බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ විදිහටම කල්පනා කරන කට්ටියක් දැන් ගාල්ල පැත්තේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පස්සේ යනවා නේද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොමද මේ අය දැනගත්තේ බුදු රැස් දැකලද, යමක මහා ප්‍රාතිහාර්ය දැකලද , කවුරුහරි කිව්ව නිසාද ?

    සාමාන්‍යයෙන් දාන ගොං ප්‍රශ්ණ වලට උත්තර නොදුන්නට, මෙන්න මේක නම් උත්තර දිය යුතු ඉතා වැදගත් එකක්!! මේ තමයි foundation එක!!! මේකට මම උත්තර දෙන්නම්...

    හැබැයි අද busy! ඉඩ ලැබුණාම තමයි ලියන්න වෙන්නේ.

    කොහොම උනත්, මේ වගේ මම post එකක් දාපු ගමන් වැහෙන්න එකක් දාන එකෙන් බලන අයට මම දාන ඒවා වැහෙන්න, මගහැරෙන්න පුළුවන්! මුළු thread එක පුරාම මේවගේ අය සැරින් සැරේට ඇවිත් ඕක කළා. (එක්කෙනෙක්ම වෙන්නත් පුළුවන් ID වෙනස් උනාට!) ඉතින් බලන අය, මාත් අලුත් ඒවා දාල තියනවද නැද්ද කියල search කරලා බලන්න.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම මේ කරන දෙයින් thread එක උඩට එනවා ඔය හොඳ දේවල් ලියල තිබුනොත් බලන අය නොබලා ඉන්නේ නැ .
    මම හිතන්නේ තමන්ට හිතෙන දේ ලියල නැවත ඔබතුම බුදුදහමට අගෞරව කරනවා .
    නැවත සැරයක් බුද්ධ චරිතය කියවල බලන්න බුදුහාමුදුරුවන්ගේ ජීවිතය පුරාම බුද්ධිමය සංවාද වලින් තමයි මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරවල තියෙන්නේ .
    ඔබකියන විදිහට නෙවෙයි
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොහොමද මේ අය දැනගත්තේ බුදු රැස් දැකලද, යමක මහා ප්‍රාතිහාර්ය දැකලද , කවුරුහරි කිව්ව නිසාද ?

    නෑ!!! ඒ උදවියට උඹලට වඩා ගොඩාක් හොඳට මොලේ තිබුන!! කල්පණා කිරීමේ හැකියාව තිබුන!! ඒකෙන් තමයි දැනගත්තේ...

    එයාල බුදුහාමුදුරුවොන්ගේ ලස්සන බලල, හැඩ බලල, මිහිරි කටහඬ අහල 4ට 5ට නැවිල සාදු... සාදු... සාදු... කියන ජාතියේ අමූලික ශ්‍රද්ධාවක්, ඒ කියන්නේ කරුණු නොදැන නිකම් ආවට ගියාට ඇතිවෙච්ච, වහා වෙනස්වන සුළු පැහැදීමක්, 'මුල් රහිත' පැහැදීමක්/විශ්වාසයක් විතරක් තිබිච්ච මෝඩ පිරිසක් නෙවෙයි!! එයාලට තිබුනේ බුදුරජාණන්වහන්සේව, උන්වහන්සේගේ ගුණ වශයෙන් දැනගෙන, දසබල ඥාණ ගැන දැනගෙන, හැකියාවන් ගැන දැනගෙන ඇතිකරගත්තු කොයිම විදියකින්වත් වෙනස් නොවෙන, කාටවත් වෙනස් කරන්න බැරි, මුල් බැසගත්තු, දැඩි පැහැදීමක්/විශ්වාසයක්... ආකාරවතී ශ්‍රද්ධාවක්!!! අන්න ඒක තමයි සසර ගමනින් නිදහස්වෙන්න පදනම!!! foundation එක!!! බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම!!!

    දැන් ඉන්න උදවිය ගොඩ දෙනෙකුට ඔය ආකාරවතී ශ්‍රද්ධාව අන්සුමාත්‍ර වශයෙන්වත් නැහැ!!! මේ අය බුදුරජාණන්වහන්සේව දැකල තියෙන්නේ පිළිම වලින්, පින්තුර වලින් විතරයි!! උන්වහන්සේව ගුණ වශයෙන් දැනගෙන නැහැ!! උන්වහන්සේ ගැන කරුණු කාරණා දැනගෙන ඇතිකරගත්තු නොසෙල්වෙන, මුල් බැසගත්තු, කාටවත් වෙනස්කරන්න බැරි, කිසි කෙනෙකුට හොලවන්න බැරි විශ්වාසයක්/පැහැදීමක් ඇත්තේ නැහැ!!! මේ තමයි අර මම කලින්ම කියපු 'කොස්ස'!! අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම මෙච්චරටම මහා ජංජාලයක් වෙලා තියෙන්නේ... හැබැයි මේකට හේතු උනේ ධර්මය පාලියෙන් තිබිච්ච එක!! එතකොට ඝණ පිහිටුවල තියෙන්නේ... ඝණයෙන් තමයි ගුණ තියෙන්නේ... කිය කිය ඔහේ ගාථා කිය කිය වැඳ වැඳ ඉන්න තිබුන බූරුවෝ වගේ!! මෙලෝ හත්ඉලව්වක් තේරෙන්නේ නැහැ නේ...

