සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
සින්හල බෞද්ධයා සහ අන්තවාදය


politics-religion-money2.jpg


සින්හල බෞද්ධයා යන වචනය ඔබ සහ මම ඕන තරම් අසා ඇත. සින්හල බෞද්ධයා කී සැනින්ම ගැටලුවක් මතු වේ. එනම් බෞද්ධයෝ හැම දෙනාම සින්හල විය යුතුද යන්නය්. බුදු රජානන් වහන්සේ දේශනා කලේ ජාති කුල මල බේද අතහැර දමා එකා මෙන් සිටිය යුතු බවය්. එම නිසා සින්හල බෞද්ධයා කී සැනින් එතන නිර්මානය වන්නේ බුදු දහමේ මූලික ඉගැන්වීමට පටහැනි තියරියකි. මන්ද යත් බුදු දහම දේශනා කරන ලද්දේ කුල මල ජාති බේද නොතකා පොදුවේ මනුස්ස වර්ගයාට වීමය්, මෙම නිසා සින්හල බෞද්ධ යැය් ලේබලයක් හදා ගෙන බුදු දහම තමන්ගේ බූදලයක් කරගැනීමට තැනීම සිනහ උපදවන සුලුය.

ගැටලුව මෙය නොවේ. මෑතකදී පටන් මෙවැනි සින්හල බෞද්ධ යැය් කියා ගන්නා අන්තවාදීන් පිරිසක් විසින් වෙනත් ආගම් ඉලක්ක කරගෙන මඩ ව්‍යාපාරයක් දියත් කොට තිබේ. අන්තවාදියා මොන ආගම ඇදහුවත් අන්තවාදියෙකි. ඉස්ලාම් භක්තිකයෙකු තමන්ගේ ආගම වෙනුවෙන් මිනී මරන්නට සූදානම් වෙනවානම් ඔහු මුස්ලිම් අන්තවාදියෙකි. වෙනත් ඕනෑම ආගමකට මෙය පොදුය. සින්හල බෞද්ධයා තමන්ගේ ආගම වෙනුවෙන් අනිත් ආගම් වලට මඩ ගසය්ද, අනිත් ජාතීන් හෙලා දකියිද, ඔහු බෞද්ධ අන්තවාදියෙකි.

මෙම සින්හල බෞද්ධ අන්තවාදීන්ට අනුව අනිත් ජාතීන සූදානම් වන්නේ සින්හල බෞද්ධයන් නැති කොට දමා රට අල්ලා ගැනීමටය්. මෙවැනි මනෝ විකාර ඔප්පු කිරීමට ඔවුන්ට කිසිම සාධක නැත. ඔවුන්ට අනුව අන්‍යාගමිකයන් හොන්දින් හෝ නරකින් යටපත් කොට පාගා දැමිය යුතුය. නමුත් අන්තර්ජාලයේ සිටිනා ලියන්නට හෝ හිතන්නට තරම් දැනුමක් හෝ හැකියාවක් නැති copy paste බබාලා විසින් මේවා තව දුරටත් එලකිරි වැනි වෙබ් අඩවි හරහා ව්‍යාප්ත කරවය්. ඔය කියන ආකාරයෙන් මුස්ලිම් අන්තවාදීන් හෝ වෙනත් ආගමික අන්තවාදීන් රට අල්ලා ගන්නට හදය් නම් කල යුත්තේ සින්හල බෞද්ධ අන්තවාදයෙන් එයට පිලිතුරු දීමද. නැත, අන්තවාදයෙන් අන්තවාදයට පිලිතුරු දුන්නොත් වන්නේ අන්තවාදය තවත් පැතිරීමය්. එය ඔබ අදහන බුදු දහමටද පටහැනිය. මුස්ලිම්වරුන්ට මඩ ගැසූ පලියට ඔවුන් බුදු දහම අදහය්ද, නැත, සිදු වන්නේ මුස්ලිම්වරුන් තවත් සන්විධානය වීම පමනි. අවසාන ප්‍රතිපලය වන්නේ ජාති අරගල සහ සිවිල් යුද්ධය්. මේවා copy paste බබාලාට තේරෙන්නෙ නැත්තේ ඔවුන්ට සාම්ප්‍රදායික රාමුවෙන් එහාට සිතීමට තරම් බුද්ධියක් නැති හෙයිනි . ඉතින් අවසානයේදී සිදු වන්නේ මෙවැනි බාලයන් පිරිසක් යොදා ගෙන බෞද්ධ අන්තවාදය පතුරවන්නන් තමන්ගේ අරමුනු ඉටු කර ගැනීමය්.

මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ. මන්දයත් ආගමෙන් සිදු වන්නේ මිනිසුන් තවත් බෙදා වෙන් කිරීම පමනක් වන බැවිනි. නමුත් ඔබද මා සිතන විදියටම සිතිය යුතු යැය් මම කියන්නේ නැත. තමන් කැමති ආගමක් අදහාගත්තාට ප්‍රශ්නයක් නැත. නමුත් එය සිදු විය යුත්තේ අනෙකාට කරදරයක් නොවන ලෙසින්ය. වඩාත් පැහැදිලිව කිවහොත්, බෞද්ධයෙකු ඉස්ලාම් හෝ වෙනත් ආගමිකයකුට ඇඟිල්ල දික් කිරීම ජෝක් එකක් තවත් නැත. මන්දයත් බෞද්ධයො උවද ඉස්ලාම් භක්තිකයකු වුවද, කිතුනු බැතිමතෙකු වුවද කරන්නේ එකම දෙයක් වීමය්. එනම් ඔප්පු කර නැති දෙයක් ගැන විශ්වාසය තබා කටයුතු කිරීමය්. දෙවියන් ලෝකය මැව්වා කියා ඔප්පු කොට නැත, මෙය පාවිච්චි කොට සින්හල බෞද්ධයෝ උඹල මහා මෝඩයො යැය් අන්‍යාගමිකයන්ට අපහස කරය්. නමුත් ලොකුම විහිලුව වන්නේ, අල්ලා ගැනීම නැති කල විට නිවන් දකිනවා යන්නද ඔප්පු කොට නැති වීමය්, සත්වයා සන්සාරයේ ඉපදි ඉපදි මැරෙන බවද ඔප්පු කල නැති වීමය්, කර්මය කියා දෙයක් ඇතය් ඔප්පු කර නැති වීමය්. මේ අනුව බලන කල අන්‍යාගමිකයන් මෝඩයන් නම් බෞද්ධයන්ද මෝඩයන්ය, ඔවුන් ද කරන්නේ තමන් ජීවිතේට අත්විඳ නැති දෙයක් ගැන භක්තියෙන් කටයුතු කිරීමය්.

මෙයින් පැහැදිලි වන්නේ ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් නැති බවය්. මේ නිසා සිදු විය යුතු වන්නේ සින්හල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දීමය්. අන්‍යාගමිකයන්ද් කල යුත්තේ සින්හල බෞද්ධ යැය් කියා ගන්නවුන්ට ඔවුන්ගේ ආගමික නිදහස ලබා දීමය්. මේ නිසා කුලල් කා ගැනීමේ තේරුමක් නැත. සියල්ලන් සමගිව ජීවත් විය යුතු වේ. අඩුම තරමේ තමන් බෞද්ධයෙක් කියාගන්නවානම් බුදු දහමේ මූලික ඉගැන්වීම්වත් අනුගමනය කරන්න, එනම් අන්‍ය ආගම් වලට ගරු කරන්න, සහජීවනයෙන් කටයුතු කරන්න . ඒසේ නොකිරීමෙන් ඔබ ඔබ අදහන බෞද්ධ ධර්මයට අපහස කරය්. විචාර බුද්ධියක් නැති බාලයන් මෙය දුටු සැනින් වලිගෙ පාගගන්නා බව නියතය. "අඩෝ මේක අපේ රට ඩෝ, මේක අපේ ජාතිය ඩෝ, අපි නියම බෞද්ධයෝ යකෝ" යැය් කියමින් වෙනදා ආකාරයටම ඔවුන් පිලිතුරු දක්වනවා ඇත. නමුත් එයින් සිදු වන්නේ මගේ මතය තවත් තහවුරු වීම පමනි.

(Destiny Found)
 
Last edited:

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
yeah that's true somewhat. I am not totally a Sinhalese but a Buddhist. but let me tell you this. I don't really like Islam religion that's it.
anyway a good thread.
 
සිංහල බෞද්ධයන් යැයි කියන්නේ, බෞද්ධ දර්ශණය අනුගමනය කරන සිංහල ජනතාවටයි. මේ විදියටම දෙමළ බෞද්ධයන් කියා කොටසකුත් ලංකාවෙ ඉන්නවා. මේක බොහොම සරළ දෙයක්, මත භේදාත්මක දෙයක් නෙවේ. අපේ මිනිස්සු මේක ලොකු කරන් ඉන්නෙ මොන මංගල උත්සවයකටද මන්ද.:cool:
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
yeah that's true somewhat. I am not totally a Sinhalese but a Buddhist. but let me tell you this. I don't really like Islam religion that's it.
anyway a good thread.

