එංගලන්ත සංචාරයට අයි.පී.එල්. හරස්‌වීමේ අවදානමක්?
එංගලන්තය සමගින් යෙදී තිබෙන ටෙස්‌ට් සහ එක්‌දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණු කටයුතු මෙන්ම කණ්‌ඩායමක් ලෙස එකට එක්‌ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තිබෙන බව "දිවයින"ට වාර්තා වෙයි.
ලබන මැයි 14 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරග කිහිපය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් සති 2 එකම කාලසීමාවක යෙදී තිබීම අදාළ තත්ත්වය ඇතිවීමට ඊට හේතුව වී තිබේ.
අදාළ අයි. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 11 දෙනකු සහභාගි වී සිටින අතර ඒ සඳහා ඔවුන් ගිවිසුමකට එළැඹ සිටියි. කෙසේ වෙතත් එම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දෙනු ලබන්නේ රටට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවකදී ඒ සඳහා පැමිණිය යුතුය යන කොන්දේසිය මතය.
ඉකුත් ලෝක කුසලාන තරගාවලිය දින 50 කට ආසන්න කාලයක් පැවැති අතර දැන් ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියද දින 50 ක කාලයක් පැවැත්වෙනු ඇත. මේ අනුව ක්‍රීඩකයන් දිගින් දිගටම ක්‍රිකට් තරගවල නියෑලීම මත එම ක්‍රීඩකයන් ආබාධවලට ලක්‌වීමේ අවධානමක්‌ද පවතියි.
මේ පිළිබඳව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් "දිවයින" කරුණු විමසා සිටි අතර එහිදී කරුණු දැක්‌වූ ඇමැතිවරයා, ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් මින් ඉදිරියට විදේශ තරග සංචාරවලට සහභාගිවීමේදී රටක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන තරග සඳහා ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීම අනිවාර්ය බව අවධාරණය කරමින් වූ ලිපියක් ක්‍රිකට් ලේකම්වරයා වෙත යෑවීමට ඊයේ කටයුතු යෙදූ බව සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ ක්‍රීඩා ඇමැතිවරයා, අලුතින් තේරී පත්වුණු ක්‍රිකට් තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව මැයි මස 05 වැනිදා සිට එංගලන්ත සංචාරයේ පුහුණු සංචිත ආරම්භ කළ යුතු බවත් තරගාවලිය සඳහා 10 වැනිදා පිටත්ව යැමටත් අවශ්‍ය බවත් සඳහන් කර සිටියේය.
"එංගලන්ත සංචාරය සඳහා තෝරගනු ලබන සියලුම ක්‍රීඩකයන් තේරීම් කමිටුව නියම කර ඇති දිනයන්ට අනුව පැමිණිය යුතුයි. ඒ එක්‌කම මින් ඉදිරියට විදේශ තරග සංචාරවලට සහභාගිවීමේදී රටක් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන තරග සඳහා ඔවුන් ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීම අනිවාර්යයි. ඒ පිළිබඳව මම ක්‍රිකට් ලේකම් වරයා දැනුවත් කළා" යනුවෙන් ක්‍රීඩා ඇමැති සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන තරග සඳහා ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීම සම්බන්ධව ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටි මහින්දානන්ද මහතා ඒ සඳහා වන උපදෙස් ක්‍රීඩා ලේකම්වරයාට ලබාදීමට කටයුතු යොදන බවද සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය මෙම මැයි මස 14 වැනිදා මිඩ්ල්සෙක්‌ස් ප්‍රාන්ත කණ්‌ඩායම සමගින් වන පුහුණු තරගයෙන් ආරම්භ වන අතර එය ජූලි මස 13 වැනිදායින් අවසන් වීමට නියමිතය. පසුගිය අප්‍රේල් 08 වැනිදායින් ආරම්භ වුණු අයි. පී. එල්. තරගාවලිය මැයි මස 28 වැනිදා අවසන් වනු ඇත.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙදෙනා වන කුමාර්, සංගක්‌කාර, මහේල ජයවර්ධන, සුරාඡ් රන්දීව්, නුවන් කුලසේකර, මුත්තයියා මුරලිදරන්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, දිල්හාර ප්‍රනාන්දු, ටී. එම්. ඩිල්ෂාන් සහ නුවන් ප්‍රදීප් සහභාගිවී සිටියි. තුන් ඉරියව් ක්‍රීඩක ඇංජලෝ මැතිව්ස්‌ද අදාළ තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසු වුවද ලෝක කුසලාන තරගාවලිය තුළදී ආබාධයක් ඇතිවීම මත මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඔහුට අහිමි විය.

true .........