    බුද්ධ කාලේ සමාජයේ භාවිතා වෙච්ච භාෂාවෙන් තමයි බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ. ඒ දවස් වල ඉන්දියාවේ කතා උනේ සිංහලෙන් උනා නම් දේශනා සේරම සිංහලෙන්ම තියෙන්න තිබුන! නැත්නම් වැදි භාෂාව වගේ භාවිතා වෙමින් තිබුනා නම්, පාලි වෙනුවට වැදි භාෂාව දැනගන ඉන්න වෙනවා ධර්මය ඉගෙන ගන්න! ඉතින් ධර්මය පාලියෙන් තිබුනට බුදුරජාණන්වහන්සේම අවසර දීල තියනවා තම තමන්ගේ භාෂාවෙන් ධර්මය ඉගෙන ගන්න කියල!!! දෙයක් කියල දෙන්න එපාය තේරෙන භාෂාවකින්... එතකොටයි තේරෙන්නේ!! ඔය ඝණ කතාවත් තවත් එක බූරු කතාවක්!!!

    ධර්මය කියන්නේ එක එක තාලෙට කියන්න තියන, ලස්සනට අහගෙන ඉඳල කණ පිනවගන්න තියන දෙයක් නෙවෙයි!! මේක තම තමන්ට ඉගෙන ගෙන, කරගන්න තියන වැඩක්!! දැන් ඒක කරගන්න අවස්ථාව ලැබිල තියෙන වෙලේ, මුලින් බුදුරජාණන්වහන්සේ ගැනවත් හරියට අවබෝධ කරගන්න බලන්න, වෙන වෙන බයිලා නොගහ!! බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගන්නේ නැතුව ධර්ම මාර්ගයට එන්න වත් ලැබෙන්නේ නැහැ!! ලොකු ලොකු talks දැම්ම කියල සත පහක වත් වැඩක් වෙන්නෙත් නැහැ!!! කෙරෙන විදියක් තියනවා... ඒ විදියට විතරයි වැඩේ කෙරෙන්නේ!!!

    මම නම් ශ්‍රද්ධාව එනකොටම පතාගෙන, ඔතාගෙන ඇවිල්ල තිබුනේ... මම සේරම කියල ඇති. ඊළඟට, දෙමල අයට දෙමලෙන් කියල දෙනවා වගේ, ඉංග්‍රීසි අයට ඉංග්‍රීසියෙන් කියල දෙනවා වගේ, technical අයට technical භාෂාවෙන් කියන එක තමයි මාත් මෙතැනදී මූලික වශයෙන්ම කලේ... එතකොට මොලේ තියන උදවියට ඒඅනුව කල්පණා කරලා අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්!! ඒත් අපි සිංහල!! අපේ ඈයෝ ගොඩාක්ම සිංහල!! ඒකයි මේ දැන් නම් සුද්ධ සිංහලෙන්ම කියන්න ගත්තෙත්... ප්‍රයෝජනයක් ගන්න නොගන්න එක උඹලගේ වැඩක්!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එයාලට තිබුනේ බුදුරජාණන්වහන්සේව, උන්වහන්සේගේ ගුණ වශයෙන් දැනගෙන, දසබල ඥාණ ගැන දැනගෙන, හැකියාවන් ගැන දැනගෙන ඇතිකරගත්තු කොයිම විදියකින්වත් වෙනස් නොවෙන, කාටවත් වෙනස් කරන්න බැරි, මුල් බැසගත්තු, දැඩි පැහැදීමක්/විශ්වාසයක්.

    දැන් ඉන්න උදවිය ගොඩ දෙනෙකුට ඔය ආකාරවතී ශ්‍රද්ධාව අන්සුමාත්‍ර වශයෙන්වත් නැහැ!!! මේ අය බුදුරජාණන්වහන්සේව දැකල තියෙන්නේ පිළිම වලින්, පින්තුර වලින් විතරයි!!


    ඉතින් හරිනේ ඔබතුම කියන විදිහට ඒ කාලේ වගේ අද බුදුහාමුදුරුවන්ගෙන් බන අහන්න බැනේ .
    දන්නේ නැති නිසයි අහන්නේ ඔය ශ්‍රද්ධාවෙන් විතරක් රහත් වෙච්ච අය කීදෙනෙක් විතර බුද්ධ චරිතයේදී විස්තර වෙනවද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'ශ්‍රද්ධාවෙන් විතරක් රහත් වෙච්ච අය' innawa kiyala kiwwe kawuda meemo?
    (mu methanadith karakila enna hadanne 'sraddhawa thibuna kiyala umba rahath naa' kiyanna wenna athi!)
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔබ භාවනා කරලා බැලුවොත් මේකේ ඇත්ත ක් තියන බව තේරේවි.

