මැතිව්ස්_නායකත්වයට සුදුසුයි
‘නායකත්වයට මැතිව්ස් සුදුසුයි’ - ටේරවල් බේලීස්, මුරලිදරන්
Friday, 08 April 2011 08:43 lanka C news
කුමාර සංගක්කාරගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් වඩා සුදුසු බව හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු ට්‍රෙවල් බේලිස් මහතා පවසයි. එසේම මෙරට ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇතිකළ යුතු බවද බේලිස් මහතා සදහන් කර සිටියි.
පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට මනා පිටුබලයක් ලබාදිය හැකි බව ඔහු පවසයි. ඔස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවල් බේලිස් මහතා පසුගියදා මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්විය.
මේ අතර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන් පසුවන බවත් නායකත්වයෙන් ඉවත්වීමට තරම් කුමාර සංගක්කාර ත්‍යාගශීලි පුද්ගලයකු වු බවත් සඳහන් කොට තිබේ.
lankacnews

ela ela.menna rep+ ekak magen