පාන්දර තුනට විතර නැගිටිල, හීතලේ ගැහි ගැහී නාල, ලෑස්තිවෙලා මම පන්නිපිටිය හන්දියේ සම්පත් බැංකුවට එහා පැත්තෙ තියෙන බස් ස්ටොප් එක ළඟට එද්දි 4.10ට විතර වුණා. උදේ පාන්දර වාහන ගොඩක් අඩු හින්ද, සමහරු ඩ්‍රයිව් කලේ රේස් ට්‍රැක් එකක යන තරම් වේගෙන්. මාස්ක් එකක් දාගෙන හිටපු හින්ද හුස්මෙන් හුස්මට කණ්ණාඩි දෙකේ වාෂ්ප බැඳෙද්දි, ඒ හැම පාරම ඒක ගලවල අතින් පිහල ආයෙත් දාගත්ත. පැය භාගෙකට විතර පස්සෙ 138 (හෝමාගම) බස් එකක් ඇවිත් නැවැත්තුව. මම පුපුරන්න තරම් ඇඳුම් පුරෝපු අළු නිල් පාට බැක් පැක් එකත් පිටේ එල්ලගෙන බස් එකට නැගගත්ත. හිස් සීට් එකක්වත් තිබුණෙ නැති හින්ද, බැක්පැක් එක ගියර් බොක්ස් එක උඩින් තියල, ඉස්සරහ දොර ළඟම වම් පැත්තෙ මුල්ලෙ උඩ තියෙන රැක් එකේ වවුලෙක් වගේ එල්ලිලා, නිදානයක් රකින බහිරවයෙක් වගේ බෑග් එකේ ඇහැ අලවගෙන හිටිය.
හැම හෝල්ට් එකකම වගේ නවත්ත නවත්ත සෙනඟ පටෝගත්තු බස් එක 5.15 විතර වගේ වෙද්දි කොටුව ස්ටේෂන් එක ළඟින් නැවැත්තුව. මම මගී පාලම නගින්න ගනිද්දිම “තව සුළු මොහොතකින් උදය දේවි 4 වෙනි වේදිකාවට ළඟාවෙනු ඇත” කියන නිවේදනය ඇහුණ. මම හයියෙන් හයියෙන් ඇවිදගෙන මගී පාලමෙන් බැහැල පළවෙනි දෙවෙනි පන්තිවලට ටිකට් දෙන කවුන්ටරේ ළඟට ගිහින් ට්‍රින්කෝ වලට දෙවෙනි පන්තියෙ ටිකට් එකක් ගත්ත. ටිකට් එකට රුපියල් 500යි. ඒක අරගෙන මගේ වොලට් එකේ එළියෙන් තියෙන පොකට් එකේ දාගෙන ස්ටේෂන් එක ඇතුළට ගිහින් හතර වෙනි වේදිකාවට ඇවිත් නවත්තල තිබුණු උදය දේවි කෝච්චියෙ දෙවෙනි පන්තියෙ පෙට්ටි හම්බෙනකන් ඇවිදගෙන ගියා. කෝච්චියේ අග්ගිස්සෙම තිබුණු දෙවෙනි පන්තියේ පෙට්ටි තුනෙන් හෝ හතරෙන් එකකට අඩ අඳුරෙම නැගල ජනේලයක් අයිනේ ලේක් හවුස් පැත්තට මූණ දාල වාඩි වෙලා ජනේලේ ඇරගත්ත. බැක් පැක් එක ඔඩොක්කුවෙන් තියාගෙන, මගෙ ටැබ් එකෙන් Olga Tokarczuk ගේ Flights නවකතාව කියවන්න පටන් ගත්ත. පිටු දෙකක් විතර කියවල මම ටැබ් එක ආපහු බැක්පැක් එකට දාගත්ත. කෝච්චිය කොටුවෙ ස්ටේෂන් එකෙන් පිටත්වෙන්න තව විනාඩි 20ක් විතර තිබුණ. (උදය දේවි කෝච්චිය හැමදාම උදේ 6.05ට කොටුව ස්ටේෂන් එකෙන් පිටත් වෙනව). ටික වෙලාවකින් කෝච්චියේ ලයිට් දැම්ම. ඒත් එක්කම වගේ ෆෑන් එකත් කැරකෙන්න ගත්ත. මම පෙට්ටිය ඇතුළෙ ඉඳගෙන ඉන්න සෙනඟ දිහාත් එලියෙ වේදිකාවෙ ඉන්න සෙනග දිහාත්, සීට් පේළි දෙක අතරින් එහාට මෙහාට ඇවිදගෙන යන අය දිහාත්, මගේ ෆෝන් එක දිහාත්, මගේ ඔරලෝසුව දිහාත්, එහා පැත්තෙ වේදිකාවල යන එන කෝච්චි දිහාත් මාරුවෙන් මාරුවට බල බලා හිටිය. හරියටම 6.05 ට කෝච්චිය හිමින් හිමින් කොටුව ස්ටේෂන් එකෙන් පිටත්වුණා.