    මම මේක ඇහුව්වේ හාමුදුරු කෙනෙකුගේ දර්ම දේශනාවකදී . එකේදී කිව්වේ බවන කරන්න බැහැ කියල නෙමෙයි . යම්කිසි දානයකට පැලයකට හෝ නිවන් අවබෝද කරන්නනම් අනිවාර්යෙන් පොලවට ලම්බකව ඉගෙන බවන කරන්න ඕනේ කියල .

    හේතුව මොකක් වෙන්න ඇතිද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hethuwa ithaamath pahadiliyi!! e kiyapu kenaata pissu!

    Ananda Hamuduruwoda koheda, (mata hariyatama kawuda kiyala mathaka naha) arahathwayata pathwelaa thiyenne sathapenna laasthiwela, paada polawen ihalata osawala sayanaye thabaa ganna yana mohothediyi kiyala Ape Hamuduruwonge deshanawakadi ahanna labuna. e mohotha nagitala inna welawakwath, nidagena inna welawak wath neweyi! anaga (kaya) ansaka 45 ta thibunaawe... uwamanaa une hama mohothakama dadi weeryayakin hitha awabodhayehi pihituwagena e wenuwenma kapawelaa indapu eka witharayi!!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    hethuwa ithaamath pahadiliyi!! e kiyapu kenaata pissu!

    Ananda Hamuduruwoda koheda, (mata hariyatama kawuda kiyala mathaka naha) arahathwayata pathwelaa thiyenne sathapenna laasthiwela, paada polawen ihalata osawala sayanaye thabaa ganna yana mohothediyi kiyala Ape Hamuduruwonge deshanawakadi ahanna labuna. e mohotha nagitala inna welawakwath, nidagena inna welawak wath neweyi! anaga (kaya) ansaka 45 ta thibunaawe... uwamanaa une hama mohothakama dadi weeryayakin hitha awabodhayehi pihituwagena e wenuwenma kapawelaa indapu eka witharayi!!

    මේකම තමයි මට තියන ප්‍රශ්නේ . එතකොට අපිට නිදාගන්න යන වෙලාවේදී පොඩ්ඩක් බවන කරන්න බැරිද ? අපි හිතමු හොද ශ්‍රද්දවන්ත , දර්ම කරුණු අවබෝදවෙන කෙනෙක් ඉන්නවා කියල . හැබැයි එය අසනිපෙන්න්නම් කොන්දේ අමාරුවක් වගේ දෙයක් තියනවනම් . එයට බවන කරන්න බැරිද ? එයට නිවන් දකින්න අවස්ථාවක් නැද්ද ?

    මට්ටකුන්දලි හන්සිවෙලා ඉඳගෙන නේද මේක කරේ ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kaalaama suthraya /2 (kalama suthrayen bhagayak) methanata yodaa gaththa nam awulak wenne naha ne... me eka eka pissu yakku kiyapu katha olugedi walata daagena kisi therumak nathuwa nikarune windawanawaa!! Niwan awabodhayata owa adaala naha!!! kaya thiyena iriyawwayi hithayi athare sambandhayak aththe naha!!! balapaanne hitha thamanta nathu karagena, ekanga karagena, nuwanin wimaseeme hakiyawa labagena thiyanawada? hitha karmanya thathwayata pathkaragena thiyanawada kiyala witharayi! eeta passe oluwen hitawala, nathnam kakul deken ellala, eth nathnam ula thiyala thibbath Niwan awabodha wena welawa aawama awabodha wenawa!!! ethakamma weerya karanna thamayi one!!! (oya kathaa serama mama kiyala thiyenawa. eth dakala thibune mama ganayi, mama karapu dewal ganayi witharane... anna ekayi bolata waraduna nam waradinna hethuwa)
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මේකම තමයි මට තියන ප්‍රශ්නේ . එතකොට අපිට නිදාගන්න යන වෙලාවේදී පොඩ්ඩක් බවන කරන්න බැරිද ? අපි හිතමු හොද ශ්‍රද්දවන්ත , දර්ම කරුණු අවබෝදවෙන කෙනෙක් ඉන්නවා කියල . හැබැයි එය අසනිපෙන්න්නම් කොන්දේ අමාරුවක් වගේ දෙයක් තියනවනම් . එයට බවන කරන්න බැරිද ? එයට නිවන් දකින්න අවස්ථාවක් නැද්ද ?

    මට්ටකුන්දලි හන්සිවෙලා ඉඳගෙන නේද මේක කරේ ?

    භාවනා ඉරියව් 4 තියෙනවා

    1. ඉඳගෙන
    2. ඇවිද ඇවිද
    3. නිදාගෙන (සැතපිලා)
    4. හිටගෙන

    සක්මන් භාවනාව (2) හොඳයි කියනවා .. හේතුව.. ඒක ශරිරයට ව්‍යායාමයක් එක්ක ලැබෙන හන්දා ..
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    භාවනා ඉරියව් 4 තියෙනවා

    1. ඉඳගෙන
    2. ඇවිද ඇවිද
    3. නිදාගෙන (සැතපිලා)
    4. හිටගෙන

    සක්මන් භාවනාව (2) හොඳයි කියනවා .. හේතුව.. ඒක ශරිරයට ව්‍යායාමයක් එක්ක ලැබෙන හන්දා ..

