සිනාවෙන් බැදී රන්පියාපත්
දහසකුත් ඇදී පැතුම් කුසපත්
තුලින් ලැබූ මේ මිතුරු සිනාපත්
සදාකල් බැදී සොයුරු සියපත්
හෙට පිපෙන ලොව නුබටම වෙයන්
කරල් බරවෙන කෙතම නුඹ වෙයන්
මගෙත් ආයුෂ නුබට බැදියන්
සසර දිවිමග එකට පිපියන්
පිරුණු සද වන් කළා සොලොසක
හිනැහෙන නුබයි උපන් එක කුසක
වර්ණ තවරා රිදී දේදුන්නක
උල්පත නුබයි සිහිල් දිය පොදක
සොයුරන් අතර සොයුරා නුබ
මිතුරන් අතර සුමිතුරා ඔබ
කවි කුමට තව නුබට
පරිසමාප්ත සොයුරුදමේ
කවිය නුබ.........ashmi
