තරු ව්යන ගෙත්තමට,
පාට නුබ එක්කලා,
අඳුරු මගෙ ලොවට නැහැ,
පාට තව එක්වෙලා,
සිනිදු ඔය නළල මත,
හාදුවක් අතුරලා,
ආදරෙයි කියන්නේ,
කෝම මම ගොළු වෙලා,
පෙරදාක එක්ව ගිය,
සිනා මල් සල සලා,
පිච්ච මාවත නිමයි,
දෙමංසල හමුවෙලා,
අපි අපෙ වී උන්නු,
අතීතය සිහිවෙලා,
අනේ වැලපෙනු එපා,
මම නුබෙන් වෙන් වෙලා.