නිල්පාට කවර දාපු දෙවෙනි පන්තියේ ඇඩ්ජස්ටබල් සීට් එකේ හොඳ සුවපහසුවක් දැනුණ. ඊට කලින් ත්‍රිකුණාමලයටත් පාසිකුඩා යන්න වාලච්චේනටත් ඔය කෝච්චියෙන්ම ගිහිල්ල තිබුණු හින්ද, මුල්ම වතාවට උදය දේවි කෝච්චියේ යද්දි මට දැනුණ විශේෂත්වය, නැවුම්බව වෙනුවට පරණ ගමන් වල මතකයන් අළුත් වෙනව මට දැනුණ. ප්‍රධාන මාර්ගය තරම්ම සුවිශේෂී නොවුණත් නැගෙනහිර මාර්ගයත් හරිම අපූරු එකක්. කොටුව ස්ටේෂන් එකේ ඉඳන් මහව හංදිය ස්ටේෂන් එකට යනකම් වගේ, අතරින් පතර කුඩා කැලෑ රොදවල් මැද්දෙන්, ගම් මැද්දෙන්, නගර මැද්දෙන්, පාරවල් වලට සමාන්තරව, ඉඳල හිටල පාරවල් හරහ, වෙල් යායවල් මැද්දෙන් මේ කෝච්චි පාර වැටිල තියෙනව. අපිට නිතරම දකින්න හම්බෙන වැටමාර (ගිනිසීරියා) පඳුරුවල ඉඳන් මම නම් වත් නොදන්න ගස් කොළන් බොහෝ ගාණක් රේල්පාර දෙපැත්තෙම වැවිල තියෙනව. දොළ පාර කිහිපයකුත්, ඕලු, සුදු නෙළුම් පිරුණු පොඩි වැව් දෙක තුනකුත් තියෙනව. රාගම හන්දිය, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම ස්ටේෂන් පහුකරගෙන එන කෝච්චිය මහව හන්දියෙන් විනාඩි 20ක් විතර නවත්තල, ඒකෙ එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණනව. ඊට පස්සෙ කෝච්චිය ආව දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යන්න පටන් ගන්නව. මම ඉන්න තැනට දැන් දැනෙන්නෙ කෝච්චිය ඉස්සරහට යනව කියලයි.
මහව හන්දියෙ ඉඳන් රේල්පාරෙ වැඩි කොටසක් ළඳු කැලෑ රක්ෂිත වනාන්තර මැද්දෙන් දුවනව. මහව හන්දියට පස්සෙ යාපහුව ස්ටේෂන් එක. ඊට පස්සෙ කෝන්වැව ස්ටේෂන් එක. ඊට පස්සෙ රණමුක්ගම. ඊට පස්සෙ මොරගොල්ලාගම. ඊට පස්සෙ සියඹලාගමුව. ඊට පස්සෙ නගම. ඊට පස්සෙ අවුකන. ඊට පස්සෙ කලා වැව. මේ හරියෙ දිගටම කැලෑව රේල් පාර දෙපැත්තෙම. ඊළඟට ඉහළගම, කැකිරාව, හොරිවිල, පලුගස්වැව, හබරණ, හතරැස්කොටුව ස්ටේෂන් ටික පහුකලාට පස්සෙ කෝච්චිය ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වෙන ගල් ඔය හන්දිය ස්ටේෂන් එකට එනව. මම නම් නැගෙනහිර මාර්ගයෙ ඔය හරියට හරිම කැමතියි. මේ වියළි කලාපීය කැලෑ ප්‍රදේශ පිළිවෙලින් කලා වැව, හබරණ, ගල් ඔය කියන රක්ෂිතයන් වෙන්න ඕනෙ. දවල්ට අලි එහෙම පේන්න නැති වුණත්, මේ සීමාවෙ හරිත වර්ණ වියළි පරිසරය හරිම චමත්කාරජනකයි. ඔබට පුළුවන් නම් කවුළුවක් ළඟින්ම වාඩි වෙන්න. පරිස්සමින් විමසිල්ලෙන් ඉන්න පුළුවන් නම් ෆූට්බෝර්ඩ් එකත් මේ සුන්දරත්වය අත්විඳින්න හොඳම තැනක්.
