'දුක' තේරුණේ, අවබෝධ වුනේ බුදුරජාණන්වහන්සේට! ඒකට හේතුව, ඒකෙන් මිදීම, ඒ වෙනුවෙන් කරන්න තියන වැඩේ කියන සේරම... 'චතුරාර්ය සත්‍ය' පරිපූර්ණ වශයෙන්, අවබෝධ වුනෙත් බුදුරජාණන්වහන්සේටමයි!! ඇත්තටම ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ දැක්වුයේ අතට මිටමොලව ගත්ත ඇට්ටේරියා කොළ මිටක ප්‍රමාණයට!! සසර දුකින් මිදීම සඳහා උපකාරී වෙන, එච්චරට කුඩා ප්‍රමාණයක් විතරයි උන්වහන්සේ අපට කියල තියෙන්නේ! උන්වහන්සේ මුළු විශ්වයම සම්බන්ධයෙන් ලබපු අවබෝධය මහා ඇට්ටේරියා වනාන්තරයක තියෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණය තරමේ මහා විශාල අවබෝධයක් බව උන්වහන්සේ අපිට කියල තියෙනවා!! එයින් බොහොම පැහැදිලිව, ස්ථිරවම දැනගන්න තියෙන්නේ සම්මාසම්බුදු බුදුවරයකුගේ අවබෝධයට සමකරන්න පුළුවන් දැණුමක්, අවබෝධයක් තියෙන වෙන කිසිම කෙනෙක් මේ විශ්වයේ වෙන නැති බවයි!!! ඒ නිසා උන්වහන්සේ දේශනා කරන දෙයක් ඒ විදියටම දරාගන්නවා මිසක්, ඒවා ණුවනින් විමසල පිළිගන්න හෝ නොගන්න තීරණය කිරීමට තරම් ප්‍රමාණවත් ණුවනක් තියන කෙනෙක් ඉන්නවා කියල හිතීමත් මහා අණුවන කමක්!! මෝඩ කමක්!! විහිළුවක්!! ඒ නිසා ඔබ මෙයින් මතුවට වත්, "කෙටියෙන් කියනවා නම් සම්මා සම්බුදු හිමියන් විසින් පෙන්වා දුන්නත් එය උන්වහන්සේ කියන නිසාම පිලිගන්න එපායි කියලයි පෙන්වා දුන්නේ..." කියල කියන්න තරම් හරකෙක්, එලදෙනෙක් වෙන්න එපා!!!
බුදුරජාණන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, සසර දුකින් එතෙර වෙලා, තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා භාවනාවක් කරගෙන සැනසිල්ලේ හිටියානම් මොකක් වෙයිද?? එහෙම උනා නම් උන්වහන්සේත් පසේ බුදුවරයෙක් වගේ තමන් විතරක් සසරින් නිදහස් වෙලා යාවි!! අනික් උදවිය හිටිය තැනමයි... එයාලට ඉවරයක් නතුව ඉපදී ඉපදී මැරි මැරී යන ගමනින් ගැලවෙන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ!! නමුත් ගෞතම බුදුරජාණන්වහන්සේට තමන්ගේ ගැලවීම ගැන විතරක් හිතුවා නම්, දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙනම ඒ වැඩේ කරගන්න හැකියාව තිබුන!!! තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ දුක්විඳින්න අවශ්‍යතාවයක් තිබුනෙම නැහැ!!! ඒත් උන්වහන්සේ පෙරුම්පුරාගෙන තවත් අතිදීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ සැරිසරාගෙන ආවේ, ලෝකයාට බුදුකෙනෙකුගේ උපකාරයක් නැති කාලයක ඉපදිලා, තමන් වහන්සේ විසින්ම 'ස්වයං භූ' ඥාණයෙන් බුද්ධත්වයට පත්වෙලා, තවත් විශාල පිරිසක් සංසාරෙන් එතෙර කරගෙනම තමනුත් එතෙර වෙන්නයි!! හැබැයි ඒ අදහස්කල දේ ඉටුකරගැනීම පහසු ඉලක්කයක් උනේ නැහැ!! බුදුවරයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද? බුදු කෙනෙක්ගේ ගුණාංග මොනවද? හැකියාවල් මොනවද? වගේ සේරමත් කියාදීල, තම තමන්ටම දකින්න පුළුවන් දේවල් වලින් යථාර්තය දකින්නත් කියාදීල, ඉන්පසුව උන්වහන්සේ ගැන පැහැදීමට පත්වූ පිරිසක් තමයි බුදුරජාණන්වහන්සේව සරණ ගිහිල්ල, ගෞතම බුද්ධ සාසනයට ඇතුළත්වෙලා, ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන තම තමන් සසර ගමනෙන් නිදහස් උනේ!!! එයාලටත් මූලික සුදුසුකම උනේ බුදුරජාණන්වහන්සේ ගැන ඇතිකරගත්තු නොසෙල්වෙන දැඩි විශ්වාසය/පැහැදීම තමයි!!
ඔය උදවියත් බුදුරජාණන්වහන්සේ ගැන ඒ අයුරින්ම දැඩි විශ්වාසයක්/පැහැදීමක් ඇතිකරගන්න!! ශ්‍රද්ධාව!!! නිකම්ම නිකම් ශ්‍රද්ධාව, අමූලික ශ්‍රද්ධාව නෙවෙයි. හරි එක... නිවැරදි එක... ආකාරවතී ශ්‍රද්ධාව!!! කරුණු දැනගෙන ඇතිවන හොල්ලන්න බැරි ශ්‍රද්ධාව!!! අන්න ඒක ඇතිකරගන්න!! ඒකම තමයි කෙනෙකුට ලබන්න පුළුවන් උතුම්ම ලාභය!!! ශ්‍රද්ධා ලාභය!!! ඒ ඇවිල්ල මේ ධර්ම මාර්ගයට ඇතුලත්වීම සඳහා තිබිය යුතු පලවෙනි ගුණාංගය!! 'සොතාපත්ති අංග' වලින් පලවෙනි එක!! 'බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති!' අන්න ඒක ඇතිකරගන්න!! ඇත්තටම මම කරපු technical explanation එකට පදනම් කරගත්තේ තනිකරම බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම කරුණුයි!! නැතුව මගේ නිර්මාණයක් නෙවෙයි!! ඉතින් ඒක තේරුම් ගත්තු කෙනෙකුටත් මුලින්ම හිතෙන්නේ, 'මීට අවුරුදු 2600 ගණනකට කලින් මේ තාක්ෂණික කතන්දර මොකවත්ම නැතුව බුදුහාමුදුරුවෝ දැකල තියෙන දේවල්... උන්වහන්සේ කොච්චර බුද්ධිමත්, කොයිතරම් ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක්ද...' කියලයි!! ඒ පැහැදීම කෙනෙක්ව යොමු කරන්නෙත් ඔය ආකාරවතී ශ්‍රද්ධාවටමයි!!! මම කිව්වේ ඒකයි... කොහෙන් කැරකිලා ආවත් අන්තිමට මේ වැඩේ, ණිවන් අවබෝධ කිරීම, කෙරෙන ක්‍රමයක් තියනවා!!! ඒ විදියට තමයි වැඩේ කෙරෙන්නේ!!!