    3. නිදාගෙන (සැතපිලා) , ඉන්න ඕනේ කිසියම් විශේෂ ඉරව්වක් තියනවද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නෑ! හැබැයි ඇඟ full relax වෙච්චහම නිකම්ම නින්ද යන්න පුළුවන්!! ඒ හන්ද හොඳම සක්මන් කරන ගමන් තමයි. භාවනා ඉරියව්වේ කොන්ද කෙලින් තියන් ඉන්නවා නම් ඒත් හොඳයි. (කොන්ද tension කරගත්තම නින්ද යන්නේ නැහැ) හැබැයි නින්ද යන වෙලාවට හිටගෙනත් නින්ද යනවා! ඇවිද ඇවිද හිටියත් නින්ද යනවා! ඒක හන්ද ඉරියව්ව මොකක් උනත් කමක් නෑ. තමන්ට පහසු විදියක් තෝරාගෙන සිහිය පවත්වාගෙන යන්න. elert එකේ හිටියම නිදිමත බව එනකොටම ඒක neutralize කරන්නත් පුළුවන්!! මේකේ ලියල තියනව බුදුහාමුදුරුවෝ දීපු steps බර ගණනක්ම!!! මම කලෙත් සක්මන් තමයි වැඩිපුරම. හැබැයි වැඩිය ඉඩ තිබුනේ නැහැ!! රවුමට රවුමට යනකොට කරකැවිල්ල හැදෙන හන්ද මම කලේ 8 ගහන එක!! අඩිය තිබ්බේ gaps නැතුව (පියවර මැන්න) මැනගෙන මැනගෙන ගිය මාස ගණනක් තිස්සේ.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නෑ! හැබැයි ඇඟ full relax වෙච්චහම නිකම්ම නින්ද යන්න පුළුවන්!! ඒ හන්ද හොඳම සක්මන් කරන ගමන් තමයි. භාවනා ඉරියව්වේ කොන්ද කෙලින් තියන් ඉන්නවා නම් ඒත් හොඳයි. (කොන්ද tension කරගත්තම නින්ද යන්නේ නැහැ) හැබැයි නින්ද යන වෙලාවට හිටගෙනත් නින්ද යනවා! ඇවිද ඇවිද හිටියත් නින්ද යනවා! ඒක හන්ද ඉරියව්ව මොකක් උනත් කමක් නෑ. තමන්ට පහසු විදියක් තෝරාගෙන සිහිය පවත්වාගෙන යන්න. elert එකේ හිටියම නිදිමත බව එනකොටම ඒක neutralize කරන්නත් පුළුවන්!! මේකේ ලියල තියනව බුදුහාමුදුරුවෝ දීපු steps බර ගණනක්ම!!! මම කලෙත් සක්මන් තමයි වැඩිපුරම. හැබැයි වැඩිය ඉඩ තිබුනේ නැහැ!! රවුමට රවුමට යනකොට කරකැවිල්ල හැදෙන හන්ද මම කලේ 8 ගහන එක!! අඩිය තිබ්බේ gaps නැතුව (පියවර මැන්න) මැනගෙන මැනගෙන ගිය මාස ගණනක් තිස්සේ.

    එහෙම අඩිය තියනකොට ඔය මොකක්ද සිහි කරේ ? කකුල තියන හැටිද ( වම, දකුණ) ? නැත්තම් වෙන මොනාහරි ගැනද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mathrukawen pita pannoth aaye silence thamayi!!

