කකුළුවා_වන්දනා_කරමු

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කකුළුවා_වන්දනා_කරමු



    241010crab.jpg


    දැනගත් මේ දියත
    අතැඹුලක් පරිද්දෙන්
    ජයගත් හැම දසත
    කටු ගහන අත් කතුරින්

    අත්දැකීමෙන් පරිපුන්
    ගමනෙනුත් සන්සුන්
    ඇසු පිරු තැනින් සපිරුණු
    කකුළුවා උත්තමයාන

    ඉතින් තවත් ශාස්තෘන් කුමට
    ඔබ ඉන්නා කල්හි
    ඔබ මෙන්ම කෙලින් (හරහට නොව)
    අපත් අවිදින්නෙමු අදපටන්

    කකුළුවා උත්තමයානන්ට නමස්කාර වේවා!
    ඔබගේ උගැන්වීමට ස්තුතියි.


     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එක පාරටම උපදින්නෙ හාස්‍යය :lol::lol:
    ඒත් ඊට එහාට ගිය ලොකු ගැඹුරක් තියෙනවා :yes::yes:
    අපූරු නිර්මාණයක්:D:D
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එක පාරටම උපදින්නෙ හාස්‍යය :lol::lol:
    ඒත් ඊට එහාට ගිය ලොකු ගැඹුරක් තියෙනවා :yes::yes:
    අපූරු නිර්මාණයක්:D:D

    ස්තුතියි. :)
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    කකුලුවා වහන්සේට නමස්කාර වේවා............!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හිනා වුනාට මේකෙ මාර කතාවක් යටින් හැංගිලා තියනවා වගේ.....
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බොරු කියන්නෙ මොකටද මට නම් තේරුනා මදි.තේරුම් ගත්ත කෙනෙක් කියල දෙනවද ??......:):)
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බොරු කියන්නෙ මොකටද මට නම් තේරුනා මදි.තේරුම් ගත්ත කෙනෙක් කියල දෙනවද ??......:):)

    මමම ලියල මමම තේරුම් කරන එක හරි නෑනේ, වෙන කාගෙන්හරි අහන්න. :yes:;)
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    සථ්‍ය චශයෙන්ම අප සියල්ලේම කකුලු වහන්සේගේ අනුගාමිකයන් වෙමු......
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හෙඩ් ඒක යන කේස් එකක් :baffled:..කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවලුනේ..නියමයි මචන්.