ට්‍රින්කො යන අය ගල් ඔය හන්දියෙන් බැහැල වෙනම කෝච්චියකට නගින්න ඕනෙ. ගල් ඔය හංදිය ස්ටේෂන් එකේ කැන්ටිමක් එහෙමත් තියෙනව. ඒකෙ මැදින් කපල ලුණුමිරිස් දාපු බටර් පාට ටිකක් තෙල් ගතියක් තියෙන උලුඳු වඩේ හරිම රසයි. මම ආපහු එද්දි ඒ උලුඳු වඩේ දෙකක්ම අරන් කෑව. ගල් ඔය හන්දියෙන් ට්‍රින්කො යන කෝච්චිය පිටත් වෙන්නෙ උදය දේවි කෝච්චිය ගල් ඔයට ආවට පස්සෙ. මම ඉක්මනට උදය දේවි කෝච්චියෙන් බැහැල ගිහින් දෙවෙනි පංතියෙ පෙට්ටියකට නැගල ඒකේ ඉස්සරහම තිබුණු සීට් එකෙන් ඉඳගත්ත. එතන කවුළුව ඇරල තිබුණ. දුඹුරු පාට සීට් කවර තිබුණු ඒ මැදිරි නම් සෑහෙන්න පරණයි. ඒ වගේ සුවපහසුව අඩුයි. 12.25 ට විතර මේ කෝච්චිය ට්‍රින්කො යන්න පිටත්වුණා. සමහරවිට මම කලින් පාර ට්‍රින්කො ගියෙත් ඔය කෝච්චියෙ ඔය පෙට්ටියේ ඔය සීට් එකේම වෙන්න ඇති.
ගල් ඔය හන්දිය පහු කරල යනකොට රේල් පාර දෙපැත්තෙ මතුවෙන්නෙ අර්ධශුෂ්ක කලාපීය කටු පඳුරු බහුල කැලෑවන්. මේ හරියෙදි කෝච්චිය සෑහෙන වේගෙන් යනව වගේම ගැස්සෙන පැද්දෙන ගතියත් වැඩි වෙනව. මේ කෝච්චියෙ නම් ෆුට්බෝඩ් එකේ හරි ඒ ළඟට වෙලා හරි යන්න නම් ඉතාමත් අසීරුයි. ගල් ඔය හංදියට පස්සෙ කෝච්චිය අලුත් ඔයට එනව. ඊට පස්සෙ පිළිවෙලින්, අග්බෝපුර, කන්තලේ, ගන්තලාව, මොල්ලිපොතාන, තඹලගමුව, චීන වරාය ස්ටේෂන් පහුකරගෙන ඇවිල්ල ත්‍රිකුණාමලය ස්ටේෂන් එකෙන් ගමන නිමාකරනව. ට්‍රින්කො ලයින් එකත් මේ ස්ටේෂන් එකෙන් ඉවරවෙනව. චීන වරාය ස්ටේෂන් එක පහු වෙනවත් එක්කම කිලෝමීටරයක් විතර දිග වාහන පෝලිමක් තිබුණ තෙල් ගහන්න. ඒ පෝලිමේ වැඩිපුරම තිබුණෙ මෝටර් සයිකල්.