    mata nam echchara try karanna one une naha!! mama serama wage therum aran iwarawela thibune. mata ithuruwela thibune awasaanaya dakinna witharayi!! mama kale patichchasamuppadaya niruddha wenakota wenna one kohomada danenna one kohomada wage tikak barapathala ewa sihikarana eka thamayi!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'දුක' තේරුණේ, අවබෝධ වුනේ බුදුරජාණන්වහන්සේට! ඒකට හේතුව, ඒකෙන් මිදීම, ඒ වෙනුවෙන් කරන්න තියන වැඩේ කියන සේරම... 'චතුරාර්ය සත්‍ය' පරිපූර්ණ වශයෙන්, අවබෝධ වුනෙත් බුදුරජාණන්වහන්සේටමයි!! ඇත්තටම ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ දැක්වුයේ අතට මිටමොලව ගත්ත ඇට්ටේරියා කොළ මිටක ප්‍රමාණයට!! සසර දුකින් මිදීම සඳහා උපකාරී වෙන, එච්චරට කුඩා ප්‍රමාණයක් විතරයි උන්වහන්සේ අපට කියල තියෙන්නේ! උන්වහන්සේ මුළු විශ්වයම සම්බන්ධයෙන් ලබපු අවබෝධය මහා ඇට්ටේරියා වනාන්තරයක තියෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණය තරමේ මහා විශාල අවබෝධයක් බව උන්වහන්සේ අපිට කියල තියෙනවා!! එයින් බොහොම පැහැදිලිව, ස්ථිරවම දැනගන්න තියෙන්නේ සම්මාසම්බුදු බුදුවරයකුගේ අවබෝධයට සමකරන්න පුළුවන් දැණුමක්, අවබෝධයක් තියෙන වෙන කිසිම කෙනෙක් මේ විශ්වයේ වෙන නැති බවයි!!! ඒ නිසා උන්වහන්සේ දේශනා කරන දෙයක් ඒ විදියටම දරාගන්නවා මිසක්, ඒවා ණුවනින් විමසල පිළිගන්න හෝ නොගන්න තීරණය කිරීමට තරම් ප්‍රමාණවත් ණුවනක් තියන කෙනෙක් ඉන්නවා කියල හිතීමත් මහා අණුවන කමක්!! මෝඩ කමක්!! විහිළුවක්!! ඒ නිසා ඔබ මෙයින් මතුවට වත්, "කෙටියෙන් කියනවා නම් සම්මා සම්බුදු හිමියන් විසින් පෙන්වා දුන්නත් එය උන්වහන්සේ කියන නිසාම පිලිගන්න එපායි කියලයි පෙන්වා දුන්නේ..." කියල කියන්න තරම් හරකෙක්, එලදෙනෙක් වෙන්න එපා!!!

    බුදුරජාණන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන, සසර දුකින් එතෙර වෙලා, තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා භාවනාවක් කරගෙන සැනසිල්ලේ හිටියානම් මොකක් වෙයිද?? එහෙම උනා නම් උන්වහන්සේත් පසේ බුදුවරයෙක් වගේ තමන් විතරක් සසරින් නිදහස් වෙලා යාවි!! අනික් උදවිය හිටිය තැනමයි... එයාලට ඉවරයක් නතුව ඉපදී ඉපදී මැරි මැරී යන ගමනින් ගැලවෙන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ!! නමුත් ගෞතම බුදුරජාණන්වහන්සේට තමන්ගේ ගැලවීම ගැන විතරක් හිතුවා නම්, දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගෙනම ඒ වැඩේ කරගන්න හැකියාව තිබුන!!! තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ දුක්විඳින්න අවශ්‍යතාවයක් තිබුනෙම නැහැ!!! ඒත් උන්වහන්සේ පෙරුම්පුරාගෙන තවත් අතිදීර්ඝ කාලයක් තිස්සේ සංසාරේ සැරිසරාගෙන ආවේ, ලෝකයාට බුදුකෙනෙකුගේ උපකාරයක් නැති කාලයක ඉපදිලා, තමන් වහන්සේ විසින්ම 'ස්වයං භූ' ඥාණයෙන් බුද්ධත්වයට පත්වෙලා, තවත් විශාල පිරිසක් සංසාරෙන් එතෙර කරගෙනම තමනුත් එතෙර වෙන්නයි!! හැබැයි ඒ අදහස්කල දේ ඉටුකරගැනීම පහසු ඉලක්කයක් උනේ නැහැ!! බුදුවරයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද? බුදු කෙනෙක්ගේ ගුණාංග මොනවද? හැකියාවල් මොනවද? වගේ සේරමත් කියාදීල, තම තමන්ටම දකින්න පුළුවන් දේවල් වලින් යථාර්තය දකින්නත් කියාදීල, ඉන්පසුව උන්වහන්සේ ගැන පැහැදීමට පත්වූ පිරිසක් තමයි බුදුරජාණන්වහන්සේව සරණ ගිහිල්ල, ගෞතම බුද්ධ සාසනයට ඇතුළත්වෙලා, ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන තම තමන් සසර ගමනෙන් නිදහස් උනේ!!! එයාලටත් මූලික සුදුසුකම උනේ බුදුරජාණන්වහන්සේ ගැන ඇතිකරගත්තු නොසෙල්වෙන දැඩි විශ්වාසය/පැහැදීම තමයි!!

