ලකලෑස්ති වෙලා බත්තරමුල්ල හන්දියෙන් කොට්ට පොල් වගේ සෙනග පටවපු 190 බස් එකකට නැගල වවුලෙක් වගේ එල්ලිලා ඇවිත් කොටුවේ ස්ටේෂන් එක ළඟින් බහිද්දි හැන්දෑවෙ හතට විතර ඇති. මේ බ්‍රහස්පතින්ද දවසක්. පහුවදා සිකුරාද පාළොස්වක පෝය. දිග සති අන්තයක්. ඒකයි එච්චර සෙනග. බස් එකෙන් බැහැපු හැටියෙ, ස්ටේෂන් එකට යන මහ සෙනග...