You have the right have a negative opinion on islam, which is fine. But spreading hatred against a specific religion and its followers isnt acceptable. What religion needs is reasoned criticism, not hatred.
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මුකදානJR;9819995 said:
සිංහල බෞද්ධයන් යැයි කියන්නේ, බෞද්ධ දර්ශණය අනුගමනය කරන සිංහල ජනතාවටයි. මේ විදියටම දෙමළ බෞද්ධයන් කියා කොටසකුත් ලංකාවෙ ඉන්නවා. මේක බොහොම සරළ දෙයක්, මත භේදාත්මක දෙයක් නෙවේ. අපේ මිනිස්සු මේක ලොකු කරන් ඉන්නෙ මොන මංගල උත්සවයකටද මන්ද.:cool:

දේශපාලනික හා සමාජීය හේතු මත යම් කිසි ජන කොට්ඨාශයක් ඔබ කියන ආකරයට සින්හල බෞද්ධයන් යැය් හැඳින්වීම වැරැද්දක් නැති වෙන්න පුලුවන්. නමුත් වැරැද්ද තියෙන්නෙ ඕක ඔලුවට ගහගෙන තමන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්,නැත්තන් උසස් කියල හිතන්න පටන් ගත්තම.
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
You have the right have a negative opinion on islam, which is fine. But spreading hatred against a specific religion and its followers isnt acceptable. What religion needs is reasoned criticism, not hatred.

I don't wanna mess up with Muslims. so I don't think so I am gonna spread hostility against them.
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    දෙමළ බෞද්ධය ඉන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තය ගාව..:cool::cool::cool:
    ද්‍රවිඩයින්ට බෞද්ධ දර්ශනය පිලිපැදීම සම් බන්දව කිසිම ගැටළුවක් නැත..:yes:
    නමුත් එක් දෙයක් කීමට ඇත..:confused::confused:
    මෙතෙක් කලක් පිරිසිදු බුදුදහම ආරක්ශා කලේ සිOහල බෞද්ධයින් විසින් වන නිසා ඒ සම් බන්දව වැඩි ගෞරවය හිමිවන්නේ සිOහල බෞද්ධයින්ට යන්න පිලිබඳව සියළුම එලකිරි සහෝදර සහෝදරියන් අනුමත කරනු ඇත..:yes::yes::yes:
     
    • Like
    Reactions: TwoTone

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe


    නමුත් ලොකුම විහිලුව වන්නේ, අල්ලා ගැනීම නැති කල විට නිවන් දකිනවා යන්නද ඔප්පු කොට නැති වීමය්, සත්වයා සන්සාරයේ ඉපදි ඉපදි මැරෙන බවද ඔප්පු කල නැති වීමය්, කර්මය කියා දෙයක් ඇතය් ඔප්පු කර නැති වීමය්

    (Destiny Found)

    disagree abt this...
    :confused::confused::no::no::no:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    දෙමළ බෞද්ධය ඉන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තය ගාව..:cool::cool::cool:
    ද්‍රවිඩයින්ට බෞද්ධ දර්ශනය පිලිපැදීම සම් බන්දව කිසිම ගැටළුවක් නැත..:yes:
    නමුත් එක් දෙයක් කීමට ඇත..:confused::confused:
    මෙතෙක් කලක් පිරිසිදු බුදුදහම ආරක්ශා කලේ සිOහල බෞද්ධයින් විසින් වන නිසා ඒ සම් බන්දව වැඩි ගෞරවය හිමිවන්නේ සිOහල බෞද්ධයින්ට යන්න පිලිබඳව සියළුම එලකිරි සහෝදර සහෝදරියන් අනුමත කරනු ඇත..:yes::yes::yes:

    දෙමල බෞද්ධයා කිව්වත් සින්හල බෞද්ධයා කීවත් ඔය දෙකේම තියෙන්නෙ අන්ත දෙකක්. සින්හල බෞද්ධයො බුදු දහම ආරක්ශා කරන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නැහැ, මොකද ඔවුන් කරන්නෙ ජාතිය ආගම බදා ගෙන අනිත් ජාතීන්ට ආගම් වලට ගරහන එක. පිරිසුඳු බුදු දහමෙ තියෙන්නෙ කිසිම දෙයක් බදාගන්න එපා කියල. ඉතින් ඒ පනිවිඩයට විරුද්ධව කටයුතු කිරීම බුදු දහම විකෘති කිරීම හා විනාශ කිරීමක් මිස ආරක්ශා කිරීමක් නෙමෙය්.
     