    ඔය උදවියත් බුදුරජාණන්වහන්සේ ගැන ඒ අයුරින්ම දැඩි විශ්වාසයක්/පැහැදීමක් ඇතිකරගන්න!! ශ්‍රද්ධාව!!! නිකම්ම නිකම් ශ්‍රද්ධාව, අමූලික ශ්‍රද්ධාව නෙවෙයි. හරි එක... නිවැරදි එක... ආකාරවතී ශ්‍රද්ධාව!!! කරුණු දැනගෙන ඇතිවන හොල්ලන්න බැරි ශ්‍රද්ධාව!!! අන්න ඒක ඇතිකරගන්න!! ඒකම තමයි කෙනෙකුට ලබන්න පුළුවන් උතුම්ම ලාභය!!! ශ්‍රද්ධා ලාභය!!! ඒ ඇවිල්ල මේ ධර්ම මාර්ගයට ඇතුලත්වීම සඳහා තිබිය යුතු පලවෙනි ගුණාංගය!! 'සොතාපත්ති අංග' වලින් පලවෙනි එක!! 'බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති!' අන්න ඒක ඇතිකරගන්න!! ඇත්තටම මම කරපු technical explanation එකට පදනම් කරගත්තේ තනිකරම බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම කරුණුයි!! නැතුව මගේ නිර්මාණයක් නෙවෙයි!! ඉතින් ඒක තේරුම් ගත්තු කෙනෙකුටත් මුලින්ම හිතෙන්නේ, 'මීට අවුරුදු 2600 ගණනකට කලින් මේ තාක්ෂණික කතන්දර මොකවත්ම නැතුව බුදුහාමුදුරුවෝ දැකල තියෙන දේවල්... උන්වහන්සේ කොච්චර බුද්ධිමත්, කොයිතරම් ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක්ද...' කියලයි!! ඒ පැහැදීම කෙනෙක්ව යොමු කරන්නෙත් ඔය ආකාරවතී ශ්‍රද්ධාවටමයි!!! මම කිව්වේ ඒකයි... කොහෙන් කැරකිලා ආවත් අන්තිමට මේ වැඩේ, ණිවන් අවබෝධ කිරීම, කෙරෙන ක්‍රමයක් තියනවා!!! ඒ විදියට තමයි වැඩේ කෙරෙන්නේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අර කලින් ඇහුවේ... බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් පැත්තකට වෙලා නිකම් හිටියනම් මක්වෙයිද? කියල... මොකුත්ම වෙන්නේ නැහැ නේ?? උන්වහන්සේ සාමාන්‍ය මහජනතාවට මේ විස්තර කියාගෙන ගියායින් නේ අනික් උදවියට මාර්ගය විවෘත උනේ... ඉතින් අන්න ඒ විදියට බුදුරජාණන්වහන්සේ කියා දීපු සේරම තමයි අපි මේ ශ්‍රී සද්ධර්මය හැටියට සලකන්නේ!!! ඒ ශ්‍රී සද්ධර්මයෙන් තමයි අපිට බුදුරජාණන්වහන්සේ ගැන පවා දැනගන්න ලැබුණේ!! නැත්නම් මොකුත්ම නැහැ!! හැබැයි බුදුන් වැඩසිටිය කාලයේම ඒ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය අහන්න, අහල අවබෝධ කරගන්න අපිට අවස්ථාව ලැබිල නැහැ... අපිට ඒ ධර්මය ලබන්න වාසනාව පෑදුනේ පුරාණයේ හිටිය ආර්ය ශ්‍රාවක පිරිස, රහතන්වහන්සේලා, ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගෙන සිටිය නිසයි!!! හැබැයි, 'භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක! මම නොදන්නෙමි!! ඔබවහන්සේ දේශනාකොට වදාරන සේක්වා! අපි එය ඒ අයුරින්ම දරාගනිමු!!' කියල කිව්වේ, දුර ඈත අතීතයේ හිටපු මහරහතන් වහන්සේලායි!!! ඒ මහරහතුන්වහන්සේලගේ යුගය මීට අවුරුදු 400 ගණනකට කලින් අවසන්වෙලා බව ඉතිහාසයේ සඳහන් වෙනවා!! ඒ උත්තමයෝ ධර්මය සුරක්ෂිත කරලා මතු පරම්පරාවට දෙන්නේ කොහොමද කියල කල්පණා කරලා තමයි කටපාඩමින් දරාගෙන ඉඳල තියෙන ධර්මය ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ!!! ඒ නිසයි මේ වෙනකම් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත වෙලා තියෙන්නේ!!! සේරටමත් වඩා ඒ ග්‍රන්ථාරූඪ කල පොත්වහන්සේලා තුල අඩංගු ශ්‍රී සද්ධර්මය පමණයි අපිට නොකිලිටි වූ, පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය හැටියට විශ්වාසයෙන්ම, බය නැතුව පිළිගත හැක්කේ!!!

