිලා තියන ඇනිල්ල?? බුදුරජාණන්වහන්සේ කිව්වේ 'බුද්ධ විෂයෝ අචින්තියෝ' කියලයි!! බුදු කෙනෙකුට විෂය වෙන දේවල්, පෙනෙන / දැනෙන දේවල් සාමාන්‍ය මනුස්සයන්ට හිතාගන්නවත් බැහැ කියලයි!!! ඒ කියන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ දේවල් ණුවනින් විමස විමස පිළිගන්න බැහැ!!! කෙටියෙන් කියනවා නම්, 'සම්මා සම්බුදු හිමියන් විසින් පෙන්වා දුන්නත් එය උන්වහන්සේ කියන නිසාම පිලිගන්න එපායි කියල' තියෙන කතාව මහ බූරු කතාවක්!!! ඔය උදවියට ඇත්තටම ඔය පොත්පත්වල තිබිච්ච, එක එක්කෙනාගෙන් අහල දැනගත්ත කතා සම්බන්ධයෙන් ණුවනින් විමසල බලල ඉන්න තිබුන සේරටම කලින්!!! එහෙම නොකර ඒවා ගෙඩිපිටින් ගිල්ල හන්දයි මේ දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම මහා ජංජාලයක් වෙලා තියෙන්නේ... නැත්නම් මේ වැඩේ එච්චරම බරපතල වැඩකුත් නෙවෙයි.

    සත්වයාගේ කෙළවරක් නැති දුක්ඛිත සංසාර ගමන ගැන, ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක, ගැලවෙන්න නම් මොකද්ද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ කියන සේරම අවබෝධ වුනේ බුදුරජාණන්වහන්සේට. උන්වහන්සේ ඒ අවබෝධයෙන් ශ්‍රාවක පිරිසට ධර්මය දේශනා කළා, සියල්ල කියා දුන්නා. ඒ ආර්ය ශ්‍රාවක පිරිස බුදුරජාණන්වහන්සේ කියන්නේ ඇත්තක්ද නැද්ද, වෙන්න පුළුවන් දෙයක්ද කියල ණුවනින් විමසන්න තියාගත්තේ නැහැ!!! ඒ උදවියට තිබුනේ බුදුරජාණන්වහන්සේ ගැන අවෙච්චප්‍රසාදයක්!!! බුදුරජාණන්වහන්සේ අරහත්!!! උන්වහන්සේ නිකෙලෙස්!!! උන්වහන්සේ කවදාවත් තමන්ට අවැඩක් නොකරන බව, අවැඩක් වෙන දෙයක් නොකියන බව, රවට්ටලා හිනාවෙනවා වගේ දේවල් නොකරන බව දන්නා ඒ ශ්‍රාවක පිරිස කලේ බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම විතරයි!!! බුදුරජාණන්වහන්සේ දිබ්බචක්කු ඥාණයෙන්, දිබ්බසෝත ඥාණයෙන් දැකල, අහල දැනගන්න දේවල් වෙන කිසිම කෙනෙකුට කරන්න බැරි බව එයාල දැනගෙන හිටිය!!! ඉතින් බුදුරජාණන්වහන්සේ මහා කරුණාවෙන් යුතුව කියාදෙන දේ මුළු හදවතින්ම, විශ්වාසයෙන්ම පිළිගත්තේ 'භගවතා ජානාති!! අහං නජානාමි!!' භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක! මම නොදන්නෙමි!! ඔබවහන්සේ දේශනාකොට වදාරන සේක්වා! අපි එය ඒ අයුරින්ම දරාගනිමු!! කියලයි. ඒකටයි කියන්නේ සද්දහති තථාගතස්ස බෝධීන් කියල!!! ඒ කියන්නේ ශ්‍රද්ධාව!!! අර මං කලින් කියපු 'කොස්ස'. බොලා හුඟ දෙනෙකුට ඒක අන්සුමාත්‍ර වශයෙන්වත් නැහැ!! ඒකයි ඔය ලොකු ලොකු උදවිය හුඟදෙනෙක් වල්ග පාගගෙන දඟලන්නේ... මම පෙන්වන්නම් තමුන්ලා හුඟදෙනකුට ශ්‍රද්ධාවක් නැති බව!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒ ආර්ය ශ්‍රාවක පිරිස බුදුරජාණන්වහන්සේ කියන්නේ ඇත්තක්ද නැද්ද, වෙන්න පුළුවන් දෙයක්ද කියල ණුවනින් විමසන්න තියාගත්තේ නැහැ!!! ඒ උදවියට තිබුනේ බුදුරජාණන්වහන්සේ ගැන අවෙච්චප්‍රසාදයක්!!! බුදුරජාණන්වහන්සේ අරහත්!!! උන්වහන්සේ නිකෙලෙස්!!!


    කොහොමද මේ අය දැනගත්තේ බුදු රැස් දැකලද, යමක මහා ප්‍රාතිහාර්ය දැකලද , කවුරුහරි කිව්ව නිසාද ?