    • Like
    Reactions: gayankuwait

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ. මන්දයත් ආගමෙන් සිදු වන්නේ මිනිසුන් තවත් බෙදා වෙන් කිරීම පමනක් වන බැවිනි.

    එහෙනම් උබ මාර්ක්ස් වාදියෙක් වෙන්න ඇති.........:yes::yes:

    මොකද උබට ආගම අබින්ද?:lol::lol::lol::lol::lol:
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ. මන්දයත් ආගමෙන් සිදු වන්නේ මිනිසුන් තවත් බෙදා වෙන් කිරීම පමනක් වන බැවිනි.

    එහෙනම් උබ මාර්ක්ස් වාදියෙක් වෙන්න ඇති.........:yes::yes:

    මොකද උබට ආගම අබින්ද?:lol::lol::lol::lol::lol:

    මම කිසිම වාදියෙක් නෙමෙය්. ආගම අබින් වෙලා තියෙන්නෙ මට නෙමෙය් ආගම් අදහන මිනිස්සුන්ටය්. ඒක සමාජයෙන් පැහැදිලිව පේනව.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    yeah that's why I don't like people like shenl.

    Yes, it should be noted that there are many misconceptions about islam circulating nowadays. Every religion has its flaws. But majority of islam haters have not even read the quran and their only intention is to develop a distorted picture of islam and promote their own religion.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලෙබ්බේ ගෙදරට ආවද නැත්තන් උබේ අම්ම පල්ලියට ගියාද දන් නෑ
     
    • Like
    Reactions: Aarya

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    politics-religion-money2.jpg


    සින්හල බෞද්ධයා යන වචනය ඔබ සහ මම ඕන තරම් අසා ඇත. සින්හල බෞද්ධයා කී සැනින්ම ගැටලුවක් මතු වේ. එනම් බෞද්ධයෝ හැම දෙනාම සින්හල විය යුතුද යන්නය්. බුදු රජානන් වහන්සේ දේශනා කලේ ජාති කුල මල බේද අතහැර දමා එකා මෙන් සිටිය යුතු බවය්. එම නිසා සින්හල

    ..............................................................

    දුටු සැනින් වලිගෙ පාගගන්නා බව නියතය. "අඩෝ මේක අපේ රට ඩෝ, මේක අපේ ජාතිය ඩෝ, අපි නියම බෞද්ධයෝ යකෝ" යැය් කියමින් වෙනදා ආකාරයටම ඔවුන් පිලිතුරු දක්වනවා ඇත. නමුත් එයින් සිදු වන්නේ මගේ මතය තවත් තහවුරු වීම පමනි.

    (Destiny Found)


    agreed :yes:
    +rep
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    That's why I don't follow any religion! and I do not believe in any of God mentioned in any religion.
    But, I have a positive respect towards Buddhism than any other religion due to its nature and origin. (it does not mean that I follow it and I am not Buddhist too)

    But, its very heart-breaking to see some minority Sinhala-Buddhists ruins the true concepts of Buddhism by spreading racism among the community.

    The main cause of divisions we see in the society are due to Religion, Caste, etc. etc. that was one of the main reason I stopped following religions and Identified me as an Atheist! That's all. Simple eh?! :cool:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් උබේ කතාව මම කියෙව්වා.එකේ සමහර තැන් වලට මම එකගයි..

    "මේ නිසා සිදු විය යුතු වන්නේ සින්හල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දීමය්. අන්‍යාගමිකයන්ද් කල යුත්තේ සින්හල බෞද්ධ යැය් කියා ගන්නවුන්ට ඔවුන්ගේ ආගමික නිදහස ලබා දීමය්."
    මේ දේ තමයි වෙන්නත් ඕනා!

    එ වගේම මචන් මම ඔයාටත් කියනවා පුලුවන්නම් බුදු දහම ඉගෙන ගන්න.මොකද මචන් උබ "මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ" නම් පහුගිය කාලේ threads වල බුදු දහමින් උත්තර දුන්නේ..? එ වගේ විහිලු වැඩ නවත්තන්න.! (ඔයාටත් බුදු දහම ගැන පැහැදිලි අවබෝධයක් නෑ)

    තව දුරටත් එලකිරියේ මේ වගේ thread වලට උත්තර බදින්න මගේ අදහසක් නෑ මචන්..!

    අන්තිමට මේදේත් කියලම යන්නම්
    අසාධාරණයට විතරක් එරෙහි වෙන්න.වැරැද්දට එරෙහිව පමණක් නැගිටින්න..!


    බුදු සරණයි
     
    Last edited:
    Status
    Not open for further replies.