    ඒ යුගයෙන් මෙහාට නම් මහා අවුල් ජාලයක්!!! ඒත් අපිට විශ්වාසයෙන්ම, මුළු හදවතින්ම, බය නැතුව පිළිගන්න රහතුන්වහන්සේලා විසින්ම සකස්කරලා තියන පොත්වහන්සේලා තාම වැඩ ඉන්නවා!!! අප සියලුදෙනාටම තියන එකම පිළිසරණය ඒ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයයි!!! ඒ ශ්‍රී සද්ධර්මයත් දැඩි විස්වාසයකින්/පැහැදීමකින් අදහා ගන්න!! 'ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති!' දෙවැනි සොතාපත්ති අංගය!! ශ්‍රී සද්ධර්මය කෙරෙහි කරුණු දැනගෙන ඇතිවන නොසෙල්වෙන පැහැදීම/විශ්වාසය!!! ඒකත් ඇතිකරගන්න!! තුන්වෙනි සොතාපත්ති අංගයත් ඕනෙමයි!! ඒත් දැන් ඉන්න ශ්‍රාවක පිරිස නම් 'අනේ මන්ද' තමයි!! බුරුතු පිටින් ඉන්නේ, "සබ්බ දුක්ඛ නිස්සරණ... නිබ්බාණ සච්ඡිකරනත්ථාය... ඉමං කාසාවං ගහෙත්වා... පබ්බාජේථ මං භන්තේ... අනුකම්පං උපාදාය..." (සියලු දුකින් නිදහස් වීම පිණිස, නිවණ සාක්ෂාත් කිරීම පිණිස, මේ සිවුරු මට ලබා දී, මහණ කරන සේක්වා) කියල සිවුර පොරෝ ගත්තු එකත් අමතක උදවිය!! ඉතින් what to do? හොඳ හාමුදුරුවරුත් සැහෙන ඉන්නවා... මට ඒ උදවියත් එක්ක මොනම ගැටීමක් වත් නැහැ!!! ඒ වගේ උදවිය මාත් එක්ක නොගැටෙන බවත් මම දන්නවා!!! ඉතින් ඔය කට්ටිය තේරුමක් ඇති විදියට ගුරුන්ලා තෝරගන්න!! මම නම් පිළිගන්නේ මගේ ගුරු හාමුදුරුවෝ, අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි!!! !!! !!! මම මෙහෙම 'පඬියෙක්' උනෙත් උන්වහන්සේ හන්දයි!!! කොහොමත් අපි හැමෝටම සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප, ආනන්ද, මිහිඳු වගේ මහරහතුන්වහන්සේලා සේරමලා ඉන්නවා තුන්වෙනි සොතාපත්ති අංගය සම්පූර්ණ කරගන්න උපකාරයට!!! 'සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති!' ආර්ය ශ්‍රාවක පිරිස කෙරෙහි කරුණු දැනගෙන ඇතිවන නොසෙල්වෙන පැහැදීම/විශ්වාසය!!! ඒකත් ඇතිකරගන්න!! ඊළඟට පංච සීලයත් පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරගන්න!! එහෙම යනවා නම් ඔබ යන්නේ සෝතාපන්න මාර්ගයේ!! සෝතාපන්න වෙන තාක් ඔබේ ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ! කියලත් බුදුන් වහන්සේ කියල තියනව! ඉතින් ඔන්න ඔහොම යං!!

    දැන්නම් කට්ටිය ණිවන් 'දක්කලම' මිසක් නවතින්න හිතෙන්නේ නැහැ...:)
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    hethuwa ithaamath pahadiliyi!! e kiyapu kenaata pissu!

    Ananda Hamuduruwoda koheda, (mata hariyatama kawuda kiyala mathaka naha) arahathwayata pathwelaa thiyenne sathapenna laasthiwela, paada polawen ihalata osawala sayanaye thabaa ganna yana mohothediyi kiyala Ape Hamuduruwonge deshanawakadi ahanna labuna. e mohotha nagitala inna welawakwath, nidagena inna welawak wath neweyi! anaga (kaya) ansaka 45 ta thibunaawe... uwamanaa une hama mohothakama dadi weeryayakin hitha awabodhayehi pihituwagena e wenuwenma kapawelaa indapu eka witharayi!!

    ඔව් ආනන්ද හාමුදුරුවෝ තමයි. මෙතෙක් කිසිම බුද්ධ ශාසනයක සතර ඉරියව්වටම අහු නොවී යමෙක් නිවන් දැක්ක නම් ඒ ආනන්ද හාමුදුරුවෝ විතරයි. මතු බුද්ධ ශාසනවලත් ඇති වෙන්නේ නෑ. නමුත් මෙහෙම දෙයක් එතනදි වුනා. උන්වහන්‍සේ දැඩි වීර්යයෙන් භාවනා කලා නිවන් දකින්න බලා‍පොරොත්තුවෙන්. අනුරුද්ධ හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියලා තිබ්බා ධර්ම සංගායනාවෙදි ආනන්ද හාමුදුරුවන්ගේ කාර්යය. ඒ ව‍ගේම උන්වහන්සේ නැතිව ධර්ම සංගායනාව අසම්පූර්ණ වෙන බව. මොකද කියනවානම් ධර්ම කාය දරාගෙන හිටියෙ මුළු බුද්ධ ශාසන‍යටම ආනන්ද හාමුදුරුවො විතරක් නිසා. ඒකටත් හේතු වුනේ අපේ වාසනාවට වගේම උන්වහන්සේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් නිවන් නොදකිපු එක. එක් වෙලාවක බමුණෙක් අහනවා ධර්මයට වඳින්නේ කො‍හොමද කියලා බුදුහාමුදුරුවන්ගෙන්. බුදුහාමුදුරුවො දැනන් උන්නට ආනන්ද හාමුදුරුවන්ට වැන්දම ධර්මයට වැන්ද හා සමානයි කියලා ඒ බව කියන්නේ නෑ, මොකද එතකොට තමන්ගේ නෑයා නිසා කිව්වා කියලා අනිත් අය හිතයි කියලා. ඒ නිසා පරිවාර සංඝයාගෙන් මේ ගැන අහන්න කියලා බුදුහාමුදුරුවෝ බමුණාට කියනවා. බමුණා ඒ ගැන ඇහුවම සංඝයා වහන්සේලා උත්තර දෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කරන්න ධර්මයට වැන්ඳ හා සමානයි කියලා. මේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය.