ගල් ඔය හංදියෙ ඉඳන් අග්බෝපුර ස්ටේෂන් එකට එනකල් කිලෝමීටර් 25.3ක් විතර දිග කෝච්චි පාර කවුඩුල්ල රක්ශිතය හරහා වැටිල තියෙනව. ඒ වගේම අතරින් පතර වෙල් යායවල් මැද්දෙනුත් රේල් පාර දුවනව. සමහර තැන් වල තල් සහ පොල් රුප්පාවල් වගේම තනි තල් ගස් සහ පොල් ගසුත් තියෙනව. පහුගිය දවස් ටිකේ වැහැල තිබ්බ හින්ද වෙල් වලත් සමහර පතස් වලත් ටිකක් වතුර පිරිල තිබුණ. දිවුල් ගස් දෙක තුනකුත් තැනින් තැන තිබුණ. ඔබ තාමත් මේ පාරෙ කෝච්චියෙන් ගිහිල්ල නැත්නම් ගිහින් බලන්න. සමහරවිට මම ලියනවටත් වඩා මේ මාර්ගය සොඳුරුයි කියල ඔබට හිතෙයි.
හැබැයි මම නම් වැඩිපුර කැමති කලින් ගිහින් නැති පාරක කලින් ගිහින් නැති පැත්තකට යන්නයි කියල මට මේ චාරිකාවෙදි පෞද්ගලිකව දැනුණ. ඒ සමහරවිට මම නිරීක්ෂණය කරන සහ මතක තබාගන්න ප්‍රමාණය වැඩි හින්ද වෙන්නත් පුළුවන්. ඒ වගේම මට දැනෙන විදිහට අපි එක පාරක් හරි ගිහින් තියෙන පාරක ආයෙමත් යද්දි විමතියට පත් වෙන්න තියෙන අවකාශය, සම්භාවිතය ඉතා අඩුයි. ඒ වගේම මුල් වතාවට වඩා ගමන කෙටියි කියලත් මට දැනුණ. මට එහෙම දැනුණට ඔබ ප්‍රිය කරන්නෙ ගමනට වඩා ගමනාන්තය නම්, ඔබ ඒ ගමන කෙටි වෙන තරමට කැමතියි.
ට්‍රින්කො ස්ටේෂන් එකෙන් මාව හොටෙල් එකට ඩ්‍රොප් කරන්න මම කලින් ට්‍රින්කො ගිය වෙලාවෙ අඳුන ගත්තු ටුක්-ටුක් ඩ්‍රයිවර්, මගේ මාර්ගෝපදේශකයා සහ හිතවතා නියාස් ඇවිල්ල හිටිය. පහුගිය අවුරුදු දෙකට නියාස් අවුරුදු පහකින් විතර වයසට ගිහින් තිබුණ. නියාස් මාව මේ වතාවෙත් නවාතැන් ගන්න මම කාමරයක් බුක් කරල තිබුණු උප්පුවේලි බීච් හොටෙල් එකට ඩ්‍රොප් කලා. ඒ හෝටලේ දැන් කළමණාකරනය කරන, දුඹුරු පාට කොටු කොටු තියෙන අත් කොට කමිසෙකට කළු දිග කලිසමක් ඇඳල හිටපු කොටට කපපු කොණ්ඩෙයි රැවුලයි දෙකම ඉදුණු උකුස්සෙක්ගෙ වගේ ඇස් තියෙන සාමාන්‍ය උසක් තිබුණු, තලඑළළු ෆයිසාල් එක්ක ටිකක් කතා කර කර ඉඳල මම රූම් එකට ගිහින් ගිහින් හොඳට නාගෙන ලන්ච් එක ගත්ත.