    ඉතින් මෙහෙම නිසා ආනන්ද හාමුදුරුවො හුඟක් වීර්යයයෙන් භාවනා කලා තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්න. නමුත් තදින් බැඳිලා ඉඳිය නිසා ප්‍රඥාව පහල වුනේ නෑ. අද අපිට වුනත් ඒ ටිකම තමයි වෙන්නේ ඒ විදියට භාවනා කරන්න ගියොත්. අවසානයේදී ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ වීර්යය අත හැරලා නිදා ගන්න තීරණය කලා. ඒ තීරණයත් එක්ක උන්වහන්සේ තමන්ගේ නිවන් දකින්න තියෙන වීර්යය අත හැරියා. නමුත් සතිය අත හැරියේ නෑ. මේ සේරමත් එක්ක තමන්ගේ ඇ‍ඳේ ඇල වුනා. මේ හැම දේම එක මොහොතකදි වුනේ. ඒ වෙලාවෙදි උන්වහන්සේ සක්මනේ යෙදුනෙත් නෑ, සැතපුනෙත් නෑ (මොකද සැතපෙන්න සූදානම් වුනා විතරයි), වාඩි වෙලත් නෑ, හිටගෙනත් නෑ. හිත නිදහස් වීමත් එක්කම නිවන් දකින්න පුළුවන් වුනා.

    ‍ආනන්ද හාමුදුරුවන්ගේ නිවන් දැකීමෙන් අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න. අනිවාර්යෙන්ම ඔයා‍ලගේ ගමනට උපකාරයක් වේවි.
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara
    මේකම තමයි මට තියන ප්‍රශ්නේ . එතකොට අපිට නිදාගන්න යන වෙලාවේදී පොඩ්ඩක් බවන කරන්න බැරිද ? අපි හිතමු හොද ශ්‍රද්දවන්ත , දර්ම කරුණු අවබෝදවෙන කෙනෙක් ඉන්නවා කියල . හැබැයි එය අසනිපෙන්න්නම් කොන්දේ අමාරුවක් වගේ දෙයක් තියනවනම් . එයට බවන කරන්න බැරිද ? එයට නිවන් දකින්න අවස්ථාවක් නැද්ද ?

    මට්ටකුන්දලි හන්සිවෙලා ඉඳගෙන නේද මේක කරේ ?

    ඇයි බැරි? පොඩ්ඩක් නෙමේ හුඟක් භාවනා කරන්න පුළුවන්. පැහැදිලිවම නිවන් දකින්නත් අවස්ථාවක් තියෙනවා. එහෙම වෙච්ච අය ඉන්නවා.

    මට්ටකුණ්ඩලීගේ කථාව ටිකක් වෙනස් හොඳද. එයා මැරෙන්න කලින් සිත පැහැදෙව්වා. දෙවියෙක් වෙලා බුදුහාමුදුරුවන්ගේ ධර්ම දේශනාවට, ඒ කියන්නේ අද අපිට තියෙන වැදගත්ම ගාථා දෙක මනෝ පුබ්බංගමා ධම්මා ගාථාවලට ඇහුම්කන් දීලා තමයි ඵල ලබා ගත්තේ. අනික එතනදි එයා විතරක් නෙමේ අදින්න පුබ්බකත් ඵල ලබා ගත්තා. එතකොට අදින්න පුබ්බක කියන්නේ අඩු තරමේ මට්ටකුණ්ඩලී තරම් වත් ධර්මය කෙරේ පැහැදුන කෙනෙක් නෙමේ. එක මොහොතක අවධානය,සිහිය තමයි එයාට උපකාර වුනේ.

    ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. නිදාගෙන භාවනා කරද්දි සාමාන්‍යයෙන් නීවරණ වලින් වදින පහර දැනෙනවා සැර ‍වැ‍ඩියි. දන්නවානේ නිදි මත කියන්නෙත් නීවරණයක් කියලා. අපි ඇල වුනාම නිදිමත ස්වභාවයෙන්ම අපිට දැනෙනවා. මෙතනදි ටිකක් බලන්න බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට දෙන උපදෙස් භාවනා කිරීම සම්බන්ධයෙන්. සැතපෙද්දී භාවනා කරන අයට හුඟක් වටිනවා. ඒ ගැන සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පචලායතන සූත්‍රයේ. මේකෙදි මුගලන් හාමුදුරුවො නිදි කිරා වැටෙන්න යෑම ගැන සඳහන් වෙනවා වගේම ඊට බුදුහාමදුරුවො දුන්න විසඳුම් ඇතුලත් වෙනවා. දෙතුන් විඩක් කියවන්න හොඳට විවෘත මනසින්.