ඊට පස්සෙ කළුපාට කොටු වැටුණු, අළු පාට කොට කලිසමට උඩින් නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන කොන්ක්‍රීට් දාපු පාර දිගේ ඇවිදගෙන තාර පාරට වැටිල වම් පැත්තට ඇවිදගෙන ගියා. කිලෝමීටර් භාගයක් විතර ගියාම බාබර් සාප්පුවක් හම්බුණා. එතන හිටපු රතු ටී-ෂර්ට් එක උඩට කළු කොට කලිසමක් ඇඳල හිටපු කළු මහත කොණ්ඩෙ කොටට කපල හිටපු තරුණ බාබර් කැඩිච්චි සිංහලෙන් මාත් එක්ක කතා කර කර මගේ කොණ්ඩෙ කොට වෙන්න කැපුව. එතනට සල්ලි ගෙවල මම ආපහු හොටෙල් එකට එන්න පටන්ගත්ත. පටු තාරපාර දෙපැත්තෙ සිල්ලර කඩ, හාර්ඩ්වෙයාර් එකක්, කෑම කඩයක් දෙකක්, සංචාරකයන්ට නවාතැන් දෙන පොඩි හෝටල් දෙක තුනක්, මාළු ලෑලි දෙකක්, එළවලු මැස්සක්, වඩේ කරත්තයක්, බර්ගර් ස්පොට් එකක්, කුකුල් මස් කඩයක් එහෙම තිබුණ. ඒ කරත්තෙ ළඟ හිටපු වඩේ වෙළෙන්ඳා තද නිල්පාට පසුබිමේ කළු කොටු තියෙන සරමකට උඩින් පරණ සුදු බැනියමක් ඇඳපු අවුරුදු 70ක් විතර වයසක මනුස්සයෙක්. ඊට එහා පැත්තෙ දුඹුරු පාට ප්ලාස්ටික් පුටුවක සුදු සරමක් සහ සුදු බැනියමක් ඇඳගත්ත මැදි වයසේ පිරිමි කෙනෙක් වඩේ වෙළෙන්ඳත් එක්ක කතා කර කර හිටිය.
රූම් එකට ඇවිත් විනාඩි 10ක් විතර ඉඳල මම ගියා උප්පුවේලි බීච් එකට. උප්පුවේලි ධීවර ගම්මානයක්. උප්පුවේලි බීච් එක නිලාවැලි බීච් එක තරම් පිරිසිදු ලස්සන බීච් එකක් නොවුණත්, උප්පුවේලි වල ඉඳන් ත්‍රිකුණාමලයට ආසන්නයෙන් තියෙන සංචාරක ආකර්ශණ බලන්න යන්න ලේසියි. දුර අඩුයි. ඒ වගේම උප්පුවේලි ත්‍රිකුණාමලේ රේල්වේ ස්ටේෂන් එකටත් ගොඩක් ළඟයි. මම මේ වතාවේ ටිකක් දුරට ඇවිද්ද හින්ද ත්‍රිකුණාමලේ තියෙන සමහර ප්‍රසිද්ධ සංචාරක ආකර්ශණ ත්‍රිකුණාමලය නගරයෙන් කිලෝමීටර් 20 -25 වගේ දුරින් තියෙන විත්තිය දැනගත්ත. උදාහරණයක් විදිහට මාබල් බීච් සහ කින්නියා පාලම කිලෝමීටර් 20-25ක් වගේ දුරින් තියෙන්නෙ උප්පුවේලි වල ඉඳන්. නිලාවැලි බීච් එකටත් කිලෝමීටර් 10-12ක් වගේ දුරයි උප්පුවේලි ඉඳන්. ඔබ යන්නෙ පෞද්ගලික වාහනයකින් නම් මේ දුර ලොකු ගැටළුවක් වෙන එකක් නෑ. ඒත් ඔබ කුලී රථයකින් යනව නම් ඔබේ ගමන් වියදම් ගැනත් ටිකක් සැලසුම් කරන්න වෙනව.

Attachments
-
294588184_10227605708749530_8285677335776342336_n.jpg225.5 KB · Views: 106 -
294486272_10227605707869508_5837360351310463326_n.jpg152 KB · Views: 106 -
294253397_10227605707389496_1941837433151555216_n.jpg130.3 KB · Views: 98 -
294653016_10227605707069488_9069916510035929843_n.jpg132.4 KB · Views: 109 -
294519577_10227605706069463_764983031874669045_n.jpg174.2 KB · Views: 104 -
294886426_10227605705349445_4141689210716138934_n.jpg881.9 KB · Views: 112 -
295256373_10227605708349520_6431626759689629675_n.jpg675.3 KB · Views: 101 -
294997855_10227605705149440_2824445857061847837_n.jpg835.6 KB · Views: 104 -
294553069_10227605708149515_8695726006066403648_n.jpg716 KB · Views: 101 -
294490106_10227605704589426_2577611580030793576_n.jpg233.3 KB · Views: 109